IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ගීතා විහිළු කරයි

ආණ්ඩුවට එක්වන්නැයි අගමැතිවරයා තමාට කළ ආරාධනය බාරගැනීමට නම් පළමුව අගමැතිධුරය මහින්ද රාජපක්ෂ මහතාට පිරිනමන්නැයි තමා ඉල්ලා සිටින බව ගාල්ල දිස්ත්‍රික් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය පවසන්නීය.

එසේ කළහොත් රනිල් වික්‍රමසිංහ මහතාට උපදේශක තනතුරක් ලබා දී ආණ්ඩුවට සහාය පළකිරීමට තමා කටයුතු කරන බව කුමාරසිංහ මහත්මිය පැවැසුවාය.

මීළඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු හැටියට තරඟ කිරීමට ද රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාව සලසා දෙන බව ද මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කළාය.



අදහස් (0)

ගීතා විහිළු කරයි

රුවන් Friday, 22 July 2016 09:01 AM

බෙන්තොට මිනිස්සු මෙයට ඡන්දේ දුන්නේ නැහැ . මුතුහෙට්ටිගේ මනාපෙන් තමයි මෙයා ගොඩ ගියේ මහින්ද ලොක්කට පින්සිද්ද වෙන්න. (ම)

:       0       0

තුසිත Friday, 22 July 2016 09:09 AM

එක තමයි හරි ක්‍රමය (ම)

:       0       0

නවරත්න බණ්ඩාර Friday, 22 July 2016 09:14 AM

මේක සිනමාව නොවෙයි නේද ? (ම)

:       0       0

මහේෂ් Friday, 22 July 2016 09:25 AM

අගමැතිතුමාගේ විහිලුවට ගීත නෝනා සීරියස් වෙලා. (බ)

:       0       0

උපුල් ගලප්පත්ති Friday, 22 July 2016 09:26 AM

පාලම යට තමයි. (බ)

:       0       0

විජය Friday, 22 July 2016 09:21 AM

ඔලුවේ විතරක් නොවේ, උඩ ඉදන් පහලටම පිස්සු වගේ, අර කිව්වා වගේ, මේ වගේ කට්ටියට ඡන්දය දුන්න කට්ටියට තමා හොඳටම පිස්සු (බ)

:       0       0

තුල්සි Friday, 22 July 2016 09:34 AM

බෙන්තර ඇල්පිටියේ ජනතාවට දැන් හරි සතුටු ඇති (නි)

:       0       0

කෝනාර Friday, 22 July 2016 09:29 AM

අනේ මන්දා මෙහෙමත් ජනතා නියෝජිතයෝ? (නි)

:       0       0

යසෝධරා Friday, 22 July 2016 09:32 AM

ගීතාගෙන් අහපු එකට සුදුසුම උත්තර දීලා තිබෙනවා (නි)

:       0       0

ලෙස්ලි Friday, 22 July 2016 09:37 AM

අනේ මන්දා මෙහෙම අය පාර්ලිමේන්තුවට සුදුසුද කියලා (නි)

:       0       0

නිහාල් Saturday, 23 July 2016 12:06 AM

ගීතාට විහිළු කළ නිසා එයත් හිතන්න ඇති විහිළුවෙන්ම උත්තර දෙන්න (නි)

:       0       0

ක්‍රිස් Friday, 22 July 2016 09:41 AM

දකුණු ඉන්දියාවේ සිනමා පටයක් වාගේ. මේ වාගේ අයටත් ඡන්දය දෙන අය ඉන්න එකම දේශය අපගේ සිරිලංකාව වෙන්න ඕනෑ. (නි)

:       0       0

රාධා Saturday, 23 July 2016 12:10 AM

අගමැති කරන්න හොඳ වෙන කෙනෙක් මතක්වෙන්නෙම නැද්ද? (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Friday, 22 July 2016 09:41 AM

විහිළු නාට්‍යයක රඟපාන චරිතයක දෙබසක්ද දන්නේ නැහැ කියලා තියෙන්නේ. (නි)

:       0       0

කමණි Friday, 22 July 2016 09:53 AM

රටක් පාලනය කරන්න තරම් උගත්කම ඇති මේ වගේ අය කියනදේට අපි ඇහුම්කන් දියයුතුයි. (නි)

