(මනෝප‍්‍රිය ගුණසේකර)
ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවු බව කියන දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබාගැනීම සඳහා ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු සිව්දෙනකුට එම කොමිසම විසින් නොතිසි නිකුත් කරන ලදී.
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අමතරව කොමිසම මෙලෙස නොතිසි නිකුත් කරන ලද්දේ විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරුන්ටය.
ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවු බව කියන දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකිරීමේදී හෙළි වු තොරතුරු සම්බන්ධයෙන් එම ආයතනවල අධ්‍යක්‍ෂවරු සහ වගකිවයුතු නිලධාරීන් ලෙස කටයුතු කළ මෙම නිලධාරීන්ගෙන් ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් මෙලෙස ඔවුන්ට නොතිසි නිකුත් කර ඇත.
ඒ අනුව මිහින් ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කළැයි කියන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලබන 29 වැනිදාත්, විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට ලබන 24 වැනිදාත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ මහතාට සහ එහි හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට ලබන 23 වැනි දාත් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යයන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පිහිටුවා ඇති මෙම කොමිසමේ විමර්ශන නිලධාරීන් හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගෝඨා ඇතුළු සිව් දෙනෙකුට නොතීසි
sirimal Tuesday, 21 August 2018 07:58 PM
ඔය ලයිස්තුවේ ඉන්න එක්කෙනෙකුගේ සහෝදරයෙක් තවමත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශාල වගකීම් රැසක් බාර ඉහලම තනතුරක් දරන බව දන්නවාද?
Mahee Tuesday, 21 August 2018 10:54 PM
විදේශීය විනිසුරන් ඕනැ වෙයි නේද?
rohana Wednesday, 22 August 2018 02:49 PM
මහී මෝඩ කතා කියන්න එපා.