IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ගින්දරක් දී ගින්දර සමග නික්ම යයි

මළ හිරු බැස යන්නට හෝරාවකටත් කලින් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහවත්තේ පොරෝනුව ක්‍රීඩාංගනයේ දී කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය.

ඒ ගව ඝාතනයට විරෝධය පළ කරමින් ඒ හිමියන් අපවත්වූයේ ද ගිනි දැල්ල ඒ හිමියන් වෙළා ගෙන සිටියදීය.

ඒ හිමියන්ගේ අපවත්වීමෙන් මාධ්‍ය සදාචාරය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් ද මතුවෙයි. වඩාත් අවශ්‍ය වනුයේ ඒ හිමියන් ගින්නට මැදිවී සිටින ඡායාරූපයක් ගැනීම ද, එසේත් නැත්නම් ජීවිතයක් බේරා ගැනීමට ක්‍රියා කිරීම ද යන්න ශ්‍රී ලාංකාවේදී මතුවූ මුල් වතාව මෙයයි.

ඇමෙරිකාවේ 1982 දී මෙවැනි ප්‍රශ්නයක් මතු වූ අවස්ථාවේදී පළ වූ බහුතර මතය වූයේ ඡායාරූප ශිල්පියා සදාචාරය හා මානුෂික හැඟීම්වලින් තොරව ක්‍රියා කර ඇති බවයි.

(ඡායාරූප ලසන්ත නිරෝෂණ පෙරේරා)

(ඡායාරූප එච් එම්  අරුණ ශාන්ත)

 



අදහස් (0)

ගින්දරක් දී ගින්දර සමග නික්ම යයි

ලක්ෂ්මන් Wednesday, 29 May 2013 11:00 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව Tuesday, 28 May 2013 06:33 PM

ඡාතියක් අවදිකළ හාමුදුරුවනේ, ඡිවිතය යනු මතකයන් පමණි (නි)

:       0       0

අසෝක Wednesday, 29 May 2013 10:26 AM

ජ්වත් වන අපිට මොන තරම් දුකක්ද

:       0       0

දාස Thursday, 30 May 2013 09:13 AM

කනගාටුයි

:       0       0

සනත් Saturday, 01 June 2013 01:32 PM

පාර්ලිමෙන්තුවේ ඉන්න මන්ත්‍රිවරු ජනතාව වෙනුවෙන් මෙහෙම කරන්නෙ නැහැ නේද ? (නි)

:       0       0

පද්මිනි Wednesday, 29 May 2013 10:30 AM

අලි, කොටි මුවෝ, ගෝන්නු මැරීම තහනම් කරලා තියෙනවා වගේම ගව ඝාතනය තහනම් කරමු. උන් වහන්සේගේ අධිෂ්ඨාන පාරමිතාව සලකමු. (ස)

:       0       0

අසංග Wednesday, 29 May 2013 10:31 AM

මාක් අපි සිතන විදියට ඔබට පිස්සු ඇදීගෙන එනවා වගේ. (ස)

:       0       0

සරත් Wednesday, 29 May 2013 01:36 PM

අපි හරක් මස් කෑම නැවත්තුවොත් හරක් මැරීමත් නවතීවි.(ස)

:       0       0

තරංග Tuesday, 28 May 2013 06:40 PM

කනගාටුයි ...

:       0       0

ශෂී Tuesday, 28 May 2013 06:40 PM

නැවත මේවන් දේ නොවේවා

:       0       0

ආනන්ද Tuesday, 28 May 2013 06:44 PM

මෙම හාමුදුරුවන්ගේ අපවත් වීමේ , සිද්ධිමය කරුණු වෙනත් අය පිට දමලා, පවතින රජයට හාමුදුරුවන්ගේ අපවත් කරවීමේ වගකීමෙන් නිදහස් වෙන්න බැරි බව අමතක කරන්න එපා. සම්පුර්නයෙන්ම රජය වග කිව යුතුයි. ඇයි රජයේ උත්සව වලට දෙනතරම් ප්‍රචාරයක් මෙම සිද්ධියට නොදෙන්නේ ? (නි)

:       0       0

සජිත් Wednesday, 29 May 2013 01:37 PM

හරක් මරණ එකනම් වරදක් තමයි

:       0       0

දිනේෂ් Wednesday, 29 May 2013 10:33 AM

හාමුදුරුවන්ගේ පියවර ධර්මයට අනුකූල නොවේ. නමුදු උන්වහන්සේ පෙනීසිටියේ දහමින් පෝෂණය උන ශිෂ්ට සම්පන්න සංස්කෘතියකට සිදුවුන විනාසය වෙනුවෙන්. අතීතයේ සිටම හාමුදුරුවරු රටට ජාතියට ආගමට උවදුරක් ඇති කල්හි පෙරමුණ ගෙන ක්‍රියා කලා ජීවිත පිදුවා, සම්මා සම්බුදු රජාණන් වහන්සේ අපට දේශනා කලේ, දුර්ලබ මිනිස් ජීවීතය ලැබූ හෙයින් හිස ගිනිගත් මිනිසෙකු එම ගින්න නිවා දමන්නට විගස ක්‍රියා කරනවා සේම ධර්මාවබෝධයට යුහුසුළු විය යුතු බැවි . ශ්‍රී ධර්මය පිලිබඳ කියවා,අසා නුවනින් මෙනෙහි කර අවබෝධ කාරහත් පිරිස පමණක් ධර්මය සමග සසඳා කතා කරනවානම් මැනවි. උන්වහන්සේ තුල තිබු අදිෂ්ටාන ශක්තිය වීර්ය අගය කල යුතුවේ . ඔබ වහන්සේ ධර්මය පවතින තැනෙක ඉපිද උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගනිත්වා !! (ස)

:       0       0

ජානක Tuesday, 28 May 2013 06:45 PM

කණගාටුයි

:       0       0

තුෂාරි Wednesday, 29 May 2013 01:08 AM

අනේ මන්ද සිදු උණු දේ ගැන විතරක් නෙමෙයි . ලංකාවේ සිදු වෙන සමහර දේවල් ගැන මහා කලකිරීමක් තියෙන්නේ.. අපිට තියෙන ලොකුම ප්‍රශ්නය අපේ රට දුප්පත් කමින් මුදවා ගන්න එක වගේ කටයුතු කරනවා වෙනුවට ජාතිවාද, අරව මේවා පටලවාගෙන අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගෙන රටට සේවයක් කරන්න පුළුවන් අය අපෙන් වෙන් වෙලා යනවා.. (දී)

:       0       0

ජ.හේරත් Tuesday, 28 May 2013 06:43 PM

එහෙනම් ඉතින් චිතකෙට ගිනිත්යන එකත් පොටෝ ගන්න එක මාද්‍ය සදාචාරයට විරුද්ධ වෙන්න ඕනෑනේ නේද ? හාමුදුරුවෝ ගිනිතියාගන්න එක පොටෝ වලින් දැක්ක හරක් මස් කන අය ටික බය වෙලා. ඒකනේ මේ මාද්‍ය සදාචාරේ මතක් වෙලා තියෙන්නේ (නි)

:       0       0

චාල්ස් Wednesday, 29 May 2013 04:40 PM

වියට්නාමයේත් මේ වගේ සිද්ධියක් වෙලා තියෙනවා නේ (නි)

:       0       0

මහරුෆ් Wednesday, 29 May 2013 01:57 AM

හෙටින් පසු ලංකාවේ ගවමස් නැති වේවිද? (නි)

:       0       0

පෙරේරා Wednesday, 29 May 2013 01:40 PM

ඒ හාමුදුරුවෝ කල වැඩේ අනුමත කරන්න බැහැ. ඒ සිද්දිය දැක්ක කුඩා ළමයි කි දෙනෙක් දැන් බය වෙනවාද (දී)

