IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ගොඩගම පෝලිම කිලෝමීටර දෙකයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිවිසුමෙන්ද කඩුවෙල පිවිසුමෙන්ද අද අලුයම සිට වාර්තාගත වාහන සංඛ්‍යාවක් තිබූ බව අධිවේගී මාර්ග ආරංචි කියයි.

කිලෝමීටර එකහමාරක් දෙකක් පමණ දුරට ගොඩගම පෝලිම දක්නට ලැබුණු බව වාර්තා වේ.

අවසන් කිලෝමීටර පසුකර ගොඩගමට ළඟාවීම සඳහා තමාට පැයකුත් මිනිත්තු විස්සක් ගතවූ බව නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.කේ.කේ අතුකෝරාළ මහත්මිය කීවාය.

වැලිගම සිට ගොඩගම දක්වා යෑමට දෙපැයක් පමණ ගතවූ බව රියැදුරෝ කියති.

කොළඹ මහනුවර මාර්ගයේද දැඩි වාහන තදබදයක් පැවතිණ.

ඇතැම් වාහන හිමියන් පැවසූයේ පේරාදෙණියට යෑමට පැය හතකට ආසන්න කාලයක් ගතවූ බවයි.

අද (24) උඳුවප් පොහොය නිවාඩුව හා සිකුරාදා නත්තල් දිනයත් සමග දින හතරක දීර්ඝ නිවාඩුවක් ලැබීම නිසා බොහෝ දෙනා විනෝද හා වෙනත් ගමන්බිමන් යති.

කඩුවෙල පිවිසුම් මාර්ගය

HGWYJM-1224-02 HGYYJM-1224-05

ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ

 

HWYYNEP-01 HWYYNEP-02HWYYNEP-03

HWYYNEP-05

ඡායාරූප ක්‍රිෂාන් ජීවක ජයරුක්

HGHWYY-1224-AMI-01 HGHWYY-1224-AMI-02 HGHWYY-1224-AMI-03 HGHWYY-1224-AMI-04

ඡායාරූප අමිල මධුශංඛ

වීඩියෝ ක්‍රිෂාන් ජීවක ජයරුක්



අදහස් (0)

ගොඩගම පෝලිම කිලෝමීටර දෙකයි

ජැක්සන් ආරචිපාල Thursday, 24 December 2015 09:21 AM

ජේආර්, පේමදාස, චන්ද්‍රිකා, රනිල්, සම්බන්ධන් උතුමන්ලට පිං සිදුවේවා! (ස)

:       0       0

බුද්ධික Thursday, 24 December 2015 09:36 AM

දැන් වත් මිනිස්සුන්ට මහින්ද කරපු දේවල් මතක් වෙනවද..බොරු වැඩ නැති දකුණේ මනුස්සකම... (කෞ)

:       0       0

සිල්වි Saturday, 26 December 2015 02:39 PM

ලෝකයේ කිසිම ජනාධිපති කෙනෙක් ගෙදරින් සල්ලි ගෙනවිත් රට දියුණු කරන්නේ නැහැ . මහජන මුදලින් රට දියුණු කිරීම තමයි ජනාධිපති ගේ වගකීම. මහින්ද ඒ දේ කළා. දැන් ඉන්න අය මොන සංවර්ධනයද කරන්නේ? (නි)

:       0       0

ජැක්සන් Thursday, 24 December 2015 10:29 AM

මට තේරෙන්නේ නැත්තේ මිනුස්සු අයි අපේ සල්ලි වලින් කාල බීල අපේ සල්ලි වලින් පාරවල් හැදුවම එයාලට පින් දෙන්නේ කියල. වහල් කමද? නිවට කමද? නැතිනම් මෝඩ කමද? (ස)

:       0       0

අකිල Thursday, 24 December 2015 10:44 AM

මිනිස්සු ගම් බිම් බලා යනවා ඇති. (ර)

:       0       0

සුනිල් ගීකියනගේ Thursday, 24 December 2015 10:41 AM

එලෙක්ට්‍රොනික් කාර්ඩ් ක්‍රමයක් හදුන්වදෙමු. එතකොට ගේට්ටු වල මිනිස්සු තියන්න ඕනේ නැහැ. (ර)

:       0       0

බිනෝයි Thursday, 24 December 2015 10:42 AM

හුන්ඩුවට දැම්මා වගේ. (ර)

