IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ගීතා ලබාගත් වැටුප් - දීමනා ආපසු රජයට ගෙවන්න වෙයිලු

(රංජන් කස්තුරි)

ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීම නිසා  ඇය මන්ත්‍රීවරියක ලෙස ලබාගත් වැටුප්  හා දීමනා  සියල්ල නැවත ආණ්ඩුවට ගෙවීමට සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව වසර  දෙකකට  අධික කාලයක්  තිස්සේ  ගීතා කුමාරසිංහ මහත්මිය ලබාගෙන තිබෙන මන්ත්‍රී වැටුප හා ඊට  අමතරව ගෙවල් කුලී  දිමනාව,දුරකථන දීමනාව, කාර්යාල දීමනාව ආදී වශයෙන්  රුපියල්  මිලියන ගණනාවක්  නැවත ආණ්ඩුවට ගෙවීමට සිදුවනු ඇතැයි ද පැවසේ.

ගීතා කුමාරසිංහ මහත්මියගෙන් එම මුදල් අයකර  ගැනීම සඳහා  නිතිපතිවරයා  මාර්ගයෙන්  කටයුතු  සැලසිය යුතු බවද ඇයගේ මන්ත්‍රී ධුරය අහිමි කරමින්  අභියාචනාධිකරණය ලබාදුන්  තින්දුවේ  සඳහන් කර ඇත.



අදහස් (48)

ගීතා ලබාගත් වැටුප් - දීමනා ආපසු රජයට ගෙවන්න වෙයිලු

gajan Friday, 03 November 2017 11:00 AM

ඇයි දීපු වාහන පර්මිට් ආපසු ලබාගන්නේ නැද්ද?

:       8       290

NishanFriday, 03 November 2017 11:39 PM

ගීතාගේ වන්දි ගෙවන්න මහින්ද නිකායෙන් ආයෙත් පින්ඩපාතේ චාරිකාවක් ???

:       215       509

kasunFriday, 03 November 2017 11:55 PM

වසර 2 ට මන්ත්‍රි කෙනෙක්ට කොපමන අපේ මුදල් නිලවශයෙන්වි යදම් කරනවාද කියලා අපිත් දැනගන්න කැමතියි. ලංතාවේ පෝිසත්කම ගැනත් අදහසක් ගනන් පුළුවන් ඒකෙන්

:       0       37

Perakum Friday, 03 November 2017 11:10 AM

නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ. එහෙත් මෙහිදී සානුකම්පිකව සලකා බැලීම වටී.

:       768       165

channaFriday, 03 November 2017 03:14 PM

එහෙනම් නැවත පිණ්ඩපාතේ වඩීවිද ?

:       423       668

පිටිගල මිලානෝ Friday, 03 November 2017 11:24 AM

මේ නීතියම බැසිල්, ගෝඨාභය රාජපක්ෂ දෙපළටත් බලපානවා. එහෙනම් දැන් ඒ යටත් ගත්ත ඔක්කොම ආපහු දෙන්න වෙයි.

:       1303       1449

lankaFriday, 03 November 2017 11:55 AM

අපි දන්නා ගෝඨාභය මහත්තයා නම් මන්ත්‍රී කෙනෙක් වෙලා හිටියේ නැහැ. නිකම් මඩ ගහන්න එපා.

:       531       1340

රුවන්Friday, 03 November 2017 12:28 PM

පිටිගල මිලානෝ ... ගෝඨාභය රාජපක්‍ෂ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නෙවෙයි. එක එක පාට කණ්නාඩි දාගත්තම අැත්ත බොරුව වෙන් කරගන්න තරම් මොලේ වැඩ කරන්නෙ නෑ නේද?