:       0       0

පහන් මඩුගල්ල Wednesday, 29 May 2013 11:52 PM

එක අතකින් මේ හාමුදුරුවෝ රටේ පවතින මිනිසුන්ගේ ආර්ථික දරිද්‍රතාවය මත ගිනිතියා ගත්තා කිවුවා නම් හරි. මේවා බලාගෙ යද්දී වැඩකට නැති දේවල්. මේවා දැකීමෙන්බෞද්ධ දර්ශණය පිරිහෙනවා (නි)

:       0       0

සමන් Wednesday, 29 May 2013 02:03 AM

මනුස්සයෙක් ගිනි ගන්නවා පේනකොට බය හිතෙනවා (දී)

:       0       0

සුරනිමල Wednesday, 29 May 2013 02:07 AM

ගව ඝාතන නැවත්වීමට ගිනි තියා ගැනිමි අවශ්‍ය නැහැ. ලංකාවේ වැඩි පිරිසක් පන්සිල් රකින බෞද්ධයෝ සිටිනවා නම් මස් කෑම අත් හරින්න. එවිට ඉබේම ගව ඝාතන නවතියි.මත්වතුර,කුඩු අත් හරින්න. එවිට ඉබේම එම ව්‍යපාර නවතියි. (නි)

:       0       0

පනික්කියා Saturday, 03 August 2013 06:29 PM

ගව මස් නොකා එළු මස් කෑම හොඳයිද? බෞද්ධ ධර්මයේ ගවයා සෙසු සත්වයින්ට වඩා උත්තම බවක් කියා තිබෙන්නේ කොතනදැයි දැනගන්න කැමතියි. ගවයාගෙන් වැඩ ගෙන අන්තිමේදී මරාගෙන කෑම අනෙක් වැඩ නොගත් සතෙක් මරාගෙන කෑමෙන් වෙනස් වන්නේ කෙළෙහි ගුණය සම්බන්ධ කාරණා නිසයි. බෞද්ධ දර්ශනය නුවණැත්තන්ගේ දර්ශනයක්. සිය දිවි නසාගැනීම නුවණැති ක්‍රියාවක්ද? (නි)

:       0       0

සනත් Tuesday, 28 May 2013 06:56 PM

හිමියනි, ඔබට අමා මහා නිවන් සුව! (නි)

:       0       0

නිශාන්ත Wednesday, 29 May 2013 01:46 PM

අපේ ඇස් පව් කලාද මේවා බලන්න

:       0       0

පුබුදු Tuesday, 28 May 2013 06:57 PM

මේක රූපගත කරපු කෙනාට රැට නින්ද යනවද? තමුන් ඉදිරියේ ජීවිතයක් නැති වෙද්දී ප්‍රවෘත්තියක් වෙනුවෙන් ඔහොම ඉන්න පුලුවන්ද? ඔය වගේ වැඩ කරන්න එපා. එතුමාට හොදටම පුළුවන්කම තිබුණා හාමුදුරුවන්ගේ අතින් පෙට්රෝල් ටික උදුරලා ගන්න. නමුත් එයා කැමරා කළා විතරයි. එක මනුස්සයෙක් විතරයි ලගට හරි ආවේ. (නි)

:       0       0

රවී විජේතුංග Wednesday, 29 May 2013 10:48 AM

ඉතින් මේ ස්වාමීන් වහන්සේට ඇයි බැරි වුණේ (මැරෙන තුරු) මාරාන්තික උපවාසයක් කරන්න. (ස)

:       0       0

ලංකා Wednesday, 29 May 2013 10:52 AM

බුදු දහමට අනුව උන් වහන්සේ කල වැඩේ හරිද කියලා කියලා දෙන්න නොදන්නා කමට අහන්නේ

:       0       0

අනුෂ්ක Tuesday, 28 May 2013 07:03 PM

උන්වහන්සේ ගේ අවසන් ඉල්ලීම, 1. මෙමෙ ධර්මද්වීපයේ ගව ඝාතනය නතරවේවා. 2. ත්‍රස්තවාදය තුරන් වේවා. 3. බලහත්කාරයෙන් ආගම් වලට හරවා ගැනීම ට එරෙහි පනත පාර්ලිමේන්තුවේදී සම්මත වේවා. 4. සර්වාගමික බුදුදහම විනාස කරන පූට්ටු නැති වේවා. 5. බෞද්ධ රටට ගැලපෙන ව්‍යවස්තාවක් නිර්මාණය වේවා (නි)

:       0       0

ප්‍රභා Wednesday, 29 May 2013 03:00 AM

අදහස් පළ කළා හෝ නැති වුණත් මේ හිමිනම රටට දුන්නේ වැරදි ආදර්ශයක් (නි)

:       0       0

පැතුම් Tuesday, 28 May 2013 07:03 PM

ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

චන්දන Tuesday, 28 May 2013 07:09 PM

හිමියනි, ඔබට නිවන් සුව! (නි)

:       0       0

ශාන්ත Wednesday, 29 May 2013 03:06 AM

අදහසක් දෙන්න අමාරුයි (නි)

:       0       0

බිමල් Wednesday, 29 May 2013 10:51 AM

ඒ කල වැඩේ බලන් ඉන්න බැහැ

:       0       0

පාලිත Tuesday, 28 May 2013 07:14 PM

හිමියනි, ඔබ වහන්සේට අජරාමර නිවන්සුව පතමු ! (නි)

:       0       0

සිරිලාල් Monday, 03 June 2013 03:36 AM

ලංකාවේ ගවයන් ඇතිකිරීම නතර කළා නම් ප්‍රශ්නය ඉවරයිනේ. එතකොට මරන්නේ කාවද? (නි)

:       0       0

උපේක්ෂා Tuesday, 28 May 2013 07:13 PM

ඉන්දරතන හාමුදුරුවන් නිවන් දකිත්වා! අපි ගව ඝාතනයෙන් වළකිමු. මෙයයි අධිෂ්ඨානය. (නි)

:       0       0

ලංකා Wednesday, 29 May 2013 01:51 PM

ඔබට නිවන් සුව. ඔබ බලාපොරොත්තු වූ පරිදි ගව ගාතනය තහනම් කිරීමට අප උත්සාහ කරමු. ඔබේ මරණය ගැන මට සැකයක් ඇත. මේ පිටුපස බලල් අතක් ඇත්දෝ මට සිතේ. රජය මේ ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුය. (නි)

:       0       0

මනෝහරන් Thursday, 30 May 2013 12:30 AM

සිංහලයාගේ මතකය ටික දිනකින් අමතක වන බව අතීතයේ මහා පණ්ඩිත විශාරදයෙක් විසින් පැවසු බව මට සිහිපත් වේ. (නි)

:       0       0

පහන් Wednesday, 29 May 2013 10:56 AM

බුදු ගුණ අනන්තයි, ඔබට නිවන් සුව ලැබේවා

:       0       0

අසේල Tuesday, 28 May 2013 07:17 PM

සදාචාරය මාධ්‍ය තුලින් විතරක් නෙමෙයි රටෙනුත් පිරිහිලා.මෙතන වැටෙන අදහස් වලින්ම මොලයක් තියෙන අයට වැටහෙයි. (නි)

:       0       0

ස්වින් Thursday, 30 May 2013 10:07 AM

මම නම් ඒ ගැන කතා කරන්නවත් කැමති නැහැ (දී)

:       0       0

චමිලා Wednesday, 29 May 2013 11:05 AM

බුදු දහමට අනුව දිවි නසා ගැනීම වරදක්

:       0       0

මරියසෙල් පෙරේරා Tuesday, 28 May 2013 07:23 PM

හාමුදුරුවනේ, නිවන් සුව පතමි! කිසිදා හරක් මස් නොකමි. ඒ බව අද සපත වෙමි. නෙතට එනවා කදුළු (නි)

:       0       0

චරම් Wednesday, 29 May 2013 03:37 AM

මේකට කැමරා ශිල්පියාට දොස් කියලා වැඩක් නැහැ. මෙම ස්වාමින් වන්සේ දැන ගන්න ඕනෑ යථාර්තය. පව් කරන ඇත්තෝ පව් ගෙවයි , අපි රැඩිකල් වෙන්නේ ඕනෑ නැහැ. (නි)

:       0       0

තාරක Wednesday, 29 May 2013 11:06 AM

ස්වාමීන් වහන්ස, ඔබට අමා මහා නිවන් සුව ලැබේවා!!!

