IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ගෝඨා චීනයට යයි

(ටී.කේ.ජී.කපිල)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය චීනය බලා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය.

ඔවුන් අද අලුයම 12.25 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 178 දරන ගුවන් යානයෙන් එසේ පිටත්ව ගොස් තිබේ .

එහෙත් ඔවුන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාම සදහා ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තය භාවිතා කර ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .

හිටපු ජනාධිපතිවරයාට , සිය පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපළ තුළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ (V.I.P. Lounge), මුදල් ගෙවා ලබා ගත හැකි සිල්ක් රූට් හෝ ගෝල්ඩ් රූට් පහසුකම් මධ්‍යයේ හෝ එසේ නැතිනම් සාමාන්‍ය ගුවන් මගී පර්යන්තය ඔස්සේ පිටත්ව යාමට පහසුකම් තිබියදීත් , කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තය ඔස්සේ පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේය .

 



අදහස් (30)

ගෝඨා චීනයට යයි

අරවින්ද මොණරවිල Thursday, 16 February 2023 10:39 AM

සෞභාග්‍යයේ දැක්ම තුලින් ලංකාව ලෝකයේ දියුණු බලවත් රාජ්‍යයක් කෙරුව හා තම කෘෂිකාර්මික හා ආර්ථික ප්‍රතිපත්ති මගින් තිරසාර සංවර්ධනය රටට උරුමකර දී ලෝකයටම ආදර්ශයක් සපයා විශ්‍රාම සුවයෙන් දිවි ගෙවන අපේ හිටපු ජනාධිපති අතිගරු ගෝඨභය රාජපක්ෂ මැතිතුමාට තම දේශපාලන හා ආර්ථික වැඩපිලිවෙල් පිලිබඳව අත්දැකිම් බෙදා හදා ගන්න චීන ජනාධිපති ෂි ජිං පිං මැතිතුමා ආරාධනා කරන්න ඇති.

:       51       81

බට්ටා Thursday, 16 February 2023 11:44 AM

ඇමරිකාව ට වැඩක් දෙන්න වත් ගියාද බං !

:       32       46

පිටිගල මිලානෝ Thursday, 16 February 2023 11:45 AM

රාජපක්ෂලාට යන්න තියන එකම රට චීනය පමනයි. චීනයෙත් වැඩි කලක් නැවතුනොත් යන්න කියනවා දෙකක් නැහැ. ඉස්සර නම් පාරවල් පලාතක්ම වහලා ලෝඩ් පකීර් වගේ වී අයි පී ලෞන්ජ් වලින් රට ගිය රාජපක්ෂලා දැන් මහජනයාට මුහුණ දෙන්න බැරුව ගුවන් භාන්ඩ පර්යන්තයේ අගුපිලකින් හැංගිලා රිංගලා ගිහින් ගුවන්යානයට නැගලා තියෙන්නේ. මේ අයව මේරටේම කොටුවෙලා ඉන්නේ දැන්. යුක්තිය පසිදලන දිනය එයි නොබෝ දිනකින්. එතකන් දියකෙලපල්ලා…..

:       54       61

මැක්ස් Thursday, 16 February 2023 11:50 AM

සජබ සහ සජබ කට කතා කෙබර හමුදාවේ සාමාජිකයිනි, එන්න අපි දැන් මේකට කතා දාහක් හදමු. පද කෝටියක් මවමු. රට පෙරලමු. ඔබට සුපුරුදු රාජකාරිය අරඹමු.

:       46       85

සුභාස් මිරිස්වත්ත Thursday, 16 February 2023 12:01 PM

රජවෙලා හිටපු කාලයේ කරපු දේවල් වල ප්‍රතිලාභ ගන්න යනවා වෙන්න පුළුවන් .ගියාම ලැබෙන සැලකිල්ල අනුව වෙන්නෙ මොනවාද බලන්න. ඒක දේශපාලුවො පමණක් නොවෙයි සමහරක් නිළධාරින් හා ලොකු පාසැල්වල සමහරක් විදුහල්පතිලාත් කරනවා .කාලෙකට පෙර එක් විදුහල්පති කෙනෙක් වෙනත් දිස්ත්‍රික් වල රුවැති අම්මලාගේ දරුවො සුදුසුකම් නැතත් ඔහු සිටි ජාතික පාසැලට ගත්තා .මුදලුත් ගත්තා ලස්සන ගුරුවරියො හිටපු ගෙවල්වලට වෙලාවක් අවේලාවක් නැතුව ගියා .මිනිහා විශ්‍රාම ගියාට පස්සෙ ලස්සන අම්මලා ලැගුහල් වලට කැදවා උපරිමයෙන් සැප ගත්තා .ඒත් දවසක් තෘප්තිය මදිවෙලා උත්තේජන වැඩියෙන් අරගෙන යන්නත් ගියා. ඕන කෙනෙක් කරපු දේවල් වල ප්‍රතිලාභය ගන්නෙ විවේක සුවයෙන් සිටින කාලයේ තමයි

