IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ගෙනාවෙ මහින්දගෙ ප්‍රචාරයටලු

මිරිහාන ජුබිලි කණුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී ශබ්ද පරිපාලන උපකරණ වීඩියෝ තිර ඇතුළු භාණ්ඩ තොගයක් පොලිස් භාරයට ගත් බවත් පෞද්ගලික ආයතනයක් මසකට රුපියල් දෙලක්ෂයක කුලියට ගත් ගොඩනැගිල්ලේ මෙම උපකරණ තිබූ බවත් මිරිහාන පොලිසිය පවසයි.

අලුත්ම ශබ්ද පරිපාලන උපකරණ පෙට්ටි 34 ක් එහි තිබූ බවද හිටපු ජනපති උපදේශකයකු භාරයේ එම භාණ්ඩ එහි ගබඩාකර ඇති බවටද තොරතුරු පොලිසියට ලැබී ඇත. ආරක්ෂකයන් විසින් දෙන ලද දුරකථන අංක වලින් පිළිතුරක් නොලැබීම නිසා එම භාණ්ඩ උසාවියට ඉදිරිපත් කරන බවද පොලිසිය පවසයි.

පොලිසියට මේ ගැන ඔත්තුව දී ඇත්තේ කෝට්ටේ නාගරික මන්ත්‍රී චින්තක උදය ශාන්ත මහතාය. රියදුරා හා සහායකයා පොලිස් අත්අඩංගුවට ගනු ලැබ සිටී.

මේවා ජනපතිවරණ සමයේ තැන තැන වීඩියෝ ප්‍රචාරක කටයුතු සඳහා ගෙනැවිත් තිබූ භාණ්ඩ බව අනුමාන කෙරේ.

RDS_9999 Still0115_00000 Still0115_00003 Still0115_00010

ඡායාරූප බිමල් ශ්‍යාමන්

 

 

 

 

 

 



අදහස් (0)

ගෙනාවෙ මහින්දගෙ ප්‍රචාරයටලු

බණ්ඩා Thursday, 15 January 2015 02:14 PM

මේ බඩු කාගේද ? මේවා ගන්න සල්ලි දුන්නේ කවුද ? මෙතනින් මේ වගේ තව මොනවද පිටකරේ. මෙන්න ප්‍රශ්න. (නදී)

:       0       0

සසික Friday, 16 January 2015 06:16 PM

මේ රටේ කළ සියල්ල කළේ මහජන මුදලින්. අපි මොකටද දුක්වෙන්නේ? (නි)

:       0       0

ආනන්ද Thursday, 15 January 2015 09:44 AM

වෙලා තියෙන දේ තේරෙන්නෙම නැද්ද? (ර)

:       0       0

විජේදාස Thursday, 15 January 2015 02:47 PM

අපි බලාගෙන ඉමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

ඇසළ Thursday, 15 January 2015 02:52 PM

හසන්තට වයස කීයද දන්නෙ නැහැ ? (නි)

:       0       0

කුමාරි Thursday, 15 January 2015 10:01 AM

තව මේ වගේ කොච්චර ඇතිද?(හේ)

:       0       0

ටී ජී ලියනගේ Thursday, 15 January 2015 10:03 AM

කොටින්ගේ ආයුධ ගබඩාවක් අල්ලගෙන වගේනේ මෙතෙන කට්ටියම හැසිරෙන්නේ (දිල්)

:       0       0

සංවානි Thursday, 15 January 2015 03:33 PM

රවි කරුණානායක ඇමතිතුමාගේ පැමිණීම හරි. ඒත් මේවා කරන්න උදව්උපකාර කර පසුව වෙනසක් කරන්න වෙන් වී කටයුතු කරන දූෂිත දේශපාලකයින් පසුගිය රජයෙන් ලබාගෙන ඇති කොටි ගණන් වටිනා මහජන දේපල ගැනත් කථාකරන්න. දුප්පත් මිනිහෙකුට ගෙයක් හදාගන්න පර්චස් 05 ක් ගන්න බෑ. ඒත් සමහර දේශපාලන පූජකයන්ට බංගලා හදාගන්න අක්කර 05 ක් වැනි විශාල කෝටි ගණන් වටිනා රාජ්‍ය දේපල රාජ්‍යබලය යොදා අරගෙන තියනවා. (අ)

