IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ගෝඨා ශ්‍රීලනිප දෙවැනියා කරන බව කම්කරු ඇමැති කියයි

ඉදිරියේ දී ශ‍්‍රීලනිපය දෙකට නොබෙදී රාජපක්‍ෂලත් එක් කර ගෙන මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගේ නායකත්වයෙන් මේ රටේ අපේ ආණ්ඩුවක් පත්කර ගන්නට හැකිවෙනවාය යන විශ්වාසය ඇතිකර ගත හැකි යැයිද කම්කරු ඇමැති ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා පැවසීය.

දිනේෂ් ගුණවර්ධනලා, විමල් වීරසිංහලා, ගම්මන්පිලලා තමයි අද ශ්‍රීලනිපය මෙහෙයවන්නේ. අපේ කණ්ඩායමත් ඔහේ ඒ ගොල්ල යන පාරේ යනවා. ඒ ගොල්ල වළේ බැස්සොත් වළේ බහිනවා. කානුවෙ බැස්සොත් කානුවේ බහිනවා. ඒ ගොල්ලෝ වෙන කොහේ හරි ගියොත් එහෙ යනවා. ඒ වගේ තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ අනුග්‍රහය හා ආශිර්වාදය මීට ලැබෙනු ඇතැයි  තම විශ්වාසය බවත් තම සහෝදරයාට විරුද්ධ වීමට ඔහුට හේතුවත් නැතැයි ද ඒ සම්බන්ධයෙන් නාඩි බලමින් සාකච්ඡා කරගෙන යන්නේ යැයි ද කීවේය.

විවිධ පක්‍ෂවලින් සමන්විත ඒකාබද්ධ විපක්‍ෂයේ ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂ කණ්ඩායමට නිසි නායකත්වයක් නැති නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ‍්‍රීලනිපයේ දෙවැනි නායකයා ලෙස පත් කර ගෙන පක්‍ෂය එක්සේසත් කිරිමේ ක‍්‍රියාවලියක් අරඹා එහි 'නාඩි බැලීම' මේ දිනවල සිදුකරගෙන යන්නේ යැයි සෙනෙවිරත්න මහතා පැවසීය.

ශ්‍රීලනිප කොලොන්න බල මණ්ඩල හමුවක දී සෙනෙවිරත්න මහතා මේ බව පැවසීය.

හිටප ජනාධිපතිනි චන්‍ද්‍රීකා කුමාරතුංග මහත්මියගේ රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්‍ධිකාරක සහ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ශාන්ත රත්නායක මහතාගේ මුලිකත්වයෙන් මෙය සංවිධානය කරති.

එහිදී ඔහු මෙසේ ද කීය.

‘ඒ නිසා අපි කල්පනා කළා ශ‍්‍රීලනිපය තවත් ශක්තිමත් කරන්න. ජනාධිපතිතුමා මේ පක්‍ෂයේ නායකයා. අපි කැමතිවුණත් නැති වණත් අවරුදු පහකට මේ රටේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා. සමහරු කියනවා එයා කතාකරන්නේ නෑ, හිනහ වෙන්නේ නෑ, අපි දිහා බලන්නේ නෑ කියලා. ඒ මොන අඩුපාඩුකම් තිබුණත් මේ රටේ ජනතාව එතුමා ජනාධිපතිකමට තෝරාගෙන තියනවා.‘

‘ඒ නිසා ශ‍්‍රීලනිප පාක්‍ෂිකයන් සතුටු වෙන්න  ඕනැ අපේ පක්‍ෂයේ සභාපති රටේ ජනාධිපති කියලා. එනිසා එතුමා අපේ පැත්තට ගන්න  ඕනෑ. මහජන මතයට, මහජන හැ`ගීම්වලට, මහජන අවශ්‍යතාවන් වලට වැඩ කරන කෙනෙක් බවට පත් කරගන්න  ඕනෑ.‘ 

‘ඒ වගේම අර විපක්‍ෂයේ ඉන්න ශ‍්‍රීලනිප කණ්ඩායමට නායකත්වය දෙන්න අලූත් නායකත්වයක් බිහි කරන්න අත්‍යවශ්‍යයි. පැරණි ක‍්‍රමයට මේ පක්‍ෂයට යන්න බෑ. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අද වෙනස් වන්නට  ඕනෑ. එජාපය අද වෙනස් වෙලා. කරු ජයසුරියලා, සජිත් පේ‍්‍රමදාසලා වගේ අයගෙන් අද පක්‍ෂයේ වගකීම තරුණ කොටස්වලට දීලා. මේක දුරදිග බලලා තව අවරුදු පහක් දහයක් තුල ආණ්ඩුවක් පිහිටුවන්න තමයි ඒක කරන්නේ.‘

