IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ගණිතෙට ලියන සිසුන්ට ගණිතෙ දාලා

බණ්ඩාරගම වැල්මිල්ලේ  සාරාලංකාර විදුහල් ක්‍රිඩා පිටියේ අද උදේ (15) ක්‍රිඩා පිටියේ ටෙලි දැන්වීමක් රූගත කරද්දී 10-11 පන්තිවල  සිසුහු  අසල ශාලාවේ වාර විභාගයේ  ගණිත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දෙමින් සිටියහ.

මේ රූගත කිරීම් සඳහා කලාප අධ්‍යාපන කාර්යාලයයේ අනුමැතිය දී ඇති බව රූ ගත කරන කණ්ඩායම් කියයි.

34

  IMG_1384-1 IMG_1385 IMG_1388 IMG_1387

33  35

 



අදහස් (0)

ගණිතෙට ලියන සිසුන්ට ගණිතෙ දාලා

අනුර පනාගොඩ Tuesday, 15 July 2014 12:26 PM

කොන්ද කොච්චර පන තිබ්බත් ඉහලින් තියෙන කොදු ඊට වඩා පන වැඩිනම් ඕව කියන අයටත් කරන්න පුලුවන්ද කියන එක තමයි ප්‍රස්නේ (නදී)

:       0       0

සජිත් Tuesday, 15 July 2014 01:00 PM

ඇත්තටම මට දන්නා කෙනෙක් කියනවද අඹු සැමියන් දෙන්නගෙන් කවුරුවත් ආදී ශිෂ්‍යන් නොවුන සුපිරි පාසල් වලට අදාළ දුර සීමාවෙනුත් එහා ඉන්න නළු නිළියන්ගේ ළමයින්ට සුපිරි පාසල් ලැබෙන්නේ කොහොමද කියලා. අපේ පුතාගේ පන්තියේ නිළියකගේ ළමයෙක් ඉන්නවා දරුවාගේ පියා ආදී ශිෂ්‍යයෙක් නෙවෙයි හැබැයි නිළිය ගුරු දෙගුරු රැස්වීම් වලට එන්නේ එයාගේ හත් මුතු පරම්පරාවම මේ පාසලේ වගේ පෙන්නගෙන. (නදී)

:       0       0

ප්‍රසාද් Tuesday, 15 July 2014 01:18 PM

වැඩේ වැරදියි (නදී)

:       0       0

රත්නසිරි Tuesday, 15 July 2014 02:15 PM

පාසලේ අභිමානය රකින්න කථාකරණ ගුරුතුමාට මගේ ගෞවරය හිමි වේවා. පාසල් කෙළි බිමක් කරගත යුතු නැත. මේ වගේ අමනෝඥ වැඩ කරණ අවසරය දෙන අය මහ කරුමයක්. (නදී)

:       0       0

සමන්ති Tuesday, 15 July 2014 02:18 PM

ගණිතය අසමත් උනත් උසස්පෙළ කරන්ඩ දෙනවා කියලා ගැසට් නිවේදනයක් එනවලු. ගණිතයට අවුරුදු දෙකක් දෙනවාලු සමත් වෙන්ඩ. (නදී)

:       0       0

ලලිත් Tuesday, 15 July 2014 02:30 PM

ඒ කියන්නේ මේ ගොල්ල සාපෙළ ගණිතය අසමත් කෙනාට උසස් පෙළ ශුද්ධ ගණිතය ආදී විෂයන් හදාරන්නත් ඉඩ දෙන්න යනවාද ? අනේ මෙහෙම විහිළුවක්. එකත් එකටම බලවතෙකුගේ ගණන් වලට දුර්වල ළමයෙක් ඇති . මෙහෙම දෙයක් හැටේ දශකයේ විශ්ව විද්‍යාව ප්‍රවෙශයටත් සිදු වුණාලු. (අ)