:       0       0

සිරි Saturday, 23 July 2016 12:34 AM

ගීතව ගත්තහම මොකද? ඡන්ද 5000ක් ගත්ත අයටත් ඇමතිකමකුත් දීලා තියෙන එකේ කාටද පිස්සු? ගීතටද, අපිටද? (නි)

:       0       0

සෑම් Friday, 22 July 2016 09:48 AM

මේකේ අදහස් දාන ගොඩක් අය ප්‍රවෘත්තිය කියවලා නොවෙයි අදහස් දාලා තියෙන්නේ. රනිල් තමයි ගීතට ආරාධනා කරලා තියෙන්නේ එයාලත් එක්ක ගීතට එකතුවෙන්න කියලා. (නි)

:       0       0

ඉසුරු Friday, 22 July 2016 09:53 AM

ඇත්තටම මෙහෙම කට්ටියනේ අපි පත්කරගත්තේ? (නි)

:       0       0

විජේසුන්දර Saturday, 23 July 2016 01:19 AM

මෙම සිද්ධිය නිසාවත් ඔහු තේරුම්ගත යුතුයි, මීටවඩා සිතාබලා කටයුතු කළොත් එය සියලු දෙනාටම ආදර්ශයක් වනු ඇති බව (නි)

:       0       0

අසංග Friday, 22 July 2016 10:04 AM

මෙයාලට නොවෙයි මඩු වලේගෙන් තලන්න ඕනෑ, බෙන්තර ඇල්පිටියේ මිනිසුන්ටයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 22 July 2016 10:00 AM

මේ ඊයේ පෙරේදා වතුර ගැන කතා කරන්න ගිහින් ඡන්දදායකයන්ගෙන් හොඳටම නා ගත්තා නේද? (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 23 July 2016 01:30 AM

අගමැතිතුමා කරලා තියෙන්නේත් විහිළු තමයි. දැන් පෙනෙනවානේ හොඳටම (නි)

:       0       0

ජයන්ත Saturday, 23 July 2016 01:36 AM

ඔව් ඔව් ඉක්මනින්ම උපදේශකකමක් දෙන්න ඕනෑ (නි)

:       0       0

සුරනිමල Saturday, 23 July 2016 01:51 AM

ඔක්කොම විහිළුකාරයෝ වෙලා. අනේ අපේ රටට ගිය කල! (නි)

:       0       0

සහන Friday, 22 July 2016 10:26 AM

තියන්න ඕන තැන්වල මිනිස්ස්සු තිබ්බේ නැතිවුණාම ඔය වගේ කතා ඇහෙනවා. (ර)

:       0       0

සාමා Friday, 22 July 2016 10:39 AM

මේවා වැඩිය ගණන් ගන්න එපා. (ර)

:       0       0

සෑම් Friday, 22 July 2016 10:37 AM

අගමැතිතුමා විහිලුවට කිවේ... (ර)

:       0       0

සංක Friday, 22 July 2016 11:07 AM

මෙයාව ගන්නේ මොනාටද?වෙන වැඩ නැද්ද? (ර)

:       0       0

ජයකොඩි Saturday, 23 July 2016 03:46 AM

මේ විහිළු වලට හිනාත් යනවා.(හේ)

:       0       0

සිසිර Friday, 22 July 2016 11:27 AM

මේ කට්ටිය විහිළු කරනවා අපි බලන් ඉන්නවා. (ර)

:       0       0

හේවා Friday, 22 July 2016 11:25 AM

අගමැති තුමා විහිළුවෙන් කියපු කතාවට විහිළුවෙන්ම පිළිතුරු දීම ගැන මටත් හිනා... (ර)

:       0       0

හේවා Friday, 22 July 2016 11:38 AM

පාර්ලිමේන්තුව දැන් විනෝද සමය හා සමාන වෙලා ඇනස්ලි බර්ටි ගුනතිලක මොන විහිලු කාරයෝද බැලුවහම. (ර)

:       0       0

තරා Friday, 22 July 2016 11:43 AM

සමහරවිට ඇය හිතනවා ඇති මේක ෆිල්ම් එකක් කියලා. (ර)