:       0       0

සුසන්ත දෝහා කටාර් Thursday, 24 December 2015 11:00 AM

සුනිල් ඔබ හරියටම හරි. (ර)

:       0       0

සමන් Thursday, 24 December 2015 11:27 AM

ජැක්සන්, ඕකට තමයි කියන්නේ වහල්කම කියලා.නිවට කම ඇති තැන වහල් කම ඇතිවෙනවා. එකයි තවම කඩේ යන්නේ. (ස)

:       0       0

පීරිස් Friday, 25 December 2015 07:22 PM

සමන්, ජැක්සන්, ඔයාලගෙ අාණ්ඩු කාලේ තියපු මුල්ගල් අවුරුදු ගණන් පැලවුණා අමතකද? (නි)

:       0       0

පීරිස් Friday, 25 December 2015 07:18 PM

නිල්මිණි, හොඳක් දකින්නේ නැති නුඹ වැනි අය නිසා තමයි මේ රටට කිසිම දියුණුවක් නැත්තේ. ලැජ්ජයි. (නි)

:       0       0

පීරිස් Friday, 25 December 2015 07:26 PM

නිල්මිණි, ගයාන්, ජැක්සන්, ඉන්දිකා, ප්‍රනාන්දු, දියුණු රටවල උත්සව කාලෙට පෝළිම කිමී. 20-30 දිගයි. පේනවා නේද මිනිස්සු මෙයින් ප්‍රයෝජන ගන්නා හැටි? (නි)

:       0       0

ටිකිරි Thursday, 24 December 2015 12:08 PM

සමන් , ඕකට තමයි කියන්නේ ගුණමකු කම කියලා. තමන්ගේ රටට සේවයක් කල අයට ගැරහීම තමයි අපේ රටේ හැමදාම උනේ . එක තමයි අපේ රට තවම එක තැන . හදලා දීපු අධි වේගී මාර්ග නඩත්තු කර ගන්න බැරිවුනා අය තවම ඒවා කලේ කොහොමද කියල හිතා ගන්න බැරිව ලතවෙනවා . රට දියුණු කරන්න හදපු අයට කඩේ ගියාට රටට වරදක් වෙන්නේ නැහැ . (ර)

:       0       0

ප්‍රියංග Friday, 25 December 2015 09:16 PM

දිල්රුක්ෂි හරියට හරි. ලංකාවේ වැඩිදෙනෙක් කුහකයි. ඇස් මොළ තිබුනට ඒවා හරියට වැඩකරන්නේ නැහැ. (නි)

:       0       0

සිරිපාල Thursday, 24 December 2015 12:25 PM

සමන්, කිසිම වැඩක් නොකර , වැඩ කරන මිනිහට කැලෑ පත්තර ගහන ඔයා වගේ කට්ටිය ලංකාවේ ගම් වලත් හැමදාම හිටියා. (ර)

:       0       0

සමන් Thursday, 24 December 2015 12:29 PM

රට දියුණු කරපු හැටි පේනවා. ඕවා කිව්වොත් හොදයි ගමේ කොන්දේ බැදපු චීනුන්ට , අපිට නම් නෙමෙයි සහෝදරයා. (ර)

:       0       0

හිමාල් Thursday, 24 December 2015 12:45 PM

එකපාර වාහන ගොඩක් පිට වීම් දොර‍ටුවකට ආවම තදබදයක් ඇති වෙනවා. කාසි හා නෝට්‍ටු වලින් ගාස්තු ගෙවීම වෙනුවට කාඩ්පත් ක්‍රමයක් මඟින් ගෙවන්න හඳුන්වා දුන්නත් ඒක ජනප්‍රිය වුනේ නෑ. ඒකේ ප්‍රහිඵල තමයි මේ. (ර)

:       0       0

දිල්රුක්ෂි Friday, 25 December 2015 08:11 AM

නිල්මිණි, ගයාන්, ජැක්සන්, ඉන්දිකා, ප්‍රනාන්දු, ‍ඔයාලා ඔය කඩේ යන ආණ්ඩු 1994 ඉඳලා මුල්ගල් තිය තියා හිටියා විතරයි. රටට කළ දෙයක් නැහැ. යුද්ධය වුණත් ඉවරකරන්න බැරිවුණා. මහින්ද නැත්නම් අද මෙතන අදහස් දාන අය කී දෙනෙක් පොළව යටද දන්නේ නැහැ. හොඳක් දකින්නේ නැති නුඹ වැනි අය නිසා තමයි මේ රටට කිසිම දියුණුවක් නැත්තේ. ලැජ්ජයි. (අ)