:       0       0

නිමාලි Tuesday, 28 May 2013 07:26 PM

ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා

:       0       0

කේ ආනන්ද Wednesday, 29 May 2013 04:09 AM

ඔන්න දැන් සංඝයා වහන්සේලා නම් හරක් මස් කෑම නතරකරයි (නි)

:       0       0

කපිල Tuesday, 28 May 2013 07:36 PM

මේ සිද්දිය දස්කින කොට මට නම් තවම බය හිතෙනවා

:       0       0

තිසල් Wednesday, 29 May 2013 04:29 AM

මෙහි ගිය "ඡායාරූප ශිල්පියා"ට නීතියෙන් ගැලවෙන්නට හැකිවේවි. එහෙත් ඔහු සහ ඔහුට කොළඹ සිට දුරකතනයෙන් දැනුම්දී පිටත්කළ අය පවා මෙය දැන සිටි බව රහසක් නොවේ. දහසක් තර්ක ඉදිරිපත් කළ හැක. ඒ කුමක් වුවද මාධ්‍යකරුවන් ලෙස වෙස්වලාගෙන මෙවැනි දරුණු පුද්ගලයන් සිටීම ඇග ලොමු ඩැහැ නංවයි. (නි)

:       0       0

නෙලුම් Wednesday, 29 May 2013 11:05 AM

ඒ හාමුදුරුවෝ කියුවා වගේ ගිනි තියා ගත්තනේ

:       0       0

සුජිත් Tuesday, 28 May 2013 07:35 PM

මාධ්‍යවේදියෙකු පත්වෙන අසරණ තත්වය පිළිබඳව හොඳම නිදසුනක්. (නි)

:       0       0

දර්ශන Wednesday, 29 May 2013 04:51 AM

මේ ලිපියට මීට වඩා හොද මාතෘකාවක් තිබුනෙම නැද්ද?

:       0       0

පහන් Wednesday, 29 May 2013 11:10 AM

අනේ හිමියනි

:       0       0

මනෝජ් Tuesday, 28 May 2013 07:40 PM

ඒ ස්වාමින් වහන්සේ දිව්‍ය ලෝකෙට යන්න ඇති (නි)

:       0       0

රන්ගශනී Tuesday, 28 May 2013 07:37 PM

තිරිසන් සතෙක් වෙනුවෙන් දිවි දුන් ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ජයන්ත Wednesday, 29 May 2013 05:05 AM

මහණ වෙන්නේ ජාතිය ආරක්ෂා කරන්නද නැත්නම් නිවන දැක අන් අයටත් පෙන්වීමටද කියලා ,අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

ජනක-කුවෛට් සිට Wednesday, 29 May 2013 05:20 AM

අපේ හාමුදුරුවෝ අපිව දාලා ගියාට අපි ඔබ වහන්සේගේ අරමුණු වෙනුවෙන් මැරෙන තුරු සටන් කරනවා...... (නි)

:       0       0

පාලිත Wednesday, 29 May 2013 11:15 AM

ජිවිතයේ වටිනා කම දන්නේ නැද්ද

:       0       0

අරෝෂ Wednesday, 29 May 2013 06:37 AM

පව් , හාමුදුරුවන්ව ගිනි තිබ්බා. (නි)

:       0       0

අසේල Wednesday, 29 May 2013 11:12 AM

මම දැකලා තියෙනවා ලෝකේ තවත් හිමි වරු ගිනි තියා ගන්න එපා

:       0       0

සේන Wednesday, 29 May 2013 11:14 AM

දැන් පිරවුම්හල් වලින් තෙල් දෙන්නෙත් නැහැ

:       0       0

මිලින්ද Wednesday, 29 May 2013 11:19 AM

නැවත මෙවන් විපත් අසන්නට නොලැබේවා (දී)

:       0       0

සිංහලයා Thursday, 30 May 2013 03:06 AM

ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ ඝාතනය, අරන්තලා භික්ෂු ඝාතනය , ශ්‍රී දළදා මාලිගාව ළඟ බෝම්බය, දිනපතා සිදුවන ළමා දුෂණය, ස්ත්‍රී දුෂණය, ගැන කතා කරන්න, ගිනි තියා ගන්න එක බෞද්ධයෙක්වත් නැහැ. සියදිවි නසා ගැනීම වීර කමක් නොව, ජීවත්ව අරමුණ වෙනුවෙන් සටන් කිරීමයි වීරකම. ගිනිතියාගෙන අපවත් වුණ හාමුදුරුවන්ව වීරයෙක් කරන්න හදන ' ඉන්ස්ටන්ට් බෞද්ධ කැක්කුම' හැදුන අය එහෙම කළාට නිර්මල බුදු දහම අනුව යන බෞද්ධයෝ මේ ක්‍රියාව අනුමත නොකරයි. බුදු හාමුදුරුවනේ මේ මිනිස්සුන්ට සේරටම කලින් මොලය දෙන්න. (නි)

:       0       0

රුවන් Sunday, 02 June 2013 04:58 PM

සත්ව ඝාතනයට එරෙහිවූ ඔබ වහන්සේට නිවන් සුව පතමු (දී)

:       0       0

ප්‍රසන්න Wednesday, 29 May 2013 11:24 AM

ගිනිතබා ගැනීම අනුමත කරන්න බැහැ. ඒ වගේම මාධ්‍ය ක්‍රියා කරපු අන්දමත් අනුමත කරන්න බැහැ. මාධ්‍ය බලාපොරොත්තු වුණේ හාමුදුරුවෝ ගිනිතියාගෙන මැරෙන විදිහ රටට පෙන්නන්න. (නි)

:       0       0

රුවන් Wednesday, 29 May 2013 11:27 AM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (ස)

:       0       0

රනිල් Wednesday, 29 May 2013 02:35 PM

1994 දී පුලිට්සර් සම්මානය දිනාගත් කෙවින් කාටර් නම් ජයාරූප ශිල්පියා විසින් සිය සම්මානය සඳහා ඉදිරිපත් කළ සුඩානයෙදී ගනු ලැබූ කෑම සොයා යන දරුවකු පසුපස යන ගිජුලිහිනියකුගේ ජායාරූපය සම්බන්ධයෙන් දරුවාට කුමක් සිදුවුනේද යන ප්‍රශ්නය සම්බන්දයෙන් ඇතිවූ සිත්තැවුලෙන් 3 මසකට පසු සිය දිවි හානි කර ගනු ලැබුවා. (නි)

:       0       0

වසන්ති ඩබ් Tuesday, 28 May 2013 08:05 PM

උන්වහන්සීගේ ජීව්ත පරිතාගය වෙනුවෙන් මගේ මුළු පව්ලම හරක් මස් මිලදී ගැනීම නැවැත්තුවා. සියලුම දෙනාටම අප සමග අත්වැල් බදාගන්නෙ මෙන් ඉල්ලා සිටිමු (දී)

:       0       0

අබේ Wednesday, 29 May 2013 07:13 AM

හාමුදුරුවනේ, ඔබ වහන්සේ බුදුන් දකිත්වා!ඔබ වහන්සේ ජීවිතය පුජා කලේ අහිංසක සතුන්[ හරක්] දහස් ගණනක් වෙනුවෙනි. පාලකයනි, දැන්වත් ඇස් ඇර බලවු! (නි)

:       0       0

සදෙවුමිනි Wednesday, 29 May 2013 11:33 AM

මනුස්ස ආත්මයක් ලබන්නේ හුගක් අමාරුවෙන් බව බුදුදහමේ ඉගැන්වෙනවා.මොන පරමාර්ථයෙන් කලත් මේ අපරාදේ අනුමත කරන්න බැහැ දෙව්රම් වෙහෙර පිටිපස්සේත් සුකරයන් මරණ කොටුවක් තිබුනලු. බුදුහාමුදුරුවෝ සියදිවි නසා ගත්තේ නැහැ, මිට වැඩ හොද ක්‍රමයකට උන් වහන්සේගේ පරමාර්ථය ඉස්ට කරගන්න තිබුනා (දී)

:       0       0

පහන් මඩුගල්ල Tuesday, 28 May 2013 08:11 PM

ඉන්ද්‍රතන හිමියන්ගේ ඇඹිලිපිටි අනුරපුර පාගමනේ දී හාමුදුරුවෝ පැහැදිලිව කිවුවා ගවඝාතනය ,අන්‍ය ආගමිකරණය, මත්කුඩු ,මත්පැන් සහ සියලු දුරාචාර වලට විරුද්ධවයි පාගමන යන්නේ කියලා.මිනිස්සු කැමැත්තෙන් ඉන්න ඇති ලයිට් බිලට විරුධව හාමුදුරුවරු ගිනිතියාගන්නකන් දේශපාලන වාසි ගන්න.බැරිවෙලාවත් හාමුදුරුවෝ ලයිට් බිල ගැන සදහනක් කළා නම් ඔය හැම පක්ෂයකම අය නිවේදන නිකුත් කරාවි (නි)

:       0       0

ටෝනි Wednesday, 29 May 2013 11:33 AM

රවී ඔබ හරි.

