IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ගෑණුත් බීලා

අනුරාධපුර මහමෙව්නා පුදබිමේ මත්පැන් පානයකොට අශෝබන ආකාරයට හැසුරුණු බව කියන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උප නියාමකවරියන් සිව් දෙනකු හා නියාමකවරු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර සිවිල් ආරක්ෂක මූලස්ථානය කියයි.

සිද්ධිය දුටුවන් මේ පිළිබඳ දුරකථනයෙන් අනුරාධපුර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට දැන්වීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

එම පිරිස අටමස්ථානයේ පිරිසුදු කිරීම් කටයුතුවලට යොදවා සිට ඇති අතර වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමෙන් පසු නියාමකවරියන් සිවුදෙනාගෙන් තිදෙනකු හෝ නියාමකවරු දෙදෙනාත් මත්පැන් පානය කර ඇතැයි තහවුරු වී ඇත.



අදහස් (0)

ගෑණුත් බීලා

ඉසුරන්දි Saturday, 28 May 2016 05:09 AM

කන බොන එකට මගෙ නම් විරුද්ධත්වයක් නැහැ. නමුත් වැදගත් කියන තැන්වල අශෝබන ලෙස රඟපානවා නම් එයට එකහෙළාම විරුද්ධයි. (නි)

:       0       0

කමණි Saturday, 28 May 2016 05:17 AM

කාන්තාවන් බීමත් ලෙස හැසිරීම අමුතු ලැජ්ජාවක් කියන අයට මතක් කරගැනීම හොඳයි පන්සිල් පද පහට ස්ත්‍රී පුරුෂ බේදයක් නැතිබව. (නි)

:       0       0

හුසේන් මොහමඩ් Saturday, 28 May 2016 05:34 AM

පිරිමි කරන හැමදෙයක්ම තමන්ටත් පුළුවන් කියලා ලෝකෙට පෙන්නන්නත් එපායැ

:       0       0

සේන Saturday, 28 May 2016 09:55 AM

ගණන් ගන්න දෙයක් නැහැ. ආශාවට පොඩ්ඩක් ගත්තාම පුරුදු නැතිකමට ටිකක් වැඩිවෙන්න ඇති. (නි)

:       0       0

ඉන්දික Saturday, 28 May 2016 10:17 AM

බීපු එකේවත් ස්ත්‍රී පුරුෂභාවයේවත් නෙමෙයි වැරැද්ද. බීලා අශෝබන ආකාරයට හැසිරීමයි. විශේෂයෙන් ස්ත්‍රී පාර්ශවය බිව්වා කියන එක සමාජයේ අවදානයට ලක්වෙන පුවතක්. (නි)

:       0       0

නලින් Saturday, 28 May 2016 11:22 AM

ස්තුතියි විමලසේන. නීතිය කාටත් එකයි. (නි)

:       0       0

සරත් Sunday, 29 May 2016 01:20 AM

විමලසේනගේ කියමන හරියටම හරි (නි)

:       0       0

යෝනක Sunday, 29 May 2016 01:59 AM

දැන් ඉතින් කාන්තාවනුත් සම තැනනේ ඉල්ලන්නේ (නි)

:       0       0

බමුණු Sunday, 29 May 2016 03:06 AM

කොහොමද ගෙදර දෙන්නම රැකියාව ඉවරවෙලා හතර ගාතෙන් ගෙදර ආවම? මට වොලිබැස්ටියන් ගේ පරණ බයිලාවක් මතක් වෙනවා. පප්පා ගෙනෙන් බෝතලේ මම්ම ගෙනෙන් වීදුරුව වක්කරපන් අරක්කු මොකද පුතේ පරක්කු. (බ)

:       0       0

සෑම් Friday, 27 May 2016 08:47 PM

පිරිමින් හා සමතැන් ලබා සිටිනවා යැයි කියන කාන්තාවන්, මත්පැන් බීම නුසුදුසු දෙයක් හැටියට අපේ රටේ ජනතාව සැළකීමෙන් ඔවුන්ට තවම සමතැන ලැබී නැති බවක් හිතෙනවා (නි)

:       0       0

චමල්කා Friday, 27 May 2016 10:35 PM

කාන්තාවන් වන අපිටත් ලැජ්ජාවක් මෙහෙම ගැහැණු (නි)

