IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ගීතයේ අයිතිය ගායකයාටත් ඕන

ඔහු නිතරම සුභාවිත ගීතය රසිකයන් අතරට ගෙන ගොස් ඔවුන්ගේ ජන ආධ්‍යාත්මය සුවපත් කිරීමට උත්සුක වූවෙකි. මේ නිසාම එදා සිට අද දක්වා හෙළ ගීත කලාව තුළ ඔහුටම වෙන්වූ ස්ථානයක් ලැබී අවසන්ය. ඔහුගේ ”සඳකඩ පහණ” ඒක පුද්ගල ගී ප‍්‍රසංග මාලාවට දිනෙන් දින රසිකයන් ඇදී යන්නේ, අවර ගණයේ නිර්මාණවලින් හෙම්බත්වූ ජනයාට එය දිව ඔසුවක් මෙන් පෙනෙන නිසාවෙනි. අද දවසේදී සිංහල සුභාවිත ගීතයේ නව යුගයක උදාව අපේක්‍ෂාවෙන් ශංඛන නමින් සමාජ ක‍්‍රියාවලියක් හා එක්ව නවතම ගීත එකතුවක් එළිදැක්වීමට ඔහු කටයුතු යොදා තිබේ. ඒ ඔහුගේ 5 වැනි සංයුක්ත තැටියවන ”මල් වහි පොද” ය.මෙය ලබන සැප්තැම්බර් මස 01 වැනි දින පස්වරු 4.00ට කෙළඹ මහජන පුස්තකාලයීය ශ‍්‍රවණාගාරයේදී එළිදැක්වීමට ශංඛන පෞද්ගලික සමාගම කටයුතු කර තිබේ. ”මල් වැහි පොද” රැගෙන එන ඔහු නමින් සංගීත විශාරද සුනිල් එදිරිසිංහය. මේ ඔහු සමග ලාංකීය ගීත කලාව ගැන කළ කතාබහක සටහනකි. ඔබ දිගු කලකට පසුව නවතම ගීත එකතුවක් රසිකයන්ට පිරිනමන්න කටයුතු යොදා තිබෙනවා. ඇයි මෙතරම් කාලයක් සංයුක්ත තැටියක් එළිදැවීමට ප‍්‍රමාද වූයේ? සාමාන්‍යයෙන් මගේ සංයුක්ත තැටියක් එළිදක්වන්නේ අවුරුදු 5 කට වතාවක්. ඒකට හේතුව හොඳ නිර්මාණ එකතුවක් එකතු කර ගැනීමට යම්කිසි කාලයක් ගත වෙනවා. අවර ගණයේ නිර්මාණ මා රසිකය්නට ලබාදී නෑ. සුභාවිත ගීතයෙන් ජන මනස පුබුදුවා ලීම තමයි මගේ ගීතයේ අරමුණ.ඒ හින්දා තමයි මෙවර මගේ අලූත් ගීත එකතුවක් එළිදක්වන්න ප‍්‍රමාද වූයේ. කොයිතරම් හොඳ නිර්මාණ ඉදිරිපත් කළත්, අද දවසේදී මෙවැනි සුභාවිත ගීතවලට විද්‍යුත් මාධ්‍යවලින් තැනක් නෑ නේද? හුඟාක් වෙලාවට එවැනි තත්ත්වයක් තමයි දක්නට ලැබෙන්නේ. හොඳ දෙයට වැඩිය වෙළෙඳකරණයට හසුවූ ලෝකයක අපි ඉන්නේ. ඒ නිසා හුඟාක් වෙලාවට වෙළෙඳපොළ අරමුණ කරගෙන කරන නිර්මාණ තමයි හුඟාක් ඉස්මතු වන්නේ. එවැනි දෙයට තමයි විද්‍යුත් මාධ්‍යවලින්ද තැනක් ලැබෙන්නේ. මේ හොඳ නිර්මාණ සංයුක්ත තැටි ලෙසින් වෙළෙඳපොළට නිකුත් කළ විටදී, ඒවා හොරට ගසා ඉතා අඩු මුදලට විකුණන ව්‍යාපාරයක් අද තිබෙන්නේ. එහිදී නිර්මාණකරුවන්ට විශාල අසාධාරණයක් සිදුවෙනවා නේද? අනිවාර්යෙන්ම එය ලොකු අසාධාරණයක් තමයි. මේ හින්දා තමයි අද බොහෝ නිර්මාණකරුවන් සංයුක්ත තැටි එළිදැක්වීම සිදු නොකරන්නේ. ඔවුන් හොඳ දේ කළත්, එයින් ලාබ ලබන්නේ වෙනත් කණ්ඩායමක්. දැන් මෙවැනි හොර ජාවාරම් මැඬලන්න පොලිසිය කටයුතු යොදා ඇති බවත් පෙනෙනවා. එය සුබවාදී තත්ත්වයක්. කොයිතරම් දේ කළත්, අපේ නිර්මාණ රසිකයන් අතරට යැවීමට අපට අවශ්‍යයි. ඒ හින්දා අපේ ගී නිර්මාණ සංයුක්ත තැටි එළිදක්වන්නේ රසිකයන්ගේ ජන ආධ්‍යාත්මය පෝෂණය කිරීමේ අරමුණින්. ඒ අරමුණ ජයගන්නා බව මට විශ්වාසයි. ඔබේ අලූත් ගීත එකතුව ”මල් වැහි පොද” එළිදක්වන්නේ අලූත් කණ්ඩායමක් සමඟ එකතු වීමෙන්. ” ප‍්‍රකෘති ගීතය නැවත සොයා යෑමක්” ලෙසයි මෙය නම්කර තිබෙන්නේ. ඇත්තෙන්ම මෙහි අරමුණ කුමක්ද? ඔබ මුලින් ඇසූ හොඳ දෙයට තැනක් නෑ නේද කියන පැනයට පිළිතුරක් ලෙසින් තමයි මේ කණ්ඩායම එකතු වෙන්නේ. ශ්‍රී ලාංකීය ජන සමාජය  පසුගිය කාලයේ මුහුණ දුන් අඳුරු සමය තුළ, සමස්ත කලා සංස්කෘතිය පරිසරයම ඔද්දල් වුණා. එයින් ජන මතය විශාල ලෙස අගාධයට වැටුණු බව රහසක් නොවේ. 