IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ගොඩ කළ වගුර යළි වගුරක් කරනු

(මනෝප්‍රිය ගුණසේකර)

රාගම මත්තුමගල ප්‍රදේශයේ අනවසරයෙන් ගොඩ කළ ඉඩමක ඉදිකර ඇති ගොඩනැගිලි වහාම කඩා ඉවත් කිරීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට බලය දුන් වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා එම ඉඩම කලින් තිබූ තත්ත්වයට පත්කරන්නැයි නියම කළේය.

ඉඩම ගොඩ කිරීමට හෝ ගොඩනැගිලි ඉදිකිරීමට රාගම මත්තුමගල ගුණසේකර මාවතේ පදිංචි මුනියන්ඩි නඩරාජා නමැත්තාට කිසිදු බලයක් නොමැති බවට තීන්දු කළ මහේස්ත්‍රාත්වරයා මුනියන්ඩි නඩරාජා නමැත්තාට ඔහුගේ සේවකයන්ට හෝ අනු නියෝජිතයන්ට එරෙහිව කටයුතු කිරීමේ බලයද ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට දුන්නේය.

රාගම මත්තුමගල ගුණසේකර මාවතේ පදිංචි මුනියන්ඩි නඩරාජා නමැත්තාට එරෙහිව ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ පනත යටතේ වසර 05 කට පමණ ඉහතදී ගොනුකර තිබූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් වගඋත්තරකාර මුනියන්ඩි නඩරාජා නමැත්තාට එරෙහිව ඉකුත් 2017 වසරේ ජුනි මාසයේදී මෙම නඩුව පවරා ඇති බවත් වගඋත්තරකරු 2017 ජුලි මාසයේදී ඊට හේතු දක්වා ඇති බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ පනත යටතේ බලයක් නොමැතිව පූර්වගාමී මහේස්ත්‍රාත්වරිය ප්‍රමාද දෝෂයකින් මෙම නඩුව විමසීමකට යොමුකර ඇතැයිද සඳහන් කළේය. ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් බිම් කොටසක් නීති විරෝධී ආකාරයෙන් ගොඩ කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගෙන එය වළක්වාලීමේ අපේක්‍ෂාවෙන් ව්‍යවස්ථාදායකය විසින් මෙම පනත හඳුන්වා දෙනු ලැබ ඇතැයිද මහේස්ත්‍රාත්වරයා තීන්දුවේ සඳහන් කළේය.

ව්‍යවස්ථාදායකය විසින් කුමන අරමුණකින් යුතුව පනත් හඳුන්වා දෙනු ලැබුවත් වරින් වර පත්වන රජයන්ගේ දේශපාලන විචලනයන් මත නිලධාරීන් නඩු සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කිරීම හා කිසිදු ඉල්ලීමක් නොකොට කල් මැරීම මෙම නඩුවේද පෙනෙන්නට ඇතැයි තීන්දුවේ සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා මහජන සුබසිද්ධිය සලකා බලමින් යම්කිසි පනතක අර්ථ නිරූපණය පුළුල්ව විවරණය කිරීම මහේස්ත්‍රාත්වරයාගේ කාර්යාභාරය විය යුතු බවටද තීන්දු කළේය.

ඒ අනුව රාගම මත්තුමගල ප්‍රදේශයේ ඉඩමක් මුනියන්ඩි නඩරාජා නමැත්තා විසින් අනවසරයෙන් ගොඩ කර ඉදිකර ඇති ගොඩනැගිලි කඩා ඉවත් කොට ඉඩම යථා තත්ත්වයට පත් කිරීමට මහේස්ත්‍රාත්වරයා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට නියම කළේය.

 



අදහස් (10)

ගොඩ කළ වගුර යළි වගුරක් කරනු

Jayani preethika Monday, 10 October 2022 10:33 PM

සුපිරි විනිශ්චයක්

:       0       10

Kumar (gulf) Monday, 10 October 2022 11:51 PM

මෙම ඉඩම් පැරණි කුඹුරු වන අතර, කිසිදු වාරි පද්ධතියක් හෝ කාණු පද්ධතියක් නොමැති බැවින් කිසිවෙකුට මෙම ඉඩම්වල වී වගා කළ නොහැක, බස්නාහිර සහ දකුණු පළාත්වල හෙක්ටයාර ලක්ෂයක් ඇත. වාරි පද්ධති හෝ ජලාපවාහන පද්ධති සඳහා වෙන් කරන මුදල් සියල්ල දූෂණයෙන් නාස්ති වී යයි, ස්වාභාවික ජල මාර්ග සහ ඇළ මාර්ග අවහිර වී ඇත්තේ අනවසර ඉදිකිරීම් නිසා සහ අල්ලස් ලබා ගෙන ඒවාට නිලධාරීන් අවසර ලබා දීමයි

:       0       9

srijaya Tuesday, 11 October 2022 07:27 AM

ආදර්ශමත් තීන්දුවක් රටේ අනෙක් ප්‍රදේශවලටත්...

