IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘ගෙදර උදවියට මරණ තර්ජන‘

ඉතාලියේ ෆිරෙන්සි නුවර සේවය කරන ජයන්ත උදයසිරි මහතාගේ බිරිඳත් දරු දෙදෙනාත් 231.1 මල්වතු හිරිපිටිය , බුත්පිටිය, ගම්පහ යන ලිපිනයෙ ජිවත් වෙති.

පසුගිය මැයි මාසයේ දී   නිවසට පැන දරු දෙදෙනා සමග  ජිවත්වන තම බිරිඳට දෙවරක් පහර දී තෙවරක්ම මරණ තර්ජන සිදුකළ බවත් පසුගිය 23 වෙනිදා නැවතත්   තම බිරිදට පහරදීමෙන් ඇය රාගම රොහලට ඇතුළත් කළ බවත්  උදයසිරි මහතා කියයි.

 මේ පිලිබඳව මල්වතු හිරිපිටිය පොලිසියට ගොස් පැමිණිලි පහක්  බවද  කිසිදු පැමිණිල්ලක් විභාග නොකළ බව ද මේ වනවිට තමාගේ බිරිද හා දරු දෙදෙනා පත්ව ඇති අවාසනාවන්ත තත්ත්වය නිසා තමාට ද නිදහසේ රෑකියාව කර ගැනීමට නොහැකි තත්වයක් මතුව ඇති බව ද ඒ මහතා පවසයි.

 චාන්දනි දිලූකා ප්‍රනාන්දු පැමිණිලි පහක් කර ඇති බවත්,  ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ බවත් පොලිසිය කියයි.

 23 වැනිදා පැමිණිලි කළ පැමිණිල්ල අනුව ඇයට රෝහල් ගත වීමට උපදෙස් දුන් බව ද පොලිසිය සඳහන් කරයි.  පොලිසිය සාධාරණව හා අපක්ෂපාතීව පරීක්ෂණ කරන බව ද මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.



අදහස් (0)

‘ගෙදර උදවියට මරණ තර්ජන‘

බණ්ඩා Wednesday, 27 November 2013 02:42 PM

කව්ද දන්නේ ඉතාලි යවනවා කියල මෙයාල මිනිස්සුන්ගෙන් සල්ලි අරන් තියෙනවද කියල (නදී)

:       0       0

දුනිදු Tuesday, 26 November 2013 09:16 PM

තුන්වන ලෝකයේ පොලිසිය මෙහෙයවන්නේ දෙසපාලකයෝ ,මෙම තත්වය ලංකාවේදී හරි වෙනස්වේවා.

:       0       0

සාරසී Tuesday, 26 November 2013 09:29 PM

කවුද ඔය වැඩ කරන්නේ කියල හෙළි කරන්න බැරිද ? (ස)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 26 November 2013 09:39 PM

පරාධකරුවන් අත් අඩංගුවට ගන්නාවූ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබද වගකීම රජය භාරගන්නවා කියනවානම් පොලීසිය වහා ක්‍රියාත්මක වේවි.

:       0       0

මදු Tuesday, 26 November 2013 10:05 PM

පොලිසිය පගා ව ගන්න වා ඇති . එකයි හරියට නිතිය කොරන් නැත්තේ ? (අ)

:       0       0

ප්‍රියන්ත Wednesday, 27 November 2013 03:34 PM

පැමිණිලි පහක් දාලත් පොලිසියට වැඩක් නැත්නම් නීතිය අතට ගන්න එක සාධාරන වෙනවා නේද, සහෝදරවරුනි? (නි)

:       0       0

නිමල් ලලිතා Wednesday, 27 November 2013 09:57 AM

සිංහලරාවය, බොදු බලසේනා මේ විපතට පත් වෙලා ඉන්නේ සිංහල කාන්තාවක් සහ සිංහල දරුවන් දෙදෙනෙක්. සිංහලකම පෙන්වන්න මොවුන් වෙනුවෙන් ඉදිරිපත්වී ඔවුන්ට ආරක්ෂාව තහවුරු කරවන්න. මමත් ඔය දෙගොල්ලන්ටම සහය දක්වන ,ඔයගොල්ලන්ටත් වඩා සිංහලකම ගැන සිතන ආබදිතයෙක්.(නදී)

:       0       0

චින්තක Tuesday, 26 November 2013 10:45 PM

මේ පොලිසිය ගැන හොයා බලන්න. (නි)

:       0       0

තුෂී Wednesday, 27 November 2013 10:23 AM

මට මෙතන ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ ගෙදර අයට පහර දුන්නේ හොරුද? මංකොල්ල කාරයොද? අල්ලපු ගෙදරින්ද? (නදී)