‘ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙ දෙවැනි නායකයා හැටියට ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත් කරලා ඉදිරියට යන්න අදාල පුද්ගලයන් සමග මම සාකච්ඡා කර තියනවා. (රැස්ව සිටිඅය අත්පොලසන් දෙති) එතුමා විශාල වැඩ කොටසක් කළා. යුද්ධය මෙහෙයවුයේ එතුමා. යුද්ධය දිනීමේ ගෞරවය මහින්ද රාජපක්‍ෂ මහත්තයාට වගේම ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයටත් ලැබිය යුතුයි. විවිධ අංශ වලින් එතුමා සිය දස්කම් දැක්වුවා.  නාගරික සංවර්ධන අධිකාරිය හරහා නගර දියුණු කරලා තියනවා.‘

‘සමහරුන් කියනවා එතුමා යුද හමුදාවේ සිටිය නිසා යුදමය මානසිකත්වයක් තියෙන්නේ කියලා. ඒක වෙන්න පුළුවන්. යමක් කරන්න කියලා නොකරනවා නම් එයාට දඩුවම් කරන්න  ඕනෑ. යුද හමුදාවේ විනය තියෙන්නේ එහෙමයි. ඒක තමයි අණ දෙනවා කියන්නේ. දැන් එයා ඒ රාමුවෙන් ඉවත්වෙලා.  අපි ඔහුට විශ්වාසයක් ඇති කරන්න  ඕනෑ අපි ඔහු සමග ඉන්නවා කියලා. ඒ වගේම මහින්ද රාපක්‍ෂ මහත්තයාගේ අනුග‍්‍රහය ආශිර්වාදය ගෝඨාභය රාපක්‍ෂ මහත්තයට ලැබෙනවා. මම හිතන්නේ ඒක එච්චර අමාරු වෙන දෙයක් නෑ. අපි යම් යම් සාකච්ඡා කරගෙන යනවා. යම් යම් තැන්වල නාඩි තවම අපි බලමින් යනවා.‘

 

 

 

 

 

 



අදහස් (0)

ගෝඨා ශ්‍රීලනිප දෙවැනියා කරන බව කම්කරු ඇමැති කියයි

කුරුප්පු Sunday, 05 June 2016 11:00 AM

අන්න නියමයි. ජයවේවා! (නි)

:       0       0

ප්‍රියා -ප්‍රංශය Sunday, 05 June 2016 11:05 AM

අනේ අපොයි ප්‍රධාන පක්ෂ දෙකකට ගිය කල! (නි)

:       0       0

සේන Sunday, 05 June 2016 11:11 AM

අනේ මන්දා! යහපාලනයත් දැන් නිකන් විකාරයක් වෙලා (නි)

:       0       0

චතුරි Sunday, 05 June 2016 11:15 AM

එයාලා ඔබට ලොකුවුණාට ජනතාවට අරහං. ජනතාවගේ මුදල් වලින් මේ වගේ අයට නැවත කරලියට එන්න ලැබෙයිද? බලය අතට ගත්තහම ඒ අයට වැඩිය කෙනෙක් නැහැ. (නි)

:       0       0

කවි Sunday, 05 June 2016 11:21 AM

මෙයාලගේ හොඳ දිරච්ච ලණුවක්ද කොහෙද. ගෝඨාභය ඕවට අහුවෙන්නේ නැහැ. (නි)

:       0       0

අරවින්ද Sunday, 05 June 2016 11:22 AM

යමක් සිදුවන්නට ඇත්නම් එය කිසිවෙකුට වැළැක්විය නොහැක (නි)

:       0       0

රන්ජිත් Sunday, 05 June 2016 12:04 PM

කවුරු මෙනවා කිවුවත් ඊළඟ නායකයා කවුද කියලා අපි දන්නවා (නි)

:       0       0

මොහාන් Sunday, 05 June 2016 12:05 PM

වින්සන්ට්, පොඩ්ඩක් මොළේ පරීක්ෂා කරලා බලන්න. (නි)

:       0       0

සමන් Sunday, 05 June 2016 12:05 PM

හීන දකින්න එපා මිනිසුනේ! (නි)

:       0       0

තිළිණ Sunday, 05 June 2016 12:37 PM

අනේ අපිට නම් කමක් නැහැ ඔයාලා මොනවා කරගත්තත් (නි)

