IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ගෝඨා නැටුවෙ නාමල්ගේ පදේට: ඒකයි රට විනාශ වුණේ

(සුජිත් හේවාජුලිගේ )

උගතුන්ගේ බුද්ධිමතුන්ගේ හඬට කන් නොදී අඩු තරමින් සිය වැඩිමහල් සහෝදරයාවූ මහින්ද රාජපක්ෂ හිටපු  ජනාධිපතිවරයාගේ උපදෙස්වත් ගණන් නොගෙන නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ කිහිප දෙනකුගේ  අදහස් යෝජනා පමණක්  ලොකු කරගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීම නිසා  රටට මේ විනාශය අත්වූ බව නිදහස ජනතා සභාවේ සාමාජික අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා උගතුන්ගේ බුද්ධිමතුන්ගේ හඬට මුල් මාස කීපයේදී ඇහුම්කන්දී  හොඳින් කටයුතු කළද  ඊට පසු  ඔහු  ඒ කණ්ඩායම අතහැර දැමූ බව  මහාචාර්යවරයා කිවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්කිරීමට මහන්සි වූයේ තම කණ්ඩායම බවත් මහාචාර්යකම් ආචාර්යකම්  වෛද්‍ය වෘත්තිය අතහැර පැමිණ කැපවී ඔහු  ජනාධිපති ධූරයට  පත්කර ගත්තේ උගතුන් බුද්ධිමතුන්  කියන ආකාරයට වැඩ කරාවි යැයි යන විශ්වාසයෙන් බවත්  හෙතෙම පැවසුවේය.

ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා මහින්ද  රාජපක්ෂ මහතාගේ උපදෙස්වලට  ඇහුම්කන්  නොදුන්නා සේම ඔහු ගණන් නොගත් බව  පැවසූ මහාචාර්යවරයා  ගෝඨාභය රාජපක්ෂ මහතා විද්වතුන් කියපු ආකාරයට වැඩ කළේ නම් මේ විනාශය අත් නොවන බවද  ප්‍රකාශ කළේය.

දැන උගත් අය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරයන්නේ ඇයි දැයි තේරුම් ගැනීමට නාමල් රාජපක්ෂ පරිණත මදි බවත්  මහාචාර්යවරුන් වෛද්‍යවරුන් ආචාර්යවරුන් නීතිඥවරුන්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරයන්නේ ඇයි දැයි තේරුම් ගැනීමට ඔහුට තව වසර කීපයක් ගතවනු ඇති  බවත්  හෙතෙම සඳහන් කළේ‍ය.

නාමල් රාජපක්ෂ මහතා පැමිණි  තඹුත්තේගම රැස්වීමට සෙනඟ සීයක්වත් එකතු කර ගැනීමට බැරි වුණු හෙයින්   හිතේ අමාරුවට එළියට පැමිණ  තම කණ්ඩායම විවේචනය කර ඇති බව දැනගන්නට ලැබුණේ යැයි චන්න ජයසුමන මහතා  වැඩිදුරටත් පැවසීය.



අදහස් (8)

ගෝඨා නැටුවෙ නාමල්ගේ පදේට: ඒකයි රට විනාශ වුණේ

Prabha Tuesday, 01 November 2022 01:28 PM

බොරුවෙන් වංචාවෙන් පටන්ගත් දේට ආයුෂ අඩුයි.

:       0       4

ravin Tuesday, 01 November 2022 01:44 PM

හුරේ!!! අදින්න තව තව කුණු එළියට. ලෙඩා මැරුණත් කමක් නැහැ බඩ සුද්ද කරමු.

