IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ගීත රචකයෙකු වූ මාධ්‍යවේදීයා "සුජිත්"

2016-05-06-ent-106

මාධ්‍යවේදියෙකු ලෙස වෘත්තීය යෙදෙන ඔහු සුජිත් ප්‍රසංග වෙයි. ඔහු විසින් රචනා කරනු ලැබූ ගීතයක් වන "හීන්වැහි පොදේ තෙමි තෙමී" මේ වන විට එළිදක්වා තිබෙනවා. ඒ පිළිබව සහ ඔහුගේ තොරතුරු පිළිබඳව මෙසේ අපත් සමග පැවසීය.

"ගීත දෙකක් පද රචනය කරලා තියෙනවා. එයින් එකක් "නෙතින් ගිළිහුනු කඳුලු බිඳුවක" සහ දයාන් විතාරණ ගායනා කරන "වසන්තය නිමා කර යා යුතුයි මා" කියන ගීතය. ඊට අමරතව ජානක වික්‍රමසිංහ සහ ඔහුගේ දියණිය ගායනා කරනු ලැබූ යුග ගීතයත් මම විසින් තමයි ලියනු ලැබුවේ. ඒ ගීතය තාම එළියට ඇවිල්ලා නැහැ. ඒක කැසට් එකක් සඳාහා කරපු ගීතයක් නිසා කිසිම මාධ්‍යක් සඳහා දීලා නැහැ. ඊට පස්සේ 98 රුහුණු විශ්ව විද්‍යාල ඉඩොල් බිම නිවාරණ කඳුරැල්ලේ කලා උලෙළේ ඒ අවුරුද්දේ හොඳම ගීත රචකයා මමයි. ඉන්පසු 99 කැළණි විශ්ව විද්‍යාලයේ බිහිදොර අභියස ගීත රචනා තරගයෙන් තුන්වැනි ස්ථානය හිමිවුණා. 2011 වසරේදී ගීත රචනා සංග්‍රයක් කරා "අයාලේ ගිය වසන්තේ" කියලා. ඒක විද්‍යෝදය සම්මාන උළේලේදී හොඳ ඇඟයීමක් තිබුණු ගීත රචනා සංග්‍රහයක්. ඊට පස්සේ පළවෙනි නවකතාව "ලියතඹර" කියලා නව කතා පොතක් එළිදැක්වූවා. මේ අවුරුද්දේ කවි පොතක් එළිදක්වනවා. ජුනි මාසයේදී වගේ තමයි මගේ පළමුවෙනි කවි පොත එළිදැක්වෙන්නේ. තව ඉදිරිවැඩ විදිහට යොවුන් නවකතාවක් එළිදැක්වෙනවා.

"හීන්වැහි පොදේ තෙමි තෙමී" ගීතය ගැන කතා කරනවානම්, දළඳා වහන්සේට ලොකු ගෞරවයක් අපේ හිතේ තියෙනවානේ. ඒ මොනතරම් ගෞරවයක් හිතේ තියෙනවාද?, අපේ මුතුන් මිත්තෝ කුරහන් ගල් වල තියලා බොහොම දුෂ්කර ජීවතයක් ගත කරමින්නේ ඒක රැකගත්තේ. එහෙම රැක ගත්තත් අපේ දළදා වහන්සේව අපට ඕනෑ වෙලාවකට වඳින්න පුදන්න බැහැනේ. ඒකට යම් වෙලාවක් කාලයක් සීමාවක් තියෙනවා. එහෙම තිබුණත් අපිට කවදාවත් ඒ ගැන අහිතක් හිතෙන්නේ නැහැනේ. දළඳා මාලිගාවට ගියහම බලන්න බැරිවුණත්, කොච්චර පෝළිම හිටියත් කවදාවත් අහිතක් හිතෙන්නේ නැහැ. අපට තියෙන භක්තියක් වැඩි වීමක් පමණයි වෙන්නේ. ඉතිං අත්දැකීමක් එක්ක ලියපු සිංදුවක්. දළඳා වහන්සේ අපට තාමත් වටිනවා. ඒ ගෞරවය අපේ හිතින් නැතිවෙන්නේ නැහැ. ඒ පසුබිමත් එක්ක තමයි මෙම ගීතය ලියැවුණේ. ඊට අමතරව රජරට සේවය නවපද මාලාවක් ලෙස පුන්‍ය ඒකනායක මහත්මිය තෝරගෙන එයා තමයි සංගීත කරන්න දර්ශන වික්‍රමතුංගට දීලා තිබුණේ. ඊට පස්සේ එඩ්වඩ් අයියා තමයි ගායනට තෝරගෙන තිබුණේ. මේ ගීතය පටිගත කරන අවස්ථාවේත් මම හිටියේ නැහැ. ඒ දෙන්නේ විශාල කැපවීමක් කරා මේ ගීතය පටිගත කරන්න. රෑ 12 වෙනකන් මමත් නැතුව ඒ දෙන්නාගේ වැඩක් විදිහට භාර අරගෙන කරනු ලැබුවා. ගොඩක් අය කියනවානේ ප්‍රවීණයෝ අලුත් පරපුරට අත දෙන්නේ නැහැ කියලා. ඒ වුණාට එඩ්වඩ් අයියා ලොකු කැපකිරීමක් කරා ඔය සිංදුව කියන්න. එතනදී එයාලාගේ තියෙන් මනුෂ්‍යත්වය හැමදෙයක්ම උපයෝගී කරගෙන මට හොඳ අත්වැලක් දුන්නා."

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-05-06-ent-107



අදහස් (0)

ගීත රචකයෙකු වූ මාධ්‍යවේදීයා "සුජිත්"

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 635 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 801 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 493 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 988 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1818 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 438 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 910 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site