IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ගීත දහතුනක් සහිත 'සරිගම' sound of music අනුවර්තනයක්

2016-12-05-ent-118

“මෙතෙක් කල් මම කළ සෑම චිත්‍රපටයකටම පාදක වූයේ මගේ ස්වතන්ත්‍ර කතාවක්. මෙවර මා අධ්‍යක්ෂණය කළ "සරිගම" චිත්‍රපටය බටහිර නිර්මාණයක් වූ "සවුන්ඩ් ඔෆ් මියුසික්" චිත්‍රපටය හා එයට පාදක වූ "ද ස්ටෝරි ඔෆ් ද ට්‍රැප් ෆැමිලි සින්ගර්ස්" නවකතාව ඇසුරු කරගෙන නිර්මාණය වූවක්. මේ කතාව එම නවකතාව ලියූ "මරියා වොන්ට්‍රැප්" තම සත්‍ය ජීවිත කතාව පාදක කරගෙන ලියූවක්. "සවුන්ඩ් ඔෆ් මියුසික්" චිත්‍රපටය ගීතමය චිත්‍රපටයක්. සරිගම චිත්‍රපටයත් ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ ලස්සන ගීත දහතුනක් ඇතුළත් නිර්මාණයක්* මෙසේ සංවාදයකට එක්වන්නේ අද සිට රීගල් ප්‍රමුඛ රිත්මා සහ CEL මණ්ඩලයේ ප්‍රදර්ශනය අරඹන "සරිගම" චිත්‍රපට‘යේ අධ්‍යක්ෂක ආචාර්ය සෝමරත්න දිසානායකයි.

පවුලේ චිත්‍රපට හැදීමේ පුරෝගාමියෙකු ලෙස ප්‍රකට ඔහු මීට පෙර අධ්‍යක්ෂණය කළ "සරෝජා", "පුංචි සුරංගනාවි", "සූරිය අරණ", "සමනළ තටු", "සිරි රජ සිරි", "බිංදු" සහ "සිරිපැරකුම්" ආදී සිනමාපට ජනතා ආකර්ෂණය ලබමින් ආදායම් වාර්තා තබන්නට සමත් විය.

 

මෙවර මෙවැනි චිත්‍රපටයක් ඔබ නිර්මාණයට පෙළඹුණේ ඇයි?

2016-12-05-ent-140නමසිය අසූගණන්වල සිඩ්නි විශ්වවිද්‍යාලයේ මගේ MA උපාධිය හදාරණ විට මම නිබන්ධන කළයුතු වුණේ "සාහිත්‍ය සිනමාවට පෙරළීම" කියන මාතෘකාවයි. මේ සඳහා මම තෝරාගන්නේ "සවුන්ඩ් ඔෆ් මියුසික්" චිත්‍රපටය සහ එයට පාදක වූ "ද ස්ටෝරි ඔෆ් ද ටැප් ෆැමිලි සින්ගර්ස්" නවකතාවයි. මේ අධ්‍යයනය තුළ නවකතාව සහ චිත්‍රපටය පිළිබඳව හොඳ අවබෝධයක් මට ලැබුණා. මෙවැනි තේමාවක් ලංකාවටත් උචිත බව මට එදා දැනුණත් එයට අවශ්‍ය සිනමාත්මක දැනුම හෝ මූල්‍යමය ශක්තියක් එවෙලේ මට තිබුණේ නැහැ. ලංකාවට ඇවිල්ලා 1990 වසරේ මම නිර්මාණය කළ "සරෝජා" චිත්‍රපට‘යේ සාර්ථකත්වයත් සමගම මට දිගින් දිගටම චිත්‍රපට නිර්මාණයට අවස්ථාව ලැබුණා. මෙවර මම මගේ ඒ අතීත අරමුණ සැබෑ කරගන්න හිතලා තමයි "සරිගම" චිත්‍රපටය නිර්මාණය කළේ.

 

හින්දි, දෙමළ කොපිකරලා චිත්‍රපට හැදීමේ ප්‍රවණතාවයක් තිබෙන අපේ රටේ ඔබත් බටහිර චිත්‍රපටයක් කොපි කළේ ඇයි?