:       0       0

සමන් Thursday, 24 December 2015 12:54 PM

කරලා තියෙන වැඩ දැන් පේනවා නේද? (ර)

:       0       0

ප්‍රනාන්දු Thursday, 24 December 2015 12:51 PM

නිල්මිණි ,අමිල ,ගයාන් ,රංග ,අතුල ,ජක්ෂන් ,සමන් ,ඔබලා ගැන කණගාටුයි. (ර)

:       0       0

චන්න බුවනක Friday, 25 December 2015 09:41 AM

කවුරු මොනවා කීවත් පවතින රජයේ වග කීමක් ජනතාවට සේවය සැලසීම. එක යූ.අන්.පී ද පොදු පෙරමුණද වැඩක් නැත. (අ)

:       0       0

වසන්ත Saturday, 26 December 2015 12:43 AM

පාරවල් කන්නද කියලා අහපු අයට මොකද දන්නෙ නැහැ හිතෙන්නේ? (නි)

:       0       0

නාමල් Thursday, 24 December 2015 01:39 PM

මහින්ද මහත්තයාගේ වැඩ තමයි. (ර)

:       0       0

කුමාර Saturday, 26 December 2015 12:51 AM

මලිත් කියන දේ හරි (නි)

:       0       0

සිරිල් Thursday, 24 December 2015 01:43 PM

නැති අදායම් මේ ලැබෙන්නේ. (ර)

:       0       0

සමන් Thursday, 24 December 2015 01:55 PM

කොහොම උනත් ඔබතුමාට අපි හැමදාම පිං දෙනවා මෙහි යන එන වාරයක්ම පාසා. (ර)

:       0       0

සමන්ත Thursday, 24 December 2015 02:01 PM

මහින්ද මහත්තයාට පිං! (ර)

:       0       0

කිත්සිරි Thursday, 24 December 2015 02:24 PM

ජයවේවා මහින්ද මහත්තයට! (නි)

:       0       0

සමක් Thursday, 24 December 2015 02:33 PM

සමන් නමින් අදහස් දාන යහපාලන ගැත්තාගේ කතා එච්චර ගනන් ගන්න එපා. (ස)

:       0       0

පෙරේරා Thursday, 24 December 2015 02:49 PM

තව වාහන ගෙන්වමු. එතකොට පෝලිම කිලෝමීටර් දහයක් කරගන්න පුළුවන්. (ස)

:       0       0

සමන් Thursday, 24 December 2015 02:55 PM

අපේ රට රටක් ලෙස ඉදිරියට ගෙනා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි ඔබට අප සදා ණයගැතීයි. (ස)

:       0       0

නිමල් Thursday, 24 December 2015 03:04 PM

ලංකාවෙනම් ඉන්නේ පුදුම මිනිස්සු. මේ පාරවල් හැදුවේ මහජන මුදල් වලින්, තමන්ගේ බදු මුදල් වලින් නමුත් පින් දෙන්නේ තමුන්ගේ බදු වලිනුත් හොරකම් කරපු කෙනෙකුට. අද ඩොලර් එක නැගල. බඩු ගණන් ගිහිල්ල තියෙන්නේ ඒ හොරකම් කරපු නිසා බව කාටවත් තේරෙන්නේ නැහැ. (ස)

:       0       0

ජෝශප් Thursday, 24 December 2015 03:55 PM

දැන්තමයි මේවායේ අගය තේරෙන්නේ (නි)

:       0       0

සමන් Thursday, 24 December 2015 04:12 PM

මහින්ද මහත්තයාට පින්! (නි)

:       0       0

කුමාර් Thursday, 24 December 2015 05:20 PM

මහින්ද මහත්තයා නිසානේ මේවා ලැබුනේ. කෝ දැන් නුවර පාර? බොරුවට මුල්ගල් තැබුවට සල්ලි නැහැනේ කරන්න .... (නි)