:       647       1260

පිටිගල මිලානෝ Friday, 03 November 2017 01:40 PM

ගෝඨාභය මහතා ගැන කතාකරන අය මොකෝ බැසිල් මහතා ගැන කතා නොකරන්නේ? එයා නරකද? වැහීගෙන ගිහිල්ලා නැවත ඇරපු විපත්මඟ වැනි සංවිධාන අටවාගෙන ලෑස්ති වෙන්නේ ඒකටනේ. මෝඩ මිනිස්සු රැවටෙනවා. ගෝඨාභය කවදාවත් ඇමෙරිකානු පුරවැසිබව අයින් කරන්නේ නැහැ. පස්සෙන් යන කිහිපදෙනා ගැන දුකයි. සරත් ෆොන්සේකා වගේ රට ගැන හිතන වීරයෙක් නම් අයින් කරයිද බලමු. මේ ඇමෙරිකානුකමද?

:       2017       1903

සෙනෙවි Friday, 03 November 2017 02:09 PM

පිටිගල තියෙන්නේ ශ්‍රී ලංකාවේ. නමුත් මිලානෝ තියෙන්නේ ඉතාලියේ. ඉතින් පිටිගල මිලානොත් ද්විත්ව පුරවැසියෙක් වගේ මට පෙන්නේ....

:       17       373

JEEWAFriday, 03 November 2017 04:25 PM

මාධව අපූරු කියමන, පිටිගල වගේ අය තමයි අද ලෝකේ වැඩියෙන්ම ඉන්නේ,

:       5       310

jagath milanoFriday, 03 November 2017 04:06 PM

පිටිගලනුවර. නෝනා පිලිපීන ඉතින් ෆුල් ලිබරල් තමයි.

:       19       52

Edward DubaiFriday, 03 November 2017 06:30 PM

ඒ දෙන්නගෙන් අය කරගන්නවානම් මේ ගාන කජු ඇට, කොස් ඇට වගේ...හික්.

:       105       71

sisira Friday, 03 November 2017 11:29 AM

ඒවා අය කරගත යුතුයි. හැබැයි අනිකුත් ද්විත්ව පුරවැසි බව ඇති මන්ත්‍රීවරු හා ඇමතිවරු ගැනත් පියවර ගත යුතුයි. හංසයා ලකුණ ඇති දේශපාලන පක්ෂයේ සභාපති වරයාට මේ රටේ ද්විත්ව පුරවැසි බවද නැත. ඒ අනුව එම පක්ෂය ද වලංගු නැත. පසුගිය ජනාධිපතිවරණයද වලංගු නැත.

:       418       1084

ජයරත්න Friday, 03 November 2017 12:21 PM

ද්විත්ව පුරවැසිභාවය ගැන නීතිය ආවේ ජනාධිපතිවරණයෙන් පසු සම්මත කෙරුණු දහනවවන සංශෝධනයෙන් බව ඔබතුමා දන්නේ නැතුව ඇති.

:       480       437

sisra Friday, 03 November 2017 03:26 PM

මම හිතන්නේ ඔබතුමා වැරදියට තේරුම් අරන්. පුරවැසි බව නැති කෙනෙකුට රටේ දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමේ අයිතියක් නැහැ. දුවිත්ව පුරවැසි බව තියන කෙනෙකුට මැතිවරණයකට තරග කරන්න බැහැ. කියන නීතිය ගෙනාවේ පස්සේ බව ඇත්ත...

:       0       100

MadawaFriday, 03 November 2017 12:41 PM

සිසිර, සිටිසන් සහ පර්මනන්ට් රෙසිඩන්ට් කියන වචනේ තේරුම ඉගෙනගන්න. ගොඩක් මන්ත්‍රීවරු පර්මනන්ට් රෙසිඩන්ට් අරන් තියෙන්නේ. එයාලට ප්‍රශ්නයක් නෑ. සිටිසන් නම් පමණයි ප්‍රශ්නය.