:       0       0

තිලක Sunday, 05 June 2016 12:41 PM

නිදහස් කරගත් රට නැවත බිල්ලට දෙන්න කවුද කැමති වෙන්නේ? (නි)

:       0       0

ලසිත් Sunday, 05 June 2016 12:42 PM

ඡන්දයක් දිනන්න ඕනෑ ප්‍රතිපත්තියකින් මිස එක එක පුද්ගලයන්ගේ ජනප්‍රියත්වයෙන් නොවේ. මේකෙන් වෙන්නේ ඊළඟ ඡන්දෙත් යුඑන්පි එක දිනන එකයි. මිනිස්සු මහින්දට වඩා ගෝඨාභයට බයයි. පහුගිය මැතිවරණය යුඑන්පිය දිනුවේ මහින්ද විරෝධීන් නිසා (නි)

:       0       0

තිලංක Sunday, 05 June 2016 12:43 PM

අනේ අපි නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)

:       0       0

තිලක් - නුවර Sunday, 05 June 2016 12:48 PM

යූඑන්පී එකට බහුතරය? දවල් හීනද දකින්නේ? නොහැකියාව හැමදාමත් පෙන්නන මේ ආණ්ඩුවට ආයෙත් ඡන්දෙ දෙන්න අපි? ඡන්දයක් තියන්නකෝ... (නි)

:       0       0

රජිත් Sunday, 05 June 2016 12:56 PM

අපිට දියුණු රටක් නිර්මාණය කරන්න අවශ්‍යනම් උගත් බුද්ධිමත් මිනිස් සමාජයක් තුළ මිනිසා හුදකලා කරන්න ඕනෑ. එතකොට මිනිසාට හිතන්න අවස්ථාව තියනවා. හරි දේ වැරදි දේ මොකක්ද කියලා වැටහෙනවා. විවෘත සමාජයක නූගත් මෝඩයන් බිහිවුණාම තමයි රටවල් අරාජික වෙන්නේ (නි)

:       0       0

අනුරාධ Sunday, 05 June 2016 06:23 AM

නිදහස් පක්ෂයට ඡන්දෙ දුන්න අපි ආයේ රැවටෙන්නේ නැහැ. (නි)

:       0       0

බෙන්තර මහේෂ් Sunday, 05 June 2016 06:29 AM

ජයවේවා..!!! යම් කොටසක් ඔබ සමඟම රැඳෙනු ඇත. (නි)

:       0       0

උපාලි Sunday, 05 June 2016 06:39 AM

එහෙනම් ඉතින් අපිට හොඳ කලක් යයි (නි)

:       0       0

ලලිත් Sunday, 05 June 2016 01:51 PM

පක්ෂ හද හදා හිටියහම හරි. රටට මොනවා වුණත් කමක් නැහැ (නි)

:       0       0

සිල්වා පැරිස් Sunday, 05 June 2016 06:53 AM

එතකොට පක්ෂය වෙනුවෙන් දරදිය ඇඳපු ජ්‍යෙෂ්ඨ පාක්ෂිකයින්ට මොකද වෙන්නේ? (නි)

:       0       0

නයිල් Sunday, 05 June 2016 06:54 AM

දේශපාලන නායකයෙක් වෙන්න දේශපාලන දැනුම සහ පළපුරුද්ද ඕනෑ (නි)

:       0       0

පෙඩ්රික් Sunday, 05 June 2016 06:58 AM

අපි නම් මුළු හදවතින්ම සුබ පතනවා (නි)

:       0       0

චාපා Sunday, 05 June 2016 01:59 PM

එතකොට ඔවුන්ට විරුද්ධව ඇති චෝදනා වලට මොකද වෙන්නේ? (නි)

:       0       0

ඉසුරි Sunday, 05 June 2016 07:04 AM

රාජපක්ෂ භීතිකා මානසිකත්වයෙන් පෙළෙන්නන්ගේ කතා අපි ගණන් ගන්නේ නැහැ (නි)

:       0       0

රත්න Sunday, 05 June 2016 07:03 AM

දෙවෙනියා නොවෙයි පළවෙනියා කළත් කමක් නැහැ රට බේරාගත් නායකයෙකුට. (නි)

:       0       0

කමල් Sunday, 05 June 2016 07:11 AM

එකතු වෙලා වැඩ කරනවානම් හැමෝම කැමතියි. දෙපැත්තක ඉඳන් කඹ අදිනවාට වඩා. එතකොට රට දියුණු වෙයි. (හේ)