:       0       0

කුසුම් Tuesday, 15 July 2014 02:38 PM

උගතුන්ගේ හිගයක්ද? බුද්ධිමතුන්ගේ ඌනතත්වයක්ද? මෝඩයන්ගේ පරාදිසයක්ද? (අ)

:       0       0

සමන් Tuesday, 15 July 2014 03:10 PM

අපේ මිනිස්සුන්ට මෙනවා වෙලා ද (අ)

:       0       0

විජිත Tuesday, 15 July 2014 04:38 PM

වැඩ අනාගෙන වගෙයි (ස)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 15 July 2014 04:58 PM

රංග.මීට අවරුදු 6 කට කලින් මගේ පළමු දරුවා ගම්පහ විද්‍යාලයට දා ගත්තේ සත පහක්වත් දීල නෙමෙයි.මගේ අවරුදු ගණනක තිබුන ආදී ශිෂ්‍යබව සහ මගේ අධ්‍යාපන සහතික අනුව.මගේ දෙවැනි දරුවා දා ගන්න කියල ගිය වර්ෂයේ මම ගුවන් පතක් අරන් ගියේ මගේ ආදී ශිෂ්‍ය බාවය සහ මගේ පළමු දරුවාගේ අවරුදු 6 ක සහෝදර පදනම මත දරුවා පාසලට ඇතුලත් කරන්න පුළුවන් කියා හිතල.මුදලින් රුපියල් ලක්ෂයකුත් දෙන්න කැමති වෙලත් මගේ දරුවාව කැපිල ගියා.ඇමති කෙනෙකුට ලක්ෂ 3-4 ක් දුන්න නම් කිසිම ආදී ශිෂ්‍ය පදනමක් ,සහෝදර පදනමක් ආදී සහතික කිසිම දෙයක් වැදගත් නැහැ.අපේ දුක කියන්න කෙනෙක් නැහැ.අපි මොන තරම් අසරණ වෙලාද කියල හිතෙනවා.(ස)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 15 July 2014 05:02 PM

සංජීව.ඔබ හරි.අපි දැක්කනේ බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු අසරණයන්ට වෙඩි උණ්ඩයෙන් සලකපු විදිහ. (ස)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 15 July 2014 07:25 PM

කුසුම්.ඔබගේ අදහස හරියටම හරි. (ස)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 15 July 2014 07:28 PM

වාර විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දෙන වෙලාවක මේ රූගත කිරීම් කරන්න බැරිද?මොකක්ද තියෙන වරද? (ස)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 15 July 2014 09:32 PM

අපේ අය්යාලට TV එකට වැටෙනවා කියන්නේ හරි ලොකු දෙයක්නේ.(ස)

:       0       0

චම්පිකා Tuesday, 15 July 2014 10:18 PM

මමත් කියන්නේ කවුරු හරි බලවතෙකුගේ ගණිතයට දුර්වල ළමයෙක් ඇති . ඒක තමයි මේ සහනයක් දෙන්න යන්නේ. මේකෙන් වෙන්නේ ගණිතයට මහා දක්ෂකම් නැති දරුවන් උත්සාහයෙන් හරි ගණිතය සමත් වීම වැළකෙන එක. (ස)

:       0       0

හසිත් Wednesday, 16 July 2014 12:17 AM

අනේ බන්දුල, ඔබට නොතේරුනාට විභාගයකට නිස්කලංක නිශ්ශබ්ද අවට බාධාවලින් තොර පරිසරයක් අවශ්‍ය බව ඕනෑම කෙනෙකුට තේරෙනවා. (නි)

:       0       0

රොහාන් Wednesday, 16 July 2014 12:20 AM

අපිට නම් තේරෙනවා කාගේ ළමයාද ගණන් වලට දුර්වල කියලා (නි)

:       0       0

සුරේෂ් Wednesday, 16 July 2014 12:22 AM

මෙහෙම බලනකොට ඉදිරියේදී අධ්‍යාපනයට නිළියක් සම්බන්ධ කරගත්තත් මම පුදුම වෙන්නේ නැහැ. (නි)