%සරිගම^ කොපියක් නෙවේ. එය අනුවර්තනයක්. "සවුන්ඩ් ඔෆ් මියුසික්" කතාවට පාදක වූ නවකතාව ලියූ ලේඛිකාව ඔස්ට්‍රියානු ජාතික කාන්තාවක්. මෙය පාදක කරගෙන දීර්ඝ කාලයක් ජනතාව නැරඹූ වේදිකා ප්‍රසංග නාට්‍ය වගේම විවිධ චිත්‍රපට නිර්මාණ ලෝකෙ පුරාම බිහිවෙලා තියෙනවා. සවුන්ඩ් ඔෆ් මියුසික් ලොව ජනප්‍රිය චිත්‍රපටයක් වුණාට එය අනුවර්තනයක්. මම සරිගම නිර්මාණය කළේ මරියා වොන්ට්‍රැප්ගේ නවකතාව පාදක කරගෙනයි. මම කලින් මගේ නිබන්ධනයට බටහිර හැදුණු "සවුන්ඩ් ඔෆ් මියුසික්" චිත්‍රපටය අධ්‍යනය කරල තිබුණු නිසා එහි ආභාසයකුත් "සරිගම" තුළ තිබෙනවා. විදේශ නිර්මාණ පාදක කරගෙන රටවල්වල නිර්මාණ බිහිවීම කලාවක්. ජර්මානු ජාතික බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ "කොකේපියන් චෝක් සර්කල්" ඇසුරෙන් හෙන්රි ජයසේන අධ්‍යක්ෂණය කළ "හුණුවටයේ කතාව" ලංකාවේ ඉතා ජනප්‍රිය වුණ නාට්‍යයක්. සුගතපාල සිල්වාගේ "හිත හොඳ අම්මණ්ඩි", "මරාසාද්", ධම්ම ජාගොඩගෙ "වෙස් මුහුණු", චන්ද්‍රසේන දසනායකගේ "රංකඳ"විදෙස් අනුවර්තන. විලියම් ශේක්ස්පියර්ගේ නාට්‍ය ගණනාවක් අපේ රටේ නව නිර්මාණ ලෙස ප්‍රේක්‍ෂකයා හමුවට ආවා. ඇන්ටන් චෙකොෆ්ගේ කෘතියක් ඇසුරෙන් "චෙරි උයන" නමින් නාට්‍ය ගණනාවක් අපේ රටේ නිර්මාණය වුණා. මේ සඳහා ලංකාවේම උදාහරණ විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඉන්දියාවේ සරෝජිනී නායිදු, රවින්ද්‍රනාත් තාගෝර්ගෙ කෘතිවල අනුවර්තන වගේම චීන, ජපන් නිර්මාණවල අනුවර්තනත් අපේ රටේ විශාල සංඛ්‍යාවක් බිහිවෙලා තියෙනවා. එහි වරදක් නැහැ. හැබැයි කොපිය වෙනස්. විදෙස් චිත්‍රපටයක මුල් පිටපත බලාගෙන රාමුවෙන් රාමුවට රූගත කිරීම කොපි කිරීමක්. හැබැයි අනුවර්තනය කියන්නේ වෙනස් දෙයක්. මේ දෙක දෙකක්.

 

ඔබගේ පසුගිය නිර්මාණ ජනතාව අතරට යාම පිළිබඳව විශේෂත්වය ඔබ දකින්නේ කොහොමද?

තමාගේ නිර්මාණයෙන් ආමන්ත්‍රණය කරන්නේ කාටදැයි නිර්මාණ කරුවා අවබෝධ කරගත යුතුයි. අපි ගනුදෙනුව කරන්නේ රසිකයා හෙවත් ප්‍රේක්ෂකයා සමගයි. තමන්ගේ තෘප්තියට චිත්‍රපට නිර්මාණය කරන්න බැහැ. ලෝකයේ ඇති ශ්‍රේෂ්ඨම නිර්මාණය කළත් එය ප්‍රේක්ෂකයා ජීර්ණය කරගන්නෙ නැත්නම් වැඩක් නැහැ. ප්‍රේක්ෂක මනස පිළිබඳ අවබෝධයක් නොමැති නිර්මාණකරුවා අතරමං වෙනවා.

 

අද ලංකාවේ ගීතමය චිත්‍රපටයක් නැරඹීමට ප්‍රේක්ෂක නැඹුරුවක් තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවද?

