IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ගීත ලොවේ නවකයෙකු වන රෝහණ වික්‍රමසිංහගෙන් 'අද හෙට නුඹ මා'

2016-12-05-ent-102

ගීත කලා ලොවේ නවකයෙකු වන රෝහණ වික්‍රමසිංහගේ පළමු ගීතය වන "අද හෙට නුඹ මා" ගීතය පසුගියදා එළිදක්වනු ලැබීය. මේ වනවිට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතින එම ගීතය පිළිබඳව අපත් සමග කතා බහට කිරීමට රෝහණ "සාරවිට" සමග එක්වූ මොහොතකි මේ.

 

ඔබේ නම කිව්වොත්?

2016-12-05-ent-104මම රෝහණ වික්‍රමසිංහ

 

කලාවට එකතු වෙන්නේ කොයි කාලෙද?

මගේ පුංචිම කාලෙ ඉඳලා. ඒ කියන්නේ ....ගායනා කරන්න පුළුවන් කියලා දැනගත්ත දවස් වල ඉදලා.

 

කරපු පළමුවැනි නිර්මාණය ගැන කිවුවොත්?

ඒක මගේ ජීවිතයේ ලොකුම හීනයක්. ගොඩාක් කල් ඉඳලා නිර්මාණය කරන්න හිතුවට අපහසු වුණා. මගේ මුල්ම ගීතය සංගීතවත් කළේ නව පරපුරේ දක්ෂම තනු නිර්මාණය ශිල්පියකු වන සඳරුවන් ජයසිංහ. ඒ වගේම පද රචනා කළේ සුලෝචන රාජපක්ෂ මල්ලි. එයත් නව පරපුරේ ඉතා දක්ෂ කලාකරුවෙක්. ඒ වගේම මෙහි රූප රචනා කළේ ලීන් මුතුකුඩ. ඊට අමතරව ගොඩාක් අය ඉන්නවා මෙම නිර්සාණය සඳහා උදවු කළ අය.

 

ඇයි පළමු නිර්මාණයට මේ තරම් කාලයක් ගියේ?

ඒක මෙහෙමයි සිද්ධ වෙන්නෙ. මම උසස් පෙළින් පසුව ලංකාවේ සංගීත කටයුතු කරන අතර මට සිද්ධ වෙනව 2005 වසරේ ලංකාව හැර පිට රට රැකියාවකට යන්න. ඊට පසුව 2008 වසරේ ආපසු ආවත් නැවතත් 2009 විදෙස් ගතවෙන්න වෙනවා. ආයෙම වසර ගණනාවකට පසුවයි මම ලංකාව එන්නේ. ඒ කියන්නේ 2015 දී. ඊට පසුවයි මම මගේ මුල්ම නිර්මාණය කරන්න පටන් ගන්නේ.

 

කොහොමද ගීතයට ලැබෙන ප්‍රතිචාර?

මේ ගීතය එළියට ඇවිල්ල තවම ඉතා ටික දවසයි. ඒ ටික දිනට මම හිතුවට වඩා අය මට කතා කරල සුබ පතනව තවමත්. ගීතය නරඹා ඇති අය ඉතා විශාල ප්‍රමාණයක්. ගොඩාක් අය මගේ ගීතය රස විඳල තියෙනවා කියල මට දැනෙනවා. එහි ඝෝෂාකාරී බව ඉතා අඩුයි. කෙනෙකුට හොඳ රසයක් විඳින්න පුළුවන් විදිහේ ගීතයක් කියලා කියන්න පුළුවන්.

 

ඉදිරි කටයුතු ගැන කිවුවොත්?

මේ ගීතය සමග මම ආරම්භ කළ මගේ නිර්මාණය කටයුතු මම ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. තව ටික කලකින් නැවතත් ඉතා ලස්සන ගී නිර්මාණ වලින් මම මගේ රසිකයෝ ගාවට එනවා. අද ලංකාවේ හතු පිපෙන්නාක් මෙන් ගායකයෝ බිහිවන යුගයක්. නමුත් මට ඊට වඩා ලොකු අරමුණක් තියෙනවා. ඉතා හොඳ නිර්මාණ වලින් පමණක් මම ඉදිරියට එන්නයි මගේ බලාපොරොත්තුව. ඩිජිටල්කරණයෙන් විතරක් ගායනා නොකර නියම classical ගීත වලිනුත් මම ඉදිරියට මගේ නිර්මාණය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

අනිවාර්යයෙන්. මුලින්ම මගේ මේ ගමනට ඉතා ලොකු දිරිගැන්වීම කළේ මගේ ආදරණීය බිරිඳ, එයාව මතක් කරනවා. ඒ වගේම. මගේ family එකේ අය ගොඩාක් මට උපකාර කළා. මේ රූප රචනාව තුළ සිටින සියලුම දෙනාම ඉතා ආදරයෙන් මතක් කරනවා. ඒ වෙනුවෙන් මහන්සියෙන් වැඩ කරපු සියලු දෙනා මතක් කරන්න ඕනෙ. නම් නොකීවට ගොඩාක් අය යම් නිර්මාණක් පිටුපස සිටිනවා. ඒ සියලුදෙනා ආදරයෙන් මතක් කරන්න ඕනෙ.

2016-12-05-ent-105
2016-12-05-ent-103
2016-12-05-ent-101
2016-12-05-ent-100
2016-12-05-ent-99



අදහස් (0)

ගීත ලොවේ නවකයෙකු වන රෝහණ වික්‍රමසිංහගෙන් 'අද හෙට නුඹ මා'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 2892 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 503 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 753 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2733 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3566 7

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1935 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40148 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25987 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 261 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1325 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site