IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ගිංතොට ගින්නට හත් දෙනෙක් රිමාන්ඞ්

ගිංතොට කුරුඳුවත්තේ සුපිරි වෙළෙඳ හලකට ගිනිතබා රුපියල් කෝටියකට අධික  අලාභයක් කළැයි සැකපිට හත්දෙනෙක් ගාල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් යු.එස්. කලංසුරිය මහතා විසින් රිමාන්ඞ්  කරනු ලැබූහ. රිමාන්ඞ් බන්ධනාගාර  කරනු ලැබුවේ  මොහොමඞ් රිශාල් මොහොමඞ් පාහීර්, මොහොමඞ් රිෂාල් මොහොඞ් ජවුසර්, මොහොමඞ් ජමිල් මොහොමඞ් සාලි, මොහෙමඞ්  සාලි මොහොමඞ් හිලාවි, අබ්දුල් හසන් මොහොමඞ් ඉර්ෂාඞ්, මොහොමඞ් අරිෆ්ඞීන් මොහොමඞ් නුරුල්ලා, මොහොමඞ් සරුක් මොහොමඞ් නුෂයිස් යන සැකකරුන් හත් දෙනාය. මුස්ලිම් සිරුරු ගෙන යනවිට යාව්ඤා කළ යුතු යැයි කියන පිරිසක් හා නොකළ  යුතු යැයි කියන පිරිසක් අතර ගැටුමකින් පසුව මේ සිද්ධිය වාර්තා විය.



අදහස් (0)

ගිංතොට ගින්නට හත් දෙනෙක් රිමාන්ඞ්

නාලක Tuesday, 28 August 2012 10:24 AM

අයියෝ සල්ලි

:       0       0

වරුණ Wednesday, 29 August 2012 11:00 AM

හාෆිස් මහත්මයා කියන දේ ඇත්තයි. මම බෞද්ධයෙක් වුනත් මට මේ කතාව පිළිගන්න වෙනවා. මෙහි නම් සඳහන් අය ‍මේකට සම්බන්ධ නැහැ. මෙම සුපිරි වෙළඳ සැලේ අයිතිකාරයාට මේ ඉහත නම් සඳහන් අය දමන්න කියලා මුස්ලිම් නීතිඥ මහත්මයෙක් තර්ජනය කරල තියෙන බවකුත් ආරංචියි...(වි)

:       0       0

නිශ්වාන් Monday, 27 August 2012 07:21 PM

දෙයියෝ සාක්කි

:       0       0

හාෆිස් ගිංතොට Tuesday, 28 August 2012 11:33 AM

මෙම කඩය කැඩීමට සහ ඉහත සදහන් සිද්දිය අතර කිසිම සම්බන්දයක් නැහැ. මෙය හුදෙක්ම වරදවා වටහා ගැනීමක්... එසේම ඕනෑම ආගමක කොටස් තිබිය හැකිය... නමුත් එය තමන් තුල පමණක් ඇදහීම සියලු දෙනාටම පහසුවක්වනු ඇත... (ස)

:       0       0

හාෆිස් ගිංතොට Wednesday, 29 August 2012 12:03 PM

වරුණ, කව්ද මේ මහා විනාශය කලේ කියල පොලිසිය සහ නිතිය බලාගනීවි... මම කිව්වෙ ඉහත සිද්දිය "කඩය ගිනි තැබීම" හා "මුස්ලිම් සිරුරු ගෙන යනවිට යාව්ඤා කළ යුතු" සිද්දිය සමග කිසිම සම්බන්දයක් නැති බවයි....(ස)

:       0       0

මොහොමඩ් Monday, 27 August 2012 10:50 PM

නිත්‍යානුකූලව දෙන්න පුළුවන් උපරිම දඩුවම් දෙන්න. ලංකාවේ සාමයට අල්ලා දෙවි පිහිටයි..(ස)

:       0       0

වරුණ Wednesday, 29 August 2012 02:15 PM

හාෆිස් මහත්මයා, මම බෞද්ධයෙක් වුණත් ඉස්ලාම් දහම ගැන ටිකක් දන්නවා. මුස්ලිම් මළ සිරුරු ගෙන යනවිට යාව්ඤා කිරීම සම්බන්ධයෙන් මම ටිකක් හොයලා බැලුවා. සමස්ත ලංකා ජම්ඉය්යතුල් උලමා(ශ්‍රී ලංකාවේ ඉස්ලාම් ආගම පිළිබඳ විද්වත් කමිටුව) මතය වන්නේ මුස්ලිම් මළ සිරුරු ගෙන යනවිට යාව්ඤා කිරීම ඉස්ලාම් ආගමට පටහැණි අලුතින් එක් වුණු දේවල් බවයි. කොහොම වුණත් මමත් ඉස්ලාම් දහම වැළඳ ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. (නි)

