(ඩයනා උදයංගනී)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඉල්ලා අස්වන තෙක් අඛණ්ඩ වැඩ වර්ජන සහ හර්තාල් ව්‍යාපාර ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පවසයි.
ඉදිරි දින කිහිපයේදී රට පුරා ඇති රාජ්‍ය හා පෞද්ගලික අංශ වැඩබිම් තුළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීමට බලාපොරොත්තු වන බව ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනූප නන්දුල මහතා පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ඉල්ලා අස්විය යුතු බවට ජනතාව අඛණ්ඩව කරමින් සිටින ඉල්ලීමට කන්දීමට ඔවුන් සූදානම් නැතිනම් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද ඔහු සඳහන් කළේය.
දැනටත් ඔවුන් දෙදෙනා මහජනයා අතර දැඩි අප්‍රසාදයට ලක්ව සිටින බැවින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දක්වා එය දිග්ගැස්සෙන්නට නොදෙන ලෙස ඔවුන්ගෙන් තමා ඉල්ලීමක් කරන බව ද නන්දුල මහතා කීවේය.
ඔහු මේ බව පැවසුවේ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව මගින් කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
මීට පෙර අප්‍රේල් 28 හා මැයි 6 දිනවල ක්‍රියාත්මක කළ හර්තාල්, වැඩවර්ජන, උද්ඝෝෂණවලට වඩා ඉදිරියට ගිය වෘත්තීය ක්‍රියාමාර්ග මෙවර ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෝඨා-රනිල් යන තුරු රට පුරා වැඩවර්ජන, හර්තාල්
ruwan Thursday, 14 July 2022 04:28 PM
මෙන්න මේ කාලකණ්ණින්ව අර LTTE එක ඉවර කළා වගේ දාන්න බැරිද?
SAD Thursday, 14 July 2022 04:29 PM
එදා යුද්ධය දිනලා පොළව ඉඹලා මාතෘ භුමිය සිංහළ ජාතියටම බේරලා දුන්නු රාජපක්ෂලාට අද සිංහලයාම ගරහන හැටි හරිම ලැජ්ජයි...! දැන් අරගල භුමිවල අය බීලා වෙරිවෙලා කියවනවා. එදා පොළව ඉම්බේ " පොළව ඉඹින " ආගමක් වෙනුවෙන් කියලා...!
fairoos Thursday, 14 July 2022 04:45 PM
ජයවේවා ඔහොම එන්න පෙරට... මේ රට මේ තත්වයට පත්කරපු සෙට් එකම එළවන්න ඕනේ...!
BT Thursday, 14 July 2022 04:56 PM
රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය බාරගැනීමට අවස්ථාව උදා වූයේ විපක්ෂ නායකයා “ආසයි, බයයි” නමැති රෝගයෙන් පෙළෙනා බැවිනි. වැඩ වර්ජන, හර්තාල් සහ උද්ඝෝෂණවලට මුවා වී කටයුතු කරන අයගේ සැබෑ අභිමතාර්ථයන් වටහාගෙන, ඒවාට හසු නොවී කටයුතු කිරීමට දැන් කාලය පැමිණ ඇත...
Prabth Thursday, 14 July 2022 04:58 PM
ඇයි වසන්තය මැරිලඩ? ඔහෙල තමයි රට කන්නෙ. හැමදාම ස්ට්ර්යික්. ගොන්නු. JR ගෙ කාලෙ ස්ට්ර්යික් කරල මතකද දන්නෙ නැහැ. 71, 88-89 මතක ඇතිනෙ. මවුබිම සැපද ඇහැව්ව. මේ සැරේ ටිකක් ඊට වැඩි වේයි. මොකද එදා ප්‍රේමදාස මෙදා රනිල්. තවම හරියට දන්නෙ නැහැ හැටි.
sameera Thursday, 14 July 2022 05:15 PM
රනිල් අප්‍රසාදයට පත්වෙලා තියෙන්නේ ත්රස්තවාදීන් අතර මිසක් සාමකාමී මිනිස්සු අතර නොවේ. රටේ 75%ක් ජනතාව බලාගෙන ඉන්නේ රනිල් ත්රස්තවාදීන්ගෙන් රට බේරාගෙන දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දෙයි කියලා... මිනිස්සු විඳවනවා බෙහෙත්, තෙල්, විදුලිය, කෑම, ප්‍රවාහනය, රැකියා, ව්‍යාපාර නැතිව. හෙට මොනවා වෙයිද කියලා පුදුම බයෙන් ඉන්නේ...! ත්රස්තවාදීන් මේකට බනියි, ඒත් මේක තමයි ඇත්ත.