:       32       26

PODDA Thursday, 16 February 2023 12:09 PM

අනුරාධපුරේ ඥානා අක්කත් මේ ගමනට එකතු කරගන්න තිබ්බා .චීන ජනපතිට චීනේ අනාගතය ගැන කියලා දෙයිනේ .මේ වගේ මිත්‍යාව පස්සේ යන නායකයෝ ඉන්න රටක් පිරිහෙනවා මිසක් දියුණුවක් නෑ .රටේ ජනතාවගේ අවාසනාව

:       39       27

Soma dubayi Thursday, 16 February 2023 12:16 PM

ඔබතුමාට සුබ ගමන්

:       32       51

විපරමා Friday, 17 February 2023 02:48 AM

ඩුබායි වල ආපු වෙලේ හොන්දට සළකලා ඇති.

:       6       6

පිටරැටියා Friday, 17 February 2023 05:40 PM

මොන සුබ ගමන්ද? එහෙමෙහෙ කරක් ගහලා නන්නත්තාර වෙලා එයි...

:       2       0

Kumara Thursday, 16 February 2023 12:16 PM

තවත් අපේ සල්ලි වලින් සැප ගන්නව.

:       45       31

Nandalal DE SILVA - FranceThursday, 16 February 2023 02:04 PM

ජනාධිපතිකමින් එළවා දමන්නට පෙර රජමැදුරේ හංගගෙන හිටපු කෝටි ගණනක මුදල් ඉල්ලා, කළු කෝට් කාරයෙක් හරහා, උසාවි ගියේ මේ වගේ ලෝකෙ වටේ රවුම් ගහන්න වෙන්න ඇති...! රටින් පැන්නූ මුදල ගැන අපිට තවමත් අදහසක් නැත.

:       32       28

Bamunuarachchi Thursday, 16 February 2023 12:34 PM

ගෝඨාභය අපේ ජනපති තුමාට චීන රජයේ ලොකු ඇමතිකමක් ලැබේවා .ලංකාවට නැවත එන්නේ නැහැ

:       46       15

kamalThursday, 16 February 2023 02:15 PM

කාගෝ ටර්මිනල් එකෙන් හොරෙන් මීයෙක් වගේ පැනලා ගිය පරාජිත්යෙක්ට චිනේ ඇමැතිකමක් දෙන්න දැන් චීනේ කොන්ඩේ බැඳපු අය නැහැ යකෝ....

:       31       26

බද්රානි Thursday, 16 February 2023 02:26 PM

චීනේ කියන්නේ ලංකාවේ වගේ මෝඩ නායකයින් ඉන්න රටක් කියලා ලංකාවේ සමහරක් මෝඩයින් හිතාගෙන ඉන්නවා. ඒත්, චීන පාලකයින් මෝඩයින් ලව්වා ඒ අයගේ වැඩටික කරගන්න නම් හරිම හපන්නු... ඒකනේ ඉතින් චීන්නු මෝඩයින්ට ඔච්චරටම ආදරේ...

:       34       28

සුදත් Thursday, 16 February 2023 12:43 PM

මේක සරල දෙයක් නෙමෙයි.ඉදිරියේදි ලංකාවෙ දේශපාලනයේ වෙනසක් වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනව.මේ වෙලාවෙ චීනයට දැඩි වුවමනාවක් තියෙනව මහින්ද නැවත අගමැති කරන්න.මහින්දට බැරි නිසා ඔවුන් ගෝඨාභය තෝරගෙන වෙන්න පුළුවන්.ගෝඨාභය මේ යන්නෙ මහින්දගෙ ගමන.නුදුරේදී ගෝඨාභය අගමැති වෙන්න බැරි නැහැ.රනිල් විධායක ජනාධිපති වීම චීනයට දැඩි පහරක්.අවාසියක්.(මහින්ද රනිල්ට බලය දුන්නෙ පණ බේරගන්න.දැන් ඒක අනිත් පැත්ත කරකැවෙමින් පවතිනව.දැන් රනිල් මහින්දට කන්ට්‍රෝල් නෑ)රනිල්ගෙන් ඇමරිකාව උපරිම ප්‍රයෝජන ගන්න පටන් අරන් තියෙන්නෙ.චීනය අයිඑම්එෆ් වැඩේට සපෝට් එක දේවි කියල හිතන්න බෑ.ඒ වැඩේ බකල් වෙන්න තියෙන ඉඩ වැඩියි.ඒක නිසා ඇමරිකාව ලංකාවට සල්ලි දාන්න විකල්පයක් හොයමින් ඉන්නෙ.පෙරේද රිචඩ් ආමිටේජ් ලංකාවට ආවෙ ඒ වැඩේට.ඒක එම්සීසී වගේ එකක් වෙන්න පුළුවන්.