:       0       0

ක්‍රිස් Wednesday, 29 May 2013 02:36 PM

එකත් ඉවරයි. ඊළඟට මොකක්ද ? රටේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න වෙන පැත්තකට හරවන්න ඊළඟට මොකක්ද වෙන්නේ කියල බලමු. (ස)

:       0       0

දිල්ශාන් Wednesday, 29 May 2013 11:30 AM

ගිනි තියා ගන්නේ නැතුව වෙන විදිහක් නැද්ද තිබ්බේ (දී)

:       0       0

දම්මි Wednesday, 29 May 2013 07:15 AM

රජිත් ඉතාලි, ඔයා ආනන්තරීය පාප කර්මයක් කියන එකේ තේරුමවත් හරියට දන්නෙ නැති පාටයි (නි)

:       0       0

අචිර Saturday, 01 June 2013 06:46 AM

ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට මස් මාංශ ආහාරයට ගැනීම අනිවාර්යයි. ඒ නිසා ගව ගාතනය තහනම් කරන්න එපා. (නි)

:       0       0

අප්පුහාමි Thursday, 30 May 2013 10:38 AM

මට නම් දුක එයාගේ අම්මා ගැන. ඒ අහිංසක වයසක මනුස්සයට දරු-දුක දීලා. මට නම් වෙනත් කිසිම හැඟීමක් ඇති වෙන්නෙ නැහැ. (නි)

:       0       0

පෙරේරා Tuesday, 28 May 2013 08:13 PM

උන් වහන්සේට නිවන්සුව අත්වේවා! (නි)

:       0       0

අපොන්සු Wednesday, 29 May 2013 07:19 AM

මේ දිවිනසා ගැනීමෙන් ගව මස් කැම කෙසේවෙතත් ගිහියන්ට ඉවසීම, අන්තගාමීත්වය ගැන හාමුදුරුවන්ට බන කියන්න නම් අවස්තාවක් ලැබුනා. (නි)

:       0       0

සහන් Wednesday, 29 May 2013 11:32 AM

අනුමත කරන්න බැහැ කීයටවත්

:       0       0

මොහමඩ් Tuesday, 28 May 2013 08:10 PM

ප්‍රශ්න විසදා ගැනීමේදී සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත්තොත් නේද හොද? (නි)

:       0       0

ලක්වැසියා Tuesday, 28 May 2013 08:12 PM

ඔබට නිවන් සුව පතමි! (නි)

:       0       0

සමන් Wednesday, 29 May 2013 07:21 AM

ඇමතිතුමාටත් පොඩි හුවක් ආවා නේ... (නි)

:       0       0

ධනන්ජා Wednesday, 12 June 2013 09:18 AM

ඔබ වහන්සේ අප අතරේ ඉපදේවා !(අ)

:       0       0

හේමන්ත Tuesday, 28 May 2013 08:20 PM

පුවතට වඩා වටින්නේ ජීවිතයයි. එක්තරා රූපවාහිනී නාලිකාවකින් මෙය දකිනකොටම මට කියවුනේ එයයි. නමුත් දැන් සියල්ල සිදුවී හමාරය.... මාධ්‍යවේදීන් තැනට සුදුසු නුවනින් ක්ෂණිකව පියවර ගතයුතුය. (නි)

:       0       0

සරත් Wednesday, 29 May 2013 07:29 AM

මැද පෙරදිග ඌරුමස් තහනම්. නමුත් ගවමස් කමක් නැහැ. අපි ඌරුමස් අනුමත කරලා ගවමස් තහනම් කරමු. (නි)

:       0       0

අශේන් Wednesday, 29 May 2013 07:26 AM

ජීවිතය තණ අග පිනි බිදකි

:       0       0

ශෂි Thursday, 30 May 2013 09:53 PM

ප්‍රියා ඔබ කියනවා " මීට දැන් ඇති හොදම පිළියම හරක් ඇමති කෙනෙක් පත් කිරීමයි" කියලා. ඉතින් අපේ රටේ ඉන්න අයගෙන් ඒ සදහා ඔබ යෝජනා කරන්නේ කවුද? (නි)

:       0       0

රට Tuesday, 28 May 2013 08:23 PM

අපේ රටේ මනුස්සකම නැතිවෙලා ගොඩක් කල්. පිට රට වල අයගේ කොහොමත් නැහැ. අපේ අයගෙත් නැත්තටම නැතිවෙලා ගිහින්.ඒකට මොකෝ? දවස් 365 ම බණ නම් අහනවා (නි)

:       0       0

ධම්මික කුමාර Wednesday, 29 May 2013 06:42 PM

අපේ හාමුදුරුවන්ට නිවන් සැප ලැබේවා.(නදී)

:       0       0

සමන්ත Wednesday, 29 May 2013 07:33 AM

අදහස් දාලා තියෙන සමහර අයට ජාතියක් ජන්මයක් නැහැ වගේ පෙනෙන්නේ. (නි)

:       0       0

අමිල Wednesday, 29 May 2013 11:42 AM

මේ හාමුදුරුවෝ කල වැඩේ නම් වරදයි

:       0       0

චින්තක Tuesday, 28 May 2013 08:31 PM

ඉන්දියාවේ වගේ ලංකාවෙත් ගව ඝාතනය තහනම් කරමු. (නි)

:       0       0

රනිල් Wednesday, 29 May 2013 07:03 PM

‍මේ පෙට්ටිය කර තියන් ඉස්සරහින් යන දෙන්නා කරන තරමි කරන්නේ ගන්දස්සාර වැඩමයි.(නදී)

:       0       0

සෞදි සරත් Tuesday, 28 May 2013 08:46 PM

නිවන් සැප පතමි (නි)

:       0       0

මරික්කාර් Wednesday, 29 May 2013 11:53 AM

ඔය හාමුදුරුවන්ට නිවන් සුව පතන පිරිස අතරට මමත් එක්වෙමි. නමුත් ඔය හාමුදුරුවන්ගේ අතීතය සහ අවසාන ක්‍රියා කලාපය, විශේෂයෙන් සිය දිවි නැතිකරගැනීම කෙරෙහි අවදානය යොමුකරද්දී මෙම හාමුදුරුවන්ට නිවන් සුව ලැබෙයි කියා හිතාගන්න අමාරුයි. හේතුව කිසිම ආගමක් සියදිවි නසාගැනීමට අනුමැතිය දීලා නැත. එම හිමිපාණන්ගේ පවුලේ සාමාජිකයන්ට මෙම කුරිරු අවස්තාව දරාගැනීමට අවශ්‍ය සියලුම ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

ජයන්ත Wednesday, 29 May 2013 08:01 AM

සිධුහත් කුමාරයා සාඛ්‍ය වංශය ආරක්ෂා කරන්න ගියේ නැහැ බුදු වුනාට පස්සේ. නිකන් වජ්ජි පුත්තකයෝ වගේ හැසිරෙන්නේ නැතුව නිවන දැක ගන්න ක්‍රමයක් සොයා අපටත් එය පෙන්වා දෙන්න. මේ කරන දේවල් වලින් වෙන්නේ තවත් සිතුවිලි වැඩි කරගෙන සංසාරයේ කරක් ගසන එකයි. (නි)