lakvidu Thursday, 14 July 2022 06:13 PM
රනිල් අගමැති කළේ ජනතාව නෙවෙයි.. පහුගිය ඡන්දෙන් ජනතාව එයාව ඇඩ්රස් නැතිවෙන්නම ගෙදර යැව්වා මතක නැද්ද?
ranjithThursday, 14 July 2022 06:41 PM
මනාප විසිදහස් ගණනක් තමයි ඡන්දෙදි ගත්තේ. දැන් 5000වත් ගන්න බෑ. කොහොමද රටේ නායකයා වෙන්නේ..?
saaliThursday, 14 July 2022 07:50 PM
මන්ත්‍රී ආසන 3ක් කියන්නෙත් ලොකුකම පෙන්වන්න තරම් දෙයක් නෙවෙයි... මේ මනුස්සයාට නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හරහා බහුතර බලයක් තිබිය හැක..
minissuThursday, 14 July 2022 07:01 PM
රනිල් කවුද කියලා දන්නා නිසා තමයි මිනිස්සු ගිය පාර මහ ඡන්දෙන් එළවලා ගෙදරම යැව්වේ..!
BamunuarachchiFriday, 15 July 2022 08:16 AM
කෙරුවාවල් ත්‍රස්ත වැඩවලදී දන්නවා මිසක් රට වෙනුවෙන් කරපු දෙයක් දන්නේ නැත. ඒ නිසා දන්නා යකා නොදන්නා යකාට වැඩිය හොඳයි. කාටද අනුර වගේ ත්‍රස්තයෙක් රටේ ජනාධිපති කරගන්න ඕනේ...?
Roshan Thursday, 14 July 2022 05:43 PM
අරගලයේ ගුටි කෑවා මදිද?
චන්දන Thursday, 14 July 2022 05:52 PM
ඔය වර්ජනය නිසා තෙල්, ගෑස්, අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයෙන් පෙළෙන සාමාන්‍ය ජනතාවම තමයි වලපල්ලට යන්නේ... 225 ටමත්, අරගලයේ උඩින් ඉන්න අයටත් කිසිඳු ප්‍රශ්නයක් නැහැ.
darman Thursday, 14 July 2022 06:01 PM
කොරන්න පුළුවන් ඕක විතරයි. මෙච්චර කල් කොළේත් වර්ජන විතරයි. වැඩක් කරලා නැහැ. ඊයේ පාර්ලිමේන්තුව ගාවදී සලකපු තාලේටම සලකන්න. ජේවීපී පෙරෙට්ටන්ගේ තෙලේ බහින්න...
මැක්ස් Thursday, 14 July 2022 06:07 PM
හදිසි නීතිය යටතේවත් මේ නාස්තිකාරී වැඩවර්ජන මාෆියාව අවසන් කිරීමට මිලිටරි ක්‍රියාමාර්ගයක් හෝ ගැනීමට බලධාරින්ට සිත් පහළ වේවා!
Muditha Thursday, 14 July 2022 06:13 PM
අරගලයේ උඩින් ඉන්න අයටත් කිසිඳු ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු විඳවනවා බෙහෙත්, තෙල්, විදුලිය, කෑම, ප්‍රවාහනය, රැකියා, ව්‍යාපාර නැතිව... හෙට මොනවා වෙයිද කියලා පුදුම බියෙන් ඉන්නේ....!
fairoosThursday, 14 July 2022 07:34 PM
තවත් බයි සෙට් එකක් ඉන්නවා. රාජපක්ෂවරු ඕනෙ කියන ඒ අයට නම් රනිල් සහ නන්දසේන හොඳයි.
gampila Thursday, 14 July 2022 07:07 PM
නොකා නොබී හරි නව යුගයකට ගමන් කරනවා. ශ්‍රී ලංකා මාතා...!!!
ganegoda Thursday, 14 July 2022 07:21 PM
එළවාගන්න බැරිවුණොත් මමත් එදාට ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය දිවි පුදනවා.
gaming01 Thursday, 14 July 2022 07:31 PM
අරගලයට ජයවේවා...!
Real Thursday, 14 July 2022 10:28 PM
කොරෝනා කාලෙත් නිකන් ඉඳලා පඩි ගත්තා. වැඩ වර්ජන මිසක් වැඩක් කරන්න කියලා කියනවා අපිට ඇහිලා නැහැ. නිකමුන්ගෙන් කාර්යාල පිරිලා. මේ පිරිහීමට රාජපක්ෂලා විතරක් නෙවෙයි, ඔබලාත් වගකිව යුතුයි.