:       0       0

කුමාර් Sunday, 05 June 2016 07:13 AM

එතුමාට ඡන්දේ ලැබෙයිද?(හේ)

:       0       0

සිල්වා Sunday, 05 June 2016 07:14 AM

අන්දොලත්මක කතා කියලා පක්ෂය විනාස කරනේ මෙවැනි අය නිසා පක්ෂයේයෙන් නෙරපන්න ඕනේ මොනතරම සුදුස්සෝ ඉන්නවද රට තුල නායකත්වයට අවංක උදවිය (හේ)

:       0       0

හුසේන් Sunday, 05 June 2016 07:18 AM

එච්චර හයියක් ඔබතුමාට තියෙනවද මහත්තයෝ......? (හේ)

:       0       0

කුමාර් Sunday, 05 June 2016 07:30 AM

පත් වුනොත් මොකද වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන්.(හේ)

:       0       0

ශානක Sunday, 05 June 2016 07:33 AM

මෙතුමාට තේරෙන්නේ නැද්ද ජනපති පත් වුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඡන්දෙන් නෙමෙයි කියලා.(හේ)

:       0       0

පිරීස් Sunday, 05 June 2016 07:37 AM

ගෝඨා වගේ වැඩක් කරන්න පුළුවන් කෙනෙක් නායකත්වයට දාල පක්ෂය සුද්ද කරලා ගමන පටන් ගන්න එක හුඟාක් හොදයි. හොඳ අදහසක්! (හේ)

:       0       0

කෝසල Sunday, 05 June 2016 07:56 AM

එහෙම වෙනවා නම් අපිත් කැමතියි (නි)

:       0       0

තිස්ස Sunday, 05 June 2016 07:56 AM

හොඳයි කරලාම පෙන්නන්නකෝ (නි)

:       0       0

තිලක් Sunday, 05 June 2016 07:56 AM

අපිට නම් මේවා ඇහෙනකොට ලැජ්ජයි. (නි)

:       0       0

නිර්මලී Sunday, 05 June 2016 08:22 AM

හොඳයි හොඳයි සිහින මව මවා ඉන්නකෝ. බලමුකෝ ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා එකඟවෙයිද කියලා (නි)

:       0       0

නුවන් Sunday, 05 June 2016 08:22 AM

රටට මේ මොහොතේ අවශ්‍ය නව දැක්මක් සමඟ හොරකම, වංචාව, මැරකම පිටුදකින විනයගරුක දැඩි කැපකිරීම් කළ හැකි නායකත්වක් මිස පිළිළු අවස්ථාවාදී බඩගෝස්තරවාදී සන්ධාන ගතකිරීමක් නොවෙයි (නි)

:       0       0

සෙනරත් Sunday, 05 June 2016 08:21 AM

අහසේ මාළිගා සෑදීමක්ද? (නි)

:       0       0

කමණි Sunday, 05 June 2016 08:26 AM

ගොම ගොඩකට කිරි ටිකක් එකතු කරලා හරි බලයට එන්න ගන්න උත්සාහයක්ද මේ? (නි)

:       0       0

ලුම්බිණි Sunday, 05 June 2016 08:26 AM

එහෙනම් බැසිල් රාජපක්ෂ ශ්‍රීලනිපයේ තුන්වෙනියා කරමු නේද? (නි)

:       0       0

රුවන් Sunday, 05 June 2016 08:29 AM

ඔය දවල් හීන! (නි)

:       0       0

පතිරණ Sunday, 05 June 2016 08:29 AM

කුමාර්, බිය වියයුතු නැහැ. පාර්ලිමේන්තුවට වගකියන නායකත්වයක් බිහිවෙන නිසා. දන්නා තරමින් නම් ඔහු කෙළින් වැඩ කරන පුද්ගලයෙක්. (නි)

:       0       0

ජයම්පති Sunday, 05 June 2016 08:55 AM

හොඳ අදහසක්. ඒ වුනාට මෙයාගේ කරපිටින් යන්න බලයි පවුලේ අනික් අය.(හේ)

:       0       0

ශානක Sunday, 05 June 2016 08:56 AM

ඇයි මොකද වෙන්නේ කුමාර් මහත්තයෝ.(හේ)

:       0       0

ධම්ම Sunday, 05 June 2016 09:08 AM

මේ මගේ මතයයි. ගෝඨා මෙයට කැමති වෙන්නේ නැත. (හේ)

