IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘ගෝඨා චමල් දෙන්නටම මහින්ද කැමැති වුණේ නෑ‘

ගෝඨාභය රාජපක්ෂ හෝ චමල් රාජපක්ෂ පසුගිය මහමැතිවරණයේදී අග්‍රාමාත්‍ය අපේක්ෂක හැටියට ඉදිරිපත් කරන්නට යෝජනාවක්  ආ බවත් මේ දෙකටම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විරුද්ධ  වු බවත් සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය එස්. බී. දිසානායක මහතා අද (27) පස්වරුවේදි පල්ලෙතලවින්න රතනජෝති ධර්ම විද්‍යාලයේ පැවැති උත්සවයකදී පැවැසිය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රි කමක් ලබා දෙන්නට සුදානමක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇතිදැයි මාධ්‍යවේදියකු නැගු පැනයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ කීය.

හිටපු අගමැති ගෝඨාභය ගේන යෝජනාවට කැමැති වූ බවත් චමල් රාජපක්ෂ ගේන යෝජනාවට මෛත්‍රිපාල සිරිසේන ජනපති ද කැමැති වූ බවත් නමුත් එම යෝජනා දෙකටම මහින්ද රාජපක්ෂ අකමැතිවූ බවත් දිසානායක මහතා කීවේය.

පක්ෂයේ මහ ලේකම්වරයා  සහභාගිවන රැස්විමක පිරිසක් හූ කීම සම්බන්ධයෙන් පැවසූ ඇමැතිවරයා ‘මට කවුරුත් හූ කිව්වේ නෑ පක්ෂයේ පහල මට්ටමේ අය විවිධ වෙලාවට විවිධ ආකාරයට හැසිරෙන්න පුළුවන් අපි ඒ ගැන එච්චර කලබල වෙන්නෙ නෑ ඒක මහා බරපතල දෙයක්නම් පක්ෂය විනය ක්‍රියා මාර්ගයක් ගනියි.‘ පැවසීය.

76cd55b6-fd1c-4920-adcd-1dae2c33109c e4518788-878e-4df2-ac8a-20376935637f

 

 



අදහස් (0)

‘ගෝඨා චමල් දෙන්නටම මහින්ද කැමැති වුණේ නෑ‘

ප්‍රසාද් Monday, 28 March 2016 06:33 AM

හැබැයි අපිට නම් මතකයි කැම්පස් දෙක තුනකින්ම හූ සන්ග්‍රහ ලැබුනා... (ර)

:       0       0

හේමන්ත Monday, 28 March 2016 06:49 AM

ජන්මෙට වැඩිය ලොකුයි පුරුද්ද. ලැජ්ජයි සිංහලයකු වීම ගැන මෙහෙම එව්වෝ ඉන්න නිසා. දැන් වත් කට අරින්න වැදගත් දෙයක් කියන්න. (ර)

:       0       0

සෞදි සරත් Monday, 28 March 2016 07:34 AM

පැරදුන අයට බලය දුන් නිසා මෙවැනි අය උඩ යනවා. (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 27 March 2016 04:07 PM

මොනවද එස්,බි. මේ කියන කතා.අපිටත් ලැජ්ජයි .ඒ ගමන සහෝදරයෝ බේද බින්න කරන්න හදනවද...(බ)

:       0       0

කුමාර අල්පොන්සු Sunday, 27 March 2016 04:28 PM

එක දෙයක් පැහැදිලියි. ඔබ තුමාල දැන් විශ්‍රාම යන්න. (ම)

:       0       0

තිස්ස Monday, 28 March 2016 08:09 AM

ඉතින් අපිට මොකද කියන්නේ (හේ)

:       0       0

ශ්‍රියා Sunday, 27 March 2016 06:10 PM

බයිලා ගහන්න එපා ,දැන් මේ ඔක්කොම කළේ මහින්ද මහත්තයගෙන් අහලද? (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ Sunday, 27 March 2016 07:07 PM

මෙතුමාට දහම් පාසල් වල විතරද ඉල්ලුමක් තියෙන්නේ ගොඨා සහ චමල්ට මහින්ද මහත්තය කැමති වුනේ.... නෑ එ්ත් මෙයා හිතනවා ඇති මෙයාට කැමති ඇති කියල....පව්නේ..... (බ)

:       0       0

අමිරා Sunday, 27 March 2016 07:58 PM

කල් ඉවත්වූ පැරණි මිග් යානා මිලදීගෙන කොමිස් ගසා යුද්ධය විකුණන් කාපු හැටි ගැන පරීක්ෂණයක් නැද්ද ? සුදු වැන් වලින් ගොස් කරපු අපරාධ හොයන්නේ නැද්ද ? මිනීමරුවන්ට මන්ත්‍රීකම් දෙන්න ජනතාව මේ රජයට බලය දුන්නේ නැති බව පැරදුනු හැමෝම දැනගත යුතුයි (බ)

:       0       0

සෑම් Sunday, 27 March 2016 08:37 PM

ඡන්ද දායකයෝ මෙයා ගැන විනය ක්‍රියාමාර්ගය අරගත්තේ පසු ගිය ඡන්දෙ දවසෙනෙ .සර්වජන ඡන්දයකින් තේරී පත්වෙන කෙනෙකුට තම ඡන්ද දායකින්ව නියෝජනය කරන්න අවස්ථාව ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදයයි. ඡන්දේ ඡන්ද දායකයන්ව නියෝජනය කරවීම යහපාලනයද (බ)