:       0       0

අරුණ Thursday, 24 December 2015 05:18 PM

ඔය මහින්ද මහත්තයා ගෙදරින් ගෙනාපු සල්ලි වලින්ද කළේ කියලා අහන අයට කියන්න තියෙන්නේ මේ ආණ්ඩුවට පටන්ගත් ඒවා කරන්න බැරිවුණේ මොකද කියලා කියන්න කියලයි. (නි)

:       0       0

කුමාර් Thursday, 24 December 2015 06:12 PM

පාරවල් හදන එක පවතින රජයක වගකීමක්. දේශපාලකයන්ට පින් දීලා වැඩක් නැහැ. එහෙනම් ලංකාවේ පාරවල්, රේල් පාරවල් මුලින්ම හදපු සුද්දන්ටත් පින් දෙන්න ඕනෑනේ. (නි)

:       0       0

මොහාන් Thursday, 24 December 2015 06:26 PM

සමන් මොනවාද පෙනෙන්නේ? හදපු පාරක්වත් නඩත්තු කරගන්න බැහැ. තවත් කඩේ යනවා. (නි)

:       0       0

මහේෂ් Thursday, 24 December 2015 06:00 AM

අපි නම් වැඩ ! ඔබ සැමට සුවදායක සති අන්තයක් හා ප්‍රීතිමත් නත්තලක් වේවා ! (කෞ)

:       0       0

ප්‍රසන්න Thursday, 24 December 2015 06:29 PM

මට මතක්වුණා වවුචර පෝලිම (නි)

:       0       0

විනෝදනි Thursday, 24 December 2015 06:08 AM

අධිවේගී මාර්ග කන්නද කියලා අහපු අයට දැන් මොනවද දන්නෙ නැහැ කියන්න තියෙන්නේ? (නි)

:       0       0

තරංග Thursday, 24 December 2015 07:40 PM

පේනවා නේද මිනිස්සු මෙයින් ප්‍රයෝජන ගන්නා හැටි? (නි)

:       0       0

ගමගේ Thursday, 24 December 2015 07:40 PM

මෙහෙ මෙහෙම වුණාට දියුණු රටවල උත්සව කාලෙට පෝළිම කිමී. 20-30 දිගයි (නි)

:       0       0

දහම් Thursday, 24 December 2015 06:19 AM

මේ මාසයේ අධිවේගයේ ආදායම හොඳ ඇති එහෙනම් (නි)

:       0       0

සමන්ත Thursday, 24 December 2015 06:16 AM

මහින්ද මහත්තයාට පින්! (නි)

:       0       0

නිහාල් Thursday, 24 December 2015 06:36 AM

සංවර්ධනේ ප්‍රතිපල ඇස් පනාපිට පෙනෙනවා. නමුත් දුෂණ ගැන ප්‍රතිපල හොයාගන්න බැරිවෙලා වගෙයි. (ස)

:       0       0

චමල් Thursday, 24 December 2015 06:50 AM

අධිවේගී මාර්ග වලින් මහින්ද මහත්තයට පින පැදුන බව සමන්ත මහත්තය වැටහ ගත යුතුයි. පෝය සහ නත්තල යන ආගමික උත්සව අලලා විනෝද ගමන් යන මිනිස්සු දැන් ලංකාවේ ඉන්නේ. FB එකේ පින්තුර හිටන් දානවා poyaday fun කියල. (කෞ)

:       0       0

සපුමල් රවිරංග Thursday, 24 December 2015 10:18 PM

ඔය මහින්ද 'හොරාකාලා' හදපු පාරවල්ලුනේ. ඒවායේ හොඳ උදවියට යන්න හොඳ නැහැ. ඒ මනුස්සයට පින් දිදී යනවා නම් හොඳයි ඔය පාරවල් වල. (නි)

:       0       0

සුනිල් Thursday, 24 December 2015 06:47 AM

කවුරු මොනවා කියලා බැන්නත්. මහින්ද මහත්තයා තමයි මේ රටට දැනෙන වෙනසක් කරේ. එතුමා නැති අඩුව පුරවන්න කාටවත් බෑ. (ස)