:       8       25

mp Thursday, 16 February 2023 01:11 PM

අපට මොකද මූ කොහේ මකබෑවුනත්. හොරාකාපු සල්ලි තියෙනවා. ඉතින් පලයන්.

:       26       27

යෝගා Thursday, 16 February 2023 01:28 PM

එකක් කියන්න පුළුවන්. මේ මනුස්සයා මහා පව්කාරයෙක්. මිනිස්සුන්ට මුහුණ දෙන්න බැරි ජීවිත මොකටද..?

:       16       31

සිසිර Thursday, 16 February 2023 02:11 PM

එයා කොහේ ගියත් අපිට අදාල නැත. හොරසල්ලි කෝටි 1.7 හා හොරකෑ මුදල් අයකරගත යුතුයි.

:       23       32

නන්දන පනා-මිලානෝ Thursday, 16 February 2023 04:22 PM

මීහරක් පටවන්නේ භාන්ඩ පර්යන්තයෙන්ද?

:       17       28

අබිලින් Thursday, 16 February 2023 05:39 PM

නෑ නෑ ලංකාවේ මීහරක් පටවන්නේ ප්‍ර. පර්යන්තයෙන් කියලා ගෝඨාට හිතෙනවා ඇති... ඒකනේ භාණ්ඩ පර්යන්තය තෝරා ගත්තේ...!

:       9       13

ගනේගොඩ Thursday, 16 February 2023 05:03 PM

චීනයෙන් ණය අරගෙන යටිමඩි ගහලා, චීනයටත් අපේ රටේ අප්‍රසන්න අප්‍රසාදයකට පත්කරපු රාජපක්ෂලාට තවත් චීනයට ඇතුල්වීමට ලැබීම ගැන අපි ඉතා පුදුම වෙමු...!

:       18       23

Rata Perata Thursday, 16 February 2023 07:29 PM

මොවුන්ට ඕනෑ ඕනෑ තැන්වලින් රිංගලා යන්න ගුවන් තොටුපළේ නීතියක් නැද්ද?

:       17       31

fairoos Thursday, 16 February 2023 08:07 PM

හොඳට තිබ්ච්චි රට අද මේ තත්වයට පත්කරපු අයට නම් කොහේ ගියත් හොඳක් සිදුවෙන්නේ නැහැ...

:       17       29

chandima Thursday, 16 February 2023 08:08 PM

දැන් පාර්සල් ගාණට වැටිලද?

:       19       56

swene Friday, 17 February 2023 05:12 AM

පිස්සු කතා කරන්න එපා. ඔය ගියේ ලි ක්වාන් යූ, මහතීර් මොහමඩ්, නෙල්සන් මැන්ඩෙලා වගේ අයෙක් !

:       4       4

ගමේ එකාලා Friday, 17 February 2023 04:07 PM

හරියට අහිකුණ්ඨිකයෙක් වගේ. එහෙට මෙහෙට යන එකයි කරන්නේ . චීනට නයා අරින්ඩ ගිහින් ද මන්දා?

:       6       4

විජයන්ති මොරටුව Friday, 17 February 2023 09:06 PM

අනේ එයා තියාගෙන අපිට ප්ලාස්ටික් බාස්කට් එකක් දෙන්න...

:       1       5

chandima Friday, 17 February 2023 10:24 PM

කස්ටම් එකෙනුයි, ඉමිග්‍රේෂන් එකෙනුයි සීල් එකත් අරන් එතැනට ගියාද?

:       1       2

Arun Saturday, 18 February 2023 03:53 PM

පාර්සල් තැපැල්...!

:       1       0

අනන්ද Saturday, 18 February 2023 04:39 PM

චීනය හොඳ කෘෂිකර්මාන්තීය රටක්... ලංකාවට කරා වගේ බිංදුවට බස්සන්න ගියාද දන්නේ නැහැ...?

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 603 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 4239 24

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1629 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 668 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3851 3

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2877 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 322 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site