:       51       85

erdi Friday, 03 November 2017 11:30 AM

ගීතා කුමාරසිංහ මහත්මිය..., මොකාව ඔළුව උඩ තියන් හිටියත් වැඩක් නෑ. මිටි තැනින්ම තමයි වතුර බහින්නේ. ඔබගේ විදේශ පුරවැසිභාවය රටේ හැමටම ප්‍රශ්නයක් වුණා. එහෙත් රාජපක්ෂ පවුලේ අයගේ විදේශ පුරවැසිභාවය ගැන ප්‍රශ්න කරන්න නීතියට පනත් නෑ. හැම දේකටම කයිවාරු ගහන දේශපාලුවන්ටත් නැහැ.

:       4       236

sampath sri nishan Friday, 03 November 2017 11:31 AM

එ්ක එහෙම වුණාට, මහ බැංකුවෙන් හොරකම් කරපුවා නම් අායෙමත් රජයට ගෙවන්න ඕනෙම නෑ..

:       710       1124

rohana kumara mendis Friday, 03 November 2017 11:50 AM

වැඩේ හොඳයි. එ්ත් ඔය තව ඇමෙරිකානු පුරවැසිකම තියෙන අයත් සිටියා නේද? පසුගිය කාලේ එයාලටත් ඔය දේම කරන්න ඕනෑ. නැත්නම් සාධාරණ නැහැ නේද?

:       3       246

Bimal Friday, 03 November 2017 12:04 PM

මට මතක් වෙන්නේ මෙතුමිය කලකට පෙර එක්තරා උගත්, රජයේ නිලධාරිනියකට තමන්ට මැඩම් කියලා කතා කලේ නැහැ කියා සිදුකල කලබැගෑනිය. සිදුවූ දෙය ගැන කණගාටු වෙන නමුත් කාන්තාවක් සැම කල්හිම තමාගේ තනතුරු, ලාභ ගැන නිහතමානී වීම කොච්චර වැදගත්ද? තවත් තරුණ නිළියක් හිටියා පසුගිය කාලයේ රටේ මිනිස්සුන්ගේ උගත්කම මහා ලොකු දෙයක් නෙවෙයි කියා දේශපාලන රැස්වීම් වල උඩ පැනපු. ඔක්කොටම හොඳ පාඩම් මේවා.

:       1       234

rohana Friday, 03 November 2017 12:21 PM

අනේ කලින් හිටපු ඇමතිවරු එහෙම කලේ නැහැ නේද?

:       2       24

mahinda abekoon. Friday, 03 November 2017 12:29 PM

එතකොට මේකටත් පිණ්ඩපාතේ යමින් පාරට බහියිද?

:       442       626

shehan Friday, 03 November 2017 12:31 PM

අායෙත් පිඬු සිඟා වැඩීමක් ළඟදීම බලාපොරොත්තු වන්න.

:       240       416

ravin Friday, 03 November 2017 01:02 PM

මට හිතෙන විදියට නම් දහනවවන සංශෝධනය බල සහිත වුණු දවසෙන් පසුව ගත්ත රාජ්‍ය පහසුකම් හා ගාස්තු පමණක් නැවත ගෙවිය යුතුවේ. නිරූපිත වශයෙන් සඳහන් නොකලොත් නීතියක් බල පවත්වන්නේ එම නීතිය සම්මත වූ දින සිටයි.

:       0       63

ධම්ම Friday, 03 November 2017 01:10 PM

මේ නීතිය නොසලකා අැගේ අපේක්ෂකත්වය අනුමත කළ ඡන්ද කොමසාරිස් ඇතුළු වගකිව යුත්තන්ට මොකද වෙන්නේ?

:       29       143

aseSaturday, 04 November 2017 04:07 AM

හරි ඔය නිතිය යතටේ සපයා තිබෙනේ තොරතුරු වරදතාවය උඩ දකුණු පළාතේ චන්ද ලැයිස්තුව අවලංගු නැද්ද ???

:       1       60

sunil Friday, 03 November 2017 01:16 PM

සිම්පල් නේ. බොස් එක චෙක් එකකින් ගෙවලා දමාවි.