:       0       0

චාමර Wednesday, 16 July 2014 12:29 AM

අනේ ඇත්තට, කාටවත්ම හිතන්න තිබුණේ නැද්ද? (නි)

:       0       0

ලලනි Wednesday, 16 July 2014 12:39 AM

මගේ මල්ලිගේ දරුවාවත් ආදී ශිෂ්‍ය දරුවන් ගේ ලැයිස්තුවෙන් කැපී ගියේ එක්තරා ගායකයකුගේ ළමයෙකු ඉහල නියෝගයකින් ඇතුලත් කරගත් නිසා. මේවා කවදා හරි පල දෙන අසාධාරණ වැඩ . (නදීී)

:       0       0

ගමගේ Wednesday, 16 July 2014 02:01 AM

දැන් කාලේ කොහොමත් කරන වැඩවල නිවරදි සම්බන්ධීකරණයක් නැහැනේ. හැමෝම තමන්ගේ වැඩේ කරගන්න විතරයි බලන්නේ. විශේෂයෙන් ටෙලි කට්ටිය. කතකරන්න ගොඩක් දේවල් තියෙනවා, කතා නොකර ඉඳිමු. (නි)

:       0       0

දනුක Wednesday, 16 July 2014 02:07 AM

ආරංචියක් තිබෙනවා මේ ටෙලි කණ්ඩායමට රූගත කිරීමට අවසර ලැබුනේ උදේ 6 සිට 7.30 දක්වා පැය එකහමාරක කාලයක් කියලා . එවිට උදේ පාසල් විභාගය පටන්ගන්නා විට ඒ ටෙලි කටයුතු අවසන් විය හැකි නිසා. නමුත් ඔවුන් ලබාදුන් කාල සීමාව ඉක්මවා රූගත කිරීමේ කටයුතු කිරීම නිසා වෙන්න ඇති මේ ප්‍රශ්නය පැනනැඟිලා ඇත්තේ. (නි)

:       0       0

චාන්දනී Wednesday, 16 July 2014 02:15 AM

අවසර දුන් උදවිය පාසල් විභාගයට බාධා නොවන ලෙස ඔවුන්ට කාලය වෙන්කර දුන් නමුත් ඔවුන් වැඩි කාලයක් පාසලේ රැඳෙමින් රූගත කළා වෙන්නත් පුලුවන්. එහෙම වුණොත් මේක ටෙලි අධ්‍යක්ෂකවරයාගේ වැරැද්දක් (නි)

:       0       0

චමී Wednesday, 16 July 2014 02:34 AM

අධ්‍යාපන ඇමතිගේ අවධානය යොමු වේවා. (නදී)

:       0       0

රන්ජිත් Wednesday, 16 July 2014 02:53 AM

ඇයි මේවා ගැන වගකිවයුත්තන් සොයා නොබලන්න‍ේ? (නි)

:       0       0

ගුණසිරි Wednesday, 16 July 2014 03:05 AM

මේ ටෙලි නාටකයේ කණ්ඩායම් ප්‍රධානියා කවුද කියලා ප්‍රසිද්ධ කරන්න වටින්නේ. ආයෙත් පාසල් පැත්ත පළාතේ මෙහෙම වැඩකට නොඑන්න පාසල් බලධාරීන් වග බලා ගනීවි. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 16 July 2014 03:11 AM

ඩුප්ලිකේට් එක මොනවා කිව්වත් ඔර්ජිනල් එකනම් කියන්නේ වැඩේ වැරදියි කියල තමයි. මේකෙන් ළමයින්ගේ අවදානය බිදෙනවා. හැබැයි මේකට විරුද්ධ වෙන්න ඕන පාසලේ ගුරු බවතුන් මිසක් මේ සංගම් වල අය නෙමෙයි. (නදී)