සෑම චිත්‍රපටයකටම ගීත අවශ්‍යයයි කියන්නේ නැහැ. හැබැයි මෙවැනි ගීතමය චිත්‍රපටයක් අවශ්‍යයයි කියලා මම විශ්වාස කරනවා. "නිධානය" හෝ "ගම්පෙරළිය" චිත්‍රපටවල ගීත නැහැ. හැබැයි ඒවා සම්භාවනීය නිර්මාණ. සිනමාව සහ සංගීතය අතර ලොකු නෑදෑකමක් තියෙනවා. කෘතියේ භාව ප්‍රකාශනයට ගීත අවශ්‍ය නම් ගීත යෙදීම කළ යුතුයි. සරිගම චිත්‍රපටයේ දඟකාර, හිතුවක්කාර මෙල්ල කරන්න බැරි ළමයි ටිකක් දමනය වෙන්නේ සංගීතය නිසා. මේ සරිගම චිත්‍රපටය අපේ රටේ ජනතාව ආදරයෙන් වැලඳ ගනීවී කියලා මම විශ්වාස කරනවා.

 

සරිගම බටහිර චිත්‍රපටයක ආභාසය ලැබුවට එහි සංගීතය දේශීය මුහුණුවරක් ගන්නේ ඇයි?

මුල ඉඳලම මගේ අදහස තිබුණේ එම "සවුන්ඩ් ඔෆ් මියුසික්" සංගීතයේ බටහිරට නැඹුරු ගුණය "සරිගම" චිත්‍රපටයට ඇතුළත් කර නොගන්නයි. මෙහි සංගීත නිර්මාණය කළ ආචාර්ය රෝහණ වීරසිංහගේ අදහසත් එයම වුණා.

මොකද එම බටහිර සංගීතය අපේ සිංහල චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයාට දුරයි. ඔවුන්ට සමීප විය හැක්කේ අපේ පාරම්පරික ජන නාද රටා මුල් කරගත් පෙරදිගට නැඹුරු උත්තර භාරතීය සංගීත ආරකින් බව මම විශ්වාස කළා. මෙහි ගීතවල පද ලිව්වේ මම සංගීතය යෙදීමට පෙරයි. ඒවා මම ලිව්වේ පැරණි ජන ගී නාද රටාවලට අනුව. ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ අතට මගේ පදමාලාව දීලා මගේ අරමුණ පැහැදිලි කළාම ඔහුගේ සංගීතයත් "සරිගම" වෙනුවෙන් බිහි කළා.

මෙහි සියලුම ගීත ස්වතන්ත්‍ර නිර්මාණ. ආචාර්ය රෝහණ වීරසිංහයන් "සරිගම" නිර්මාණයන් වෙනුවෙන් කළ කැපකිරීම ඉතා ඉහළයි.

 

කතෝලික පල්ලිය ඇසුරු කරගත් මෙම ගීතමය කතාවේ පල්ලියට සමීප සංගීතයෙන් ඔබ බැහැර වෙලා නේද?

අපේ රටේ ලාංකේය කතෝලික ජනතාවගේ ආගම කතෝලික වුණාට ඔවුන්ගේ සංස්කෘතිය සිංහල කියලයි මම විශ්වාස කරන්නේ. මෙහි එක ගීතයක් පමණයි පල්ලියේ ගීත ආරට එකඟව ජනගී ආරෙන් බැහැරව නිර්මාණය වෙලා තියෙන්නේ. සංස්කෘතියට ආගමක් නැහැ. මේ ගීත සියල්ලම හැම ආගමකම ජනතාවට දැනේවි කියලා මම විශ්වාස කරනවා.

 

ඉන්දීය නිළි පූජා උමාශංකර් සිංහල සිනමාවේ භාවිත කිරීම පිළිබඳව විවේචන තිබෙනවා නේද?