:       0       0

අමිල Wednesday, 29 May 2013 08:04 AM

අනේ අපොයි (දී)

:       0       0

අමාලි සිල්වා Tuesday, 28 May 2013 09:04 PM

ලංකාවේ අපි හැමෝගෙම හිත් වලට ගින්දරක් දී ගින්දර සමග නික්ම යන හිමිනමට නිවන් සැප ලැබේවායි පතමි (නි)

:       0       0

අල්විස් Tuesday, 28 May 2013 09:00 PM

කනගාටුයි නේද

:       0       0

සෑම් Wednesday, 29 May 2013 12:00 PM

බුදු දහමේ නැති දේවල් මොකටද? හරක් මස් කන එවුන් කාපුවාවේ, ඇයි එතකොට කුකුලගේ මස් මස් නෙවේද? ඒකත් ප්‍රාණ ඝාතයක් නෙවේද? (ස)

:       0       0

අමිල Wednesday, 29 May 2013 08:06 AM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා (දී)

:       0       0

දිනේෂ් Tuesday, 28 May 2013 09:10 PM

තම රට, තම වර්ගයා වෙනුවෙන් ජීවිතය පුජා කළ භික්ෂුන් සිටියහ. භික්ෂුවක් වියට්නම් ජාතිය වෙනුවෙන් එසේ කළේය. අපේ කුඩාපොළ හාමුදුරුවෝ සිංහල ජාතිය වෙනුවෙන් එසේ කළේය. ඉන්ද්‍රරත්න ස්වාමින් වහන්සේ තම ජාතිය වෙනුවෙන් එසේ කළ බව පෙනේ. ඉන්ද්‍රරත්න හාමුදුරුවන්ට උන්වහන්සේ දිවි කැපකළ තම ජාතිය, වීරයෙකු ලෙස සලකනු නොඅනුමානයි (නි)

:       0       0

ශාන්ත ලාල් Tuesday, 28 May 2013 09:10 PM

බුදු පුතණුවනි, ඔබට නිවන් සුව! (නි)

:       0       0

සරත් Tuesday, 28 May 2013 09:09 PM

මාධ්‍ය ලොකු ප්‍රචාරයක් දුන්නාද මේ සිද්දියට

:       0       0

ශාන්ත ලාල් Tuesday, 28 May 2013 09:13 PM

ස්වාධීන මතයට ගරු කරමින් අවංකවම තම අදහස් මෙම ලිපියට ගොනු කළ ඔබ ඇත්තෙන්ම අවංක වාර්තාකරුවෙකි (නි)

:       0       0

ඩික්සන් වල්පලහෙවා Wednesday, 29 May 2013 03:05 PM

ඉන්දරතන හිමියනි ඔබවහන්සේට නිවන් සුව අත්වේවා.!(ස)

:       0       0

කරුණාරත්න Wednesday, 29 May 2013 08:16 AM

රටක් වටිනා හිමි නමක් (දී)

:       0       0

සුජීව Wednesday, 29 May 2013 12:06 PM

ඔබ වහන්සේගේ පාරමිතාව ස්ම්පුර්ණවේවා. අජරාමර නිවන් සුවයම අත්වේවා. (ස)

:       0       0

අමල් Wednesday, 29 May 2013 07:33 PM

සම හරක්ගේ අදහස් දැක්කම දුකයි. ඔබ වහන්සේට අමා මහා නිවන් සැප ලැබේවා.(නදී)

:       0       0

සරත් Wednesday, 29 May 2013 08:13 AM

මේ හාමුදුරුවන්ගේ අධිෂ්ඨානශීලි බව අගය කරනවා. ඒත් භික්ෂුවක් විදිහට ජීවිතය හානි කරගැනීම අගය කළ හැකිද? හික්මුණු භික්ෂුභාවයක් ලැබීමට නම් බොහෝ කාලයක් පැවිදි ජිවිතය ගත කළ කෙනෙක් වෙන්න ඕනෑ. අඩුම තරමේ වසර 20ක් වත් පැවිදි ජිවිතය ගත කළ කෙනෙක් විය යුතුයි. මම හිතන්නේ මේ හාමුදුරුවන්ගේ පැවිද ජිවිතය ඉතා කෙටි එකක් විය යුතුයි (නි)

:       0       0

ගයාන් Wednesday, 29 May 2013 03:04 PM

මහරුෆ්, ඇත්තට ඔහේලට ගව මස් නැතුව නින්ද යන්නෙ නැද්ද ? (නි)

:       0       0

විපුල Tuesday, 28 May 2013 09:19 PM

බෞද්ධයකු වශයෙන් මම ඉන්ද්‍රරතන හාමුදුරුවෝ කළ මේ ක්‍රියාව අනුමත කරන්නේ නැතිමුත් , උන්වහන්සේගේ අධිෂ්ඨාය සහ කැපකිරීම පිළිබද මගේ ගෞරවය සහ උපහාරය පුදනවා. එමෙන්ම මෙවැනි එඩිතර තරුණ ස්වාමින් වහන්සේලා රටට අවැසි විටකදී මෙවන් සිදුවීමක් සිදුවීම පිළිබද කණගාටුයි .... (නි)

:       0       0

සරත් Wednesday, 29 May 2013 08:19 AM

ඉතාලියේ රංජිත් මහත්මයා කියනවද බුදු හාමුදුරුවන්ගේ දේශනාවේ කොහොද තියෙන්නේ දිවි නසා ගැනීම ආනන්තරිය පාපකර්මයක් කියල. ඒ කියන්නේ ඔබ තුමා ආනන්තරිය පාපකර්ම මොනවාද කියලත් දන්නේ නැහැ නේද (දී)

:       0       0

හංසික - මල්දිවෙස් Monday, 03 June 2013 02:24 PM

අපේ හාමුදුරුවනේ, ඔබට නිවන් සුව! මරික්කාර් අහලා තියනවද බුදු දහමේ තියනවා චේතනාහම් බික්කවේ කම්මන් වදාමි කියලා... (නි)

:       0       0

සමන් Tuesday, 28 May 2013 09:17 PM

මෙවැනි සිදුවීම් ලෝකවාසීන්ට දැනගැනීම සඳහා දර්ශනය කෙතරම් සංවේගජනක වුවත් එහි රුප රාමු එම අවස්ථාවේ ලබා ගැනීම මාධ්‍යවේදියෙකුගේ වගකීමකි (නි)

:       0       0

ඩි.එස්.පියරත්න. Wednesday, 29 May 2013 12:13 PM

සිද්ධිය නම් අනුමත කරන්නේ නැහැ.ඒත් හාමුදුරුවන්ගේ අවසන් ප්‍රකාශ හා ක්‍රියාව දකින්න සලස්සපු කැමරා ශිල්පියා නිසා මිනිසුසුන්ට එතන සිදුවුන සත්‍ය සිද්ධිය පේනවා. මම හිතන විදිහට කැමරා කරලා තියෙන්නේත් ගොඩක් ඈත ඉදන්, එම ශිල්පියා නිසා හාමුදුරුවන්ගේ ආත්ම ගෞරවයවත් රැකෙනවා. එසේ නොවන්නට කුණුකතා කියක් ඇත්දැයි සිතා බලන්න ඔය සිද්ධියට. “අසන දකින දේ පිළිබඳ සිහිබුද්ධියෙන් බලත්වා“ (නි)

:       0       0

වජිර ටිස්සෙර Wednesday, 29 May 2013 08:21 AM

අප රටේ සිදුවන මිනිස් ඝාතන, ස්ත්‍රී දුෂණ වලට එරෙහිව තමයි මුලින්ම නැගී සිටින්න ඕනෑ. එල්ලුම් ගහ ගෙනෙන්න බල කරන්න දැන් හොදම කාලයයි (නි)