:       0       0

වීරා Wednesday, 16 July 2014 03:14 AM

මේක දැන් නිළියන්ට ගිය රටක් බව සභාවේ මහත්ම මහත්මීන්ට අමතක වුනාද ? පන්සල් වල මගුල් උත්සව අරගෙන , පන්සල් වලින් ගරු නම්බු නාම ලබාගෙන යනකොට පාසලක විදුහල්පතිනි වෙන්නත් බැරි මොකද කියලා ඇහුවොත් මම පුදුම වෙන්නේ නැහැ. (නදී)

:       0       0

ලසිත් Wednesday, 16 July 2014 03:19 AM

කාලය ඉක්මවා රූ ගත කිරීමක් වුනා නම් එක පාරක් කිව්වම වැඩ නැවැත්තුවේ නැතිනම් පොලිසියට කතා කරලා විභාගයට වෙන බාධාව දැනුම් දෙන්න තිබුනා නේ. (නදී)

:       0       0

පද්මේන් Wednesday, 16 July 2014 03:48 AM

අපි පාසල් යන කාලේත් නළු නිළියන්ගේ දරුවන් අපේ පාසැල් වල හිටියා. හැබැයි වැදගත් නළු නිළියන්ගේ. දැන් නම් හැම දේටම ඇඟිලි ගැසීම් වැඩියි. (නදී)

:       0       0

යසිරු Wednesday, 16 July 2014 04:07 AM

මගේ අක්කා සේවය කරන්නේ අනුරාධපුර දුෂ්කර පාසලක. පාසල් නිවාඩු කාලයේ ටෙලි කණ්ඩායමකට නවතින්න එහි කාමර ලෙස අගුල් දැමිය හැකි පන්ති කාමර දෙකක් විදුහල්පති ලබා දී තිබුනලු. නිවාඩුවෙන් පසු පාසලට පැමිණි ගුරුවරුන්ට සහ සිසුන්ට පළමුවෙන්ම සිද්ධවෙලා තියෙන්නේ අර ටෙලි කට්ටිය අපිරිසිදු කර ගිහින් තිබුන පන්ති කාමර සුද්ධ කරන්නලු. (නි)

:       0       0

ලිමාස් Saturday, 19 July 2014 06:57 PM

මෙයාගෙ කොදු නාරටිය ගැන ගැටළුවක් ඇති නැත්තම් දරුවන් ගැන මීට වඩා යහපත්ව හිතන්න තිබුනා . (අ)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Tuesday, 15 July 2014 04:23 AM

වැරදි වැඩක්. අනිවාර්යෙන්ම ලමයින්ගෙ අවධානය බිදෙනවා. හැබැයි ස්ටාලින් මහත්තයාට මාර චාන්ස් එක. පිළියන්දලින් ප්‍රශ්න පත්තර ප්‍රශ්නයත් එක්ක මේකත් දෙවියො දුන්නා වගේ. (නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 15 July 2014 04:24 AM

විදුහල්පතිගේ අවසරයක් නැතුව මේවා කෙරෙන්නේ කොහොමද? (නදී)

:       0       0

ගාමිණී Tuesday, 15 July 2014 04:26 AM

ඔන්න ඇමති තුමනි ආස්චර්ය (නදී)

:       0       0

දිලු Tuesday, 15 July 2014 04:31 AM

විදුහල්පතිගේ අවසරය අවශ්‍ය නැහැ ඉහළින් නියෝගයක් ගත්තම (නදී)

:       0       0

සමන් Tuesday, 15 July 2014 04:33 AM

ගමේ ඉන්න මිනිස්සුන්ට තිබුනා නේ මේයට විරුද්ද වෙන්න. නළුවන් නිළියන්ට ඔච්චර බයද (නදී)

:       0       0

සංජීව Tuesday, 15 July 2014 04:43 AM

සමන්, ගමේ ඉන්න අය ඕවට විරුද්ද උනහම වෙන්නේ වෙඩි කන්න. (නදී)