:       0       0

කේ. සිරි Thursday, 15 January 2015 03:35 PM

තම තමන්ගේ සමාජ වගකීම මොනවද කියල තේරුම් ගත්තනම් ගොඩක් හොඳයි. බල්ලාගේ වැඩේ බුරුව නොකර. හාමුදුරුවරු බණ දහම් නොකර පාර්ලිමේන්තුත් ගිහිල්ල ඒ මදිවට දැන් පොලිස් වැඩෙත් පටන් අරන්. බලන්න වෙන මොනම ආගමික නායකයෙක්වත් මේවා කරනවද කියල. මේ ප්‍රවුර්ති ලෝකේ හැම තැනම යනවා. අපි මහා පටු අදහස් තියන ජාතියක්. හරිම දුකයි. (අ)

:       0       0

ගාමිණී ප්‍රියන්ත Friday, 16 January 2015 04:00 AM

කොච්චර දවස් මේවා හොයයිද ? හොරු අල්ලන්න ගියොත් පාර්ලිමන්ට් එකේ ඉන්න ඔක්කොම කූඩු කරන්න වෙනවා. (නදී)

:       0       0

සදුන් Thursday, 15 January 2015 10:42 AM

මේවා පොදු ජනතාවගේ මුදල් වලින් ඡන්ද වැඩ සඳහා ගෙන ආ ඒවා බව කාටත් පේනවා නේද ?(දිල්)

:       0       0

අමන්දා Thursday, 15 January 2015 10:45 AM

මෙරට පැවති තිස් අවුරුදු යුද්ධය නිම කිරීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සිදුකළ ලොකුම වරදද?(දිල්)

:       0       0

උපාලි වැලිමඩ Friday, 16 January 2015 04:52 AM

අපි හිතන්නේ ඔය අපේ සල්ලි කියලා. මහජනතාවගේ මුදල් (නදී)

:       0       0

මාටින් Friday, 16 January 2015 05:00 AM

වැරැද්ද? වැරැද්ද තමයි මේවා මහජන මුදල් වැයකරලා අරගෙන තමන්ගේ වැඩවලට තමන්ගේ වගේ තියාගෙන හිටි එක. එයාලගේ සල්ලි නම් මොනවා ගත්තත් අපිට කමක් නැහැ (නි)

:       0       0

ඇසළ Thursday, 15 January 2015 11:15 AM

ප්‍රේමදාස ජනාධිපති තුමා කොටින්න්ට ආයුධ, සන්නිවේදන උපකරණ, මුදල් දෙන කාලේ මේ කට්ටිය හිටියේ කොහෙද දන්නේ නැහැ.(නදී)

:       0       0

මහේෂ් Thursday, 15 January 2015 11:21 AM

අපේ හාමුදුරුවො ටිකක් අනවශ්‍ය දේට ඇඟිලි ගහනවා වැඩියි. ඔහොම ගියොත් ලඟදීම මිනිස්සුන්ට එපා වෙයි. (නදී)

:       0       0

චමිල Thursday, 15 January 2015 11:21 AM

යහ පාලනය කාටත් හොරෙන් නීතිය වෙනස් කරලා ද මන්දා. හරි වැරදි මොකක්ද කියල තේරුම් ගන්න බැරුව ඔලුවත් කොලොප්පන් වෙලා. (නදී)

:       0       0

පි.එස්.කැටවල Thursday, 15 January 2015 11:25 AM

බන්දුල කේ දිසානායක, ඔයාට මොකුත් තේරෙන්නේ නැහැ ඔයා තොත්ත බබා. (නදී)

:       0       0

මහින්ද Thursday, 15 January 2015 05:07 PM

අපිට දැන් බොරු සෝබන වලින් වැඩක් නැහැ (නි)

:       0       0

සුගුනවති Thursday, 15 January 2015 11:28 AM

අමන්දා නගේ ඔය තැටිය අහලා අපිට ඇතිවෙලා තියෙන්නේ. නගා ගාව වෙන තැටියක් නැද්ද අපට අහන්න.(නදී)

