IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ගීතවලදී අසභ්‍ය වචන නැතුව ආදරණීය වචන භාවිත කළාට කිසිම ගැටලුවක් නෑ

2016-11-28-ent-56

වසර තුනකට පසු ගායන ශිල්පිනී සුරනි ද මෙල්ගෙන් අලුතෙන් ගීතයක්

2016-11-28-ent-51වේග රිද්ම ගායන ශිල්පිනියක ලෙසින් නමක් දිනා සිටින සුරනි ද මෙල් වසර තුනකට පසු "යන්තමට මගේ දිහා" නමින් මියුසික් වීඩියෝවක් එළිදක්වා තිබේ. අද කතාබහ එම නිර්මාණය හා බැඳුණු නිර්මාණ පසුබිමයි.

 

මියුසික් වීඩියෝවෙන්ම කතාබහ ආරම්භ කරමු

"යන්තමට මගේ දිහා" ගීතය තමයි මගේ නවතම ගීතය. මම අවුරුදු තුනකට පස්සෙ තමයි අලුත් මියුසික් වීඩියෝවක් කළේ. මීට පෙර එළිදැක්වූ වීඩියෝවටත් ගොඩාක් හොඳ ප්‍රතිචාර තිබුණා. වේදිකාවෙදී මගෙන් රසිකයන් බලාපොරොත්තු වෙන්නෙ වේග රිද්ම ගීත. එම ගීතයෙන් පස්සේ අවුරුදු තුනකට පසුව තමයි මේ ගීතය නිර්මාණය කළේ. දෙමළ ගීතයක cover song එකක් ලෙසයි මේ ගීතය නිර්මාණය වෙන්නෙ. ගීත කලාවට වෙනසක් එක්කරමින් ඉන්දියානු ආකෘතියකටයි මෙම නිර්මාණය සිදුකළේ.

මෙහි සංගීතය මාධව හේවාවසම්ගේ. පද රචනය චතුක මධුරංග. මෙය ආදර ගීයක්. අද කාලේ බොහොමයක් කතන්දරත් එක්ක තමයි මියුසික් වීඩියෝ හැදෙන්නෙ. නමුත් මට උවමනා කළා මෙය දෙමළ ආකෘතියකට යන වේග රිද්ම ගීතයක් නිසා නර්තනය විතරක් වීඩියෝවක් ලෙසින් වීඩියෝව එළිදක්වන්න. එනිසාම මෙම නිර්මාණයට නලින් ගුණරත්නට ආරාධනා කළා. ඔහු තමයි මෙහි නර්තන කටයුතු නිර්මාණය කළේ. ප්‍රසාද් අබේසේකරගේ Dream Effect ආයතනයේ අයේෂ් අබේසේකරයි මෙහි අධ්‍යක්ෂණ කටයුතු කළේ. මෙය ලංකාවේ තිබෙන සෑම නාළිකාවකම ප්‍රචාරය වෙනවා. මෙහි විශාල ප්‍රතිචාර දක්නට ලැබෙනවා. නර්තනය වගේම ගීතයත් ලස්සනයිලු. මේ ගීතයත් එක්ක ලැබෙන ප්‍රසංග ප්‍රමාණයත් වැඩිවෙලා තිබෙනවා මේ කෙටි කාලය තුළ. තවම ගීතය එළිදක්වලා සති දෙකක් වුණෙත් නෑ.

ඕඩියෝ ගීතයක් කළා "මා සොයා" නමින්. ප්‍රසංගයකට ගියත් මගෙන් බලාපොරොත්තු වෙන්නෙ ඩාන්ස් කරන්න පුළුවන් ගීත. මමත් කැමතියි ඒ වගේ ගීත ගායනා කරන්න. නර්තනයත් ගායනයත් එක්ක වීඩියෝවක් නිර්මාණය කරන්න ආසයි. මගේ fan page එකේ තුන් ලක්ෂ අනූදහසකට අධික රසික පිරිසක් සිටිනවා. ඔවුන්ගෙන් ඉල්ලීමක් තිබුණා වීඩියෝවක් කරන්නැද්ද කියා. එලෙස අහන රසිකයන්ගේ ඉල්ලීමත් එක්ක තමයි වීඩියෝවක් නිර්මාණය කළේ. එයට ගැළපෙන සින්දුවකුත් ලැබුණා. එනිසා තමයි මේ වීඩියෝව නිර්මාණ කළේ.

 

අද කතාබහක් තිබෙනවා මෑතක බිහිවෙන ඒකාකාරී ගීත නිර්මාණ රටාවක් තිබෙනවාය කියා?