:       0       0

ජානී-යූ.එස්. Tuesday, 26 November 2013 11:18 PM

එහෙම ගෙදරකට පැනලා නිකන්ම ගහනවද? මොකක් හරි පරණ කෝන්තරයක් ඇති. (නි)

:       0       0

ශෙරීන් Saturday, 07 December 2013 02:15 AM

සමහර විට, ඉතාලි යවනවා කියලා මුදල් අරන් ද දන්නේ නැහැ. මන් දැක්ක කෙනෙක් එහෙම ලියා තියෙනවා. මෙහෙ ඉන්න අපේ කට්ටිය එහෙම වැඩ අනන්තවත් කළා. අපේ ලංකාවේ මිනිසුන් ට බොරු බේගල් කියල මුදල් ගන්නවා. ඒ හරිය ලියන්න ගියොත් පත්තරයක් ලියන්න කරුණු තියෙනවා. කොහොම උනත් ගැහැනු කෙනා මොනා කරන්න ද? නමුත් ඇත්ත තත්වේ අපි දන්නේ නැහැ. ජීවිත ආරක්ෂාවට පදිංචිය වෙනස් කරන එකයි හොඳම විසඳුම. නැත්නම් ඉදිරියේදී අපිට දකින්න ලැබේවි මරල දාලා ගිහින් කියලා. ඒ මදිවට ඇඩ්රස් එක පත්තරේට දාලා. පොලිස් සහන මැදිරියට කියන්න. ඔක්කොටම කලින් පදිංචිය වෙනස් කරන්න.(නදී)

:       0       0

පෙරේරා Tuesday, 26 November 2013 11:31 PM

පිටරට ගිය පියවරුන්ට මෙවැනි කරදර වලට මුහුණ දෙන ගොඩක් තැන් තිබෙනවා අප දැනුවත්වම. එය මැඩලීම පොලිසියේ රාජකාරියයි. (නි)

:       0       0

සම්මික් Wednesday, 27 November 2013 12:00 AM

මෙම පොලිසිය පිළිබදව වහාම පරික්ෂණයක් කරන්න අවශ්‍යයි නේද? මෙහෙම ගියොත් අපිට රට වෙනුවෙන් ජිනිවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට උද්ඝෝෂණ කරන්නවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙය පිළිබදව පරික්ෂණයක් පවත්වා විනය විරෝධී වැඩක් කර තිබෙනවා නම් වහාම දඩුවම් දෙන්න (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 27 November 2013 11:01 AM

පොලිසිය හරියට රාජකාරි කලොත්,අර කොළඹ අපරාද කොට්ටාසයේ 17 ට වෙච්ච දේ වෙයි කියලා බය ඇති, (නදී)

:       0       0

ළහිරු සම්පත් Wednesday, 27 November 2013 11:11 AM

ඔය පොලිසිය ලගදි දැම්මේ මෙලෝ වැඩක් නැහැ. (නදී)

:       0       0

සම්පත් Wednesday, 27 November 2013 11:13 AM

ලංකාවේ හොඳ පොලිසිය. සිංදුවකුත් තියෙන්නේ. (නදී)

:       0       0

සත්‍යා Wednesday, 27 November 2013 01:12 AM

මේක ආශ්චර්යවත් ලංකාවනේ.අහන්නත් දෙයක්ද? (නි)

:       0       0

නසා Tuesday, 26 November 2013 05:44 PM

අයියෝ! ලංකාවේ පොලිසිය... (නි)

:       0       0

ෂා Wednesday, 27 November 2013 01:12 AM

මෙය සමහරවිට යම් සැළසුමක් වෙන්නත් පුළුවන් (නි)

:       0       0

ධම්ම Tuesday, 26 November 2013 05:48 PM

පොලිසියේ උපදෙස් නම් නියමයි. එතකොට දැන් පැමිණිලිකරු රෝහල් ගත කළවිට ප්‍රශ්නය විසඳෙනවාද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 26 November 2013 05:50 PM

පොලිස්පතිතුමාගේ අවධානය මෙයට යොමු වේවා! (නි)

:       0       0

ඇන්ටන් Wednesday, 27 November 2013 01:46 AM

පිටබැද්දර ජයා,බොරුවට පොලිසියට බනින්න එපා.මොකද හරියට විස්තරේ පැහැදිලි නැහැ තවම. නිකම්ම මිනිස්සු ගෙවල් වලට පැනලා කරදර කරන්නේ නැහැ. (නි)