:       0       2

Janaka Tuesday, 01 November 2022 02:34 PM

ගෝටා විතරක් නෙමෙයි මයිනා රාජපක්ෂ , පී ,බී ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල් යන නඩයම ඇන ගත්තේ නාමල් කියන නීති විද්‍යාලයේ වැඩිම ලකුණු ගත් උපාධි දාරී පුතා, ආචාර්ය උපාධියක් හිමි යෝෂිත පුතා, ආචාර්ය උපාධියක් හිමි රොකට් රෝහිත යන පුත්තු සෙට් එකට ඕන විදියට වැඩ කරලයි. මහින්ද රාජපක්ෂ ජනාධිපති තාත්ත ඉස්සරහ හිටියට ඇත්තටම රට පාලනය කලේ මේ කියන පුත්තු සෙට් එකට ඕන විදියටයි. විශේෂයෙන් නාමල් පී බී ජයසුන්දරට කෙලින්ම නියෝග දුන්නේ අංකල් මේක කරන්න අංකල් අරක කරන්න කියලා. හොදම උදාහරණය තමයි අජිත් කබ්රාල් නාමල්ගේ කරේ පිටිපස්සෙන් අත් දෙක තියාගෙන කෝච්චි පදින සුප්‍රසිද්ධ චායාරූපය. මේ අති උගත් පුත්තු ඇතුළු බුද්ධිමත් රාජපක්ෂ පරම්පරාව විසින් ලංකාව බංකොලොත් කර හිගමන් යදින රටක් බවට පත් කර අවසන්. රාජපක්ෂ පරම්පරාවේ මූණවල් සියල්ලට හොදින් අද්‍යනය කරොත් එක පාටක් ඒ මූණවල් වලට පොදුයි. නමුත් ඒ පාට, පාට පෙට්ටියේ පාට අතර නැති පාටක්. ඒ පාට සොයා ගැනීම ඔබට බාරයි. රටක් පාලනය කල නොහැකි බව නැවත නැවතත් මනාව ඔප්පු කර තිබිය දීත් මේ අය පිටිපස්සේ තවමත් වහලුන් සේ යන ජනතාවක් සිටීම මේ රටට දෙවියන් විසින් කර ඇති සාපයක්.

:       0       9

PradeepWednesday, 02 November 2022 12:53 AM

අම්මේ මෝඩ පාට

:       0       0

සමීර Tuesday, 01 November 2022 02:56 PM

එතකොට නාමල් රාජපක්ෂ නීතිඥවරයෙක් නෙවෙයිද

:       3       1

Hafeel Tuesday, 01 November 2022 03:10 PM

ගෝඨාභය ඔ තත්වයට වැටුනේ මෙයා වගේ පටු ජාතිවාදියන්ගේ අදහස් නිසා. මේ ජාතිවාදී චන්න ජයසුමන එදා වෛද්‍ය සාෆිට එරහිව බොරු චෝදනා ඇති කරලා, ඇසින් දුටු සාක්ෂි ගණනාවක් ඉන්නවයි කියමින් රටතුල ජාතීන් අතර බේදය ඇති කළා. අචාසානයේ මේ ජාතිවාදියා එම චෝදනා ඔප්පු කිරීමට ඉදිරිපත් වුනෙත් නැහැ. මේ චන්නගේ මහාචාර්ය නාමයෙන් ජාතිවාදය රටතුල බෝ කලේ මිස රටට යහපතක් කලේම නැහැ. ඒ සාපය නිසා තමයි ගෝඨාභයට සහ රටට මේ ඉරණම වුනේ. කවදත් අසීරු අවස්ථාවල අපිට උදව් කරපු, අරාබි, මුස්ලීම් රටවල් පවා මේ මොහොතේ අපිව අත්හැරිය. මේ චන්න දවදුරටත් දේශපාලනයේ නිරත වෙන්න එක, රටට කොඩිවිනයක්.

:       3       9

sharm warn Tuesday, 01 November 2022 04:11 PM

වරෙවා.. පැණි වරක ගහට හෙන ගහල වගෙ. . එහෙම වෙන්නම ඔන.. රටම රවට්ටල නෙ රටම වැට්ටුවෙ. . දැන් ඉතින් එක එකාගෙ හෙලුව පෙන්වපල්ලා.. අරගලයට ජය වො..

:       0       2

Peduru Tuesday, 01 November 2022 06:32 PM

කොරෝන එන්නතෙනුත් ගසා කාලා ඖෂධ නිෂ්පාදන සමාගමට තත්වයෙන් බාල ඖෂධ ගෙනත් එම සමාගමත් කාලා v8 වාහන වල ගිය අය කියන කථා අහගන හුරේ දාමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 32 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 98 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 322 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 896 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 528 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2348 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 661 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1886 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site