වත්මන් ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට නොගන්නේ ඔහුට බිය නිසාදැයි වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා අද(27) ප්‍රශ්න කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන ආගමනය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන මරු පහරක් යැයි ද ඔහු එහි දි කීවේය.
ඔහු මේ බව පැවසුවේ මරදාන සමාජයීය හා සාමයික කේන්ද්‍රයේ අද (27) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දීය.
එහිදි අදහස් දැක් වූ චමීර පෙරේරා මහතා මෙසේ ද කීය.
“පසුගිය වසරේ ජනවාරි 08 වැනිදා ඇති කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පරිවර්තනය අද වෙනකොට අභියෝගයකට ලක් වී තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂය පැවැත්වීමට යන පාද යාත්‍රාව හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා ආරූඪ කරගත් බැතිමතුන් විසින් පවත්වන්නක්. එහි යම් දේශපාලන කුමන්ත්‍රණයක් තිබෙනවාදැයි සැකයක් තිබෙනවා.
මහින්ද රාජපක්ෂ මහතාගේ මුහුණ පෙන්වා ඒකාබද්ධ විපක්ෂය නටන්න හදන නාඩගම මොකක්ද? මහින්ද රාජපක්ෂ මහතාගේ මුහුණ පෙන්වා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට වළපල්ලට යැවීමට ප්‍රමුඛත්වය ගත් ගෝඨාභය රාජපක්ෂ රාජකීයත්වයට ගෙන යෑමටයි මොවුන් උත්සාහ කරන්නේ. එදා ගෝඨාභය ගැන කාටුන් අඳින්න කෙනෙක් හිටියේ නැහැ. ඔහු ගැන ලියන්න කෙනෙක් හිටියේ. එවැනි පුද්ගලයන් නැවත කරළියට ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය උත්සාහ කරනවා. එය පරාජයට පත් කළ යුතුයි. එදා ජනවාරි 8 වැනිදා අපි පරාජයට පත් කළේ එයයි.
ආණ්ඩුව ඔහුට එරෙහිව පියවර නොගන්නා නිසා ඔහු රාජකීයත්වය සඳහා සටන් කරනවා. ඔහු මාධ්‍යය ඉදිරියේ විවිධ ප්‍රකාශ කරනවා. ඇයි මේ ආණ්ඩුව ගෝඨාභයගේ ක්‍රියාකාරකම් ඉවසන්නේ. ආණ්ඩුව ගෝඨාභයට බය ද ? මීට එරෙහිව ආණ්ඩුව පියවර ගත නොගතහොත් එහි බරපතල ප්‍රතිවිපාක විඳීමට සිදුවන්නෙත් ආණ්ඩුවට. අපට ලක්ෂ 62ක ජනතාවගේ ජීවිත අනතුරේ හෙළන්න බැහැ. ඔහුගේ ආගමනය ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමයි.‘‘
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ගෝඨා නොගන්නේ බය නිසාලු‘
ජනහිත Wednesday, 27 July 2016 09:54 PM
ලක්ෂ 62 න් හරියටම කීයක්ද ඇත්තටම ලැබුනේ. එ්ත් මහින්දගේ ලක්ෂ 52 පිරිසිදු මහින්දවාදීන්. මොකද යුද්ධය අවසන් කරලා අපේ තරුණ පිරිස බේරාගත් කෙනා නිසා. තරහා, එහෙම නැත්නම් භය තියෙන්නේ මහින්ද එක්කද? නැත්නම් ගෝඨාභය එක්කද? (නි)
බමුණුසිංහ Wednesday, 27 July 2016 10:42 PM
ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට නොගන්නේ කවුරු කවුරුත් දැන් ත්‍රස්තවාදී බය නැතිව ජීවත්වන නිසා (නි)
බෙනට් Wednesday, 27 July 2016 10:39 PM
