IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ගීතාට එරෙහි පෙත්සමට විරෝධතා ඉල්ලයි

ස්විට්සර්ලන්ත ‐ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි බව කියන ගාල්ල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ එම මන්ත‍්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන පෙබරවාරි 10 වැනිදා ගොනු කරන්නැයි අභියාචනාධිකරණය වගඋත්තරකරුවන්ට  නියෝග කළේය.

අභියාචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ මහතා හමුවේ පෙත්සම කැඳවිණි.

ගාල්ල කේ.ඩබ්ලිව්.බුවනෙක,  ජේ.කේ.අමරවර්ධන ඇතුළු හතර දෙනෙක් විසින් මෙම පෙත්සම ගොනු කළහ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ, ආගමන විගමන පාලක , සන්ධාන මහලේකම්, පාර්ලිමේන්තු මහ ලේකම් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවෝය.

පෙත්සම්කරුවන් සිය පෙත්සමින් කියා සිටින්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිලාභීන්ට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ලෙස කටයුතු කළ හැකි ප‍්‍රතිපාදන ලබා දී නොමැති බවය. එසේ තිබියදී ගීතා කුමාරසිංහ මහත්මිය ඉකුත් අගෝස්තු 17 වැනිදා පැවති පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් තරග කොට පාර්ලිමේන්තුවට තේරී පත්වූ බවයි.

ද්විත්ව පුරවැසිලාභියකු බව කියන මන්ත‍්‍රීවරියට එම ධූරයේ කටයුතු කළ නොහැකි බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.

එසේම වගඋත්තරකාර ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය තමන් ද්විත්ව පුරවැසිලාභියකු බවට ඉකුත් වසරේ ඉංග‍්‍රීසි පුවත්පතක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡුාවකදී ප‍්‍රකාශ කර ඇති බවත්ය. එසේ තිබියදී ඇය අදාළ මන්ත‍්‍රී ධූරයේ කටයුතු කිරීම නීති විරෝධී බවත් ,එබැවින් ඇය එම ධූරයේ කටයුතු කිරීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ ජේ.සී.වැලිඅමුණ මහතා පෙනී සිටියේය.

           

 

 



අදහස් (0)

ගීතාට එරෙහි පෙත්සමට විරෝධතා ඉල්ලයි

අසාද් Tuesday, 08 December 2015 03:54 AM

ලංකාවේ දේශපාලනයට අනවශ්‍ය චරිත (බ)

:       0       0

රිචි බාලසුරිය Monday, 07 December 2015 06:27 PM

යහපාලනය යටතේ පැරදුන මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබා දුන්නා නම්, ද්විත්ව පුරවැසිකම මන්ත්‍රීකමට බාධාවක් නොවේ. මන්ද මහජන ඡන්දයෙන් ඡන්ද ලබා දිනා ඇති නිසා (නි)

:       0       0

ප්‍රියාන් Monday, 07 December 2015 12:21 PM

ඕක පිටිපස්සේ ඉන්නේ කව්ද කියලා රටම දන්නවා. (ර)

:       0       0

යහම්පත් Monday, 07 December 2015 07:48 PM

රොක්සි, ඔබ කියනා පරිදි ගීතා පමණක් නොව තව බොහෝ දෙනෙකු කලක සිට පාර්ලිමේන්තුවේ මැති ඇමතිකම් සහ මන්ත්‍රී ධූර දරන්න සුදුසු අය නොවේ. එහෙත් අපේ අවාසනාවට එවැනි අය අද පාර්ලිමේන්තුවේ (නි)

:       0       0

රෝහිනී Monday, 07 December 2015 12:48 PM

ප්‍රියාන් - පිටි පස්සේ ඉන්නේ හා ඉස්සරහ ඉන්නේ කවුද කියන එක වැදගත් නැහැ, නීතිය ඉදිරියේ දී තමන් නිවැරදි නම් එච්චරයි. (අ)

:       0       0

සමන්ති Monday, 07 December 2015 11:38 PM

ගීතාට අඩුතරමින් රඟපාන්නවත් පුළුවන්. දියවන්නාවේ සමහරුන්ට පුළුවන් මොනවාද? (නි)

:       0       0

ජනක Tuesday, 08 December 2015 02:41 AM

රොක්සි, මමත් ඔබ සමඟ එකඟයි. නමුත් ලංකාවේ දේශපාලන කරන්න රඟපෑමත් අවශ්‍යයි නේද? (නි)

:       0       0

රොක්සි Monday, 07 December 2015 01:56 PM

ගීතා දක්ෂ නිළියක් බවට කිසිම විවාදයක් නැහැ. හැබැයි පාර්ලිමේන්තුවට සුදුසු කෙනෙක් යැයි මට නම් හිතන්න අමාරුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 234 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 1893 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 222 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 864 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1000 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1222 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37578 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24766 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site