IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘ගනර්ස් සුපර්ක්‍රොස්’ අගෝස්තු 4 දා මින්නේරියේදී

ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව විසින් ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව 8 වැනි වරටත් සංවිධානය කරනු ලබන ‘ගනර්ස් සුපර්ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය අගෝස්තු මස 04 වැනිදා උදෑසන 9.00 සිට මින්නේරියේ, කාලතුවක්කු හමුදා පරිශ‍්‍රය තුල පිහිටි මෝටර් රථ ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය.

තිස් වසරකට ආසන්න යුද්ධයේදී මියගිය සහ විවිධ ආබාධයන්ට ගොදුරුවූ කාලතුවක්කු රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ සුබ සාධන කටයුතු සඳහා මුදල් රැස්කිරීම මෙම තරගාවලියේ ප‍්‍රධාන අරමුණයි.

දක්ෂතම මෝටර් රථ රියදුරා සහ දක්ෂතම යතුරුපැදි ධාවකයා තෝරා ගැනීම සඳහා වන තරගද ඇතුළත්ව තරග ඉසව් 21 කින් සමන්විත වන මෙවර තරගාවලියට යතුරුපැදි තරග 10 සහ මෝටර් රථ තරග 11 ඇතුළත්වේ.

දිවයිනේ සිටින ප‍්‍රමුඛ පෙළේ මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයන් ඇතුළු තරගකරුවන් 150 කට අධික ප‍්‍රමාණයක් මෙම තරගාවලිය සඳහා මේ වන විටත් තම සහභාගීත්වය තහවුරු කර තිබෙන අතර ටී. වී. එස්. කණ්ඩායම නියෝජනය කරන ඉන්දීය යතුරුපැදි ධාවකයන් දෙදෙනකුද තරගාවලියට සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය විසින් මෙතෙක් පවත්වනු ලැබූ තරගාවලි 3 අවසානයේ යතුරුපැදි අංශයෙන් ගයාන් සඳරුවන්ද (ලකුණු 52), මෝටර් රථ අංශයෙන් අශාන් සිල්වාද (ලකුණු 50) ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙති.

සිංගර් ආයතනය සහ සියැට් ආයතනය තරගාවලියේ සම අනුග‍්‍රහකයන් ලෙස කටයුතු කරන අතර එලිෆන්ට් හවුස් ආයතනය තරගාවලියේ ආහාර පාන සැපයුම්කරුවා ලෙස කටයුතු කරයි.
 

(ඡයාරූප - ශානුක අරවින්ද)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සිංගර් සමාගම නියෝජනය කරමින් එහි අළෙවි හා නිෂ්පාදන කළමාණාකාර අධ්‍යක්ෂක කුමාර් සමරසිංහ මහතා, විසින් මේජර් ජෙනරාල් ජේ. සී. රඹුක්පොත මහතාට අනුග‍්‍රහක චෙක්පත ප‍්‍රදානය කළ අවස්ථාව

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සියැට් ආයතනය නියෝජනය කරමින් රවී ඩඞ්ලානි මහතා විසින් මේජර් ජෙනරාල් ජේ. සී. රඹුක්පොත මහතාට අනුග‍්‍රහක චෙක්පත ප‍්‍රදානය කළ අවස්ථාව
 

 



අදහස් (0)

‘ගනර්ස් සුපර්ක්‍රොස්’ අගෝස්තු 4 දා මින්නේරියේදී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 368 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 836 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 528 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 867 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1363 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 568 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37640 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site