IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ගෝඨා ඇතුළු හත් දෙනාට ඇප

( මනෝප්‍රිය ගුණසේකර ) 


ඩී. ඒ රාජපක්ෂ කෞතුකාගාරය හා ස්මාරකය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන  සිද්ධිය සම්බන්ධයෙන්  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනකුට  අද (10) විශේෂ මහාධිකරණය විසින් අධි චෝදනාපත්‍ර ගොනු කරනු  ලැබු අතර  රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප හා  ලක්ෂ 10 ක් බැගින් ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමට ද අධිකරණය නියෝග කළේය.

ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරිමට අධිකරණය නියෝග කළේය.

සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න, චම්පා ජානකී රාජරත්න යන විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය විසින් මෙම  නියෝගය නිකුත් කළේය.

යළි නඩුව  ඔක්තෝබර් 9 වැනි දා කැඳවිමට නියමිතය.

 

 

 (ඡායාරූප ලහිරු හර්ෂණ)

 



අදහස් (41)

ගෝඨා ඇතුළු හත් දෙනාට ඇප

OMG Monday, 10 September 2018 05:06 AM

සාමාන්‍ය කෙනෙකුටනම් ඇපත් නැහැ.

:       198       602

NihalMonday, 10 September 2018 05:48 AM

එ්කනේ අපේ වන්ෂොට් අයියත් කියලා දැන් අමාරුවේ වැටිලා ඉන්නේ...

:       42       22

jayanthaMonday, 10 September 2018 08:29 AM

වන්ෂොට් අයියා අමාරුවේ වැටිලා නෑ. උසාවියට ගල් ගහපු මල්ලිත් අමාරුවේ වැටිලා නෑ. විජයකලා නංගි, රවී බාප්පා, මහේන්ද්‍රන් මාමා ඇතුළු කවුරුවත් අමාරුවේ වැටෙන්නෙත් නෑ. උසාවියේ රණවිරුවෝ ගැන කතාකළොත් විතරයි අමාරුවේ වැටෙන්නේ...

:       55       269

සතයපාල Monday, 10 September 2018 05:16 AM

රාජය දේපොළ අවභාවිතා කිරිම ඇප දිය නොහැකී වරදක් නොවේද. මෙතනදී නීතිපතිවරයා හිතාමතාම තම වගකීම පැහැර හැර ඇති බවයි පෙනෙන්නේ.

:       50       215

සතයපාල Monday, 10 September 2018 05:16 AM

රාජය දේපොළ අවභාවිතා කිරිම ඇප දිය නොහැකී වරදක් නොවේද. මෙතනදී නීතිපතිවරයා හිතාමතාම තම වගකීම පැහැර හැර ඇති බවයි පෙනෙන්නේ.

:       42       45

සතයපාල Monday, 10 September 2018 05:16 AM

රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම ඇප දිය නොහැකී වරදක් නොවේද. මෙතනදී නීතිපතිවරයා හිතාමතාම තම වගකීම පැහැර හැර ඇති බවයි පෙනෙන්නේ...

:       47       59

Uditha - Abu Dhabi Monday, 10 September 2018 05:16 AM

දැන් හරිද ඔක්කොම එතකොට... නීතිය දණ නමනවා රාජපක්ෂලාට, එ්කයි කියන්න තියෙන්නේ... මේක දැන් සෙල්ලමක් වෙලා.. හරි දේ හොයලා හරි දඬුවම් දෙන්න නීතියත් බය වෙලයි ඉන්නේ...

:       62       134

amith Monday, 10 September 2018 05:34 AM

2020 ඔටුන්න ගන්න බලන් ඉන්නවට හොඳ වැඩේ. ඇතුළටම දාන්න ඕනේ...

:       89       296

krishantha Monday, 10 September 2018 05:53 AM

මෙයා සාමාන්‍ය කෙනෙක් නෙමේ... දැන් ගොඩක් දෙනාට මතක නැති වුනාට ජීවිත ගණනාවක් බේරපු කෙනෙක්... නමුත් තවම තීන්දු නොලැබුණු මිනීමැරුම් කීපයක් ගැන කියනකොට තමයි මෙතුමාගේ නම කියන්නේ... මෙතුමා කරපු වරදක් තියනවා. වැරදි රටේ ඉපදුණු එක... කොටි සංවිධානයේ සාමාජිකයෙක් වුණානම් මීට වඩා සැලකීමක් ලැබෙනවා එයාලගෙන්..