:       1       156

de silva Friday, 03 November 2017 02:39 PM

මුදල් අයකරගෙන විතරක් මදි... ඔය නීති සම්මත කර ගන්නකොට ගීතාත් පාර්ලිමේන්තුවේ හිටියා. වැරදි බව දැන දැනම නාමයෝජනා අත්සන්කළ, මැයගේ ක්‍රියාකලාපය නිසා පියසේන ගමගේට අගතියක් වෙලා තිබෙනවා. සිර දඬුවමකුත් ලබා දිය යුතුය. යමෙක් යම්කිසි හොරකමක් වංචාවක් කරලා වංචාව අහුවුණාට පස්සේ, එම මුදල නැවත අයිතිකාරයට බාරදුන්නාම ප්‍රශ්නය එතනින් ඉවර වෙනවද?

:       76       186

de silva Friday, 03 November 2017 02:47 PM

රාජපක්ෂ පවුල යුද්ධයෙන් පස්සේ යුද්ධය ඉස්සරහට දමාගෙන කරපු වැරදි වැඩ ගැන මගේ කිසිම පැහැදීමක් නැත. නමුත් එක දෙයක් සඳහන් කලයුතුය. ඝෝඨාභය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙලා හිටියේ නැහැ. ඔහු කලේ ආරක්ෂක ලේකම් කමයි. මොන පුරවැසිභාවය තිබුණත් ඔහුගේ කාර්ය භාරය ඔහු හරියට කළා. ඉතිහාසයේ හිටපු කිසිම ආරක්ෂක ලේකම් වරයෙකුට බැරි වුණුදේ ඔහු කළා. ඔහුගේ කාලේ එහෙම නීතියක් තිබුණා නම් මට 100% විශ්වාසයි ඔහු ගීතා වගේ කොලේ වහලා වැරදි වැඩ කරන එකකක් නැහැ කියලා. විදේශ පුරවැසියන් වන අර්ජුන මහේන්ද්‍රන්, හිටපු ලිට්රෝ සභාපති ශාලිල මුනසිංහ වැනි පුද්ගලයන් ඔහුගේ අසලකින්වත් තැබිය නොහැකිය.

:       147       617

chandana Friday, 03 November 2017 02:52 PM

මෙතන අදාල හරි කමෙන්ට්ස් දෙකක් විතරමයි තියෙන්නේ. හරිම සරල දෙයක්. සිසිර, මාධව ගේ කමෙන්ට්ස් බලන්න.

:       28       14

nimal madawala Friday, 03 November 2017 07:24 PM

අනේ නෝනේ ,මොනා කරන්නද උන දේට කමක් නැහැ ,දැන් ටිකක් විවේක ගන්න මොකද මේක හොද අවස්ථාවක් ඔයාට ,දැන් ටියුසන් පන්තියකට ගිහින් ගණන් ටිකක් ඉගෙන ගන්න ,මොකද ඔයාට ගනන් බැහැ කියල රටේ හැමෝම කියනවා අනේ මගේ සුදු නෝනේ ලබන සැරේ හොදට ගණන් ඉගෙනගන එන්න

:       1       15

rama Friday, 03 November 2017 08:14 PM

ශික් කන්න දීල දිරවුනාට පස්සේ ඉල්ලන එක හරි නෑ නේද?