:       0       0

ජානා Wednesday, 27 November 2013 11:25 AM

මෙය සමහරවිට යම් විස සැළසුමක් වෙන්නත් පුළුවන් (නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 26 November 2013 06:02 PM

අද කාලේ බහුතර පොලිසි ගැන නම් කියලා වැඩක් නැහැ (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 27 November 2013 02:07 AM

විත්තිකරුවන් හෝ සැකකරුවන් නොමැති නඩුවක්. එහෙත් පැමිණිලි කාරියගේ ලිපිනය පවා හෙළිදරව් කර ඇත.පොලිසියට ගිය විට රෝහලට ඇතුලත් වෙන්න කීවලු. කෝ මේ මානව හිමිකම් සංවිධාන.? කාන්තා නිදහසට කැප වුන සංවිධාන? ඒවා කුරුඳුවත්තේ නෝනලා ජොලියට දා ගත්ත ඒවාද? (අ)

:       0       0

කුමාරි Tuesday, 26 November 2013 06:19 PM

දැන් කවුද මේ ගෙදරට පැනල ගහන්නේ? කොහොමත් රට ගිහින් දහදුක් විදලා හරි හම්බ කර දරුවන් වෙනුවෙන් ඉතිරි කලාට අහල පහල අයගේ හිත් වල ඇති වෙන ඉරිසියාව රුසියාවට වඩා වැඩි වෙනවා. වෙන දෙයක් නැත්නම් වැටට හරි රණ්ඩු වෙනවා.(නදී)

:       0       0

මායා Wednesday, 27 November 2013 02:53 AM

හමුදාවට මේ වැඩේ භාරදුන්නා නම් සහනයක් ලැබෙනු ඇතැයි මම සිතනවා (නි)

:       0       0

රත් Wednesday, 27 November 2013 03:00 AM

අපේ ලංකාවේ පොලිස්... (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 26 November 2013 06:36 PM

තමන්ගේ බිරිඳ හා දරුවන් ගෙදර තියල රටත් යන්න බැරි තත්වයක් උදා වෙලා තිබෙන්නේ අද අපේ රටේ. ලංකාවේ මිනිසුන්ගේ අවාසනාව තමන්ගේ දුක කියන්න යන අයගෙන් කිසිම සෙතක් නොලැබීම. මුදල් වලට අද හැම දෙයක්ම යටත් වෙලා. අපේ ජනාධිපතිතුමන් හා මැති ඇමතිවරු පුවත්පත් කියවන්නේ නැතිපාටයි පේන්නේ. මෙතරම් අපරාධ සිදුවෙනවද එයාල වැස්සට නිසා හොඳට පොරවාගෙන ගොරව ගොරව නිදි වගේ. (නදී)

:       0       0

දිලිප් Wednesday, 27 November 2013 12:24 PM

මේකෙන් පෙනෙන දේ නොතේරෙයිද?  අපේ රටේ බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් නැත. යථාර්තය මේකයි.(නදී)

:       0       0

ලකී මිලානෝ Tuesday, 26 November 2013 06:50 PM

අපේ රටේ දේශපාලන බලවතෙක්ගේ හෙන්චියියල ටිකක් වෙන්න ඇති (නදී)

:       0       0

අරුන Tuesday, 26 November 2013 07:00 PM

අනේ ගුටි කෑවම හොස්පිටල් යවන්නද පොලිසිය ඉන්නේ. මම දන්නැති නිසයි අහන්නේ.(නදී)

:       0       0

මහේෂ් Tuesday, 26 November 2013 07:03 PM

මොකද මේ පුද්ගලික ලිපිනයන් පත්තර වල දාන්නේ ?(නදී)

:       0       0

ජානු Wednesday, 27 November 2013 07:44 PM

හැමදාම වගේ මේ පාරත් පොලිසියේ අයට ජරාව ලැබුනොත් මේ පැමිණිලි 5ම එකපාරට පරීක්ෂණයට ගනී. මතකනේ තලංගම පොලිසියේ අය මොකද කලේ කියලා. අපෝ පොලිසිය ගැන නම් කතා එපා. පැමිණිලි කාරයන්ට කරදර දෙනවා හැබැයි චුදිතයන්ට සැලකිලි මොකද පගාව අරන්.ලංකාවේ පොලිසියනේ. (නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Tuesday, 26 November 2013 07:30 PM

මේ අපරාධ කරුවන් හා සම්බන්ධ දේශපාලන සවියක් තිබෙන බවට සැක පහල වෙනවා. ජනාධිපතිතුමාට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කල හැකි නම් මේ අපරාධකරුවන් අත් අඩංගුවට ගන්නාවූ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබද වගකීම එතුමා බාරගන්නවා කියල හෙටම අත් අඩංගුවට ගනීවි. (නදී)

