(පුෂ්පකුමාර ජයරත්න)
මෙවර අපොස උසස් පෙළ ගණිත අංශයෙන් ඉහළින්ම සමත් විශ්ව විද්‍යාල වරම් ලැබූ කුරුණෑගල මලියදේව විදුහලේ ශිෂ්‍යයකු ප්‍රතිඵල ලැබී දින දෙකකට පසුව හදවත් රෝගයකට ගොදුරුව හදිසියේම මරණයට පත්වීමේ ශෝචනීය පුවතක් වැල්ලව පොලීසියෙන් වාර්තාවේ.
මෙම අකල් මරණයට ගොදුරුව ඇත්තේ වැල්ලව පොලිස් බළ ප්‍රදේශයට අයත් තෝරයාය රණවන ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි ආර්.ජී.මනුජය හංසමාල් නමැති තරුණයෙකි.
ඔහු පෙරේදා (7) රාත්‍රියේ නිවසේ නිදා සිටියදීම මරණයට පත්ව සිටි බව පොලීසිය පවසයි.
මියගිය තරුණයා පසුගිය වසරේ උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් දෙවැනි වරටද පෙනී සිට ඇති අතර එම විභාගයට පසුගියදා නිකුත් කරන ලද ප්‍රතිඵල වලට අනුව ඔහු බී සාමාර්ථ තුනක් ලබමින් විභාගයෙන් සමත්ව සිට ඇත.
උසස් පෙළට පෙනී සිටි අතරේදීම ඔහු මහජන බැංකුවේ කුරුණෑගල මල්ලවපිටිය ශාඛාවේ ගිණුම් ලිපිකරුවකු ලෙස තාවකාලිකව රැකියාවකද නිරතව සිට ඇත.
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගණිත අංශයෙන් සරසවි වරම් ලැබූ සිසුවා දිවියට සමු දෙයි
Madu Friday, 08 September 2023 12:13 PM
ඊරිසියාකාරයින්ගේ මන්ත්‍ර ගුරුකමක්...
ගමේ එකාලාFriday, 08 September 2023 02:22 PM
එහෙම කරන්ඩ පුලුවන් නම් දූෂිත දේසපාලුවන්ට තමා මුලින්ම කරන්නේ?
ajithFriday, 08 September 2023 05:25 PM
අවාසනාවන්ත සිදුවීමක් මෙවැනි සිදුවීමට හැකියාව ඇත. එසේ වුවත් මේ පිළිබඳව වෛද්‍ය පරීක්ෂණයක් කිරීම වැදගත්වේ. එසේ නොමැති වුවහොත් විවිධ මත ප්‍රචාරය වේ.
කන්දෙගෙදර කොඩිතුවක්කු Friday, 08 September 2023 05:33 PM
මේ අදහස අපේ පැත්තේ නම් ඉතාමත් ඉහළින් පිළිගන්නවා. එහෙම අපිලා සිටිද්දී ඔහොම ඩිස්ලයික් දාන්නේ ඔයාලාට මොංගල්ද ඩාලිංලා...
herath Friday, 08 September 2023 01:10 PM
සැකයක් නැද්ද? හරිම කණගාටුදායක සිද්ධියක්...!
nalins Friday, 08 September 2023 01:44 PM
මෙච්චර හෘර රෝග ඇයි? එන්නත්කරණයෙන් පස්සේ නේද මේවා වැඩිවුණේ...?
ලුම්බිණි Friday, 08 September 2023 01:55 PM
හරිම දුකයි. මරණ පරීක්ෂණයක් නැතුව මොකද වුනේ කියලා කියන්න අමාරුයි...
Ahmed (Gulf) Friday, 08 September 2023 01:59 PM
බටහිර ලෝකයේ එන්නත් නිසා වෙන දේවල්...
sathyapalaFriday, 08 September 2023 03:02 PM
ධම්මික පැණි ගත්තා නම් හරිද? තවමත් ඉන්නේ ගල් යුගේ...
Bunny Preena Friday, 08 September 2023 02:03 PM
ජීවිතන් අනියතන්... මරණන් නියතන්..! දෙමව්පියෝ සහ පවුලේ උදවිය සහ හිතමිතුරන් කොහොම දරාගෙන ඉන්නවද මන්දා..? ඔබට නිවන් සුව..!
අමරබන්දු Friday, 08 September 2023 05:08 PM
දැන් දරුවන් අසීමිත විදියට කඩකෑම වලට හුරුවෙලා. සීමාවක් නැහැ. එහෙමත් වෙන්න පුළුවන්.
Sandhya Friday, 08 September 2023 06:09 PM
දරාගන්න බැහැ.. මෙවැනි අකල් මරණ අනාගතේ ලෝකය බාරගන්න ඉන්න දරුවන්ට වෙන්නේ මොනවද මේ? දුකයි...
පීරිස් Friday, 08 September 2023 06:44 PM
මාලිමාව නිහඬ ඇයි? ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න හදන දෙයක්ද?
බණ්ඩාර Saturday, 09 September 2023 12:23 AM
මේ තරම් හදවත් රෝගවලට හේතුවක් මේ කෘතීම කෑම, රසකාරක. දැන් තියෙන කොත්තුවක් කෑවොත් දවසම බඩ දනවා... ඇඟ පිච්චෙනවා වාගේ දනවා. තරුණ පිරිස් මේවාට ඇබ්බැහිවෙලා තියෙන්නේ.... නිවන් දක්නා තුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා.. නිවන්සුව පතමු.
Piyal Ranjith Weeratunga Saturday, 09 September 2023 05:08 AM
දැන් කාලේ දරුවන් අපේ කාලේ වගේ නොවෙයි... හරිම ක්‍රියාශිලි බවින් අඩුයි. කිසිම ව්‍යායාමයක යෙදෙන්නේ නැහැ.. නිකම්ම ගෙවලා දානවා. ව්‍යායාමය මිනිස් ශරීරයට අත්‍යාවශ්‍ය දෙයක්... හෘදරෝග හැදෙනවා කියන එක අහන්ඩ දෙයක් නොවෙයි උදාසීන ජීවිත ගතකරන අයවලුන්ට...
Piyal Ranjith Weeratunga Saturday, 09 September 2023 09:32 AM
දැන් කාලේ දරුවන් අපේ කාලේ වගේ නොවෙයි, හරිම ක්‍රියාශීලි බවින් අඩුයි. කිසිම ව්‍යායාමයක යෙදෙන්නේ නැහැ.. නිකම්ම ගෙවලා දානවා. ව්‍යායාමය මිනිස් ශරීරයට අත්‍යාවශ්‍ය දෙයක්... හෘදරෝග හැදෙනවා කියන එක අහන්න දෙයක් නොවෙයි, උදාසීන ජීවිත ගතකරන අයවලුන්ට...
ගාමිණී Sunday, 10 September 2023 12:13 AM
දැන් තරුණ පිරිසට මොන ක්‍රීඩාද? ෆෝන් එකට රවාගෙන නිකන්ම දවස ගෙවලා දානවා. මනසත් වියවුල්, ශරීරයත් පිරිහෙනවා. ඉතිං නහර පිපිරෙන්නේ නැතුව තියේද?