:       0       14

sharm warn Tuesday, 11 October 2022 08:55 AM

අපෝ මෙ මුව හමකට තලන්නෙ.. යන්නකො අර ජා-ඇල වෑවල පැත්තෙ තියෙන වගුර දිහාවෙ. . කොච්චර ගොඩ කරල ගෙවල් හදලද කියල බලන්න.. දීපිකා කියල නගර සභ මන්ත්‍රිනි කෙනෙක් හිටිය. එයා දීපිකා ගම්මානයක්ම හැඩුවා.. දැන් ඒ් පත්තෙ නිතරම ගං වතුර දානව පොඩි වැස්සකටත්..

:       0       9

Horabathalayaa Tuesday, 11 October 2022 09:23 AM

ප්‍රසන්න රෙණතුංගගෙ නෝනටත් ඒවගේම නියෝගයක් දෙන්න පුලුවන්ද අර බලෙන් ගොඩකරල අල්ලගත්ත ඉඩම් වලට ?

:       1       17

Fuard Ossen Tuesday, 11 October 2022 10:49 AM

මෙම නීතිය සියලු ආගම් සහ සියලු ජන කොටස් අනුගමනය කරන්නේ නම් අගය කරනු ඇත.

:       2       14

Bunny Preena Tuesday, 11 October 2022 11:16 AM

මෙවැනි තීන්ඩු දෙන්ට පුලුවන් මහෙස්ත්‍රාත් තුමාන්ලාගෙ අවශ්යතාව දැඩිව දැනෙන මොහොතක්. මෙවැනි තීන්දු අනෙකුත් පලාත්වල සිදුවී තිබෙන අනවසර ඉදිකිම් නඩු සම්බන්දයෙන්ද අසන්ට ලැබෙවා ප්‍රාර්තනා කරමි.

:       0       13

visnu Tuesday, 11 October 2022 01:22 PM

අපට අවශ්‍ය වන්නේ මෙවැනි විනිසුරුවරුන්ය. ස්තුතියි.

:       0       12

Ajit Wednesday, 12 October 2022 03:21 AM

ඔව්, ඔබ කළ දේ වැරදියි, ඔබ සුළු ජාතික ප්‍රජාවක් බැවින් නීතිය ඔබට නිසැකවම ලැබෙනු ඇත.. ඔබ බහුතර ප්‍රජාවක නම් ඔබට විශාල දේවලින් ගැලවිය හැකිය, මෙයයි සැබෑ ශ්‍රී ලංකාව

:       2       0

චින්තක Wednesday, 12 October 2022 08:16 AM

මෙයට යන වියදම් ඉඩම් ගොඩකිරීමේ සංථාවේ හිටපු නිළධාරින් ගෙන් අයකලොත් ජනතා මුදල් නාස්තිය අඩුවේවි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ක්‍රීඩා පුහුණුවට නොආවැයි ගුරුවරියගෙන් අපූරු දඬුවමක්
2025 අප්‍රේල් මස 23 439 0

අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව


දළදා වඳින්න හෙට සහ අනිද්දා එන්න එපා
2025 අප්‍රේල් මස 23 511 0

දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.


සිසුවා ඝාතනය සිසුන් 11 අධිකරණයට
2025 අප්‍රේල් මස 23 282 0

හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස


ඩෑන් ප්‍රියසාද් ඝාතනය ගැන පැතිකඩ 3කින් විමර්ශන
2025 අප්‍රේල් මස 23 817 1

සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම


මෙරට කෝටියක් ටින් අංක ලබාගෙන
2025 අප්‍රේල් මස 23 452 0

බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ


මාතර බන්ධනාගාරයේ කලබලය සමනය කරයි
2025 අප්‍රේල් මස 23 254 0

මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 645 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 328 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 477 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site