:       0       0

රංජනී Wednesday, 29 May 2013 12:16 PM

හාමුදුරුවෝ ගිනි ගනිද්දී පින්තුර අරගන්න කැමරාව හසුරවා ගන්න ගත්ත වෙලාවත් එක්කලා බැලුවොත් ජීවිතේ බේරගන්න තිබුණා (නි)

:       0       0

අතීෆ් Wednesday, 29 May 2013 03:08 PM

ගව මස් කන්න විතරයි බෞද්ධයන්ට හොද නැත්තේ. අනිත් කරන හැම දෙයක්ම හරි. හැම ජරා වැඩක්ම මේ ලංකාවේ වෙනවා ඒවාට සද්ද නැහැ. කුකුල්ලු, එළුවෝ,මාළු කෝටි ගණන් , මිනිස්සු මරනවා මේවට කෑ ගහන්න එකෙක් වත් නැහැ . රටේ ලොක්කෝ මංකොල්ල කන ඒවා, පොඩි ළමයි දුෂණය කරන ඒවා පෙනෙන්නේ නැහැ. සිය දිවි නසා ගන්න අය වීරයෝ, රට වෙනුවෙන් ජීවිත පුජා කරපු අයව බල්ලෝ ගානට දාලා. ලංකාවේ මිනිස්සුන්ගේ හැටි ඔහොම තමයි. මිනිස්සුන්ගේ මෝඩ කමට බෙහෙත් නැහැ . (නි)

:       0       0

ලංකා Wednesday, 29 May 2013 12:20 PM

බුදු හාමුදුරුවෝ වැඩ විසු ආරාමය ලගත් තිබ්බානේ උරෝ මරණ තැනක්, (දී)

:       0       0

අගලවත්ත Tuesday, 28 May 2013 09:29 PM

සතුන් වෙනුවෙන් ජීවිතය කැප කර පාරමිතා පුරන ඔබ මතු නිවන් දකිනවා

:       0       0

අකරවත්තේ සුධම්ම තෙර Wednesday, 29 May 2013 08:28 AM

බෞද්ධ රාජ්‍යය මේ ලක්දිව බව මුළු ලෝකයට නැවත පසක් කල ඔබ වහන්සේට නිර්වාණය හිමි වේවා! (නි)

:       0       0

රවී Tuesday, 28 May 2013 09:33 PM

ඔබ වහන්සේ නිවන් දකිනවා

:       0       0

ධනු Saturday, 08 June 2013 11:43 AM

ඔබ වහන්සේට අජරාමර නිවන් සුව පතමු! (නි)

:       0       0

ජගත් Wednesday, 29 May 2013 08:46 AM

ඔබ වහන්සේ ජීවිතය පවා පුදදී කියුවේ ගව ඝාතනය නවත්තන්න කියලා අපි ඒ වදන අකුරටම ක්‍රියාත්මක කරනවා (දී)

:       0       0

අනෝමා Wednesday, 29 May 2013 08:46 AM

ඊයේ ඉන්දරතන හිමියන්ගේ අවසන් කටයුතු සිදුවුණා.මම උන්වහන්සේට උතුම් සම්බෝධිය ලැබීමට මා කළ කුසලුත් හේතුවේවායි පතමි. (නි)

:       0       0

දම්මික තුසිත කුමාර Wednesday, 29 May 2013 08:27 PM

ඔබ වහන්සේගේ ක්‍රියාවෙන් මුළු ලොවම සිංහලයන්ගේ එඩිතරභාවය නැවතත් පසක් වන්නේය. මෙය දුටු බෞද්ධයන් නැවතත් ගව මස් වල දන්නේනම් ඔවුන් සැබවින්ම[ ගවයෝය.(නදී)

:       0       0

සුදේෂ් Tuesday, 28 May 2013 09:48 PM

කෙසේ වෙතත් ඔබ වහන්සේගේ මෙම දිවි පිදුම සැමගේ ඇස් ඇරවන්නක් වුණා. ගව ඝාතනය තහනම් කරමු.(ස)

:       0       0

ජනක Tuesday, 28 May 2013 09:54 PM

මේ සිදිය පිටු පස තව කවුරු හෝ ඉන්නවා

:       0       0

අමරවීර Tuesday, 28 May 2013 09:54 PM

නිවන් සුව අත් වේවා! (නි)

:       0       0

මහී Wednesday, 29 May 2013 12:28 PM

හැම දෙයකටම බලපාන්නේ චේතනාව. ඉතින් මේ ස්වාමීන් වහන්සේගේ ප්‍රාර්ථනාවට අනුව සියල්ල සිදුවේවි. රට විනාශ වෙනවිට ඒ ගැන කටයුතු නොකලොත් කියාවි පින්බත් කකා පන්සල් වලට වෙලා ඉන්නවා රට ගැන හොයන්නේ නැහැ කියා.රට ගැන කතා කලොත් කියාවි නිකන් දෙන දේ කාලා ඉන්න බැරුව ධර්මයට පටහැනිව කටයුතු කරනවා කියා.කිසිකෙනෙක් සිතන්නේ නැහැ අද රටට සිදුවෙන විනාශය ගැන.මේවට බනින මහාචාර්ය හිමිවරුත් සිටිනවා ලක්ෂ ගණන් වැටුප් ලබන. ඒ අයට රට ගැන සසුන ගැන සිතන්න වුවමනාවක් නැහැ.බැනුම් අහමින් හරි හාමුදුරු අපේ රටේ නොසිටින්න සිංහල රටක් අද ලෝකෙම නැහැ.හොදට ඉතිහාසය කියවන්න දහම් පොතපත කියවන්න යථාර්තය අවබෝධ වේවි.කුඩාපොළ හාමුදුරුවන් නිශ්ශබ්දව එදා සිටියා නම් අද සිංහලයා,සිංහල රට කොහෙද කියා අමතක කරන්න එපා සිහලුනේ. බෝවත්තේ ඉන්ද්‍රරතන ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

පෙරේරා Wednesday, 29 May 2013 08:55 AM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා (දී)

:       0       0

දිනේෂ් Tuesday, 28 May 2013 09:55 PM

අමා මහා නිවන් සුව අත් වේවා! (නි)

:       0       0

ප්‍රියදර්ශන Wednesday, 29 May 2013 08:59 AM

මෙය දිවිනසා ගැනීමක්

:       0       0

රුවන් Wednesday, 29 May 2013 12:26 PM

බුදු දුහම කියල නැ. එපා දේවල් නවත්වන්න ගිනි තියා ගන්න කියලා. හාමුදුරුවෝ දක්ෂ වෙන්න ඕන බුදු දහමන් ඒවා නවත්තන්න. (ස)

:       0       0

නිශාන්ත Tuesday, 28 May 2013 09:56 PM

ප්‍රාණඝාතය වලක්වන ලෙස ඉල්ලා තම ජීවිතය කැපකොට තිරිසන් සතුන් වෙනුවෙන් හඩක් නගා දැයෙන් සමුගත් ඔබ වහන්ස්සේට නිවන් සැප ලැබේවා! නිකම්ම නොවේ. මතු බුදුන් දැක නිවන් දකීවා! (නි)

:       0       0

සමීර සාලින්ද Wednesday, 29 May 2013 08:58 AM

ගව ඝාතනය වලකමු..... ඔබ වහන්සේට නිවන් සැප ලැබේව! (ස)

:       0       0

දුලිනි Tuesday, 28 May 2013 10:04 PM

ඉන්ද්‍රරතන හිමියනි, ඔබට නිවා සුව ලැබේවා! මේ කළ වීර ක්‍රියාවෙන් සමාජයට ආදර්ශයක් ලැබේවා! සාදු සාදු සාදු (නි)

:       0       0

කුමා Wednesday, 29 May 2013 09:03 AM

මම මින් ඉදිරියට හරක් මස් නොකමි. (ස)

:       0       0

ශීලා Tuesday, 28 May 2013 10:11 PM

බුදු සසුනට නිගා කරන්නේ අන්‍ය ආගමිකයන් නොව කහ සිවුරු ඇදගත් අයම බව විටෙක මනාව පැහැදිලි වේ. (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 28 May 2013 10:09 PM