:       0       0

අසේල Tuesday, 28 August 2012 08:41 PM

අයියෝ සල්ලි කියුවලු

:       0       0

චන්දන Tuesday, 28 August 2012 07:04 AM

මරුනේ, මොහොමඩ්ලාම හත් දෙනෙක්. (නි)

:       0       0

ආෂි Tuesday, 28 August 2012 09:11 PM

මෙම කඩය කැඩීමට ඉහත අය සම්බන්ධ නැ කියලා හිතෙනවා.හේතුව මේ අය සම්බන්ධ වීමට සාක්ෂි නැති නිසා. (ස)

:       0       0

මංජුල Tuesday, 28 August 2012 09:20 PM

අයියෝ සල්ලි කියුවලු

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 28 August 2012 08:30 AM

මහත්තයෝ ඔයාල ආගම් ප්‍රතිපත්ති වලට ගරු කරන්න (ස)

:       0       0

මහිපාල Tuesday, 28 August 2012 08:53 AM

මොනවාද මේ වෙන්නේ

:       0       0

අමිල Monday, 27 August 2012 05:09 PM

කනගාටුයි මෙවන් දේවල් නැවත නොවේවා

:       0       0

අහමඩ් Monday, 27 August 2012 05:45 PM

සහෝදර වරුණේ.... සිරුරකට යාව්ඤා කිරීමක් වෙනුවෙන් මෙතරම් විනාශයක් කරගන්න කලින් ටිකක් හිතල බලන්න උපතින් මුස්ලිම් කෙනෙක් වුණාට මමත් බුදුහාමුදුරුවන් වහන්සේගේ ඉගැන්වීම් අහල කියවලා තියෙනවා,. සමහර වෙලාවට මට පුදුම හිතෙනවා එක එක කරුණ ලස්සනට පහදලා තියෙන හැටියට. හරියට තමන්ටම තමන් ගැනම කියන එකක් වගේ. අපේ ආගමේ මේ වගේ අනෙක් ආගම ගැන හොයන්නවත් හිතන්නවත් නිදහසක් නැහැ. බුද්ධාගමේ අයට ඉතා නිදහස් හිතන පතන විදිහක් බුදුහාමුදුරුවන් වහන්සේ පෙන්වල දෙනවා කියලයි මට හිතෙන්නේ. මට මේවා ඉගෙන ගන්න ලැබුණේ මම ලංකාවේ ඉපදුන නිසා, උදේ හවස ටී වී එකේ ගුවන් විදුලියේ, බස් එකේ ඇහෙන නිසා මට බුද්ධාගම ඉගෙන ගන්න ආස හිතුණා. භාවනා කරන්නත් මගේ බුද්ධාගම් යාළුවෙකුගෙන් ඉගෙන ගත්තා. අම්මේ හිතට දැනෙන සැහැල්ලුව! අපේ පවුලේ අය මේකට තදින්ම විරුද්ධයි, ඔවුන් බයයි දෙවියන් දඩුවම් කරයි කියලා. මම කියන්නේ දඩුවමට බයේ ආගම අදහන්නේ ඇයි? අපේ සිත නිදහස් කරන සාමය උදා කරන භාවනාවල් තමයි හොද , කියලා. සමාවෙන්න මොනවහරි වැරදි දෙයක් කිව්වා නම්. මම කොහොමහරි මේක දියුණු කරගන්න ඕනෑ, අමාරුයි නමුත් මහන්සි වෙනවා , නැවත ඉපදෙනවා කියලා මම දැන් පිළිගන්නවා. ඉතින් මට අපායට යන්න ඕනෑ නැහැ. යන්න ඕන දිව්‍ය ලෝකේ, නැත්නම් මනුස්ස ලෝකේ. ඒක දෙවියන්ට කියල බැහැනේ, අපිම හිත දියුණු කරගන්න ඕනෑ නේද ? (ස)

:       0       0

සේනක Monday, 27 August 2012 06:11 PM

පිස්සො ද? නැත්නම් උණ විකාරෙන්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1560 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 369 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 122 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 212 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 105 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 73 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39982 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25939 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 220 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site