:       0       0

සපුමල් රවිරංග Thursday, 24 December 2015 10:23 PM

සමහරුන්ගේ පපුවේ කුහකකම ලොකුවටම තිබෙනවා. ඔය කියන අයට පුලුවන්නෙ දැනුත් පාරවල් හදලා රට ලස්සන කරන්න. නටන්න බැරි කෙනාට කොහේ නැටුවත් පොළව ඇදයි. (නි)

:       0       0

සෑම් Thursday, 24 December 2015 06:59 AM

මේවායේ සේවය කරන නිලධාරීන් මෙවැනි දේට පෙර සුදානමක් නැහැ . ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවීම, ගමනට කලින් මුදල් ගෙවීම , එහෙම නැත්නම් ගමන් වාර කිහිපයකට එකවර මුදල් ගෙවා ඒ මුදල් අවසන් වනතුරු ගමන් කිරීමේ හැකියාව ආදී නොයෙකුත් ලංකාවට ගැලපෙන දේවල් මේකට විසඳුමයි . දියුණු රටවල තියන ක්‍රම (පැයට කි මි සීයට නොනවත්වා ගමන් කරන වාහනයෙන් අයවිය යුතු මුදල වාහන අයිතිකරුගේ ගිණුමෙන් එවෙලේම අය කරගැනීම වැනි දේවල් ) අපේ රටට දරාගන්න අමාරුයි . (ස)

:       0       0

දර්ශන Thursday, 24 December 2015 07:09 AM

හැමදෙයක්ම දේශපාලන කන්නාඩි වලින් බලන්න එපා. සමාජයේ බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ. කොයි ආන්ඩුවක් ආවත් මාර්ග සංවර්ධනය කිරීම එයාලගේ වගකීමකි. (ස)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Thursday, 24 December 2015 07:14 AM

ඉතින් වැඩක් තියෙනවද? පැය ගනන් පෝලිම් වල ඉන්නකොට එපා වෙනවා. සාමාන්‍ය පාරේ ගියානම් ගිහිල්ල. නමට අධිවේගී මාර්ග. (ස)

:       0       0

රාජ් Saturday, 26 December 2015 09:59 AM

මහින්ද මහතා ජනාධිපති නොවුණේ නම් මෙවන් සංවර්ධන වැඩපිළිවෙළවල් කිරීමට කිසිවෙක් මුලික නොවෙනු ඇත. තාමත් කොටි බෝම්බ ගසන යුගයක අපි සියල්ලම ජීවත්වනු ඇත. (නි)

:       0       0

මලිත් Friday, 25 December 2015 01:25 AM

නිල්මිණි, ගයාන්, ජැක්සන්, ඉන්දිකා, ප්‍රනාන්දු, ‍ඔයාලා ඔය කඩේ යන ආණ්ඩු 1994 ඉඳලා මුල්ගල් තිය තියා හිටියා විතරයි. රටට කළ දෙයක් නැහැ. යුද්ධය වුණත් ඉවරකරන්න බැරිවුණා. මහින්ද නැත්නම් අද මෙතන අදහස් දාන අය කී දෙනෙක් පොළව යටද දන්නේ නැහැ. හොඳක් දකින්නේ නැති නුඹ වැනි අය නිසා තමයි මේ රටට කිසිම දියුණුවක් නැත්තේ. ලැජ්ජයි. (නි)

:       0       0

මලිත් Friday, 25 December 2015 01:37 AM

මහින්ද බලයට එනකොට සුනාමි ඇවිත් තිබුණා. ඒකට හම්බවුණ ආධාර චන්ද්‍රිකා මැඩම් ළඟ. එත් ඒවා හැදුවා, යුද්ධෙට සල්ලි වියදම් වුණා, යුද්ධෙ දිණුවා, 2012 වෙද්දී රට මේ තරම් සංවර්ධනය කරා. එත් වෙනසකට දැන් අවුරුද්දකුත් වුණා මුකුත් නෑ, ඉතින් අමු මිරිස් කරලක් හපලා දෙහි ඉස්ම දාපු කොත්තමල්ලි වීදුරුවක් බොමු. එතකොට මොලේ වත් සංවර්ධනය වෙයි. (ස)

:       0       0

රණතුංග Friday, 25 December 2015 03:59 PM

මහින්ද මැතිතුමාට හදවතින් තුති පුදමි (කෞ)

