IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ගෝඨා නොකී කතා එළියට

(සුජිත් හේවාජුලිගේ )

අරගලය උත්සන්න වීමත් සමග ආරක්ෂක හමුදා මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිය ජුනි මස 8 වැනිදා  ජනාධිපති මන්දිරයට ගෙන ඒමට තමා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට උපදෙස් දුන් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.


මේ අනුව ආරක්ෂක ලේකම් යුද නාවික ගුවන් හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ජනාධිපති මන්දිරයේ මෙහෙයුම් මැදිරියට ගෙන්වා ගත්තද ඉන් ප්‍රතිඵලයක් අත් නොවූ බව ඔහු සඳහන් කළේය.


මේ තොරතුරු සඳහන් වන්නේ ජනාධිපති ධුරයෙන් මා නිරපීමේ කුමන්ත්‍රණය නමැති ගෝඨාභය රාජපක්ෂ මහතා ලියූ ග්‍රන්ථයේය.

මෙම ග්‍රන්ථය වෙළඳපොළට ඊයේ (7)නිකුත් කෙරිණි.

ගාලු මුවදොර විරෝධතා ආරම්භ වී දින කිහිපයකට පසු කොටුව ජනපති මන්දිරය ඉදිරිපිට චෛත්‍ය පාර අත්පත් කර ගැනීමට විරෝධතාකරුවන් උත්සාහ කරන බවට තමාගේ ආරක්ෂක නිලධාරීන්ගෙන් තොරතුරු ලැබුණු බවත් මෙම තොරතුරු ලැබීමෙන් පසු චෛත්‍ය පාරට ඇතුළුවන පිවිසුම අවහිර කිරීමට ට්‍රක් රථ කිහිපයක් එම ස්ථානයට ගෙනවිත් රැඳවූ බවත්  මෙම ග්‍රන්ථයේ සඳහන් වේ.

මෙය සිදුවූ මොහොතේම යුරෝපීය තානාපතිවරුන් දෙදෙනකු මහත් කලබලයෙන් තමාට කතා කර විරෝධතා කරුවන් ගාලු මෝදොරින් පලවා හැරීමට සූදානම් වෙනවාදැයි විමසා සිටි බව පවසන ගෝඨාභය රාජපක්ෂ මහතා විරෝධතාකරුවන් ගාලුමෝදර රැඳී සිටිනු දැකීමට ඔවුන් තුළ දැඩි උනන්දුවක් තිබුණු බව ප්‍රකාශ කරයි.

තමා නිරපීමට ගත් ක්‍රියාමාර්ග තුළ විදේශීය හස්තියා ක්‍රියාත්මක නොවූ බවට විශ්වාස කළ හැක්කේ ඉතාමත්ම බොළඳ පුද්ගලයකුට පමණක් බව පවසන රාජපක්ෂ මහතාතමා බලයට පත්වීමම ඇතැම් විදේශ බලවේගවල  මහත් කනස්සල්ලට  හේතු වී තිබූ බව පෙන්වා දෙයි.



අදහස් (13)

ගෝඨා නොකී කතා එළියට

NAMAL Friday, 08 March 2024 09:20 AM

වල් වහල් මෝඩ හැත්ත තොපිලව විශ්වාස කලාට තොපිලගේ හෘදශාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය . අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට . කල කල දේ පල පල දේ .

:       96       36

NAMAL Friday, 08 March 2024 09:20 AM

මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .

:       91       36

anura nanayakkaraFriday, 08 March 2024 11:12 AM

කරුණාකර සිහි බුද්ධියෙන් ශිෂ්ට සම්ම්පන්නව උගත් මිනිසෙක් ලෙස භාෂාව හසුරවන්න .තමන්ගේ නූගත් කම ලොවට පෙනෙන ලෙස කටයුතු කරන්න එපා සහෝදරයා

:       3       60

ලුම්බිණි Friday, 08 March 2024 09:33 AM

නව ජනාධිපති ඇවිත් ටික කලක් යනකොට විදේශ බලවේගවල වලට වඩා රටේ ජනතාව කනස්සල්ලට පත් උනා. අරගලයට මුල එතන.

