IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


ගීතාට මන්ත්‍රී සුදුසුකම් නැතිබව අභියාචනාධිකරණය තීන්දු කරයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ස්විට්සර්ලන්ත ‐ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය එම පාර්ලිම්න්තු මන්ත්‍රී ධූරය දැරීමට නුසුදුසු බව අභියාචනාධිකරණය අද (03) තීන්දු කළේය.

ගීතා කුමාරසිංහ මහත්මියගේ එම මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම  සම්බන්ධයෙන් වන තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මේ බව තීන්දු කළේය.

ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන කේ.ඩබ්ලිව්.බුවනෙක, ජේ.කේ.අමරවර්ධන ඇතුළු හතරදෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.

පෙත්සම මීට පෙර කැඳවූ අවස්ථාවේදී නීතිපතිගේ ස්ථාවරය පිළිබඳව කරුණු දැක්වූ  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක් ද සිල්වා මහතා අභියාචනාධිකරණයට දන්වා සිටියේ වගඋත්තරකාර ගීතා කුමාරසිංහ මහත්මිය ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවන අවස්ථාව වන විට ස්විට්සර්ලන්ත පුරවැසිභාවය ලබා සිටි බවත් ,එසේ තිබියදී මන්ත්‍රීවරියක ලෙස පත්වීම හෝ එම තනතුරේ කටයුතු කිරීම සුදුසු නොවන බවය.

ඒ අනුව ඇය මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවේ වරප්‍රසාද හිමිකම් වලට යටත් නොවන බවත් ,ද්විත්ව පුරවැසිභාවය ලබා තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ලෙස කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1) වගන්තියට පටහැනි බවද දන්වා සිටියේය.

තවද වගඋත්තරකාරිය ස්විස් පුරවැසිබාවයෙන් ඉවත් වී ඇති බවට ප්‍රකාශ කළද , ඒ බව ලිඛිතව ඉදිරිපත් කිරීමට හෝ ඒ බව තහවුරු කිරීම සඳහා සඳහා ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට අපොහොසත් ව ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැන්වීය.

අදාළ ලිපිලේඛන ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාගේ උපදෙස් මත ආගමන විගමන පාලකවරයා වගඋත්තරකාර මන්ත්‍රීවරියට දැනුම් දී ඇතත් ඊට කිසිදු ප්‍රතිචාරයක් මේ වන තෙක් ඇය දක්වා නැති අතර මෙලෙස වෙනත් රටක පුරවැසියෙකු ලෙස කටයුතු කිරීම නීතීවිරෝධී සහ මැතිවරණ පනතට පවා පටහැනි බව හෙතෙම අභියාචනාධිකරණයට දන්වා සිටියේය.



අදහස් (23)

ගීතාට මන්ත්‍රී සුදුසුකම් නැතිබව අභියාචනාධිකරණය තීන්දු කරයි

volter Wednesday, 03 May 2017 06:06 AM

නිකම්ම ඉවත් කරලා මදි දඩුවමක් දෙන්න ඕන,,!!!

:       10       225

ruchira Wednesday, 03 May 2017 06:31 AM

දැනට ඇමතිකම් දරන එක්කෙනාටත් ඔය නීතිය ඒ ආකාරයෙන්ම බලපායිද? අනික රටේ ආර්ථික මර්මස්ථානයක උඩින්ම හිටපු එක්කෙනාට ද්විත්ව පුරවැසි භාවයවත් තිබ්බේ නැති එක එම තනතුර දැරීමට සුදුසු නොවෙයි කියලත් කව්රුහරි කියාවිද?

:       185       270

mustafaWednesday, 03 May 2017 09:10 AM

රුචිර, අපේ රටේ පුරවැසිභාවය නැති වුණත්... සිංගප්පූරුවේ පුරවැසිභාවය තියෙනවා නම් අපේ රටේ තනතුරක් දරන්න ප්‍රශ්නයක් නෑ. දැනට ස්විට්සර්ලන්තෙට විතරයි ප්‍රශ්නේ. ඉස්සරහට ඇමරිකාවටත් වෙන්න තියෙනවා.

:       7       30

පිටිගල මිලානෝ Wednesday, 03 May 2017 06:46 AM

එතකොට අර ඇමරිකාවෙන් අයියා දින්නම මෙහාට පැනපු පැරදුනාම ආපහු දුවපු දෙන්නට මොනාද වෙන්නේ.

