IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ගන්නවයි කියලා දරුවා අරන් නෑ

අභියාචන මණ්ඩලයේ තීරණය අනුව තම දියණිය ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විදුහලට තේරී සිටියදී විදුහල්පතිනිය විසින් දරුවා විදුහලට ඇතුළත් කිරීම පැහැර හරිනු ලැබුවේය. තම මූලික අයිතිවාසිකම් කඩවී යැයිද තම දරුවා එම විදුහලට ඇතුළත් කිරීමට නියෝග කරන්නායිද ඉල්ලා මවත් පියාත් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ. නීතිවේදී ජගත් තල්ගහවත්ත මහතාගේ උපදෙස් මත නීතිවේදී ජී.ඩී. කුලතිලක මහතා මේ පෙත්සමට පෙනී සිටියි. ලබන 21 වැනි දා ‍මෙම පෙත්සම සඳහන් කිරීමට නියමිතය.

ගාල්ලේ පදිංචි අනුගි නුලංගා අහංගම විතානගේ බාල වයස්කාරිය වෙනුවෙන් ඇයගේ දෙමව්පියන් විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ගාල්ල සවුත්ලන්ඞ් විද්‍යාලයේ විදුහල්පති ශාන්ති සෙනවිරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු හත්දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කාරිය අවුරුදු පහක් වයසැති බාලවයස්කාර තැනැත්තියක් වන අතර ඇය ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විදුහලෙහි පළමු ශ්‍රේණිය සඳහා අයදුම්පතක් අධ්‍යයන කාර්ය මණ්ඩල සහ පදිංචිය යන කාණ්ඩය යටතේ ගොනු කළ බවත් ඊට අදාල සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වුවද පෙත්සම්කාර සිසුවියගේ නම ඊට ඇතුළත්ව නොතිබූ බවද පෙත්සමේ සඳහන්වේ. ඉන්පසු අගතියට පත් සිසුවිය ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළාය.

පෙත්සම්කාර සිසුවිය පදිංචිය සනාථ කළ ස්ථානයට වෙනත් අයෙකු ව්‍යාජ ඔප්පුවක් සකස් කර එය ඉදිරිපත් කිරීම මඟින් ඔහුගේ දියණිය විදුහලට ඇතුළත් කර ගැනීමේ අවස්ථාව ලබා ගෙන ඇති බවත්, ඊට අමතරව එම තැනැත්තා රුපියල් දශ ලක්ෂයක් විදුහලට පරිත්‍යාග කිරීමට ද පොරොන්දු වී ඇති බව ද පෙත්සම්කරුවෝ කියති.පසුව ඔවූහු මේ පිළිබඳව පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කළහ.

පෙත්සම්කාර සිසුවියගේ දෙමව්පියන් පදිංචිය සනාථ කළ ස්ථානයේ අයිතිකරු විසින් පසුව අදාළ ව්‍යාජ ඔප්පුව බලරහිත බව ප‍්‍රකාශ කැරිනි.

කෙසේ නමුත් පසුගිය දෙසැම්බර් පස් වැනිදා පැවති අභියාචන විමසුම් විමර්ශනයේ ප‍්‍රතිඵල පසුගිය දෙසැම්බර් 17 වැනි දා ප‍්‍රසිද්ධ කැරිනි. ඒ ප‍්‍රතිඵල අනුව පෙත්සම්කාර සිසුවිය පාසලට තෝරා ගෙන ඇති බව ප‍්‍රකාශ කළ පෙත්සම්කාර සිසුවිය පාසලට ගෙන ගිය අවස්ථවේදී  ඇය ලියාපදිංචි කිරීම විදුහල්පතිනිය විසින් ප‍්‍රතික්ෂේප කළ බවද මවුපියො සිය පෙත්සමෙන් කියයි.

අභියාචනයේ තම දරුවා පාසලට ඇතුළත් කිරීමට තෝරාගෙන තිබියදී විදුහල්පතිනිය විසින් ඇය පාසලට බාර නොගැනීම තමන් සමඟ පෞද්ගලික අමනාපයක් මත සිදුවන්නක් බවත්, මෙය නීතියට පටහැනි බවත් ඉන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් ඔවූහු කියති.

එබැවින් මෙම පෙත්සමේ විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙස තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද, තම දියණිය අදාළ විදුහලට ඇතුළත් කිරීමට නියෝග කරන ලෙසද ඔවූහු ඉල්ලති.



අදහස් (0)

ගන්නවයි කියලා දරුවා අරන් නෑ

මුණසිංහ Friday, 15 January 2016 11:33 AM

ආදී ශිෂ්‍ය සංගම් සක්‍රියව තියෙන පාසල් තමා අද ඉදිරියෙන්ම ඉන්නේ. අනෙක් පාසල් සියල්ල කඩා වැටිලා.මුදල් නැතිව. රජය හැම පාසලකටම අවුරුද්දකට අඩුම ගන්නේ රුපියල් මිලියන 15 වත් දිය යුතුයි අත්‍යවශ්‍ය වියදම් පියවා ගන්න. නැත්නම් සියලු ක්‍රීඩා නවත්තන්න වෙයි. (කෞ)

:       0       0

ලියනගේ Thursday, 14 January 2016 01:10 PM

දියණියකුගේ අනාගතය වෙනුවෙන් නේද මේ සියලු දේවල් දෙමාපියන් කරන්නේ ..ඇයි මෙය විදුහල්පතිට තේරුම් නොයන්නේ ..තව ටික දවසකින් විදුහල්පති විශ්‍රාම යාවි ..එත් මේ දියණිය ....ඇයට පාසලක් නැතිව යාවි ....මේ තත්වය මත ..ඇයට පාසලේ ඉගෙන ගන්න පුළුවන් වේ විද ...අද අප රටේ අධ්‍යාපනය නම් කතා කරලා වැඩක් නැහැ ...දිනෙක මේ දියණිය ....උගත් කෙනෙක් වෙලා රටට වැඩදායක කෙනෙක් වෙන්න පුළුවන්. අනේ මන්ද අපේ ගුරුවරු (බ)

:       0       0

සර්ජි Thursday, 14 January 2016 01:41 PM

මෙය ගාල්ල සවුත්ලන්ඩ් විදුහලට පමණක් අදාළ සිදුවීමක් නොවෙයි. සියලු පාසල් විමර්ශනයට ලක් කර, ළමයින් ඇතුලත් කරගැනීමේදී ආදිශිෂ්‍ය සංගම් බලපෑම් කිරීම් තහනම් කරන්න. (ර)

:       0       0

ටිරෝන් Thursday, 14 January 2016 04:42 PM

මේවායින් තැළෙන්නේ අහිංසක පොඩි දරුවෝ (නි)

:       0       0

සුමිත් Thursday, 14 January 2016 10:17 AM

දැන් බලනකොට ඔක්කොම නීති විරෝධි වැඩ කරන අයනේ ඉන්නේ.(හේ)

:       0       0

ඇන්ටන් Thursday, 14 January 2016 12:31 PM

මේ විදුහල්පතිනියත් මාරුවීමක් ඉල්ලලා ගන්න හදන හැඩයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 1 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 265 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 351 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1937 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 58 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12669 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36632 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24240 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site