:       0       0

පිටිගල Saturday, 23 July 2016 04:05 AM

මෙයාව ගත්තොත් බුදු සරණයි.(හේ)

:       0       0

මලිත් Friday, 22 July 2016 11:57 AM

මේවට දෙකොනින් හිනා යනවා. (ර)

:       0       0

සමන්ත Friday, 22 July 2016 12:09 PM

මේ කියන ඒවා ඒ ගණන් ගන්න එපා. මොකද මෙයාලා හිතාගෙන ඉන්නේ මේ යන්නේ චිත්‍රපටියක කෑල්ලක් කියලාද කොහෙද. (නි)

:       0       0

අසාද් Saturday, 23 July 2016 04:36 AM

දකුණේ බුද්ධිමත් ජනතාව විසින් පත්කර ගත්තා වූ ජනහිතකාමී ජනතා සේවිකාව. බහුතර ජනතාවක් විසින් පත්කරගත් අගමැතිවරයෙක් වෙනුවට ජනතාව ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරයෙක් අගමැති කිරීමට තමාගේ බුද්ධිමත් දකුණේ ජනතාව සමඟ රට සැදීමට සහයදීමට කැමති බව ප්‍රකාශ කිරීම ගැන සතුටුයි. මෙවැනි පාලකයන් උත්තරිතර වූ පාර්ලිමේන්තුවට ඔබ යැවු දකුණේ ජනයාට ප්‍රණාමය! ලංකාව කවදාවත් සැදිය නොහැක. ජනතාව වෙනස් වනතුරු එය කළනොහැක. (නි)

:       0       0

ලලීන් Friday, 22 July 2016 12:11 PM

බෙන්තර මිනිස්සු ඇයි මෙහෙම අයට ඡන්දෙ දෙන්නේ? (නි)

:       0       0

නිශා Friday, 22 July 2016 12:14 PM

එහෙම එන්න කියන වෙලාවට එන්න පුලුවන්ද? මොකද රූකඩ නෙමෙයිනේ. ඒත් ආත්ම ගරුත්වයක් ඇති අය (නි)

:       0       0

ජයන්ත Saturday, 23 July 2016 05:36 AM

අදහස් දක්වා තියන ඒවායෙන් පේන්නේ පාර්ලිමේන්තුව ජනතාවට විහිලු සපයන තැනක් වගෙයි. ඉතිරි අවුරුදු 3 - 4 ත් මෙහෙම විහිළුවෙන් ගතවෙලා යයිද? (නි)

:       0       0

සුනිමාලි ටොරොන්ටෝ Friday, 22 July 2016 12:20 PM

මේ දේශපාලනයට සුදුසු අය නොවේ. ද්විත්ව පුරවැසිබව නිසා එක පැත්තකින් සහ හැසිරීම තව පැත්තකින්. (නි)

:       0       0

නිල්හාන් Friday, 22 July 2016 12:20 PM

ගීතා තැනට සුදුසු නුවණ පාවිච්චි කර තිබෙනවා (නි)

:       0       0

කේ. පෙරේරා Friday, 22 July 2016 12:29 PM

මේ වගේ විකාර වැඩ නිසා තමා මහින්ද මහතා පරාජය වුණේ. (නි)

:       0       0

බණ්ඩා කුවේට් Friday, 22 July 2016 12:32 PM

මෙතුමිය ගත්තට වරදකුත් නැහැ ඉතින් (නි)

:       0       0

ජෙහාන් Friday, 22 July 2016 12:59 PM

මට බෙන්තර ඇල්පිටියේ මිනිස්සු මතක් වෙනකොට මඩු වලිගයත් සිහියට එනවා. (නි)

:       0       0

උදාරත් Friday, 22 July 2016 01:04 PM

විහිළුවක් වුණත් නියම උත්තරයක්! (නි)

:       0       0

ගමගේ Friday, 22 July 2016 12:59 PM

ගීතාගේ ප්‍රතිපත්තිගරුක බව අගය කරනවා (නි)

:       0       0

හේමපාල Friday, 22 July 2016 01:54 PM

ගීතා හොඳ උත්තරයක් දීලා තියෙනවා (නි)

:       0       0

සහන් Friday, 22 July 2016 01:55 PM

අලුතෙන් පාර්ලිමේන්තු එන දරුවන්ට ඉගෙනගන්න සෑහෙන දේවල් තියෙනවා වගෙයි (නි)

