(කාංචන කුමාර ආරියදාස)
කොරෝනා වයිරසය වැළදීමෙන් නිරෝධායනයට ලක්වූ පිරිසක් සිටින ලග්ගල වැල්ලලේවල ප්‍රදේශයේ වෙළඳසසැලක ඇති වූ ගින්නක් නිවීමට ගිය පුද්ගලයෙකු ගින්න නිවීම සඳහා පැමිණි ජල බවුසරයට යට වී මියගොස් ඇතැයි ලග්ගල පල්ලේගම පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ගින්න හටගත් වෙළඳසැල ආසන්නයේම නිවසක පදිංචි බි. ආර්.සිසිර කුමාර ( 48 ) හැවිරිදි එක්දරු පියකු බව පොලිසිය පවසයි.
ලග්ගල පොලිස් බල ප්‍රදේශයේ වැල්ලේවල නගරයේ පිහිටි තොග වෙළඳසැල පෙරේදා (16 ) රාත්‍රියේ ගින්නක් හටගෙන ඇති බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් මෙන්ම ප්‍රදේශ්වාසීන්ද ද එම ස්ථානයට ගොස් තිබේ.
ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව මෙම ගින්න නිවා දැමීම සඳහා ප්‍රදේශයේ පෞද්ගලික ජල බවුසර් කිහිපයක්ද එම ස්ථානයේ ගෙනැවිත් ගින්න පාලනය කරමින් සිටියදී වෙළඳසැලක යාබද තවත් පටු මාර්ගයකින් බවුසරයක් පැමිණ ගින්න නිවීම සඳහා උත්සාහ කරමින් සිටියදී රථය ඉදිරියට ධාවනය වන අවස්ථාවේදී ඊට යට වී මෙම පුද්ගලයා මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මියගිය අයගේ ඥාතීන් කියා සිටියේ රාත්‍රී ආහාරය ලබාගැනීම සඳහා සූදානම් වෙද්දී අසල්වැසියකුගේ වෙළඳසැල ගිනි ගන්නා බවට ලද තොරතුරු මට බත් පතද එහි දමා ගින්න නිවීම සඳහා උදවු කිරීමට මෙම පුද්ගලයා දිව ගිය බවය.
මෙලෙස දින කිපයක සිට නිරෝධායනයට ලක්ව වෙළඳසැල වසා තිබුණු බවත් රාත්‍රී 8 පමණ එකවරම වෙළඳසැල ඇතුලෙන් ගින්න හටගෙන ඇතැයි ලග්ගල පොලිසිය කියයි
වෙළඳසැල සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විශාල පාඩුවක් සිදු වී තිබෙන බවත් ගින්නට හේතුව සහ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බව ලග්ගල පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
අනතුර සිදු වූ බවුසරය පැදවු පුද්ගලයා පොලිස් බාරයට ගෙන තිබේ. අනතුරින් මියගිය පුද්ගලයාගේ දේහය ලග්ගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගින්න නිවන්න ගිය පුද්ගලයා ජල බවුසරයට බිලි
Asanga Tuesday, 17 August 2021 11:55 AM
කර්ම ශක්තිය සියලුදෙනාටම පොදු වුවකි .එය අවසන්වීම සියලු දෙනාටම පොදු වූ සත්‍යකි