හැමෝම සින්දු කරන්න පටන්ගෙන තිබෙනවා, රිගින් ටෝන්වලට. හරිම ස්ලෝ සින්දු කරගෙන යනවා. මම කිසිම වැරැද්දක් කියන්නෙ නෑ. ඒ සින්දු අතර ලස්සන සින්දුත් තියෙනවා. හැබැයි සමහර සින්දු අපිට දැනෙන්නෙ එකම තාලෙකට යනව වගේ. ඇයිද දන්නෙ නෑ ඒ ශෛලියෙන් මිදිලා වෙනත් ශෛලියකට යන්නෙ නැත්තෙ කියා. අපිට බොහෝ වෙලාවට අහන්න ලැබෙන්නෙ එකම ශෛලියේ ගීත තමයි. ගායකයෙකුට හෝ ගායිකාවකට සල්ලි හොයන්න ක්‍රම තියෙනවනෙ. රිගින් ටෝන් සහ ප්‍රසංග තමයි ඒවා. ඒගොල්ලන් ඒ දේවල් හරහා මුදල් හොයන්න ඕනනෙ.

ඒකට කිසිම දෙයක් කියන්න බෑ. ඒක තමයි යන්න ඕන ක්‍රමය. මම එතනට යන්න කැමති නෑ. මට ඒ ස්ටයිල් එකේ සින්දු කරන්න එතරම් කැමැත්තක් උනන්දුවක් තිබුණෙ නෑ. එනිසා ඉස්සරහට මගේ කටහඬට ගැළපෙන හොඳ ස්ලෝ ට්‍රැක් එකක් ලැබුණොත් මමත් කරයි. හැබැයි මට ගැළපෙන ගීතයක් ලැබුණෙ නෑ. මගේ කැමැත්ත තියෙන්නෙත් වේගරිද්ම ගීතවලට. හැමෝම එකම ස්ටයිල් එකට යන්නෙ නැතුව වෙනස් ආකෘතිවලට යනවනම් හොඳයි. ඒකට හේතුව තමයි රිගින් ටෝන්වලට හරියන ගීත නිර්මාණ කරන්න යාමයි.

ස්ලෝ ලව් සෝන්ග්ස් තමයි රිගින් ටෝන්වලට යන්නෙ. ඒ නිසා තමයි දිගින් දිගට මේ වගේ නිර්මාණ බිහිවෙන්නෙ. ඒකෙ කිසි වැරැද්දක් මං කියන්නෙ නෑ. ඒ ස්ටයිල් එකට මට ගැළපෙන නිර්මාණයක් ලැබුණෙ නෑ. ඒ නිසා මං මේ ගීතය නිර්මාණය කළා.

 

මෑත කාලීන ගීතවල "රත්තරනේ", "පණ" වගේ කියන වචන බහුලව දකින්න ලැබෙනවා. මෙවැනි වචන සාහිත්‍ය නිර්මාණයකදී යොදාගැනීම ගැන ඔබේ අදහස?

ඒ ශෛලියත් එක්ක ඒ වචන භාවිත කරන්නෙ ඒකෙ තියෙන ආදරණීයභාවය වැඩි කරන්න. මම හිතනවා ඒක පද රචනා කරන අයගේ වැඩක්. එවැනි වචන තනුවට හරියන වචන තමයි ඔවුන් භාවිත කරන්නෙ. සාමාන්‍ය‘යෙන් ආදරය කරන හැම කෙනෙක්ම ඔය වචන පාවිච්චි කරනවනෙ. ගීතවලදී අසභ්‍ය වචන නැතුව ආදරණීය වචන භාවිත කළාට නම් කිසිම ගැටලුවක් නෑ. රත්තරනේ, පණවගේ කියන වචන ආදරය කරන අය පාවිච්චි කරන සාමාන්‍ය වචන. ඒක නං මං කිසි වැරැද්දක් දකින්නෙ නෑ. ගැළපෙන්නෙ නැති වචන නැතුව තනුවට ගැළපෙන කතාවට ගැළපෙන වචන භාවිත කළාට මං නං කිසි වැරැද්දක් දකින්නෙ නෑ.

 

සටහන - ඉඳුනිල් සින්දු

 

2016-11-28-ent-55
2016-11-28-ent-53
2016-11-28-ent-52



අදහස් (0)

ගීතවලදී අසභ්‍ය වචන නැතුව ආදරණීය වචන භාවිත කළාට කිසිම ගැටලුවක් නෑ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1779 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1346 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 378 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 511 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 231 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 150 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40017 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site