:       0       0

සිල්වා Sunday, 27 March 2016 09:03 PM

ඔයාට ඡන්ද දායකයෝ අකමැති වෙලා ගෙදර යවපුහම ඔයා පස්සදොරින් නැවත ඇවිත් දැන් කුලියට බක බක ගනවනේ (බ),

:       0       0

ලෙස්ලි ප්‍රනාන්දු Sunday, 27 March 2016 09:52 PM

එස්බී මොනවද මේ දොඩවන්නේ.මැරිලා ඉපදිලා වගේ කතා කරන්නේ.ඔබත් බලන් හිටියනේ අගමැතිකම .ජනතාව පන්නපු ඔබ හා රාජපක්සල මල පෙරේතොයෝ වගේ.දල යන්නම බැහැ.ජනපතිදුට පින්සිදු වෙන්න ඉන්න ගමන් දැන් හිටපු අයට ආවඩනවනේ .ජනතාව දන්නවා ඔයාගේ පැටිකිරිය (බ)

:       0       0

බමුණු Sunday, 27 March 2016 10:50 PM

ඔබතුමා කියනකතා පිළිගන්න මිනිස්සු දැන් මේ රටේ නැත. ඔබ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ කෙනෙක්. (බ)

:       0       0

ඉන්දු Sunday, 27 March 2016 11:12 PM

අරුමය කියන්නේ මෙතුමන්ලගේ කතා තවත් අහගෙන ඉන්නවනේ , මොන ආණ්ඩුවක් ආවත් ඇමති කෙනෙක්...(බ)

:       0       0

ඉන්දු Sunday, 27 March 2016 11:14 PM

පහල මට්ටමේ අය කියද්දී මට මතක් වෙන්නේ ඔබතුමා චන්ද්‍රිකා මැතිනිය ගැන කරපු කතාව.. එතකොට නම් ඔබතුමාත් ඒ මට්ටමේම තමයි..(බ)

:       0       0

කමනි Monday, 28 March 2016 12:56 AM

මොනතරම් රටට වැඩදායක කතාවක්ද ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ වගේ උත්තමයින්ව පාර්ලිමේන්තු යවන අපි වගේ අය ඉන්න කම් මේ රටට දළදා හිමි සරණ තමයි. (බ)

:       0       0

ඇසළ Monday, 28 March 2016 10:30 AM

හු කියන්න කොන්ද පන තියන කවුරුත් ඔතන හිටියේ නැද්ද.? (ර)

:       0       0

මුණසිංහ Monday, 28 March 2016 10:37 AM

ඔයාට කවුරුත් හූ කියන්නේ නැහැ. මොකද ඔයාව කවුරුවත් ගණන් ගන්නේ නැති නිසා. දැන් ගෙදරට වෙලා තමන්ගේ වැඩක් බලා ගන්න. (බ)

:       0       0

ඩිල්ෂාන් Monday, 28 March 2016 10:38 AM

මොකටද ඕක ගැන දැන් කතා කරන්නේ . තමුන් පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට රිංගුව බව අපි නොදන්නවා කියල හිතලද? (බ)

:       0       0

නුවන් Monday, 28 March 2016 03:17 AM

කුණු කානු කටක් ....(බ)

:       0       0

නවුද Tuesday, 29 March 2016 12:00 AM

අනුන්ගේ ඔාදුප හොයන්නේ නැතුව තමුන්ට මිනිස්සු අකමැති මොකද කියල හොයල බැලුවනම් තම හොඳා (අ)

:       0       0

සුසන්ත Monday, 28 March 2016 04:47 AM

මේ වගේ අයට ඡන්දය දෙන අයට පිස්සු (බ)

:       0       0

කුරුවිට සුනිල් Monday, 28 March 2016 05:05 AM

ඔබතුමාට හු නොකිව්වේ පාසලේ ගෞරවය රකින්න ඕනි නිසා (බ)

:       0       0

කෝසල Monday, 28 March 2016 05:08 AM

මේ තරම් පරිනත දේශපාලන දැනුමක් තියෙන උතුමන්ලා පාර්ලිමේන්තු යවන්න අපි මොන තරම් මොලේ තියෙන ඡන්ද දායකයෝ රංචුවක්ද? (බ)

:       0       0

අමල් Monday, 28 March 2016 05:16 AM

අනේ මන්දා මේවට මොනා කියන්නද කියලා. (ර)

:       0       0

සිල්වා Monday, 28 March 2016 05:20 AM

මම රාජපක්ෂ පවුලේ දේශපාලනය අනුමත නොකරමි කොහොම වුනත් චමල් මනාප වලින් පාර්ලිමේන්තුවට පත්වුණා , ඝෝටාටත් ගාලු දිස්ත්‍රික්කෙන් ඉල්ලුවානම් පාර්ලිමේන්තු යන්න තිබුන , නමුත් ඔබව ජනතාව විසින් ප්‍රතික්ෂේප කළා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රයිස්,කොත්තු මිල 40කින් අඩුවෙයි
2024 සැප්තැම්බර් මස 29 15 0

බිත්තර මිල පහල යාම හේතුවෙන් ආහාර වර්ග රැසක මිළ පහළ දැමු බව සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ හිමියන්ගේ සංගමය පවසයි.


යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 24 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 311 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 608 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 446 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 337 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site