:       0       0

ජනහිත Friday, 22 July 2016 02:01 PM

විහිලුවට හෝ ඇත්තට කියලා තියන දේ නම් හරි කරන වැඩ දිහා බලනකොට. පිරිනැමීමකට බාරගැනීමකුත් තියෙන්න එපායැ. දැන් ඉතින් මොකද කියන්නේ බලමු. (නි)

:       0       0

ධම්ම Friday, 22 July 2016 02:19 PM

අගමැතිගේ විහිළුවට මන්ත්‍රිනියගේ විහිළුව හොඳට ගැළපෙනවා. (නි)

:       0       0

ජෙහාන් Friday, 22 July 2016 02:21 PM

ගීතා නොවෙයිනේ දැන් රටේ ලොකුම ප්‍රශ්නය. අපේ සමහරුන්ට මේවා තමයි ලොකු (නි)

:       0       0

නිම්මි Friday, 22 July 2016 02:34 PM

හැමෝටම පෙනෙන්නේ මෙයාගේ වරද. ඒත් අනේ අගමැතිතුමා කියපු කතාවත් වැරදියි කියලා කාටවත් හිතෙන්නේ නැද්ද? මෙතුමිය නම් සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක්. එ්ත් අගමැතිතුමා හැසිරෙන විදිය කොහොමද? (නි)

:       0       0

යෙහාන් Friday, 22 July 2016 02:48 PM

අපේ අගමැතිතුමාත් අනවශ්‍ය කතානේ කියන්න යන්නේ (නි)

:       0       0

පර්සි Friday, 22 July 2016 03:52 PM

කවුරුත් මේකට කලබල වෙන්න අවශ්‍ය නැහැ. (නි)

:       0       0

කරු Friday, 22 July 2016 04:13 PM

ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැනේ. (නි)

:       0       0

පරාක්‍රම Friday, 22 July 2016 04:13 PM

මේ මෙතුමිය මේ ළඟදී රඟපාන්න බලාගෙන ඉන්න චිත්‍රපටියේ එයාගෙම තිරරචනයේ එන විහිළු කෑල්ලක් කියලයි අපිට හිතෙන්නේ. එනිසා එතරම් ගණන් ගතයුතු නැහැ. (නි)

:       0       0

ලලිත් Friday, 22 July 2016 04:23 PM

රටේ පාර්ලිමේන්තුව කියන්නේ රටේ අනාගතයට අවශ්‍ය නීතිරීති අණපනත් සාදන ඉදිරි සංවර්ධන වැඩ පිළිබඳව තීරණ ගන්න තැන. එතනට ජනතා නියෝජිතයෝ විදියට යායුත්තේ දැන උගත් උදවිය. ඒ මෙයාලා එතන අපතේ යවන සෑම විනඩියක්ම රටේ මුළුමහත් ජනතාවගේ අනාගතයෙන් කොටසක් නිසා. දැන් පාර්ලිමේන්තුවට යැවුවහම විහිලු බල බලා ඉන්න තමයි වෙන්නේ. විහිලු විතරක් පෙන්නලා නතර වුණොත් ඇති ඉදිරියට. (නි)

:       0       0

අප්පුහාමි Friday, 22 July 2016 04:27 PM

අපේ රටේ වෙන මේ වැඩ වලට ලෝකයා හිනාවෙනවා (නි)

:       0       0

ගොඩගේ Friday, 22 July 2016 04:53 PM

නියමයි ගීතා. රනිල් මොකටද එයාගේ පැත්තට එන්න කියලා ගීතට කිව්වේ. උත්තරය හරියට හරි. (නි)

:       0       0

විකී Friday, 22 July 2016 05:21 PM

මේ වගේ අය පාර්ලිමේන්තුවට යවපු අයටයි මඩු වලිගයෙන් ගහන්න ඕනෑ (නි)

:       0       0

අමිරා Friday, 22 July 2016 05:23 PM

ව්‍යවස්ථාවේ තියෙන්නේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට යන්න බැහැ කියලා. මෙයාගේ තියෙන නඩුව අවුරුදු පහකට විතර පසුවවත් අසා තීන්දුවක් දී දැන් ගෙවන වැටුප් දීමනා නැවත අයකරගන්නට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරනවා නම් අපි සතුටුයි (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 22 July 2016 05:32 PM

