IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


‘ගින්දර නිවිය යුතු ක්‍රමවේද තිබෙනවා‘

ජාතිවාදී දේශපාලන න්‍යායපත්‍රවලට හසු නොවී රටක් ලෙස ජීවත් වීම සඳහා ජාතික සමඟිය ගොඩනැගීමට ඒකරාශී වෙන්නැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර  මරදාන සාමයික හා සමාජයීය කේන්ද්‍රයේ අද (18) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. 

“ගින්දරක් ඇති වුණු ගමන් අහු වෙන බාල්දිය ඔළුවේ හලාගෙන හරියන්නේ නැහැ. ඒ බාල්දියේ පෙට්‍රල් තියෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒවා විසඳිය යුතු ක්‍රමවේද තිබෙනවා. ජාතිවාදය හා ප්‍රචණ්ඩත්වය කිසිදු ප්‍රශ්නයකට විසඳුමක් වෙන්නේ නැහැ.

ජාතිවාදය පෝෂණය කරන පිරිස් මෙවැනි සිදුවීම් දෙස බලා සිටිනවා. ඔවුන් යැපෙන්නේ ජීවත් වන්නේ ජාතිවාදය මතයි. තිස් අවුරුදු යුද්ධය අපට ඉතිරි කරපු දෙයක් නැහැ. අපට අපේ මිනිස්සු නැතිවුණා. දේපළ නැතිවුණා. අම්මලා තාත්තලා නැති දරුවෝ, දරුවෝ අහිමි වුණු මාපියෝ ඇතුළු විශාල පිරිසක් අද ඉන්නවා. මේ මිනිස්සු විඳින දුක හොඳටම ඇති. වර්ගවාදයේ, ජාතිවාදයේ දරුණුබව තේරුම් ගන්න එය හොඳටම ප්‍රමාණවත්. යුද්ධය අවසන් වෙලා වසර හතක් ගෙවී ගිහින්. එහෙත් තවමත් දෙමළ හා සිංහල මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳිලා නැහැ.

මේ ප්‍රහාරයත් සමඟ බොහෝ පිරිස් දැඩි කම්පාවකටත් බියටත් පත්වෙලා. අපි කවුරුවත් මෙවැනි සිදුවීම් අනුමත කරන්නේ නැහැ. සිසුන් සියලු දෙනා එකමුතුව ඉගෙන ගත යුතු බව යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසා තිබෙනවා. එය යහපත් ලක්ෂණයක්.” යැයි ඔහු වැඩිදුරටත් කීය. 

 



අදහස් (0)

‘ගින්දර නිවිය යුතු ක්‍රමවේද තිබෙනවා‘

බුද්ධික Tuesday, 19 July 2016 09:45 AM

පළමුව ගැහැව්වට ගහමු දෙවනුව ගින්දර නිවිය යුතු ක්‍රමවේද සොයමු. (හේ)

:       0       0

බුද්ධික Tuesday, 19 July 2016 09:47 AM

60% ශ්‍රී ලාංකිකයින්ට සතුටුයිද දැන් කියලා අහනවා මට නම් සතුට කියලා නිම කරන්න බැහැ. (හේ)

:       0       0

බුද්ධික Tuesday, 19 July 2016 09:49 AM

ඇයි මේ සංවිධාන ඒවාට කතා කරන්නේ නැත්තේ කියලා අහනවා (හේ)

:       0       0

ශාන්ත Monday, 18 July 2016 10:48 PM

රටේ උත්තරීතර තැනින් කරන දේවල් නිසා අනිත් අයත් මේ වගේ දේවල් වලට පෙළඹෙනවා. ඇයි මේ සංවිධාන ඒවාට කතා කරන්නේ නැත්තේ (නි)

:       0       0

තුල්සි Monday, 18 July 2016 11:06 PM

මේ ප්‍රහාරයේදී ගුටිකෑවේ වෙනත් ජාතිකයින් නම් තත්ත්වය මීට වෙනස් වෙන්න තිබුණා (නි)

:       0       0

ඕලු Tuesday, 19 July 2016 12:39 AM

ගින්දර නිවන්න ගින්දර ඇතිකරන්නත් සමහරු බලනවා (නි)

:       0       0

පීරිස් Tuesday, 19 July 2016 03:23 AM

ගින්දර නිවලා සහජීවනයෙන්, සමගියෙන් ඉන්න ඕනෑ බව කියන්නේ සිංහලයාට විතරද? සිංහල රටේ සිංහලයාට ගහනකොට කොහොමද අපි ඉවසන්නේ? මේක සිංහල ජාතිවාදය හැටියට අර්ථ දක්වන්න එපා (නි)

:       0       0

දහම් Tuesday, 19 July 2016 01:15 PM

දැන් සතුටුයි නේද?(හේ)

:       0       0

රොහාන් Tuesday, 19 July 2016 01:31 PM

ඒ ක්‍රමවේදයට නිවලා බලන්නකෝ.(හේ)

:       0       0

සමන් Tuesday, 19 July 2016 05:22 AM

අපි සුදු නෙලුම් අරන් සාම තවලමක් යමු ගුටි කාපු අයගෙ ගෙවල් වලට. මේක තමයි හරි ක්‍රමවේදය. (බ)