:       0       0

ගැමා Tuesday, 26 November 2013 07:31 PM

ගෙදර පිරිමියෙක් නැති අතරේ ගෙට පැනලා පොඩි දරුවන්ටයි ගැහැණියකුටයි ගහන එකා පිරිමියෙක්ද ? මේ ගැන සොයා බලලා මේ තිරිසනා නීතිය ඉදිරියට ගෙනෙන්නේ නැති අය මිනිස්සුද ? (නදී)

:       0       0

දයා Tuesday, 26 November 2013 07:41 PM

මෙහි කිසිම පැහැදිලි විස්තරයක් පෙන්වා නැහැ. හරි වැරැද්ද කාගෙද නොදනී. පොලීසිය ගැන නම් කියන්න තියෙන්නේ පොලීසිය බල්ලට ගිහින්නේ.(නදී)

:       0       0

තබුක් සිල්වා Tuesday, 26 November 2013 07:55 PM

ශ්‍රී ලංකාවේ පොලිසියේ අයට බැටන් පොල්ල අතට දීලා ඉස්සර වගේ කොට කලිසම ඇන්දුවා නම් ජනතාව වෙනුවෙන් යස අගේට සේවය කරයි.(නදී)

:       0       0

බණ්ඩා Tuesday, 26 November 2013 08:01 PM

මෙම වාර්තාව තව ටිකක් පැහැදිලි කරන්න.(නදී)

:       0       0

රවිනාත් විජේසේකර Tuesday, 26 November 2013 08:21 PM

මොකද මේ පිරිමියෙක් නැති ගෙදර ලිපිනය සම්පූර්නයෙන් දාලා. (නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 27 November 2013 01:40 PM

මේ පොලිසියට ඇම්බියුලන්ස් එකක් පරිත්‍යාග කරමු, පහර කෑමට ලක්වන පුද්ගලයින් රෝහල් ගතකිරීම සදහා, (නදී)

:       0       0

සත්‍යයා Wednesday, 27 November 2013 08:51 AM

අසරණ පවුල් ජීවත් කරමින් ලංකාවට විනිමය එවීමට පිටරටට ගොස් සේවය කරන කිසිම කෙනෙකුට හෝ ඒ අයගේ පවුල් වලට කිසිම ආරක්ෂාවක් නැහැ. මෙසේ දහදුක් විඳ එවන විදේශ වත්කම් වලින් සුර සැප විඳින අපගේ පරපෝෂිත දේශපාලන පරපුටුවන් අහිංසක ජනතාවට තම කෘතඥතාවය පෙන්වන හැටි නම් කදිමයි. (නි)

:       0       0

ආරියසේන Tuesday, 26 November 2013 08:52 PM

පොලිසියට පැමිණිලි සීයක් ආවොත් මෙයින් එකක් විතර විසඳෙනවා. ඒක ගැන ජනමාධ්‍යයෙන් විසාල ප්‍රසිද්දියක් ලබාදෙනවා. එවිට අනෙක් පැමිණිලි අනු නවයම යටයනවා. (නදී)

:       0       0

නාමල් Tuesday, 26 November 2013 08:57 PM

දැන් කව්ද ගෙදරට පැනල තියෙන්නේ ? මිනිහෙක්ද , ගෑණියක්ද, යකෙක්ද ? මෙව්වා ලියන මාධ්‍ය වෙදියෝන්ට කියවන්න වෙලාවක් නැද්ද ?(නදී)

:       0       0

රෝහණ Wednesday, 27 November 2013 02:25 PM

සමහර පාටකයන් සදහන් කර ඇති පරිදි මෙම මව හා දරුවන් ඉන්න නිවසේ ලිපිනය සදහන් කිරීම බොහොමත් වැරදියි. එය එම අයගේ අනාගත දිවියට ලොකු ප්‍රශ්නයක් වෙනවා. දැන් තිබෙන්නේ එම අයට වෙන තැනක පදිංච්චියට යාමයි. අනික පොලිසියත් මෙම අසරණයින් බේරාගැනීමට කටයුතු නොකිරීම හරිම ප්‍රෙෙහළිකාවක්.(නදී)

:       0       0

සම්පත් Wednesday, 27 November 2013 09:27 PM

පොලිසියට නීතිය ඉටුකරන්න නොහැකිවෙලා වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 66 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 162 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 523 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1085 1

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 808 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1501 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14561 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 147 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site