:       0       0

මලිත් Friday, 25 December 2015 01:48 AM

අප අදහස් නිදහසේ පළකිරීමට අපක්ෂපාතිත්වයෙන් ඉඩහසර සළසාදුන් ලංකාදීපයට මාගේ හදපිරි ස්තූතිය! (නි)

:       0       0

නිල්මිණි Thursday, 24 December 2015 07:23 AM

ඔය අධිවේගී මාර්ගය හදන්න වියදම් වුන හැම සතයක්ම තමන් කන පාන් කෑල්ලෙන් පවා බදු ගෙවමින් එහි බර පැන ඉසිලු හැමදෙනාමට පින්. එක්කෙනෙකුට විතරක් නොවෙයි. අනික ඔය ව්‍යපෘතිය ආරම්භ කලේ 1994-2000 කාලේ තිබුන ආණ්ඩුවෙන්. (කෞ)

:       0       0

නිශාන්ත Thursday, 24 December 2015 07:30 AM

අපිට නුවරට යන්න හදනවා කිව්වා අධිවේගී පාර තවම නැහැ (කෞ)

:       0       0

රොෂාන් Friday, 25 December 2015 02:34 AM

නිල්මිණි 1994-2000 තිබුන ආණ්ඩුවෙන් මොකක්ද ආරම්භ කරේ. (ස)

:       0       0

අමිල Thursday, 24 December 2015 07:47 AM

සමන්ත, මහින්ද මහත්තය ගෙදරින් ගෙනාපු සල්ලි වලින්ද පාර හැදුවේ? (කෞ)

:       0       0

ගයාන් Thursday, 24 December 2015 07:53 AM

රට දියුණු වෙන්න පාරවල් හදන එන ආණ්ඩුවේ වගකීම. කව්රුවත් ඒගොල්ලන්ගේ ධනයෙන් හදල නැහැ පින් දෙන්න. (කෞ)

:       0       0

හේවා සරත් Saturday, 26 December 2015 10:50 AM

දැනවත් මේ වැඩ දෙස කුහකනොවී ඇස් හැර බලන්න (නි)

:       0       0

රංග Thursday, 24 December 2015 08:02 AM

යටි මඩි ගහගත්ත සල්ලි වලින් තව මන්තීරු දෙකක් වැඩිකරා නම් මේ තද බදේ නෑ. (ස)

:       0       0

ඉන්දිකා Thursday, 24 December 2015 08:06 AM

මේකේ මේ කාටවත් පින්දෙන්න යන්න එපා. (ස)

:       0       0

අමිල ඩුබායි Thursday, 24 December 2015 08:08 AM

අද මහින්ද මහත්තයට පින් සිද්ධ වෙන්න ඉක්මනින් ගමනක් බිමනක් යාහැකියි . (ස)

:       0       0

අජිත් Thursday, 24 December 2015 08:09 AM

ස්වයන්ක්‍රීයව සල්ලි කැපෙන ක්‍රමයක් දැම්මනම් මේ පෝලිම නෑ. (ස)

:       0       0

රොකී Thursday, 24 December 2015 08:26 AM

ආදායම වඩාත් හොඳ වෙන්න මුළු ලංකාව පුරාම අධිවේගී මාර්ග හදන්න. තවත් ඕන නම් මුළු ලංකාවම සමතලා කරලා එකම අධිවේගී මාර්ගයක් හැටියට සංවර්ධනය කරන්න. එතකොට ඉදිරි ගමන වේගවත් වේවි! පුළුවන් නම් ලංකාව වටේටත් ගොඩකරලා තව තව අධිවේගී මාර්ග හදන්න. (ස)

:       0       0

ප්‍රියාන් Thursday, 24 December 2015 08:48 AM

අඩිවේගී මර්ගය හදන්න මුල්ගල තිවෙවේ මොන රජයයෙන් ද මතක නැද්ද . අපිට මුල මතකයි . (කෞ)

:       0       0

අතුල Thursday, 24 December 2015 08:44 AM

කාටවත් පින්දෙන්න ඕනෙත් නැහැ අපේ සල්ලි වලින් තමයි හැදුවේ. එත් දැන් අවුරුද්දක් වෙනවා යහපාලනෙන් කොයි පරද හැදුවේ ? (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 3999 9

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 1516 2

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 4363 5

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 407 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 4140 14

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 2362 3

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33927 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23956 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 151 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 471 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 214 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site