:       6       239

siriya Wednesday, 03 May 2017 07:04 AM

මමත් ලබන පර චන්දය ඉල්ලන හිටියේ.මම ඔස්ර්ටලියාවේ සහ ශ්‍රිලංකාවේ ද්විත්ව පුරවැසි බාවය හිමි අයෙක්මි.කණගාටුවෙන් වුනත් කියන්න තියෙන්නේ ලංකාවේ පුරවැසිබාවයට හිමිකම් කියන සහතිකය නිකම්ම නිකන් බල කඩදාසියෙන් යුතු කොලයක් පමණයි.ඇත්ත වශයයෙන්ම එය මෙහිදේ ඉදිරි පත්කලොත් එය පිළිගැනීමකට ලක් වෙයිද කියන ප්‍රශ්නය තියෙනවා එය ඒ තරම්ම බාල කඩදාසියකින් යුක්ත වීම..මොකද මට එය නිකන් ලැබුණු දෙයක් නොවේ.මම ලක්ෂ 2 ක් දීලයි එයට අයදුම්පත් යොමුකළේ.

:       9       21

සුනිල් Wednesday, 03 May 2017 07:09 AM

මෙච්චරකල් මෙයා ගෙ මන්ත්‍රීධූරය නඩත්තු කරන්න කරපු වියදම ආපහු අයකරගන්න ඕනෙ නේද​....? නාමයෝජනා දෙනවිටම වංචාවක් කරල තියනව​.

:       13       306

daham Wednesday, 03 May 2017 07:11 AM

අදම එයා ශ්‍රේෂ්ටාධිකර්ණයට ඇපීල් කරනවා. එතකොට එකේ තීන්දුව එනකම් මන්ත්‍රීකම නැති කරන්න බැහැ.

:       143       42

kulatilakeWednesday, 03 May 2017 08:48 AM

මහජන මුදල් නාස්ති කරන්න එපා...

:       0       5

sam Wednesday, 03 May 2017 07:24 AM

එතකොට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිකමට ලංකාවේ පුරවැසි භාවය ඕනේ නැද්ද?

:       3       45

ravin Wednesday, 03 May 2017 07:35 AM

මෙය හොඳම අවස්ථාවක් උගත් වෘත්තිය සුදුසුකම් ඇති ස්ත්‍රීයක් පාර්ලිමේන්තුවට යවන්න. දැනට පාර්ලිමේන්තුවේ තියන අට පාස් නැති අයවලුන්ගේ ගණන අඩුකිරීම සහ ස්ත්‍රීන් ගණන වැඩි කිරීමේ අවස්ථාවක්.

:       3       10

RUWANTHAKA-Milano Wednesday, 03 May 2017 07:39 AM

පිටිගල මිලානෝ, ඔබ කියන දෙන්නා ආර්ථිකය, සංවර්ධනය කරගත්ත නිසා කොහේ හිටියත් එකයි. බලමුකෝ රටට ආදරේ නම් ඔයගොල්ලෝ විදෙස් පුරවැසිකම අයින් කරගනියිද කියලා.

:       0       4

mahinda Wednesday, 03 May 2017 07:46 AM

තව නැද්ද? ගෙදර යවන්න... ජාතිකත්වය, රටට ජීවිතය දෙනවා කියන මේ අය මොකටද වෙන රටක පුරවැසිකම ගන්නේ? තව ඉන්නවා බොරුවට කෑ ගහන මේ වගේ අය. ඒ ඔක්කොම ඒ රටවලටම යවන්න ඕන....

:       2       10

franc perera Wednesday, 03 May 2017 07:46 AM

මමත් ද්විත්ව පුරවැසි භාවය නොමැති නිසා මාගේ ශ්‍රී ලංකා වීසා අවසන් වී දවස් කීපයක්... ලංකාවේ සිටියට මට විගමන දඩ ගෙවීමට සිදුවිය. එහෙමනම් මේ තැනැත්තියට මොකද දෙන දඬුවම? රුපියල් කෝටි ගණනක් රජයෙන් පහසුකම් ලබාගෙන කිසිම දඬුවමක් නැතිව උසාවිය ගෙදර යවනවද? මේ දැනුත් මා ශ්‍රී ලංකාවේ සිටින්නේ වීසා ගාස්තු ගෙවලයි. මේකද යහපාලනයේ ස්ථාවරය? මෙතුමියට ලංකාවේ වරප්‍රසාද ලැබුනේ පසුගිය රජයෙන් නම් මේ රජය නිසි පියවරක් ගන්නවාද බලමු.

:       1       3

rocky Wednesday, 03 May 2017 08:18 AM

අසුනකට මෙයා සුදුසු නැති බව අපි කල් ඇතුවම දැන සිටියෙමු. සුදුසුකම් ඇත්තේ උච්චාසයන මහාසයන වලට පමණක් විය යුතු යයි සිතේ!

:       4       4

de silva berlin Wednesday, 03 May 2017 08:43 AM

නාම යෝජනා බාර දෙනකොට විදේශ පුරවැසිකම දැරුවා නම් මන්ත්‍රීකම එතැනින්ම අහෝසියි. මෙතුමිය මන්ත්‍රී ධුරය දරපු කාලය තුල ලබාගත් සියලුම දීමනා, තීරුබදු රහිත වාහන, වැනි දේවල් නැවත රජයට අයකරගත යුතුය. රජයේ දේපළ අවභාවිතය සහ හොර පාස්පෝර්ට් සෑදීමට සැක පිට විමල් මාස කිහිපයක් රිමාන්ඩ් කරලා හිටියා. හරි නම් ගීතා අත්අඩංගුවට අරන් පරීක්ෂණ කළ යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන වීමල්ටත්, ගීතාටත් නීතිය එක ලෙස ක්‍රියාත්මක විය යුතුය.