ඔබ වහන්සේට නිවන් සුව ලෑබේවා! (නි)

:       0       0

මහේෂ් Wednesday, 29 May 2013 09:05 AM

මේ සිද්දිය දැකපු පොඩි ළමයි ගින්දරට පුදුම බයක් තියෙන්නේ

:       0       0

ගාමිණී-සිරි Tuesday, 28 May 2013 10:15 PM

ජංගම තාක්ෂණ දුරකථන දියුණු කාලයේ ඡායාරුප ශිල්පියාට වරද පැටවීම ඉතාමත් අසාධාරණයි (නි)

:       0       0

අකීල් Tuesday, 28 May 2013 10:19 PM

ජිවීතන් අනියතන් මරණන් නියතන් ... (නි)

:       0       0

නිමල් Wednesday, 29 May 2013 09:14 AM

මමනම් උන් වහන්සේ ගිය මග යනවා (දී)

:       0       0

අනුර Wednesday, 29 May 2013 09:19 AM

ඔබ වහන්සේට නිවන් සුව ! (ස)

:       0       0

සංජු Wednesday, 29 May 2013 09:20 AM

අපිත් මේ මරණයට වග කියන්න ඕනේ (දී)

:       0       0

සංජිව Wednesday, 29 May 2013 09:16 AM

ඒ දර්ශනය මැවී මැවී පේනවා (දී)

:       0       0

රවීන් Wednesday, 29 May 2013 09:20 AM

හාමුදුරුවන්ට නම් නිවන් සැප හිමි වේවා. එත් මේ වගේ අන්තගාමී දේවල් නම් අනුමත කරන්න බැ. (ස)

:       0       0

මරියසෙල් පෙරේරා Wednesday, 29 May 2013 12:39 PM

අසංග, මාක් , සෑම් වගේ නුගත් පිස්සන්ට අනුකම්පා කරන්න අපේ ක්‍රිස්තියානි අයට නම් පිස්සු ‍ (නි)

:       0       0

සුනෙත් Wednesday, 29 May 2013 09:22 AM

අපි උන්වහන්සේ කියූ දේ අනුගමනය කරමු (දී)

:       0       0

සරත් Wednesday, 29 May 2013 09:19 AM

ඔබට උතුම් වූ නිවන් සුව අත් වේවා (දී)

:       0       0

ඉන්දික Tuesday, 28 May 2013 10:31 PM

ගරුතර හාමුදුරුවනේ, බුදුන්ගේ නාමෙන් ධර්මයේ නාමෙන් දේශපාලනෙන් ඉවත් වෙන්න. අසෝබන විදියට උද්වේගයෙන් යම් යම් දේ කරනවට වැඩිය හාමුදුරුවරු වගේ ඉවසීමෙන් දෙයක් කරන්න. වෙනස් වීම වලක්වන්න බුදුන් වහන්සේවත් උස්සාහ කලේ නැහැ. රටේ රාජ්‍ය ආගම බුද්ධාගම වෙච්චි රටක හාමුදුරුවරු ගිනි තියාගන්නවා දකින්න අපි පව් කාරයෝ වෙලා. මේ හාමුදුරුවෝ නිවනේ සැනසේවා. (නි)

:       0       0

දිනේෂ් Wednesday, 29 May 2013 09:25 AM

යහපත් චේතනාවෙන් කල වැඩක් බව පේනවා (දී)

:       0       0

දර්ශන Tuesday, 28 May 2013 10:34 PM

සදාචාරය සමතනකම ගිලිහිලා...

:       0       0

දනුෂ්ක Tuesday, 28 May 2013 10:34 PM

සදාචාරයක් නැහැ දැන් .

:       0       0

අත්තනායක Wednesday, 29 May 2013 09:27 AM

ගව ඝාතනය වලක් වන්න සැවොම එකතු වෙන්න (දී)

:       0       0

සුරංග Thursday, 30 May 2013 08:35 AM

මේවා පාප කර්ම (දී)

:       0       0

රකිත් Wednesday, 29 May 2013 09:27 AM

අහන්නත් ඕන ප්‍රශ්නයක්ද, ලුම්බිණි? තල්ලු කරගෙන යන්න පෙට්ටියේ රෝද නැති නිසයි උස්සාගෙන යන්නේ. (ස)

:       0       0

අමර Tuesday, 28 May 2013 10:34 PM

කවුද මේකට වග කියන්න ඕනේ

:       0       0

විජේතිලක Wednesday, 29 May 2013 09:34 AM

නිවන් සුව ලැබේවා ! (ස)

:       0       0

මාලිංග Wednesday, 29 May 2013 09:35 AM

කනගාටු දායක පුවතක් (දී)

:       0       0

සිල්වා Wednesday, 29 May 2013 12:48 PM

ඔබ ඔබ ගැනම විශ්වාස තබන්න. කාගේවත් බලපෑම් උඩ හෝ කාටවත් දනවන්න ජීවිතේ විනාස කරගන්න එපා. ජීවතේ විනාස කරගැනීම මහා පාපයක්. (ස)

:       0       0

මංජුල Wednesday, 29 May 2013 03:52 PM

මිනිස්සු නම් ගොඩාක් කම්පා උනා

:       0       0

දිසානායක Tuesday, 28 May 2013 10:38 PM

යලි යලිත් මේ රටේම ඉපදී සාසනය වෙනුවෙන් කටුතු කිරීමට ලැබීවා (දී)

:       0       0

සමන්ත Wednesday, 29 May 2013 12:54 PM

හිමියනි, ඔබට නිවන් සුව! (ස)

:       0       0

මාධව Wednesday, 29 May 2013 09:36 AM

මේ ප්‍රශ්නය ප්‍රාදේශීය සභාවත් එක්ක විසදා ගන්න තිබ්බා

:       0       0

මංගල Wednesday, 29 May 2013 09:37 AM

හාමුදුරුවනේ මේක දේශපාලන ප්‍රශ්නයක්

:       0       0

ඡායා Wednesday, 29 May 2013 09:41 AM

ඔබ වහන්සේට අජරාමර නිවන් සැප ලැබේවා!! ඉන්ද්‍රරතන හිමියන්ට කරන ගෞරවයක් වශයෙන්, කරුණාකර අහිංසක සතුන්ගේ මාංශ ආහාරයට ගැනීමෙන් වලකින්න. ශ්‍රී ලංකාවෙන් ගව ගාතනය තුරන් කිරීමට පියවර ගැනීම සිංහල බෞද්ධයන් වන අපගේ යුතුකමක් ලෙස සිතන්න. (ස)

:       0       0

සංක Wednesday, 29 May 2013 09:47 AM

ගිනි තිබ්බද තියා ගත්තාද

:       0       0

නිමාලි Wednesday, 29 May 2013 12:55 PM

හිමියන්ට කරන ගෞරවයක් වශයෙන්, කරුණාකර අහිංසක සතුන්ගේ මාංශ ආහාරයට ගැනීමෙන් වලකින්න. (ස)

:       0       0

රජිත් ඉතාලි Tuesday, 28 May 2013 10:47 PM

මුලින්ම කියන්නම් අපවත් වූ හාමුදුරුවන්ට අපහාසයක් කරන්න නෙමේ මේක ලියන්නේ. අපේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියනවා තම පණ තමන් විසින් නහ ගන්නවා කියන්නේ ආනන්තරීය පාප කර්මයක් කියලා. නූගත් කෙනෙක් මේ වගේ දෙයක් කර ගත්තා නම් අපිට කරබාගෙන ඉන්න තිබුනා. ඒත් නිතර බණ අහන බණ දේශනා කරන උගත් හාමුදුරුනමකගේ මෙවැනි සියදිවි නසාගැනීමක් බෞද්ධයෙක් හැටියට මම අනුමත කරන්නේ නැහැ (නි)