එහෙනම් පාද යාත්‍රාව නොයන්නේ සිරිසේන මහතා ආරූඪ කරගත් බැතිමතුන් වෙන්න ඇති (නි)
බමුණු ආරච්චි Wednesday, 27 July 2016 10:53 PM
අපිට ලක්ෂ 57ක ජනතාවගේ ජීවිත අනතුරේ හෙළන්න බැහැ. දැන් අපිව ඇදගෙන යන්නේ රටෙත් සිංහල ජාතියේත් මළගමටයි (නි)
ශශිකා Thursday, 28 July 2016 02:49 PM
හොඳට මතක තබාගන්න. කාටත් අද බය නැතුව කට අරින්න පුළුවන් වෙලා තියෙන්නේ එදා ගෝඨා හිටිය හින්ද තමා. (නි)
චානක ලොස් ඇන්ජලිස් Wednesday, 27 July 2016 11:29 PM
මේ යාත්‍රාවේ යන්නේ කුමනාකාරයේ පිරිසක්ද යන්න අමුතුවෙන් කිවයුතු නොවේ. මේ වගේ පිරිසකට කළ හැකි දෙයක් නැත. කිරීමට නියමිත කාර්යභාරයක්ද නැත. (නි)
මැල්ගින් ද සිල්වා Wednesday, 27 July 2016 11:28 PM
කොහේහරි ඉඳගෙන කවුරුහරි මොනවාමහරි කියනවා වැඩක් කරනකොට (නි)
නිම්මි Thursday, 28 July 2016 03:10 PM
අනේ මෙයාලට වෙලා තියන දෙයක්.(අ)
චානක ලොස් ඇන්ජලිස් Wednesday, 27 July 2016 11:47 PM
ඒක තමයි අපිටත් තිබෙන ප්‍රශ්නය. ඇතුළට යන්න ඕනෑ පුද්ගලයෝ කොහොමද එළියේ ඉන්නේ කියලා (නි)
ප්‍රියාන් Thursday, 28 July 2016 09:33 AM
ඔබට සතුටුයි ද දැන් . (අ)
සේරම් පැරිස් Thursday, 28 July 2016 04:36 PM
ගෝඨා රිමාන්ඩ් එකට ගන්නවා කියන්නේ, රට දිනවපු සෑම රණවිරුවෙක්ම රිමාන්ඩ් එකට සිරයට ගන්නවා වගේ. ගෝඨා තමා යුද්ධය දිනවපු රණවිරුවන්ගේ සංකේතය (නි)
දුමින්ද Thursday, 28 July 2016 10:08 AM
කුලියට ද මේ (අ)
දසුන් Thursday, 28 July 2016 02:12 AM
ගෝඨාභය ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න හදන එක මරු පහරක් නම් හිටපු හමුදාපති පාර්ලිමේන්තු ඇමතිකමක් ගැනීම ගැන මොකද කියන්නේ. (නි)
වාසු Thursday, 28 July 2016 02:31 AM
මහින්ද ආරූඪ කරගත් අපිට කිසිදා වරදින්නේ නැහැ (නි)
සුසන්ත Thursday, 28 July 2016 02:27 AM
අනේ අපි ඔය කතා අහපු කාලේ ගියා (නි)
ගම්පොළගෙදර Thursday, 28 July 2016 02:34 AM
“හොරු ඇල්ලීම නවතනු! දුෂිතයිනි, වහා එක්වවු!“ යන සටන් පාඨ හැර වෙන මොකුත් සටන් පාඨ තියේද අපිට කියන්න? (නි)
බමුණු ආරච්චි Thursday, 28 July 2016 10:43 PM
අපට ඇසට පෙනෙන දේශපාලනයට රැවටෙන්න එපා. (නි)
අතුරා Thursday, 28 July 2016 03:51 AM
සමහරු නොකියන ඇත්ත නම් ලක්ෂ 57 තිබුණ මහින්දගේ ඡන්ද මහමතිවරණයේ අඩුවුණා කියන එක.(ම)
ආලෙෂ් Friday, 29 July 2016 01:45 AM
කාට කාටත් ප්‍රජාතනත්‍රවාදී රටක් ඉතිරි වුණේ එතුමා නිසා බව දැනගත්තොත් හොඳයි (නි)
පද්මිණි Thursday, 28 July 2016 04:48 AM
කොටසක් ඉන්නවා තවම වහල්ලු වගේ විලංගු පිටින් වැටි වැටිපිටුපසින් බඩගාන. (ම)
හෆීල් Thursday, 28 July 2016 11:06 AM
වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල මැතිතුමා තමයි කිව්වේ බැරිවෙලා හරි එතුමා පැරදුනානං මෙවෙන විට පවුල් පිටින් එතුමාට ඉන්නවෙන්නේ අඩි 6ක පොලව යටෙ කියල. එතරම් එතුමා දැනගන හිටියේ රාජපක්ෂලාගේ බරපතලකම. දැන් එතුමාට එකත් අමතක් වෙලා. එතුමාට එහමනං, තුමා බලයට පත්කරන්න අයට මොකද්ද වෙන්නේ? (අ)