මෙහි ප්‍රධාන චරිතය වන දඟකාර කටකාර මරියාගේ චරිතය පිළිබඳව හිතද්දී පූජා උමාශංකර් හැර වෙන නිළියක් ගැන මට හිතුණෙම නැහැ. පූජා ඉන්දීය නිළියක් හැටියට හැඳින්වීම වැරදියි. පූජා ඉපදිලා තියෙන්නේ කොළඹ මහ රෝහලේ. පූජාගේ අම්මා සිංහල බෞද්ධ. ඔවුන් ජීවත් වන්නේ ලංකාවේ. හෙට අනිද්දා පූජා විවාහ වෙන්නේ ලාංකිකයෙක් සමගයි. පූජාගේ පියා ඉන්දියාවේ නිසා පූජා ඉගෙන ගත්තේ ඉන්දියාවේ. එම නිසා සිංහල භාෂාව ඇගෙන් දුරස් වුණා. පූජා ඉන්දීය නිළියක් හැටියට හැඳින්වීම වැරදියි. ඇය ලාංකික නිළියක්. අපේ රටේ දරුවොත් පිටරට ගිහිල්ලා වසර ගණනක් අධ්‍යාපනය ලබනවානේ. ඇතැමෙකුට සිංහලත් අමතක වෙනවනේ. ඒ වගේ දෙයක් තමයි පූජාගේ ඉන්දියාවේ අධ්‍යාපනය ලැබීම.

 

ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලා සහ LFD හා MPI මණ්ඩලයේ සිනමා ශාලාවල මොන වගේ හේතුවක් නිසාවත් සරිගම ප්‍රදර්ශනය කරන්නේ නැති බව ආරංචියි.

ඒක බොරු කතාවක්. සෑම මණ්ඩලයකටම උවමනාව තිබුණා මගේ චිත්‍රපටය ඒ අයගේ මණ්ඩලයෙත් ප්‍රදර්ශනය කරන්න. මගේ අරමුණ තිබුණේ ඩිජිටල් පිටපත් පමණක් ලෙස ප්‍රදර්ශනය කරන්නයි. එහිදී රිත්මා සහ CEL මණ්ඩලවල වැඩි සිනමාහල් සංඛ්‍යාවක ඩිජිටල් ප්‍රක්ෂේපණ පහසුකම් තිබුණා. මීට මාස කිහිපයකට පෙර සිට එම මණ්ඩලයේ අවශේෂ සිනමාහල්වලටත් දැනුම් දුන්නා %සරිගම^ ඩිජිටල් පිටපත් පමණයි ප්‍රදර්ශනයට මුදාහරින්නේ කියලා. ඒ අනුව අද වන විට සිනමාහල් පහනකට වැඩි සංඛ්‍යාවක %සරිගම^ ප්‍රදර්ශනය වන්නේ, නවීන ඩිජිටල් තාක්ෂණයට අනුගතව ප්‍රක්ෂේපණය වන ඇස කණ පිනවන සොඳුරු චිත්‍රපටයක් ලෙසයි.

මේ සිනමාහල් යාවත්කාලීන වීම "සරිගම" නිසා වුණත් ඩිජිටල් පිටපත් පමණක් මුදාහැරීමේ තීරණය, මුළු ක්ෂේත්‍රය වෙනුවෙන්ම මම ගත් හොඳ තීරණයක් කියලයි හිතන්නේ. සරිගම සිංහල පිටපත්වලට සමගාමීව මුළු චිත්‍රපටයම ලංකාවේ ප්‍රකට ද්‍රවිඩ ගායක ගායිකාවන්ගේ ගායනා සහ ද්‍රවිඩ හඬකැවීම් සහිතව (සරිගම දෙමළ පිටපත්) තවත් සිනමාහල් පහළොවක තිරගත වෙනවා.

EAP, MPI, LFD මණ්ඩලවල සිනමාහල් හිමියන් මගෙන් සරිගම ප්‍රදර්ශනයට ඉල්ලුවොත් මම ඕනෑම මොහොතක සරිගම ඩිජිටල් පිටපත් දෙන්න සූදානම්. හරියට සිනමාහල් යාවත්කාලීන නොවීම ලොකු ප්‍රශ්නයක්.

 

ප්‍රෙක්ෂකයාට හොඳ චිත්‍රපට නැරඹීම මානව අයිතියක් ලෙස සලකා හොඳ තත්ත්වයෙන් සිනමාහල් බිහිකිරීමට නීති සම්පාදනය කිරීමට මේ කාලය නේද? ඔබට එයට මැදිහත් වෙන්න බැරිද?