70 දශකයේදී දේශීය කලා ව්‍යාපාරය විසින් අත්පත් කරගත් සියලූ ජයග‍්‍රහණ, මෙයින් අභියෝගයට ලක් වුණා. බටහිර අනුකාරකවාදී නාගරික සමාජ ප‍්‍රවනතා විසින් ගිලගන්නා ලද මෙරට කලා සමාජ අවකාශය මේ වනවිට දැඩි අර්බුදයකට ලක්වෙලා.  දේශීයත්වයෙහි සාරය ඉවතලා බිහි කෙරෙන අවර ගණයේ නිර්මාණ විසින් ජන ආධ්‍යාත්මය දුෂණය කරලා තිබෙන්නේ. ඒ කොහොම වුණත්, යුද්ධයෙන් පසු ගොඩනැගිය යුතු නව සංස්කෘතික ජීවිතය පිළිබඳ බලාපොරොත්තු තවමත් මිනිසුන් තුළ රැඳී පවතිනවා. ඒ දේශීය කලා සංස්කෘතික සමාජයෙහි පුනරුදයක් ඇති කිරීමේ අරමුණින් තමයි ශංඛන සමාජ ක‍්‍රියාවලිය ආරම්භ වන්නේ. ඔවුන්ගේ සමාරම්භය සිදුවන්නේ මගේ ”මල් වැහි පොද” ගීත සමුච්ඡුය එළිදවන දිනයේදී. සිංහල සුභාවිත ගීතයෙහි නව යුගයක උදාවක් ඔවුන් අපේක්‍ෂා කරනවා. ඒ නිසයි මෙහි පදමාලා හරි  පරිස්සමින් තෝරාගත්තේ. නවක සහ ප‍්‍රවීණ සංගීතවේදීන් මෙයට දායක වුණා. පද රචනා සඳහාත් ප‍්‍රවීණයන්ගේ වගේම අලූත් අයගෙත් හොඳ නිර්මාණ තෝරා ගත්තා. ප‍්‍රකෘති ගීතය නැවත සොයා යෑමක් තමයි මේ තුළින් අප උත්සාහ කරන්නේ. ඔබේ ”සඳකඩ පහණ” ඒක පුද්ගල ගී ප‍්‍රසංග මාලාව මේ දිනවල රට පුරා වත්වා ගෙන යනවා.මෙයින් ඔබ පේ‍්‍රක්‍ෂකයන්ගේ රසවින්දනයේ යම් වර්ධනයක් දකිනවාද? එහෙමත් නැත්නම් සුභාවිත ගීතයට ඔවුන්ගේ ඇල්මක් නැද්ද? අපිට සිටින රසික පිරිස නම් නොඅඩුව ඉන්නවා. අපේ ප‍්‍රසංගවලට, අපේ ගීත අසන්න කැමති පිරිසක් එදා සිටම ඉන්නවා. ඔවුන් සුභාවිත ගීතය ගැන ඉහළ රසවින්දනයක් ඇති අයයි. අපට අවශ්‍ය අලූත් පිරිසක් මෙයට එකතු කරගන්නයි. 70, 80 දශකයෙහි හොඳ රසිකත්වයක් ඇති පිරිස අද දක්වා අප සමඟ සිටිම ලොකු දෙයක්. දැන් දැන් අලූත් තරුණ පරපුරේ අයගේත් වැඩි උනන්දුවක්  සුභාවිත ගීතයට තිබෙන බවක් පෙනෙනවා. එය හොඳ ප‍්‍රවනතාවක්. අද ලාංකීය සුභාවිත ගීතයට තැනක් නෑ නේද? මේ ගැන වගකිවයුතු අයවත් රජයත් සොයා බලන්නේ නැති තරම්. මේ විදිහට ගියොත් සුභාවිත ගීතය තවත් අගාධයට ලක්වෙයි නේද? විවෘත ආර්ථිකයත් සමඟ වෙළෙඳ ලෝක ප‍්‍රවාහයට අප හසුවීමෙන් සුභාවිත ගීත කලාවට යම් පහරක් එල්ල වුණා. ඒ වගේම 83 වසරේ සිට යුද්ධයක් අපට රට තුළ ඇතිවීමෙන් සාමකාමී බව තුරන් වී ගියා. එය අධ්‍යාපන, ජීවන රටාව, ආර්ථිකය මුළුමනින්ම වෙනස් කියන්න සමත් වුණා. මනුෂ්‍යයකුට පාරේ බැහැල යන්නබැරි තත්ත්වයක් උදාවෙලා තිබෙද්දී හොඳ නිර්මාණ බිහිවෙයිද? මෙයට ප‍්‍රශ්න ගණනාවක් බලපෑවා. එක එල්ලේම ”මේකයි” කියා උත්තරයක් දෙන්න අමාරුයි. දැන් රජය හා කලාකරුවන්ගේ එකමුතුවෙන් මෙය මෙහෙම විය යුතුය කියන තැනට අප පත්විය යුතුයි. ඒ සඳහා වැඩපිළිවෙළක් සැකසිය යුතුයි. නැත්නම් ඔබ පැවසුවාක් මෙන් හරසුන් දේවලට වැඩි තැනක් ලබාදෙන්න යෑමෙන් සිදුවන්නේ අපේ සුභාවිත ගීතය වළපල්ලට යෑම පමණයි.