:       0       0

සුනිල් Sunday, 05 June 2016 09:08 AM

තව හොඳ හොඳ සෝදා පිරිසුදු කරන උදවිය ඉන්නවා වගේ.(හේ)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 05 June 2016 09:18 AM

රාජපක්ෂ පවුලේ සහෝදර බැම්ම හුගක් ශක්තිමත්. මම හිතන්නේ ගෝඨාබය කවදාවත් මහින්ද රාජපක්ෂට ඉදිරියෙන් යන්නේ නැහැ කියලයි. පක්ෂය ශක්තිමත් කරන්න ඇයි හිටපු ජනාධිපති තුමා සමග සාකච්ඡා නොකරන්නේ. ඔය කියන විදියට කවදාකවත් ඔය බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්නේ නැහැ.(හේ)

:       0       0

ඇන්තනී Sunday, 05 June 2016 09:21 AM

ජනාධිපති තුමාට 90% ට වැඩ ඡන්දේ හම්බුනේ යුඑන්පී ආණ්ඩු සුළුජන ඡන්ද. කොහමද මෙතුමා කියනදේ දේ වෙන්නේ? (හේ)

:       0       0

නලින් Sunday, 05 June 2016 09:25 AM

එතකොට කරපු ඔක්කොම දේවල් වහගන්න පුළුවන්.(හේ)

:       0       0

සමන් Sunday, 05 June 2016 09:35 AM

මේ ඔක්කොම බොරු කතා .(හේ)

:       0       0

සිරිල් Sunday, 05 June 2016 09:43 AM

අන්තිමට මේක තවත් කැද හැලියක් ??කොන්දක් තියෙන මිනිහෙකුට පුලුවන්ද කොන්දක් නැති මිනිහෙක් එක්ක වැඩ කරන්න?(හේ)

:       0       0

වින්සන්ට් Sunday, 05 June 2016 09:41 AM

සමහර අයගේ පැවැත්ම වෙනුවෙන් ජනතාව ප්‍රතික්ෂේප කළ යුගයක් නැවත ගොඩගැනීමට " නාඩි බැලීම" කා වෙනුවෙන්ද යන්න ජනතාව තේරුම් ගත යුතුය. දුෂිතයන්ගේ යුගයකින් නැවත රට ණය කරමින් සුදුවෑන් සංස්කෘතියකට ශ්‍රී ලංකාව ගෙනයාමට වර්තමාන ජනාධිපතිතුමාත්, ජනතාවත් එකඟවේද යන්න සිතිය නොහැකිය. අවුරුදු 68 ක් තුළ පවතින පිළිකාව සුව කිරීමට මෙවැනි නාඩි බලා කරන ප්‍රතිකාරයක් කොහොමවත් ප්‍රමාණවත් වන්නේ නැත. (හේ)

:       0       0

එරන්ද Sunday, 05 June 2016 09:50 AM

රට ගැන හිතන්න ඕන නැහැ ඇමති තුමෝ ඔහේ යමු . ඔබලා කොහොමත් හිතන්නේ ඔබලා ගැන මිසක් පොඩි මිනිහා ගැන නෙවේනේ. ඒ නිසා මඩ වලේ බැහැලා හරි, වතුර වලේ බැහැලා හරි, කුණු කණුවේ බැහැලා හරි රාජපක්ෂලා එවි. (හේ)

:       0       0

චන්දන Sunday, 05 June 2016 09:52 AM

මොකෝ බයද , ඡන්දේ පරදේවි කියලා. ඒ නිසා ගානට බොලේ බස්සනවා නේද? (හේ)

:       0       0

ජේමිස් Sunday, 05 June 2016 10:14 AM

මෙයා දවල් හීන දකිනවා .යුඑන්පියට දැනටමත් බහුතරයක් තිබෙනවා .(හේ)

:       0       0

විජේලතා Sunday, 05 June 2016 10:24 AM

ඇමෙරිකාවේ පුරවැසියෙක්ව පාර්ලිමේන්තුවට ගෙනෙන්න පුලුවන්ද? (නි)

:       0       0

සංකල්ප Sunday, 05 June 2016 10:29 AM

මෙය හොඳ පියවරක් විය හැකියි . මෙයින් හැම දෙයක් ම තුලනය වේවි. පක්ෂය දෙකට බෙදීමේ අවධානමත් මින් නැතිවෙන්න පිළිවන්. ගෝඨා දේශපාලනය කිරීම මහින්ද මහත්තය ටත් සැහැල්ලුවක් ගෙන දේවි. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1073 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4245 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1329 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 768 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1098 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 733 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38696 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 963 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site