:       3       14

mahee Friday, 03 November 2017 09:19 PM

මම මේ කල්පනා කලේ මේ නීතියේ අනික් පැත්ත ගැන. ඒ කියන්නේ සමහර චුදිතයන් වැරදිකරු බවට තීරණය කරලා දඬුවමුත් වින්දට පස්සේ, සමහරවිට මරණ දඬුවමත් ලැබුවට පස්සේ, අනාවරණය වෙලා තියෙනවා ඔවුන් නිවැරදි කරුවන් බව. එහෙම නඩු තීන්දු මහ ගොඩක් තියෙනවා. රණසිංහ එරෙහිව අල්ලස් කොමසාරිස් නඩුවේදී රණසිංහ නිවැරදි බව තීරණය වුනේ ඔහු හිර දඬුවම් ලබල ඉවර වුනාට පස්සේ. ඒ නීතිමය ප්‍රශ්නයක් උඩ. ඉතින් මුල් නඩුව අහපු විනිසුරු හිරේ යවන්නද? රණසිංහට වන්දි ගෙවන්නද? නිරපරාදේ එල්ලුම් ගස් ගිය අයට පණ දෙන්නද? ඒ හින්ද වෙන්න ඕන කියමනක් තියෙන්නේ වැරදිකරුවන් දහයක් ක් බේරිලා යනවට වඩා අසාධාරණයි එක නිවරදිකරුවෙක් වැරදිකරු කරන එක කියල.

:       0       62

de silva berlin Friday, 03 November 2017 10:34 PM

ලංකාවේ නිතිය ක්‍රියාත්මක වෙන්නේ අඹ හොරට එක විදිහකට , මහා බැංකු හොරට තව විදිහකට ,එකම වරද කරපු නාමල්ට සහ , ප්‍රසන්න රණවීරට දෙවිදිහකට , ගීතට සල්ලි ගෙවුවොත් නිදහස් වෙන්න පුළුවන් , එක්කෝ මට මේ ක්‍රමය තේරුම් ගන්න මගේ දැනුම මදි , කොහොම නමුත් මට හිතෙන්නේ "වන් ෂොට් " කියපු කතාව හරියටම හරි , 2015 දී අපිට පොරොන්දු වුන යහ පාලනය තවම ලංකාවට ළඟාවී නොමැත

:       0       6

Asanka Friday, 03 November 2017 10:41 PM

මෙතුමියට එහෙනම් විමල් වීරවංස මන්ත්‍රී තුමා පාර්ලිමේන්තුවට බෝම්බ දැම්මත් ජීවිතය බේරාගෙන ගෙදරට වෙලා ඉන්න පුළුවන්. සල්ලි ටික ගෙවල දැම්මත් ජීවිතය බේරාගෙන ඉන්න පුළුවන් වීම ලොකු දෙයක්.

:       2       2

Siri Perera Saturday, 04 November 2017 01:55 AM

ඔච්චර පොහොසත් ජනප්‍රිය නිලියක් මොකටද මන්ත්‍රී වැටුප් - දීමනා ලබාගත්තේ. ගරු සේවයක් කරන්න තිබුනනේ !

:       1       5

NIRESH Saturday, 04 November 2017 04:16 AM

දැන් ඉතින් පාරවල් ගානේ ගිහින් සල්ලි එකතු කරන්න පුළුවං. හාමුදුරුවෝ ටික ඉස්සරහට ආවනම් වැඩේ හරි. හැමදේටම උන්වහන්සේලා එනවනේ. හොරු ටික බේරගන්නත් ඉස්සරහට ආවනේ. අනේ පවු කියල කියන්නත් දුකයි.

:       143       153

Siri PereraSunday, 05 November 2017 06:34 PM

ඔව් ඔව් !! ඒවි ඒවි !

:       0       0

sanath Saturday, 04 November 2017 04:37 AM

දිවිත්ව පුරවැසිබාවය ගැන මතක් කරද්දී ,මට මතක් උනේ ,අර්ජුන් මහේන්ද්‍රන්ව.

:       43       139

kallathoniSaturday, 04 November 2017 06:14 AM

ඇයි අර දියෙන් කිරි වෙන්කරන කුරුලු පාටිය...

:       0       32

chamal Saturday, 04 November 2017 05:40 AM

චීවරධාරීන් ඔන්න ආයෙත් වැඩක් පටන් ගන්නයි යන්නේ... ගීතා වෙනුවෙන් පිණ්ඩපාතේ යන්න.