අදහස් (0)

ගීතයේ අයිතිය ගායකයාටත් ඕන

කලාරිට Friday, 02 September 2011 05:18 AM

ලංකාවේ මෙම නීතිය ජාතියන්තර නීතියට පවා පටභැනි විදියටයි හදලා තියෙන්නේ. ජාතියන්තර නීතියෙත් ගායකයාට සියයට චිසිපහක [25%]අයිතියක් ගීයේ, ලැබනවා.ලංකාවේ පමනය් ඵම අයිතිය මරලා දාලා තියෙන්නේ. අනිවාරෙන්ම මෙම නීති සම්පාදනය කෲමන්තනශිලිය්. සංගීත ශිල්පීනුය් පද රචකයින් එකතුවී කල වැඩක්.

:       0       0

සුධීර Saturday, 03 September 2011 07:40 PM

ගීතය සැලකූ විට එහි මූල බීජය බොහෝ විට හට ගන්නේ ගීත රචකයා තුළ වුවත්, එහි මූලික රසය තනු නිර්මාණ ශිල්පියා වසින් සම්පූර්ණ කරයි. එහෙත්, .... රසිකයා එය රස විදින්නේ කෙසේද ගායකයා විසින් ගායනා කරනු නොලැබුවහොත්....? ඉදින්..... ගීතයේ අයිතිය කෙලෙස ගායකයාට හිමි නොවන්නේද....???? ගයනු නොලැබූ පද රචනයක් කවදා නම් ගීතයක් වේද..? සිතන්න ඔබත්.....!!!!!

:       0       0

නිත්‍යා Wednesday, 09 January 2013 10:27 AM

ඇත්ත තමයි. අද ඇහෙන ගීතවල කලාවක් නෑ..කියෙන්නේ නීරස කතාවක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 797 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 347 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1192 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4505 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2139 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1150 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site