ප්‍රියා Thursday, 28 July 2016 05:08 AM
ප්‍රේතයෝ යක්කු ආරූඪ කරගන්නේ නම් තමාට වැඩක් කරගන්න. ඒත් මහින්ද මහත්තයා එහෙම නොවෙයි. (නි)
ලාලිත Thursday, 28 July 2016 05:09 AM
නිමල්, විමලගුන, ඔයාලා වගේ සමහර අය අන්තිමට කියන්නේ "මගේ සිහිනය මට දකින්න ඉඩ අරින්න, ඒ සිහිනෙන් මා මුදන්න ළං නොවන්න“ සින්දුව. (නි)
චානක් Thursday, 28 July 2016 05:28 AM
රාජපක්ෂ බලය ගත්තාට පසුව කටයුතු කළේ එය රාජපක්ෂලාට පමණක් අයිති දේපොලක් ලෙසටයි (නි)
කුමාර් Thursday, 28 July 2016 05:35 AM
ගෝඨා කියන්නේ රටට අත්‍යවශ්‍ය කෙනෙක් (නි)
කවි මෙල්බර්න් Thursday, 28 July 2016 05:35 AM
ගෝඨාභයට පින් සිද්ධවෙන්න මර බියක් නැතුව අද ජීවත්වෙනවා. ගෝඨාභය කොළඹ නගරය කොපමණ ලස්සන කළාද? අද මොකද වෙලා තියෙන්නේ? ලංකාවට ඕනෑ කරල තියෙන්නේ අන්න ඒ වගේ මිනිස්සු (නි)
එඩ්වඩ් Wednesday, 27 July 2016 04:28 PM
ඒක ඔබතුමා ප්‍රශ්නයක් කරගන්න එපා (නි)
රත්නායක Thursday, 28 July 2016 05:37 AM
චමීර හරි. මහින්දලා එලවන්න. ප්‍රභාකරන්ගේ කට්ටියට රට බාරදෙන්න. එතකොට ඔයාලට සතුටින් ඉන්න පුළුවන් (නි)
නිමල් ලලිත Wednesday, 27 July 2016 04:27 PM
හිටපු ජනපතිගේ සමහර වැරදිත්, ඔහු වටා සිටියවුන්ගේ මහා පරිමාණ වැරදිත් නිසා එදා ලැබුණු 62 ලක්ෂයක ඡන්ද වලින් අද වැඩි කොටසක් ඔබලාටත්, යහපාලනයටත් අහිමිවෙලා. ඉදිරි මැතිවරණයකදී එය ඔබට දැනේවි. (නි)
වින්සන්ට් Wednesday, 27 July 2016 05:21 PM
බැතිමතුන්ට අවශ්‍ය වන්නේ වැඳ නමස්කාර කිරීම මිස නිදහසවත්, ප්‍රජාතන්ත්‍රවාදයවත් නොවේ. ත්‍රස්තවාදී මරබියත්, රාජ්‍ය මරබියත් සමාන බව ජනතාව තේරුම්ගත යුතුය. (නි)
විමලගුණ Wednesday, 27 July 2016 05:43 PM
ඔය 62 හැමදාම තියෙන්නේ නැහැ. දැන් ඡන්දයක් තියලා බලන්න මොකද වෙන්නේ බලන්න. මේගොල්ලෝ ණය ගත් එක විතරනේ කරලා තියෙන්නේ තාම. (නි)
සාගර Thursday, 28 July 2016 06:08 AM
මේ අදහස නම් යහපත් එකක් නොවේ. (නි)
ගී කල්පගේ Thursday, 28 July 2016 06:12 AM
රට හොරුන් විසින් අල්ලාගෙන ඉවරයි. දශක දෙකක සිට වුණේ එ්කයි. (නි)
ඉසුරු Wednesday, 27 July 2016 06:47 PM
දැන්නම් අපි ඉවසුවා හොඳටම ඇති (නි)
ජබීර් Wednesday, 27 July 2016 07:28 PM
හරි හරි. අපි ඒ ගැන බලාගන්නම් (නි)
ජයරත්න Wednesday, 27 July 2016 07:28 PM
අනේ හැබෑට මෙහෙමත් කතා! (නි)
කසුන් Thursday, 28 July 2016 06:25 AM
මිනිසුන්ගේ බය නැතිකළේ ගෝඨාභය කියලා මිනිස්සු දන්නවා. (නි)
සංජීව Thursday, 28 July 2016 06:49 AM
චමීර, ඔහොම අහන්න ගෝඨාභය මහත්තයත් එක්ක බැලුවහම ඔයා කවුද? (නි)
දිලන්ක Wednesday, 27 July 2016 09:02 PM
මෙන්න ඉඳලා ඉඳලා කිවුවා නියම කතාවක් (නි)