:       715       540

KamalMonday, 10 September 2018 08:21 AM

වැරදි රටේ ඉපදුණාට හරි රටේ පුරවැසියෙක්...

:       35       78

nirMonday, 10 September 2018 08:28 AM

අනිවාර්යයෙන්ම !!!

:       22       0

සතයපාලMonday, 10 September 2018 09:37 AM

සහතික ඇත්ත වැරදී රටේ තමයි මෙයා ඉපදිලා තියෙන්නේ යුද්ධය පවතින කාලයේ හමුදා සේවයෙන් ඉවත්වෙලා ඇමරිකාවේ පුරවැසිකම ලබාගෙන ඇමරිකානු රාජයට හා එහි ආණ්ඩුවට පක්ෂපාතකම් දක්වන බවට දීවුරා පොරොන්දු අයෙක් ආරක්ෂක ලේකම් දූරයට පත්කර ගත්තේ රටේ වැරැද්දටම තමයි...

:       24       214

ලක්සිරි Monday, 10 September 2018 06:07 AM

ඒ අයට වගේ අපිටත් ඇප ලැබෙනවා නම් ඉතින් අපිත් හොරකම් කරනවා. ඒ වුණාට අපිට ඒවා ඔට්ටු නැහැනේ?

:       87       169

Mahee Monday, 10 September 2018 06:09 AM

බයයිද අනේ?

:       3       60

Shan Monday, 10 September 2018 06:11 AM

ඔක්කොම උසාවි යන්නෙත් හිනා වෙලා, උසාවියෙන් එන්නෙත්, හිරේ යන්නෙත් හිනා වෙවී.

:       1       204

ජයන්ත මිලානෝ Monday, 10 September 2018 06:21 AM

ලස්සනට හිනාවෙවි ඉන්න පුළුවන් එකත් කෙතරම් අගේද.?

:       4       25

rajaye sewakaya Monday, 10 September 2018 06:23 AM

බමුණුආරච්චි විද්වතා මේ ගැන මොකද කියන්නේ බලමු.

:       0       50

Nandalal DE SILVA - France Monday, 10 September 2018 06:25 AM

ගෝඨා සිර භාරයට ගැනීම වැලක්වීමට එරෙහිව ඉල්ලා පනවපු අතුරු තහනම් නියෝගය නිසාද තවමත් මේ අය නිදහසේ සුවය විඳිමින් තරු හෝටල්වල සාද දැමීමට තරම් වාසනාවන්ත උනේ ? මේ අයට තවමත් රජයේ බෝඩිමේ ගේට්ටු, කූඩු ඇරෙන බවක් පෙන්න නැහැ...

:       317       332

HafeelMonday, 10 September 2018 07:03 AM

මේකට තමයි කියන්නේ යහම යහපාලනය කියලා. නැත්නං, මේ අධි චෝදනාපත්‍ර ගොනු කරන්නත්, මේ විශේෂ මහාධිකරණය පත්කරන්නත් අවුරුදු තුනහමාරක් ගතවෙනවද? පොදුවෙන් රටේ නීතියඅනුව, රාජ්‍ය දෙපළ සහ මහජන මුදල් අවභාවිත කල චෝදනාවලට ක්ෂණික ඇප ලැබෙන්නේ නැහැ. අනුර දිසානායක කිව්වා වගේ මෙයාලා සේරම එකම පන්තියේ මිනිස්සු.

:       30       85

රොෂාන් Monday, 10 September 2018 06:34 AM

අපේ තාත්තගේ සොහොන් කොතත් ජනතාවගේ මුදලින් හදා ගන්න ක්‍රමයක් තියනවද?

:       243       323

Adiri Monday, 10 September 2018 06:51 AM

මීට වඩා විශාල මහා බැංකු හා අනිත් මංකොල්ල ?

:       162       301

කරුණාපාල Monday, 10 September 2018 06:58 AM

බයකටම නෙමේ මහී මහත්තයෝ, අපේ රටේ නීතිය ගැන අපිට නම් තියෙන්නේ විශාල කලකිරීමක්.

