IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ගතවූ සතියේදී සංචාරකයින් 9545 ක් ඇවිත්

( තිළිණි ද සිල්වා )

ගතවූ සතියක කාලය තුල මෙරටට සංචාරකයන් 9,545 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 

ඒ අනුව 01 වෙනිදා සිට 07 වෙනිදා දක්වා කාලය තුළ  මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.

එම සංඛ්‍යාව 3107කි. රුසියානු සමූහාණ්ඩුවෙන් පැමිණ ඇති සංචාරකයන් ගණන 774ක්ද , එක්සත් රාජධානියෙන් සංචාරකයන් 764 දෙනෙකු පැමිණ ඇති අතර ජර්මනිය, පාකිස්ථානය, මාලදිවයින, ප්‍රංශය, කැනඩාව, ඇමරිකාව හා ස්විස්ටර්ලන්තය එම කාලය තුල වැඩිම සංචාරක පිරිසක් මෙරටට පැමිණි රටවල් වන බව අමාත්‍යවරයා කියා සිටියේය.

පසුගිය ජනවාරි මාසයේ සිට නොවැම්බර් 07 වන දින දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් 70,633 දෙනෙකු පැමිණ ඇතැයිද සංචාරක අමාත්‍යවරයා කීය.

පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණ ඇති සංචාරකයන් ගණන 13,547කි. ඔක්තෝබර් මාසයේදී එම සංඛ්‍යාව 22,771 දක්වා ඉහල ගිය බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දේ.

සංචාරකයින්ට රට විවෘත කිරීමත් සමග ක්‍රමානුකූලව මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව වැඩීවෙමින් පවතින බවත්, මෙර‍ට සංචාරක ව්‍යාපාරය යථාතත්වයට පත්වෙමින් පවතින බව එමගින් තහවුරු වන බව පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා යලි සංචරණ සීමා පැනවීමකින් තොරව රට පවත්වාගෙන යාමට හැකි වුවහොත් ලබන වසර අවසන් වනවිට මෙරට ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට සංචාරක ව්‍යාපාරයට සුවිශේෂ දායකත්වයක් දැක්විය හැකි වනු ඇතැයි විශ්වාසය පල කරයි.

 

 



අදහස් (4)

ගතවූ සතියේදී සංචාරකයින් 9545 ක් ඇවිත්

Lalith M Monday, 08 November 2021 03:05 PM

ජයවේවා.... ඔයා සුද්දියෝ ගැනගැන ඉන්න සර්...!!! 

:       0       2

kamal Monday, 08 November 2021 04:50 PM

මොන තරම් ජයග්‍රහණයක්ද.? අපේ සර්ව බලන්න තමයි ඇවිත් ඇත්තේ.

:       0       0

පිටරැටියා Monday, 08 November 2021 05:05 PM

ඇමතිතුමා කිව්වොත් ආයේ අහන්න දෙයක් නැහැ. දවල් හීනයක් දැකලා වෙන්න ඇති .

:       0       0

de silva Monday, 08 November 2021 06:00 PM

ලංකාවට ඇවිත් පාස්පෝර්ට් එකේ සීල් එක ගහගන්න පෝලිමේ පැයක් පමණ රස්තියාදු වන සංචාරකයන්ට රජය මගින් වතුර බෝතලයක් දෙන්න වටිනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නියෝජ්‍ය අමාත්‍ය දිවුරුම් දීම බ්‍රහස්පතින්දා
2024 නොවැම්බර් මස 18 66 0

ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට එරෙහිව නියෝගයක්
2024 නොවැම්බර් මස 18 118 0

නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.


ව්‍යාජ ටිකට් පෙන්වා මැච් බලන්න ගිය සරසවි සිසුවා මාට්ටු
2024 නොවැම්බර් මස 18 241 0

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත


මීගමුව පොලීසියේ පාලන අංශ ස්ථානාධිපතිනි අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 920 0

මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා


ජනපතිට අමාත්‍යාංශ තුනක්
2024 නොවැම්බර් මස 18 2541 0

අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.


කසිප්පු ඇල්ලුවාම පාට් දැමූ කතුන් දෙකක් ඇතුළු 3 ක් දැලේ
2024 නොවැම්බර් මස 18 338 0

දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 633 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1810 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site