ඒ වගේ කතාවලට උත්තර දෙන්න වෙන්නේ ඔහොම තමයි. (නි)

:       0       0

මුණසිංහ Friday, 22 July 2016 05:32 PM

අගමැතිතුමාගේ කතාවලට වඩා මට නම් මේ කතාව අර්ථවත් එකක්. (නි)

:       0       0

අනුර Friday, 22 July 2016 05:43 PM

මහ ලොකුවට කාන්තා විමුක්තිය ගැන කතාකරන සමහරු කාන්තාවක් පාර්ලිමේන්තුවේ තමන්ගේ අදහසක් ප්‍රකාශ කරපු එකත් හාස්‍යයට ලක්කිරීම ගැන කණගාටු වෙනවා (නි)

:       0       0

නදීර Friday, 22 July 2016 07:03 PM

මොළේ තරම තමයි. මතකනේ ඔය පැත්තේ ඡන්ද ප්‍රතිඵල? හරි මොළේ ඇති අයනේ ඉන්නෙ ඔය පළාතේ. (නි)

:       0       0

නන්ද Friday, 22 July 2016 08:09 AM

කාන්තාවක විසින් ගෙනෙනු ලබන යෝජනා එතරම් සැලකිල්ලට ගතයුතු නැහැ.(හේ)

:       0       0

ධම්මික Friday, 22 July 2016 08:10 AM

මෙයා ගිය උඩක්.(හේ)

:       0       0

ජයන්ත Friday, 22 July 2016 08:16 AM

මෙයාට නෙවෙයි, බෙන්තර ඇල්පිටියේ මිනිස්සුන්ටයි පිස්සු!! (හේ)

:       0       0

මදුරංග Friday, 22 July 2016 08:20 AM

මොකක්ද මේ කතාවේ තේරුම?(හේ)

:       0       0

සුසිල් Friday, 22 July 2016 08:17 AM

ඇයි මෙයාව ගන්න හදන්නේ.(හේ)

:       0       0

අසංක Friday, 22 July 2016 08:25 AM

අනේ මේ කියන දේවල් ටික කරලා ඉක්මනට ගීතව ගන්න..(හේ)

:       0       0

සුමනපාල Friday, 22 July 2016 08:31 AM

කවුද මේ අයව පක්ෂයකට ගන්නේ.(හේ)

:       0       0

නිවන්ත Friday, 22 July 2016 09:18 PM

ගැහැණු නුවණ හැඳි මිටේ තරමලු. එ් නිසා මේ කතා ගැන එතරම් සැළකිල්ලට ගත යුතු නැහැ. (නි)

:       0       0

සුනිල් Friday, 22 July 2016 08:36 AM

මුල්ලේරියාව පැත්තේ වත් ගියොත් නරකද බෙහෙත් ටිකක් ගන්න. (හේ)

:       0       0

මොරවක Friday, 22 July 2016 10:20 PM

ගීතා අවස්ථාවට ගැළපෙන්න උත්තර දීලා තියෙනවා (නි)

:       0       0

සෑම් Friday, 22 July 2016 08:41 AM

දැන් ආයේ කරලියට ඇවිල්ලා වගේ.(හේ)

:       0       0

බන්දුල Friday, 22 July 2016 10:22 PM

අගමැතිතුමාගෙන් අපි අහලා තිබෙන විහිළු කතාවලට මේකත් විහිළුවක්ද කියලා හිතෙනවා (නි)

:       0       0

කමනි Friday, 22 July 2016 08:43 AM

නුසුදුසු අයත් එක්ක කතාවට ගියාම මේවාගේ දේවල් අහගන්න වෙනවා.(ම)

:       0       0

බමුණුසිංහ Friday, 22 July 2016 10:24 PM

විජය, එතකොට මෙයාට තමන්ගේ පැත්තට කතාකරපු කෙනා? මට පෙනෙන විදිහට ගීතා නියම පිළිතුර දී තිබෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 780 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 2209 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 11254 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 567 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1942 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3834 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39058 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1073 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site