:       0       181

Thilina Monday, 10 September 2018 07:15 AM

එක යුගයක් තිබුණා මුළු රටක් ජීවත දානය ඉල්ලා වැඳ වැටුණු ..ඒ වෙනුවෙන් කැප වුණු මිනිස්සු අද දංගෙඩියට දක්කන වැඩේ භාර දීලා තියෙන්නේ එදා යුද්ධයට හිනාවෙල අපහාස කරපු උදවියට...මහ බැංකු වංචාව වගේ කප්පරක් හොරකම් කරපු මිනිස්සු තමයි අද මේ වගේ මිනිස්සු පස්සෙ එලවන්නේ..කමක් නැහැ ඔහොම යමු

:       817       1103

Chanak Los angrles Monday, 10 September 2018 07:27 AM

නඩුව අහලවත් නැතුව සිරගත කිරීමකුත් නැතුව ඇපදීල මුදා හැරියා කියන මේ අපබ්‍රන්සය කුමක්ද ?

:       12       125

රවිඳු Monday, 10 September 2018 07:29 AM

දැන් ඉතින් මෙතන දෙපැත්තට, තුන් පැත්තට බෙදිලා අපේ අයියලා, තරගෙට හොරුන්ව නාවලා සුද්ද කරන්න යයි. ඔය කොයි හොරෙක්ව වත් නාවලා සුද්ද කරලා රජ කරවලා අපිට සෙතක් නැහැ. රටට හා ජනතාවට අවංකව සේවයක් කල හැකි, උගත්, බුද්ධිමත් නව නායකයින් පිරිසක් ජනතාව තෝරා පත් කර ගත යුතුයි.

:       1       105

amila Monday, 10 September 2018 07:38 AM

ලංකා ඉතිහාසයේ දැවැන්තම හොරකම කරලා සිංගප්පූරුවට වෙලා සැප ගන්න කෙනාව ගෙනල්ල නඩු අහන්නේ කවද්ද. අපි බලන් ඉන්නවා.

:       2       52

Chanak Los angeles Monday, 10 September 2018 07:56 AM

මැරුණු දෙමාපියන්ටත් නිගාදෙන මෙහෙමත් පුත්තු

:       136       255

OMGMonday, 10 September 2018 12:32 PM

අනේද කියන්නේ.

:       6       8

Thilina Monday, 10 September 2018 08:28 AM

පොඩ්ඩක් විමසිලිමත්ව බැලුවානම් තේරුම් ගන්න පුලුවන් අදහස් ප්‍රකාශ කරන බහුතරයක් වෙනත් රටක ඉන්න, ආඩම්බරෙන් ඒ රටේ නම ඉස්සරහට දාගෙන පක්ෂ වෙනුවෙන් කඩේ යන උදවිය.. අපිට පක්ෂ පාට අදාල නැහැ.. හැබැයි අපිට මර බිය නැතුව ඉන්න වැඩ කරපු මිනිස්සුන්ට මේ කරන දේවල් නම් වැරදියි.. මොකද වැරදි නොකරන කිසිම දේශපාලකයෙක් කිසිම පක්ෂයක නැති නිසා..

:       233       262

athuraMonday, 10 September 2018 10:07 AM

මේ වගේ අදහස් දරන ජනතාවක් අපේ රටේ ඉන්නකන් රටට අබසරණයි.

:       39       108

OMGMonday, 10 September 2018 12:29 PM

සහතික ඇත්ත.

:       9       0

sirimal Monday, 10 September 2018 08:29 AM

කතාව නම් බෝධිසත්ව ගුණෝපේතයි. අම්ම අප්පාගේ සොහොන් හැදුවෙත් දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින්... ඒත් ඒවාට උත්තර දෙන්න බයයි. දැන් ඉතින් නඩුවට විරුද්ධව කලින් කළා වගේ වෙන නඩුවක් දාවි. අපොයි මෙහෙමත් බයගුල්ලෝ.

:       137       328

OMGMonday, 10 September 2018 12:31 PM

මෙතුමා කාටද බය.

:       0       0

sirimalMonday, 10 September 2018 12:54 PM

හෘදසාක්ෂියට තමා වැඩියෙන්ම බයවෙලා ඇත්තේ. නඩු අහනවාට බය නැත්නම් මොකටද නඩුවලට විරුද්ධව විරෝධතා පෙත්සමක් ගොනු කරන්න යන්නේ. මිට කලින් මේ නඩුව අහන්න ගිය හැම වෙලාවකම එයට විරුද්ධව මෙතුමා උසාවියට පෙත්සම් ඉදිරිපත් කරමින් නඩුව අහන එක වලවන්නට කටයුතු කළා. එහෙම කලේ බයට නෙවේනම් මොකටද?