:       0       0

සචිනි Wednesday, 29 May 2013 09:49 AM

දිවි නහගන්නවට වඩා වෙනත් විසදුමක් සොයන්න තිබුනා. මොකද? හාමුදුරුවෝ අපවත් වුණුබව හරක් දන්නේ නෑනේ. මස් කන අය මෙය නවත්වන්නේ නෑනේ. පුළුවන් විදියට බන කියල මිනිසුන් මස් කන එක වලක්කන්න වැඩ කරන්න තිබුනා. මේ රටේ ප්‍රගමනයට විතරක් නෙමේ තව ගොඩක් අපරාද වලක්වන්න තියෙනවා. (ස)

:       0       0

කුමාරි කුරුණෑගල Tuesday, 11 June 2013 03:00 PM

දැන් හාමුදුරුවන් ව විකුණන මිනිස්සුන්ට තව ටික දවසකින් හැම ඒකම අමතකයි. හරක් විතරක් ද? තිරිසන් සත්තු මරන උන්, මස් විකුණන උන් , මස් කන උන් තමයි නියම තිරිසන්නු. හෘද සාක්ෂියට අනුව කුණු මස් කන ඔබ නිවැරදි දැයි සිතන්න. වීර හිමියනි ඔබට නිවන්සුව නියතයි.(ස)

:       0       0

සජිත් Tuesday, 28 May 2013 10:44 PM

ජීවිතයක වටිනාකම දැන ගන්න

:       0       0

අරුණ Wednesday, 29 May 2013 12:56 PM

කව්රු මොනදේ කිවුවත් අද මෙහෙම හරි සම්ම්බුද්ධ ශාසනය රැකිලා තියෙන්නේ එදත් අදත් මේවගේ ජීවිත පුජ කරපු කහ සිවුර අඳින ස්වාමීන් වහන්සේලා නිසා නැත්නම් අද ලංකාවත් එක්තරා බංගලාදේශයක් නැත්නම් ඉන්දුනිසියාවක් තමා, ඒටික නොතේරෙන තවත් බෞද්දයෝ කොටසක් තාමත් ඉන්නවනේ. (ස)

:       0       0

සමීර Wednesday, 29 May 2013 12:57 PM

ඔබ වහන්සේගේ එඩිතරකම ලෝකෙටම ආදර්ශයක්. (ස)

:       0       0

පහන් මඩුගල්ල Wednesday, 29 May 2013 09:50 AM

ඉන්ද්‍රරතන හාමුදුරුවනේ ඔබට නිවන් සුව ! (ස)

:       0       0

අරුණ Wednesday, 29 May 2013 12:54 PM

අපේ හාමුදුරුවන්ට අජරාමර නිවන්සුව ලැබේවා. (ස)

:       0       0

සහන් Wednesday, 29 May 2013 09:50 AM

හාමුදුරුවන්ට නිවන් සුව පතන්නවා. ඒත් මේ ක්‍රියාව අනුමත කරන්න එපා. (දී)

:       0       0

ලලිත් Tuesday, 28 May 2013 11:03 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා

:       0       0

ප්‍රියා Wednesday, 29 May 2013 12:55 PM

මීට දැන් ඇති හොදම පිළියම හරක් ඇමති කෙනෙක් පත් කිරීමයි (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 31 May 2013 09:28 PM

අද දවසත් එක්ක ඔන්න වෙසක් මාසේ ඉවරයි. අද දවසෙත් ලංකාවේ ගොඩක් මස් කඩ ඇරලා තිබුනා. අර අසරණ බෝවත්තේ ඉන්ද්‍රරතන හාමුදුරුවන්ව ජිවිතෙන් වන්දි ගෙවන්න සිදු වුණා. ලබන මාසේ පොසොන්. බලමු මොනවද වෙන්නේ කියලා. (නි)

:       0       0

සන්ජීව Wednesday, 29 May 2013 09:57 AM

මම දන්නා තරමට නිවන් යන්න පුළුවන් නුවණ දියුණු කරපු අයට විතරයි. (ස)

:       0       0

ලීල් ගුණවර්ධන Tuesday, 28 May 2013 11:07 PM

ශෝකජනක අවස්ථාවක්. ඒ වගේම මේ වගේ සිදූවීම් බෞද්ධ රටක් හැටියට ලංකාව තුල සිදුනොවීමට රටපාලනය කරන්නන් දැනගත යුතුයි. සියදිවි නසාගැනීම්, ප්‍රාණඝාත අකුසල් රටෙන් තුරන් කිරීමට අපි උත්සාහ ගනිමු. (නි)

:       0       0

සදරුවන් Tuesday, 28 May 2013 11:14 PM

නිරායුධව යුද වැදිලා කළා සසර තරණය. නිවන් දකිත්වා! (නි)

:       0       0

උදය Wednesday, 29 May 2013 10:02 AM

ඉන්ද්‍රරතන හිමියන්ට කරන ගෞරවයක් වශයෙන්, කරුණාකර අහිංසක සතුන්ගේ මාංශ ආහාරයට ගැනීමෙන් වලකින්න. උන් වහන්සේට නිවන් සුව ලැබේවා ! (ස)

:       0       0

රනිල් Wednesday, 29 May 2013 10:04 AM

කනගාටු දායක පුවත් වලින් එකක්

:       0       0

අසංග Wednesday, 29 May 2013 10:13 AM

ඔබ මුළු රටම අවදි කර රට ජාතිය ආගම වෙනුවෙන් දිවිපිදුවා....අපේ හාමුදුරුවන්ට නිවන් සුව ලැබේවා. (ස)

:       0       0

චන්ද්‍රා Monday, 03 June 2013 11:21 AM

සිරි ලාල් ඔයා කියන විදියට ගවයන් ඇති කිරීම නැවැත්තුවොත් අනාගතේ බලා‍ගන්න දෙන්නේ කාටද ?

:       0       0

විමල් Wednesday, 29 May 2013 10:19 AM

මේ වගේ තනිකර හැඟීම් වලට විතරක් වහල් වෙච්ච මිනිස්සු ඉන්නකම් මේ රටවල් හදන්න බැහැ. (ස)

:       0       0

දිනේෂ් Wednesday, 29 May 2013 04:14 PM

ජිවිත දානය වටිනවා

:       0       0

ලුම්බිණි Tuesday, 28 May 2013 11:39 PM

ඇයි මේ හාමුදුරුවරු පෙට්ටිය උස්සාගෙන යන්නේ?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

නුවන් Thursday, 30 May 2013 09:00 AM

ඔබට නිවන් සුව හිමයනේ (අ)

:       0       0

රුසිරු Monday, 03 June 2013 11:35 AM

දැන් එතකොට හරක් මරණ එක විතරද පව්? මේ රටේ නිරපරදේ මිනිස්සු කොයි තරම් මැරෙනවද? ඊට වැඩ කොයි තරම් අය මැරි මැරි උපදිනවද ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව. ඒ ය වෙනුවෙන් ගිනි තියාගන්න කව්රුත් නැද්ද? (ස)

:       0       0

ලාල් Wednesday, 29 May 2013 01:15 PM

සැබෑ බෞද්ධයෝ නම් ගව ගාතනය නතර කිරීමට නොව ගව මස් නොකා ඉන්න අධිෂ්ඨාන කරමු. (නි)

:       0       0

චන්ද්‍රා Monday, 03 June 2013 11:38 AM

මනෝහරන් ඔය කියන අතීතයේ පණ්ඩිතයා කවුද ? (ස)

:       0       0

නිකුම් Wednesday, 29 May 2013 01:20 PM

අපරාදේ ජිවිතයක්

:       0       0

සුනිල් Tuesday, 28 May 2013 06:29 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ලාල් සුරන්ජිත් Wednesday, 29 May 2013 01:17 PM

නිවන්සුව පතමි. සියල්ල දුකකි. එහෙත් අපේ ජාතිය අවදි කරන්න ඔබ වහන්සේ ගත්ත උත්සාහය අගය කරමි. (ස)

:       0       0

මාක් Wednesday, 29 May 2013 10:26 AM

අපේ රටෙය් මිනිස්සු තනිකර කරන්නේ පිස්සුෙ.. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 131 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 95 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 101 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 499 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1005 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1074 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38089 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site