හරිම හොඳ යෝජනාවක්. සිනමාවේ නිෂ්පාදකවරුන්ටවත්, අධ්‍යක්ෂකවරුන්ටවත්, සිනමාහල් හිමියන්ටවත් එරෙහිව නීති සම්පාදනයකොට ක්‍රියාත්මක කරන්න බැහැ. මෙයට රාජ්‍ය මැදිහත්වීමක් අත්‍යාවශ්‍යයයි. ලංකාවේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී පිළිගත් නීති සමූහයක් තිබෙනවා. සිනමාහලක් ආරම්භ කිරීමේදීත් හොඳ තිරයක් හා හොඳ ප්‍රක්ෂේපණයන්, ගැහැනු පිරිමි අයට වෙන් වෙන් වශයෙන් වැසිකිළි පහසුකම්, වායුසමීකරණ, ශාලාවේ පිරිසුදු බව වැනි ප්‍රධාන අංග පිළිබඳව දැඩි අවධානයක් අනිවාර්යෙන්ම යොමුකරන්න වෙනවා.

 

වත්මන් යහපාලන රජය පත්කරන්න මැදිහත්කරුවෙක් වූ ඔබට මේ සඳහා කෙටි ක්‍රම තිබෙනවා නේද?

රජය පත්කිරීමේ මැදිහත් කරුවෙක් වුණාට කෙටි ක්‍රමවලට යන්න මම කැමති නැහැ. මම එල්බගත් දේශපාලන නායකයෙක් හෝ දේශපාලන පක්ෂයක් නැහැ. හරි දේ දකිනකොට මම හරි පැත්තට යනවා. කවුරු වැරදි කළත් වැරදියි. මේ අයගේ ජයග්‍රහණයට උදව් කළා තමයි. හැබැයි මම යහපාලන වේදිකාවේ හිටියට වැරදි දේට කට වහගෙන ඉන්නෙ නැහැ. මා විසින් කළ ඇතැම් යෝජනා යහපාලන රජය විසින් ක්‍රියාත්මක කරන්න සිනමාව වෙනුවෙන් උපදේශක මණ්ඩලයක් පත්කරලා යෝජනාවලියක් එක්රැස් කරලා තියෙනවා. ඒවා ඉතා හොඳ යෝජනා. හැබැයි මේවා ක්‍රියාත්මක නොවන ප්‍රමාදයක් තියෙනවා. මේවා පාර්ලිමේන්තුවේ අනුමත වෙන්න ඕන කියලා කල්මැරීමක් මේ අය කරනවා. හැබැයි මේක දින නියමයක් නැති කල්මැරීමක් වෙන්න බැහැ. එහෙම වුණොත් එදා රාජපක්ෂලාට විරුද්ධ වුණා වගේම මේ කල්මැරීමට හේතුත් මම මාධ්‍ය තුළින් එලිපිට කතා කරන්න පටන් ගන්නවා.

 

සටහන / ඡායාරූප - පද්මකුමා පී. මෙත්තසේන

 

2016-12-05-ent-136    2016-12-05-ent-132 2016-12-05-ent-131  2016-12-05-ent-129  2016-12-05-ent-127 2016-12-05-ent-126 2016-12-05-ent-125 2016-12-05-ent-124 2016-12-05-ent-123 2016-12-05-ent-122 2016-12-05-ent-121 2016-12-05-ent-120 2016-12-05-ent-119 2016-12-05-ent-118 2016-12-05-ent-117 2016-12-05-ent-116 2016-12-05-ent-115 2016-12-05-ent-114 2016-12-05-ent-113 2016-12-05-ent-112 2016-12-05-ent-111 2016-12-05-ent-110


 

2016-12-05-ent-158

2016-12-05-ent-139
2016-12-05-ent-138
2016-12-05-ent-137
2016-12-05-ent-134
2016-12-05-ent-133
2016-12-05-ent-128
2016-12-05-ent-130
2016-12-05-ent-141
2016-12-05-ent-142
2016-12-05-ent-143
2016-12-05-ent-144
2016-12-05-ent-145
2016-12-05-ent-146
2016-12-05-ent-147
2016-12-05-ent-148
2016-12-05-ent-149
2016-12-05-ent-150
2016-12-05-ent-151
2016-12-05-ent-152
2016-12-05-ent-153
2016-12-05-ent-154
2016-12-05-ent-155 2016-12-05-ent-156 2016-12-05-ent-157
 



අදහස් (0)

ගීත දහතුනක් සහිත 'සරිගම' sound of music අනුවර්තනයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 2962 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 520 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 769 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2745 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3585 7

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1941 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40148 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25987 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 262 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1325 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site