ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත වාර්තාවලට අනුව අවසන් පැය 24 දී ගෝලීයව නව කොරෝනා වයිරස ආසාදිතයන් 666,000ක් හඳුනාගෙන ඇති අතර අවසන් පැය 24 දී ලොව නන්දෙසින් වාර්තා වී ඇති වයිරස ආසාදිත මරණ ගණන 11,617කි.
නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල පාලනය කරගැනීමට සමත් වූ ඔස්ට්‍රේලියාව වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කර තිබෙන අතර බටහිර ඔස්ට්‍රේලියාවේ සීමා විවෘත කිරීමට බලධාරීහු පියවර ගත්හ. ඒත් සමඟම බටහිර ඔස්ට්‍රේලියාවට මෝටර් රථ සිය ගණනින් පැමිණීමට පටන් ගත් බව ද එරට වාර්තා සඳහන් කර තිබිණි. කෙසේ නමුත් නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා යන ප්‍රාන්තවලින් බටහිර ඔස්ට්‍රේලියාවට පැමිණෙන පිරිස් දින 14ක කාලයක් සඳහා නිරෝධායනය විය යුතු ය. එසේ වුවත් අනෙක් ප්‍රාන්තවලින් පැමිණෙන පිරිස්වලට කිසිදු බාධාවකින් තොරව බටහිර ඔස්ට්‍රේලියාවට ඇතුළු විය හැකි ය.
නවසීලන්තයේ නැවත නව කොරෝනා වයිරසය පැතිර යෑමේ අවදානමක් ඇති වී තිබෙන අතර එරට ඕක්ලන්ඩ් නුවරින් වයිරස ආසාදිතයන් හඳුනාගෙන තිබේ. නොවැම්බර් 5 වැනිදා සිට ගත වූ කාලයේදී නවසීලන්තයේ සිට ඔස්ට්‍රේලියාවට 455 දෙනකු පැමිණ අතර ඔවුන් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අඛණ්ඩව 15 වැනි දිනටත් වයිරස ආසාදිතයන් හෝ වයිරස ආසාදිත මරණ වාර්තා වී නැතැයි ද එම ප්‍රාන්ත බලධාරීහු කීහ. සෙනසුරාදා දිනයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළින් ද කිසිදු ආසාදිතයකු වාර්තා වී නැතැයි එම ප්‍රාන්තයේ බලධාරීහු ද පැවැසූහ.
ජනාධිපතිවරණයේදී පරාජයට පත්වීමෙන් පසු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළමුවරට ඊයේ (13) මාධ්‍ය හමුවක් පැවැත්වීය. දෛනිකව වාර්තා වන ආසාදිතයන් ගණන වැඩි වුවද තම පරිපාලනය රට වසා දමන්නේ නැතැයි ද හෙතෙම එහිදි කීය. මේ වනවිට ඇමෙරිකාවෙන් 100,000 ඉක්මවා ආසාදිතයන් වාර්තා වෙමින් තිබේ. නව කොරෝනා වයිරසය හේතුවෙන් මේ වනවිට ඇමෙරිකාවේ 240,000කට වැඩි පිරිසකට ජීවිත අහිමි වී තිබේ.
ඉදිරි සති කිහිපය ඇතුළත දී අවදානම් සහගත පුද්ගලයන්ට එන්නත ලබා දිය හැකි බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදි කිය. කෙසේ නමුත් ඔරිගන් සහ නිව් මෙක්සිකෝ ජනපදවලට අර්ධ වශයෙන් ලොක්ඩවුන් සීමා පැනවීමට එම ජනපදවල බලධාරීහු පියවර ගත්හ.
- 055
ඒ.එෆ්.පී./රොයිටර් අනුග්රහයෙනි
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගතවූ පැය 24 දී ලොව කොරෝනා මරණ 11000 ඉක්මවයි