:       0       0

ලක්විදු Sunday, 29 May 2016 04:40 AM

මම ඔය සංස්කෘතිකකාරයන්ගෙනුයි, කාන්තා අයිතිවාසිකම්කාරයන්ගෙනුයි අහන්න කැමතියි අර කොළඹ ප්‍රසිද්ධ රෙදිපිළි අළෙවි සැළක් ඉස්සරහා ගහලා තියෙන අශෝභන ගැහැණු පින්තූර ගැන සද්දයක් නැතුව ඉන්නේ මොකද කියලා (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 29 May 2016 05:01 AM

කොසොල් රජුගේ සිහින සැබෑවීම (නි)

:       0       0

බෙනට් Saturday, 28 May 2016 01:20 AM

කාන්තාවක් වුණාම කාටවත් ලැජ්ජාවක් නොකර ජීවත්වෙන්න ඕනෑ (නි)

:       0       0

වි.ස.ප.විමලසේන Saturday, 28 May 2016 02:44 AM

රාජ්‍ය සේවකයින්ට රාජතාරි අවස්ථාවේදී මත්පැන් බීම ආයතන සංග්‍රහප්‍රකාර වරදකි. නොඑසේ නම් මත්පැන් බොන්නේ ස්ත්‍රීන්ද පුරුෂයින්ද යන්න මේ රටේ නීතිය අනුව වරදක් නොවේ. කාන්තාවක් වුණාම ලැජ්ජා නොකර ජීවත් වෙන්න ඕනෑ කියන්නේ, පිරිමි ඕනැම වැරදි වැඩක් කළාම පිරිමි හින්දා වැරැද්දක් නැහැ කියන එකද? (නි)

:       0       0

කමල් Sunday, 29 May 2016 06:40 AM

ගැණු බිව්ව එකනම් ලජ්ජාවට කාරණයක් මේ බොදු රටේ. පිරිමි අපටනම් තුන්වැනි සිල්පදෙන් මද පමණ බොන්න අවසරේ ලැබිල තියනවනේ.(රේ)

:       0       0

පිටිගල Saturday, 28 May 2016 03:34 AM

සිවිල් ආරක්ෂකයෝ ගැහැණු පිරිමි දෙගොල්ලම බීල පිස්සු කෙලින කොට ඒ පළාතේ සිවිල් ආරක්ෂාව භාර වෙන්නේ පළාතේ ඉන්න සුනඛයන්ට වෙන්න ඇති . ඇයි සුනඛයෝ කියන්නෙත් ගල් යුගයේ ඉඳලම අපේ හිතවත් ආරක්ෂකයෙක් කියනවා නේ. (බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Saturday, 28 May 2016 04:15 AM

මහන්සියට යාලුවෝ ටික සෙට් වෙන්න ඇත්තේ, එ්ත් ඉතින් රාජකාරී වෙලාවක නොමනා ලෙස හැසිරුණ එකනම් වැරදි වැඩක් , ඉතින් දඩුවම් දෙන්නම වෙනවා. (බ)

:       0       0

ධම්ම Saturday, 28 May 2016 04:15 AM

මත් පැනින් දුම් වැටියෙන් අයවැය පරතරය වහන්න උදවු ගන්නා රටක කවුරු හරි මේවා බොන්නත් එපායැ. (කෞ)

:       0       0

සුමිත්‍රා Saturday, 28 May 2016 04:41 AM

කාන්තාවක් කියන එක අමතක කීරීම කාන්තාවනට කරන අවමානයක්. වෙලාවක්,කලාවක් නැතිව හැසීරීම අනුවන කමක් කියා සිතෙන්නේ නැද්ද.(කෞ)

:       0       0

අතුල Saturday, 28 May 2016 04:45 AM

පොඩ්ඩක් ගත්තට නම් කමක් නැහැ ඉතින්. පෙනෙන්නේ සැරටම අරගෙන වගේ (නි)

:       0       0

විමලා Saturday, 28 May 2016 05:01 AM

පිරිමි ගැහැණු සැමට එකවගේ සෑම අයිතිවාසිකමකටම හිමිකමක් තිබිය යුතුයි. ලජ්ජා නැතුව බොන්න කැමති අය බොන්න. ලැජ්ජා නිසා අකමැති අය නොබී ඉන්න. බලෙන් පොවන්නේ නැහැනේ. වැරැද්ද පුජනිය ස්ථානයේ බීම පමණයි. නොබොන අයට කියන්නේ බීලා බලන්න එක දවසකට හරි වෙනස කොහොමද කියලා. දැන් තියන වෙනස වගේ නෙමෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 270 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 202 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 540 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 261 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 79 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 250 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 951 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site