:       0       0

ලුම්බිණි Tuesday, 15 July 2014 05:18 AM

අද කාලේ ඔක්කොම වැඩ සිද්ධ වෙන්නේ උඩින් එන නියෝග වලට නේ. ඉතින් මේ විදුහල් පති තුමා තවම කෝටු පාවිච්චි කරනවා උනත් වැඩක් නැහැ. (ස)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 15 July 2014 05:19 AM

අසරණ දරුවෝ (ස)

:       0       0

නසාර් Tuesday, 15 July 2014 05:54 AM

රට පාලනයත් රූගත කිරීමක්, මෝඩයන් බිහි කිරීම පාලකයන්ට වාසියක්, මෝඩ පාලකයන් මැරුණු දාට අපිට වාසියක් ...(ස)

:       0       0

දිලාන් Tuesday, 15 July 2014 06:02 AM

ගණිතය පාස් වෙන්න මහන්සි වෙන්නේ මොනවටද ? නිලියෙක් වුනා නම් කොච්චර වාසි තිබෙනවාද ? ගෙවල් දොරවල් යාන වාහන , ආදී සිසුන්ටත් නොලැබෙන දරුවන්ට සුපිරි පාසල් ලැබීමේ අවස්ථා යනාදී කොතෙක් වාසි තිබෙනවාද? (ස)

:       0       0

අරුණ Tuesday, 15 July 2014 06:05 AM

දැන් ලංකාව දුවන්නේ සවස 7:00 සිට 10:00 වෙනකන් දුවන සිහින ලෝකවල, ලංකාවේ මිනිස්සු නිරපරාදේ කාලය කා දමනවා. (ස)

:       0       0

රංග Tuesday, 15 July 2014 06:13 AM

මේ නිළියන් ගැන නම් මතක් කරන්නවත් මම කැමති නැහැ. මගේ බිරිඳ කොළඹ ජනප්‍රිය පාසලක ආදි ශිෂ්‍යාවක්. එහි ශිෂ්‍ය නායිකාවක්ව පවා සිටියා. මගේ දියණිය බිරිඳගේ පාසලට ඇතුළත් වීමේ ලේඛනයේ ඉඳලා අන්තිම මොහොතේ කැපී ගියා. හේතුව ඉහළින් ආ නියමයක් මත නිළියකගේ දියණියක් ඇතුළත් කරගැනීම. දරුවාව පුද්ගලික පාසලකට දැම්මා. වියදම් කරන්න පුළුවන්කමකට නෙමෙයි, දරුවා ගෙදර තියාගන්නද? මේවා කාට කියන්නද? (නි)

:       0       0

මාලිකා Tuesday, 15 July 2014 06:16 AM

අනේ අපේ දරුවන්ට යන කල! (නි)

:       0       0

හැරිසන් Tuesday, 15 July 2014 06:37 AM

මේ වෙලාවේ මේවාට කවුරුවත් විරුද්ධ වෙලා නැද්ද? (නි)

:       0       0

රංග Tuesday, 15 July 2014 06:37 AM

මේ පාසලේ විදුහල්පතිවරයෙක්වත් හිටියේ නැද්ද ? (නි)

:       0       0

ගයානි Tuesday, 15 July 2014 06:46 AM

ගණිතය සමත් උදවිය විතරනේ ගණිතයේ වටිනාකම දන්නේ. හැබැයි ගණිතය උපාධියට කළ කාන්තාවකට වඩා ටෙලි නිළියකට වරප්‍රසාද වැඩියි. ඒ ගැන ඉතින් දන්නෝ දනිති. (නි)

:       0       0

සෑම් Tuesday, 15 July 2014 06:51 AM

විභාගය වගේද අප්පේ ටීවී එකේ මුහුණ පෙන්වාගන්න ලැබෙනවා නම්? (නි)

:       0       0

දසනායක Tuesday, 15 July 2014 06:52 AM

අනේ මන්දා මෙහෙමත් වැඩ! (නි)