:       81       31

indunil Friday, 08 March 2024 09:37 AM

පිස්සෙක් සමඟ දෙවසරක් අයියෝ පව්

:       70       37

Saman Friday, 08 March 2024 09:49 AM

නොහැකියාව කියල පොතට නම දාන්න තිබ්බේ

:       68       37

රට වැසියා Friday, 08 March 2024 10:49 AM

ලංකාවේ තෙල් පොලිං හැදුවේ බටහිර කුමන්ත්‍රණයයි ලංකාවේ ගෑස් පොලිං හැදුවේ බටහිර කුමන්ත්‍රණයයි කරන්ට් කැපුවේ බටහිර කුමන්ත්‍රණයයි සිනිවලින් - පොල්තෙල් වලින් හොර කම් කලේ බටහිර කුමන්ත්‍රණයයි කොරොනා කාලයේ මිත්‍යාව සමාජ ගත කලේ බටහිර කුමන්ත්‍රණයයි මං තමයි හොඳටම කලේ කියා වාසි බස් දෙඩුවේ බටහිර කුමන්ත්‍රණ කරුවන් කි නිසායි ගම සමඟ පිලිසඳර නම් විගඩම කලේ බටහිර කුමන්ත්‍රණ කරුවන් කි නිසායි ඥානාගේ සාස්තර අහගෙන මිත්‍යව අදහමින් ජනාධිපති කම් කලේ බටහිර කුමන්ත්‍රණ කරුවන් කි නිසායි 69 ලක්ෂයක් ඡන්ද අර‍ෙගෙන, අවසානයේ රට "කෙලවා" බටහිර කුමන්ත්‍රණ කරුවන් කි නිසායි!!!

:       64       20

de silva Friday, 08 March 2024 02:07 PM

කොවිඩ් වෙලාවේ ඉන්දියාව බංගලාදේශේ තම ශ්‍රමිකයෝ ගෙන්වාගන්න විශේෂ ගුවන් යන දමනකොට , තමන්ට චන්දෙ දෙන්න කොඩි අරගෙන ආව විදේශ ශ්‍රමිකයට කොවිඩ් වෙලාවේ ලෝකේ කිසිම රටක් නොකළ විදිහට රටේ දොර වහල දැම්ම , , ඊට පස්සේ නිරෝධන හෝටල් කියල එකක් දමාගෙන ගජ මිතුරන්න්ට ඕනේ විදිහට ගසකන්න දුන්න , ගොවියාගේ පොහොර ටික තහනම් කල , චීන අසුචි පොහොර නැවෙන් ඇමතිලා ගසකාවා , අන්තිමට හොද්දට දමන්න කහ ටිකත් නැතිකළ මිනිස්සුන්ට කන්න නැති වුන , නිසි වෙලාවට IMF එකට නොගිය නිසා රට එකවර බංකොලොත් වුන , පැට්‍රොල් නැතිවුණා , සංචාරක කර්මන්තෙත් කඩ වැටුන , මිනිස්සු ටික පාරට බැහැලා දුරධාන්ත අසාර්ථක පාලකයාව එලවා දැම්මා , වෙන මොනවා කරන්නද ? කන්න නැතුව මැරෙන්නද කියන්නේ ?අර බදුලු කෝච්චියේ වඩේ වික්ක මත්රිට හෝ තංගල්ලේ අමු මාළු කෑව මන්ත්‍රීට ජනාධිපතිකම දුන්න නම් මීට වැඩිය හොඳට කරවී

:       61       18

sarath Friday, 08 March 2024 02:19 PM

මේයා යුද්ධේ දරුණුවට යන කලෙත් යුධ කරන්න සුදුසු ශාරීරික සහ මානසික තත්වයක් නැහැ කියල එවකට තිබුන ශ්‍රී ල නි ප ආණ්ඩුවේ දේශපාලන සමබන්ධකම් උපයෝගී කරගෙන බොරුවට සහතික කරගෙන හමුදාවෙන් ඉවත්වෙලා ඇමරිකාවට පැනල ගිහින් එහෙ ෂෙඩ් එකක පැට්‍රොල් ගැහුවා ,ජනාධිපති වුනහම ,ඇතිවෙන ජනතා විරෝධය හමුවේ නැවතත් පැනල ගියා , මෙයා රට රකින වීරයෙක් නොවේ බය ගුල්ලෙක් , බලාගෙන ගියහම යුද්දේ සැලසුම් කරලා කරගෙන ගිහින් තිබෙන්නේ එවකට සිටි ෆොන්සේකා මහතා ප්‍රමුක ත්‍රිවිධ හමුදාපතිවරු සහ නිලධාරීන් ,බලාගෙන ගියහම අරක මේක බැහැ කියන රනිල්ටත් මෙයාට වැඩිය පවුරුෂත්වයක් තිබෙනවා