:       1       2

kulatilake Wednesday, 03 May 2017 08:44 AM

වරප්‍රසාද, වාහන සඳහා ගත් තෙල් වියදම්, නඩු ගාස්තු ඇතුළුව සියළු දේවල් අයකර ගන්න... ගෙවන්නේ නැත්නම් නැවත නඩු දාන්න....

:       2       5

de silva berlin Wednesday, 03 May 2017 09:08 AM

ලංකාවේ මෙවැනි නඩුවක් අහන්න අවුරුදු ගණනාවක් ගතවෙනවා, පුරවැසිභාවය දරන්නේ ස්විට්සර්ලන්තේ නම් මෙවැනි නඩුවක් සති 2- 3 ක් ඇතුළත අහල තීන්දුවක් දීලා.. ගීතාගේ මහත්මියගේ පුරවැසිභාවය ගැන අධිකරණය කෙලින්ම ස්විස් රජයෙන් විමසීමක් කළානම්.... ඔවුන් අධිකරණයට ඉතා ඉක්මණින් නිවැරදි තොරතුරු දෙන බව මගේ විශ්වාසයයි. අපේ රටේ පොලීසිය බොරුවට අඳුරේ අතපත ගාන බව හොඳින් පැහැදිලි වේ.

:       0       1

ධම්ම Wednesday, 03 May 2017 09:15 AM

මැතිවරණ කොමසාරිස් නීතිය දන්නේ නැද්ද? මෙයාගේ නාම යෝජනා පිළිගත්තේ ඇයි? මේ නීතිය බලපාන්නේ මෙතුමියට පමණද?

:       2       9

wije Wednesday, 03 May 2017 09:17 AM

මම මේ නොදන්නා කමට අහන්නේ....එතකොට පාර්ලිමේන්තුවේ දැනට ඉන්න අයගෙන් ද්විත්ව පුරවැසිකම් තියෙන්නේ මෙයාට විතරද ?

:       1       26

aravinda Wednesday, 03 May 2017 10:04 AM

ඕක තමයි නළු නිලි ගත්තම වෙන්නේ. පරණ පුරුද්දට රගපාන්නට යනවා.

:       0       4

rocky Wednesday, 03 May 2017 01:20 PM

ඊ ළඟ සැරේ අසුනකට නොව කොමෝඩ් එකකට තරඟ කරන්න නෝනේ!

:       0       0

Kirthi Thursday, 04 May 2017 02:50 AM

අයියෝ ගීතා! මොකද්ද මේ කර ගත්තේ? ස්විට්සර්ලන්තෙන්වත් ඉල්ලලා බලන්න දැන්...

:       4       0

Sarath Friday, 05 May 2017 01:00 AM

ද්විත්ව පුරවැසිකම නැති, විදේශික පුරවැසිකම් පමණක්ම තිබෙන සමහරුත් ඔය රාජ්‍යය අනුග්‍රහයෙන් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂක මණ්ඩලවල ඉන්නේ? කොහොම වුණත් මෙයා නම් පාර්ලිමේන්තුවේ උන්නේ අපේ රටේ අපලෙකට?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපතිගේ ප්‍රකාශයට කොමිසමෙන් 21 තීරණයක්
2025 අප්‍රේල් මස 18 36 0

ජාතික ජන බලවේගයේ පළාත් පාලන ආයතන වලට මහා ආණ්ඩුවෙන් ඇස් පියාගෙන මුදල් වෙන් කරන බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්


සැමියාගේ පොරෝ පහරින් බිරිය මරුට
2025 අප්‍රේල් මස 18 35 0

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් හිගුරක්‌ගොඩ කිරිමැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිදට පොරොවකින් පහරදී ඝාතනය කර ඇතැයි හිගුරක්ගොඩ පොලිසිය කියයි.


අපේක්ෂා රෝහලේ කෝටි 40ක් පුස්කන්න අැරලා
2025 අප්‍රේල් මස 18 73 0

මහරගම අපේක්ෂා රෝහල සඳහා වන පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක් තිබූ නමුත් පසුගිය වසර දෙකේදී මෙම අරමුදල් කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භ


මාස හතරට සංචාරකයන් ලක්ෂ අටක් පනී
2025 අප්‍රේල් මස 18 210 0

පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්


ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 712 2

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප


“සිරි දළදා වන්දනාව” ගැන ව්‍යාජ ආරාධනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 18 342 2

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1130 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site