:       58       51

PA-RA Saturday, 04 November 2017 06:51 AM

මෙවැනි අය රටේ කොච්චර ඉන්නවද? රටේ මහජන මුදල්නේ... මේ පුංචි රටේ පාර්ලිමේන්තුවේ ඉන්න මැති, ඇමැති, මන්ත්‍රී සංඛ්‍යාව මේ රටට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ට ඉන්න ලේකම්වරුන්ට ලබාදෙන පහසුකම් මිනිසුන්ට පේන්නේ නැත. මෙරට දියුණු කරන්න අවංක 10ක් හොඳටම ඇති.... ඒ අය ඉන්නේ කොහේද? ලැබෙන්නේ කවදාද?

:       1       1

Thushara Saturday, 04 November 2017 07:47 AM

ගීතාට විතරද රටවල් 2 පුරවැසි භාවය තියෙන්නේ. ඔය මුස්ලිම්..දෙමල පක්ෂවල වැඩි දෙනෙකුට රටවල් 2..3 පුරවැසි භාවය තියෙනවා.. දැනට ඉන්න විපක්ෂ නායකයාටත් රටවල් 2ක පුරවැසි භාවය තියෙනවා...

:       0       76

gayan Saturday, 04 November 2017 08:01 AM

ගීතාගේ විතරක් නොව වැඩකට නැති සියලු දෙනාගේ වැටුප් දීමනා නැවත ගන්න ක්‍රමයක් හැදිය යුතුය.

:       0       21

Ranjith Silva Saturday, 04 November 2017 01:36 PM

මෙන්න තවත් ඇනවුමක්. වැඩ පටන්ගන්න ඉක්මණින්. වස් කාලේ ඉවර නිසා ශාසනෙන් අවුලක් නැහැ.

:       0       1

Lakmal Sunday, 05 November 2017 07:00 AM

මට තියන ගැටලුව මෙකයි. ගීතා මහජනතාවගේ මනාපයෙන් නිවැරදි විධිහට පාර්ලිමේන්තු අවා. නමුත් ද්විත්ව පුරවැසි බව නිසා අධිකරණය මන්ත්‍රීකම අහෝසි කලා. එස් බී දිසානායක , විජයමුණි සොය්ස වගේ අය මහජනතාව පරද්දල ගෙදර යැව්වා. නමුත් මේ අධිකරණයම කියනවා ඔවුන්ගේ මන්ත්‍රීකම නීත්‍යනුකුල බව.මම කියන්නේ නම් මැතිවරණ තියන්න අපරාදේ කාලය මුදල් වියදම් කරන්නේ නැතුව මන්ත්රීවරු තේරීමේ අභිමතානුසාරී බලය ව්‍යවස්ථාවෙන් පක්ෂ නායකයන්ට සහ අධිකරණයට ලබාදෙමු.

:       0       39

de silva Monday, 06 November 2017 08:05 AM

මව්බිමට ඔච්චර ආදරයක් තිබෙනවා නම්, ජනතාවට සේවය කරන්න ඔච්චර වුවමනාවක් තිබෙනවා නම්, ඡන්දය ප්‍රකාශයට පත්කළ දිනම ලංකාවේ ස්විස් තානාපති කාර්යාලයට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්විස් පුරවැසි බව ඉවත් කරන්න කියලා ලිපියක් තමාගේ ස්විස් ගමන් බලපත්‍රය තනියම හෝ මාධ්‍යවේදීන් පිරිවරාගෙන ගොස් බාරදුන්නා නම් කිසිම ප්‍රශ්නයක් නැහැනේ? එතකොට හොඳ පබ්ලිසිටි එකකුත් ලැබෙනවා. ස්විස් පුරවැසියකු කසාද බැන්ඳා කියලා අනිවාර්යයෙන් එහි පුරවැසිභාවය ගන්න අවශ්‍ය නැහැ. එතකොට වීසා එකක් ගන්න පුළුවන්... ඕනේ වෙලාවක ස්විට්සර්ලන්තයට යන්න එහි ජීවත් වෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 2114 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 617 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 946 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 922 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 1052 3

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 1187 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2030 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site