:       0       0

පද්මිණි Tuesday, 15 July 2014 07:25 AM

හැබෑටම අර ශීත කාමර වල ඉඳගෙන තප්පුලනවා කියන එක ගැන නම් දැන් හිතන්න වෙනවා නේද? (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 15 July 2014 07:27 AM

එහෙම වෙන්නේ නැහැ නසාර්. ඒගොල්ලෝ තමන්ගේ අයට තැන හදල දීලයි මැරෙන්නේ. අපේ මොඩයෝයි ඔවුන්ට තැන හදාදෙන්නේ. බලනකොට කවුරුත් මෝඩයින් ඡන්දය නොදෙන අය හැරෙන්න. (නි)

:       0       0

මහේෂ්‍ Tuesday, 15 July 2014 07:28 AM

නිරපරාදේ මේ විනාශවන්නේ අපේ අනාගතය නොවේද? (නි)

:       0       0

අසෝක Tuesday, 15 July 2014 07:34 AM

බලාගෙන ගියාම රටම අගාධයකට ගිහිල්ලා (නි)

:       0       0

සේන Tuesday, 15 July 2014 07:37 AM

මේ අවසර දුන් නිලධාරීන් ගැනද මන්දා කෙනෙක් මේ ළඟකදී කියලා තිබුනේ? එහෙත් මේ රූපගතකරන කට්ටියට පොඩ්ඩක් හිතන්න තිබුනා. (නි)

:       0       0

කාර්තිනී Tuesday, 15 July 2014 08:19 AM

ලංකාවෙන් 30% ක් පමණි ගණිතය සමත් වෙන්නේ. එහි අගය දන්නා අය ඉන්නෙත් 30% ක් වගේ (නදී)

:       0       0

හේමා Tuesday, 15 July 2014 08:35 AM

බලවතුනට අපේ ළමයි ගණිතය පාස් වෙන්නේ නැහැ කියල ප්‍රශ්නයක් නැහැ . ඒ ගොල්ලන්ගේ ළමයි පිටරට නේ ඉගෙනගන්නේ . (ස)

:       0       0

තිළිණ Tuesday, 15 July 2014 09:18 AM

මේවායේ ඉන්න බලධාරීන්ට ප්‍රශ්නයක් නෑ . මොකද ඒ වෘෂභ රාජයන්ගේ ඔක්කොම දරුවෝ යන්නේ පිටරට විශ්ව විද්‍යාලවලට නැතිනම් ජ්‍යාත්‍යන්තර පාසල්වලට. තිත්තම ඇත්තයි. (ස)

:       0       0

අසෝකා Tuesday, 15 July 2014 09:22 AM

රූගත කරන කණ්ඩායමේ එකම එක උගතෙක් හරි හිටියා නම් ඔහොම වෙන්නේ නැහැ. මොකද ඉගෙනීමේ වටිනාකම දන්නා නිසා! (ස)

:       0       0

චන්ද්‍රා Tuesday, 15 July 2014 09:34 AM

අනේ හැබෑට මෙම බලධාරීන් වැස්සකටවත් පාසලකට ගොඩවෙලා නැතිම අයද?....නමුත් ඇමතිවරයාගේ ගනකම නම්.......අනේ අප්පේ අපේ අනාගත පරපුර... (ස)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 15 July 2014 09:40 AM

කොන්ද පන තියෙන විදුහල්පති කෙනෙක් හිටියනම් මේවා කරනවා බොරු. (ස)

:       0       0

පුබුදු Tuesday, 15 July 2014 09:52 AM

මටත් ඕනේ රඟපාන්න. ඒත් ගණන් වලට නම් එෆ්. (ස)

:       0       0

ඇන්ටන් Tuesday, 15 July 2014 09:57 AM

ගණිතය අසමත් වුනාට ප්‍රශ්නයක් නැහැ කියල බන්දුල ඇමති මේ ලඟදි කිව්වේ මේ නිසා වෙන්න ඇති. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 956 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 425 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 279 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 842 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 717 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 320 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site