:       51       15

de silva Friday, 08 March 2024 02:39 PM

රටවැසියාට ස්තුතියි... මතක්කළාට මට අනුරාධපුරේ ඥාණක්කාගේ සාස්තර අහලා හොඳම නාගත්ත එක..., ගජමිතුරු විල්මන් මුදලාලිගේ සීනි ගනුදෙනුව, පොල්තෙල් ඩීල් එක, ගම සමග පිළිසඳරක් කියලා අට්ටාලවල මිනිස්සු නග්ගවලා නටපු නාඩගම, කොරෝනා මළමිනී පුච්චලා ජති බේදේ නැවත අවුලවන්න හදපු එක... ජපානෙන් 0,01% පොලියට සහනාධාර ක්‍රමයට ලැබුන සැහැල්ලු දුම්රියේ කන්ටේනර් පෙට්ටි පටවන්න බැහැ කියලා ලලිතසිරි කියපු එක අහලා, ප්‍රොජෙක්ට් එක නවතපු එක අමතක වුණා. මේ ඔක්කෝම ඉවසගෙන ඉන්න ඔබතුමා හිතන් ඉන්නේ අපේ රටේ මිනිස්සු සියලුදෙනාම ඔබතුමා වගේ මෝඩ බියගුල්ලෝ රොත්තක් කියලාද?

:       45       10

sarath Friday, 08 March 2024 03:03 PM

මිනිසුන්ට කන්න බොන්න නැති වුණාම, රැකියාවක් ව්‍යාපාරයක් කරගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ටික නැතිවුණාම, ලෙඩට බෙහෙත් ටික නැතිවුණාම, සාමකාමී උද්ඝෝෂකයින්ට පිට පළාත්වලින් බස් පුරවලා බයියෝ ගෙනත් පහර දෙනකොට මිනිස්සු එළියට බැහැලා ප්‍රතිප්‍රහාර දීලා පාලකයා එලවන එක නිරායාසයෙන්ම සිදුවෙනවා.. ඒකට විදේශ තානාපතිවරු අවශ්‍ය නැහැ... එහෙම නොකළානම් අදත් අපි බඩගින්නේ...!

:       51       10

de silva Friday, 08 March 2024 04:20 PM

මේක වෙන කවුරුහරි ලියපු පොතක්..., කොලයක් බලාගෙන රැස්වීමක කතා කළත් වචන පැටලැවෙනවා. පොතක් ලියන්න තරම් සාහිත්‍ය හෝ වෙනත් දේවල් ගැන දැනුමක් නැහැ. ඉතිහාසය බලනකොට පෙනෙනවා මොහු බොහෝ විට බලයට පත් කරන්නේ වෙනත් කෙනෙකු හෝ කණ්ඩායමක් බව... ඇමරිකාවේ පැට්‍රල් ෂෙඩ් එකක වැඩකරමින් ජීවත් වුණු මොහු ආරක්ෂක ලේකම් වුණේ සහෝදරයා ජනාධිපති වුණුනිසා, යුද්ධය දිනුවේ ෆොන්සේකා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගේ සැලසුම් සහ සෙසු නිලධාරීන්ගේ කැපවීම නිසා, 2015 පරදුණාම නැවත ඇමරිකාවට ගොස් සිටි මොහු නැවත 2019 ජනාධිපති වුනේ මහින්ද, බැසිල්, විමල්, සහ හමුදා බුද්ධි අංශවල සැලසුම් නිසා, ජනාධිපති වුණාට පස්සේ ළඟ සිටි ගජමිතුරු සෙට් එක දිවිපුදා හෝ රට රැකගන්න චේතනාවෙන් සිටි 2006-2009 සිටි ත්‍රිවිධ හමුදා සෙට් සෙට් එකට වැඩිය ගොඩක් වෙනස්...

:       45       5

Lalla Saturday, 09 March 2024 09:10 AM

මිනිස්සුන්ට වගා කරගෙන ජීවත්වෙන්න සහ රටට ආහාර සුරක්ෂිතතාව ලබාදීමට තිබූ හැකියාව නැතිකළ අඥාන පාලකයා. අර්බුද අවස්ථාවක බුද්ධිමත් පාලකයෝ කරන්නේ ආහාර සැපයුම තහවුරු කිරීම. මේ පුද්ගලයා කළේ වගාකිරීම නතරවන තැනට කටයුතු කිරීම.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 484 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 52 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 391 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 490 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 695 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 987 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site