:       0       0

සරත් Tuesday, 19 July 2016 05:28 AM

කොහේ බැලුවත් සිංහලයින්ට සංහිඳියාවෙන් ඉන්න කියල පාඩම් .සින්දු හදනවා.ටෙලි නාට්‍ය හදනවා.චිත්‍රපට හදනවා. කොයි දෙමලෙන් ? දෙමල දේශපාලකයින් හැමවෙලාවෙම ජාතිවාදී විදියට තමයි හැසිරෙන්නේ .සිංහලයින් ඉවසයි. හැබැයි 83 වුනේ ඉවසල ඉවරුනහම පෙනෙන දේ. එ්ක නිසා වැරදි කරුවන් අල්ලන්න. එකට රජයේ උනන්දුව දකුණේ ඉන්න කෙසෙල් කන් හොරෙක් අල්ලන්න තියෙන උනන්දුව වත් නැහැ (බ)

:       0       0

නිමල් ලාලිත Tuesday, 19 July 2016 05:33 AM

සුනිල්,අනිල්,තුල්සි,පිරිස් ඔබලාගේ අදහස්වලට පින්. මේ සමාජවාදියෝ කියන කොටසත් ,බල පෙරේත දේශපාලන බඩගෝස්තර වාදිනුත් සිහින දකිනවා. දෙමල ජාතිවාදය නවත්වන්න නම් දෙමල ජාතිකයන්ට මුලින්ම උතුරු නැගෙනහිර වෙනම ප්‍රාන්තයකුත්, ඉන් පසු මුළු රටමත් දෙන්න වෙනවා. සිංහල ජනගහනය අද සියයට හැට ගනනකට අඩුවෙලා බව මේ පොට්ට බහු බහු වාදීන්ට පෙනෙන්නේ නැහැ. (බ)

:       0       0

දිලිප් වික්‍රමරත්න Tuesday, 19 July 2016 06:14 AM

මේක කොළඹ විශ්ව විද්‍යාල වල ඉන්න උතුරෙන් ආපු අයට වුනානම් මගේ අම්මෝ බලන්න තිබ්බ දේශපාලකයෝ එන් ජි ඕ කුක්කන්ගේ තානාපති කාර්යාලවල සද්දේ .සහජීවනය කියන්නේ ගහන්න ගහන්න ඔලුව නවන එක වෙන්න ඇති . රටේ ප්‍රධාන ජාතියේ සංස්කෘතික අංගයක් පෙන්නන්න නිදහසක් නැති පැතිත් තියෙනවා එහෙනම් (බ)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 19 July 2016 05:23 PM

දේශපාලනය නොතේරෙන ශ්‍රී ලාංකික මෝඩ මිනිසුන් නිසා ශ්‍රී ලංකාවට යන කල! (නි)

:       0       0

හේරත් Tuesday, 19 July 2016 07:27 AM

ක්‍රමවේද හොය හොය ඉන්නකෝ.(හේ)

:       0       0

සුනිල් ගිකියනගේ Monday, 18 July 2016 05:07 PM

ඔය පණිවුඩය යාපනයට ගිහින් කිවුවා නම් තමයි හොඳ. සිංහල මිනිස්සු ඕනෑවටත් වඩා මේ සහජීවනය පවත්වාගෙන යනවා. ඒක අගය කළයුතුයි. මේ අය මේක කිවයුත්තේ කොළඹ ඉඳලා නොවෙයි. යාපනයට ගිහින් කියන්න. (නි)

:       0       0

අනිල් Monday, 18 July 2016 05:11 PM

ඕක දකුණේ විශ්ව විද්‍යාලයක වුණා නම් බලාගන්න තිබුනා මේ එන්ජිඕ වල, බටහිර තානාපති කාර්යාලවල විතරක් නොවෙයි යහපාලන රජයේත් මීටවඩා වෙනස්ම පිළිතුරක්. (නි)

:       0       0

රොහාන් Tuesday, 19 July 2016 08:03 AM

මෙවැනි අයට මේ රට සිටීම ගැන අසතුටක් තම අපිට තියෙන්නේ.(හේ)

:       0       0

රජින්ද Monday, 18 July 2016 07:40 PM

ගින්න නිවන්න සුදුසුම සහ එකම විදිහෙනුයි 2009 මැයි මාසයේදී ඒ ගින්න නිව්වේ. අලුතින් ආ කට්ටිය කරන්නේ අළු යට තවත් ගිනි පුලිඟු අවුස්සන එක. ඒ නිසා ඉක්මනින්ම ඒ පුලිඟුත් නිවාදැමිය යුතුයි. (නි)

:       0       0

කරුණාරත්න Monday, 18 July 2016 07:57 PM

මේ ක්‍රමවේද නිසා අපහසුතාවන්ට පත්ව‍ෙන්න‍ෙත් සමච්චලයට පත්වන්න‍ේත් අපි. (නි)

:       0       0

චන්දා Monday, 18 July 2016 08:32 PM

ගින්දර නිවන ක්‍රම තව තිබෙනවා. (නි)

:       0       0

ලලිත් Monday, 18 July 2016 08:44 PM

ඕක නිකම්ම නිකම් ගින්දරක් නොවෙයි. හැබැයි හනුමා රටවනසන ගින්න තිබ්බේ එදා ආපු පාරෙන්ම ඇවිල්ලාමයි කියලා ජනතාව මේ පාර තේරුම් නොගත්තොත් අපිත් රටත් විනාශයි. (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 18 July 2016 09:10 PM

60% ශ්‍රී ලාංකිකයින්ට සතුටුයිද දැන්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 4237 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 392 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1562 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3037 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 127 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 3002 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39010 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25548 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 313 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1060 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site