:       5       18

OMG Monday, 10 September 2018 12:37 PM

අපි දන්නවා කිරි කලයකට ගොම බින්දුවක් වැටුනත් කිරි කාලයම ඉවරයි. නමුත් මේක අනික් පැත්ත. එක හොද වැඩක් කරලා මුල රටම හොරකම් කරන එක සාධාරණද?

:       8       27

OMG Monday, 10 September 2018 12:46 PM

දේශපාලනටය එන්න කලින් තිබ්බ වත්කමයි දැන් තියෙන වත්කමයි බලන්න. මිනිසුනේ සත්‍ය අවබෝධ කර ගන්න. මෙතන පාට පක්ෂ අදාලම නැහැ. අදහස් නම් තියෙනවා ගොඩක් දාන්න. නමුත් වැඩක් තියෙනවද. මේ අදහස් බලලා රට හදනවනම් මොනවා කරන්න බැරිද. අපි අදහස් ප්‍රකාශ කරන්නේ අපේ රට ගැන හිතේ තියන වේදනාවට. මේ ක්කෝම ඉපදිලා තියෙන්න හරි කාලයට නමුත් අපි ඉපදිලා තියෙන්න වැරදි කාලයක. රටක විපත්තියක් නම් අපි හදවතින්ම වැඩ. නමුත් මේ දේශපාලකයෝ එතනත් ගානක් කපාගෙන ලකුණු දාගන්නවා.

:       4       20

SamanMonday, 10 September 2018 02:34 PM

හරියට හරි. 2005ට කලින් මෙයාටයි, බැසිල්ටයි ලොස් ඇන්ජලීස්වල තිබ්බ දේවලුත්, දැන් තියෙන දේවලුත් බලන්න.. ඒකම ඇති හොරකම් කළාද? නැද්ද? කියලා දැනගන්න.

:       0       109

Saman Monday, 10 September 2018 02:57 PM

නඩුව නැවතත් ඔක්තොම්බර් 09 වැනි දින කැඳවීමට නියම කලේ අධි චෝදනා බාර දීමෙන් පසු මාසයක් දක්වා අධි චෝදනාවලට උත්තර බැඳීමට කාලය ලබාදීම සාමාන්‍ය අධිකරණ ක්‍රියා පිළිවෙත අනුවයි.

:       0       41

Perera Tuesday, 11 September 2018 01:09 AM

මම නම් කියන්නේ මේ රටේ යුද්දේ ඉවරකරපු රාජපක්සවරුන්ට රටේ ඕනෑම දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕන . ඒ අයව උසාවි ගෙනියන එක තහනම් කරන්න ඕනා. නැද්ද ????

:       104       24

rohana kumara mendis Tuesday, 11 September 2018 05:35 AM

මේ ඉතින් මහා ජනතාව රවටන්න කරන දේවල් නේ. හැමදාම හොරුන්ව හුරතල් කරනවා. මිනිසුන්ට පෙන්න සේරම තහනම් කරනවා. ආයේ පිට රට යන්න ගමන් බලපත්‍රය දෙනවා . නිදහස් කරනවා. නඩු කල් යනවා. දුප්පත් අයට නඩුව ඉක්මනට අහනවා එදාම ඇතුලේ. අසනීප කාරයෙක් උනත් කිසි කතාවක් නැ. මේ ගොල්ලේ හිටපු ගමන් අසනීප වෙනවා ඇතුළට යන්න උනොත් එහෙම.

:       0       1

OMG Tuesday, 11 September 2018 07:13 AM

පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ, ප්‍රාදේශීය සභාවේ හා රාජ්‍ය සේවයේ ඉන්නේ ලෙඩ්ඩු... පෞද්ගලික අංශයේ අයට ලෙඩත් නැහැ උද්ඝෝෂණ කරන්න හැකියාවකුත් නැහැ. රට දුවවන්නේ කාර්යක්ෂම පෞද්ගලික සේවකයන් නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 268 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 398 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 432 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 1444 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


හඳුන්නෙත්ති මහජනතාවට අමාත්‍යාංශයේ දොර අරියි
2024 නොවැම්බර් මස 25 1881 0

වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.


මෙන්න මහා අපරාධයක්
2024 නොවැම්බර් මස 25 2344 1

මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 528 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 741 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2063 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site