:       0       0

කාගිල් Thursday, 15 January 2015 05:26 PM

මිනිසුනේ, සිදුවුණ දේ හරියටම දකින්න මනස පෑදේවා! කිසියම් කෙනෙක් වැරැද්දක් කළොත් එම වැරැද්දට දඩුවම් ලැබිය යුතුමය. එයට දඩුවම් කිරීම පවතින රජයේ වගකීමකි. (නි)

:       0       0

සුනෙත් හේමන්ත Thursday, 15 January 2015 05:30 PM

බුදු හාමුදුරුවන්ගේ ධර්මයේ කිසිම තැනක මේ කරන කිසිම දෙයක් සඳහන් වෙලා නැහැ. දේශපාලනය කරනවා කියන්නේ ප්‍රායෝගිකව ඔබ වහන්සේලා තුළ පවත්වාගතයුතු ශාන්තකම, සීලය, විනය, ආරක්ෂා කරගැනීමට බොහෝ අපහසුය. බුද්ධ පුත්‍රයෙකුට කැප හා අකැප කුමක්ද යන්න බුදු හාමුදුරුවෝ මැනවින් විස්තර කර ඇත. (නි)

:       0       0

රාජා ගුණවර්ධන Thursday, 15 January 2015 11:58 AM

මේක වෛරයද, මෛත්‍රියද? (නදී)

:       0       0

ප්‍රසන්න Thursday, 15 January 2015 12:10 PM

හාමුදුරුවෝ හැසිරෙන්නේ වෛරයෙන්ද ? (නදී)

:       0       0

අමන්දා Thursday, 15 January 2015 12:16 PM

සිංහලයාට මතක තියෙන්නෙ සති දෙකයි කිවුව කථාව හරියට හරි (නි)

:       0       0

හේමන්ත Thursday, 15 January 2015 07:38 PM

ඇසල ඒ ගැන හිතන්න එපා. හසන්තට තවම ඒ හැටි වයසක් නැහැ වගේ (නදී)

:       0       0

චන්ද්‍රා Thursday, 15 January 2015 07:41 PM

අමන්දා ඔයාගේ කටට රන්මසුරන් දාන්න ඕනේ. ඔයා කියපු දේට මමත් මගේ කැමැත්ත පළකරනවා. (නදී)

:       0       0

චන්ද්‍රලතා Thursday, 15 January 2015 11:10 PM

ඔය අය අවුරුදු 30 ක් යුද්ධය කළා. දැන් බෝදිසත්වයෝ වෙන්න හදනවා .එයාලට දැන් ඒවා මතක නැහැ වගේ කතාකරන්නේ. ගරු මහින්ද රාජපක්ෂ මැතිදුන් රට බාර අරන් ඉතා කෙටි කාලයක් අැතුලත කුරිරු යුද්දයත් නිමකර රටේ සම්පත් නැවත මව් බිමට ගෙන දුන් එකම නායකයා. ඔහුට කව්රු උනත් පින්දෙන්න ඕනේ (නදී)

:       0       0

හසන්ත Thursday, 15 January 2015 01:25 PM

ඇසළ, නිකම් මෝඩ කතා දොඩ වන්න එපා. ඔයා හිටියේ ප්‍රේමදාස මහතාගේ ගෙදරද ? ඔයා වගේ චෝදනා කරන්න කලින් මේ රටේ පසුගිය කාලයේ කෙරුන මහා පරිමාන වංචා ගැන හිතල බලන්න. (නදී)

:       0       0

කේ දිසානායක Thursday, 15 January 2015 08:56 AM

මට මේක තේරෙන්නේ නැහැ. මොකක්ද මෙතැන වෙලා තියෙන වැරැද්ද?(හේ)

:       0       0

පහන්දී Thursday, 15 January 2015 01:54 PM

අනේ මන්දා! මේවා මොනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)

:       0       0

ධනංජය Friday, 16 January 2015 01:49 AM

ඔය මොනවා කිවුවත් අපි තාමත් මහින්දට තමයි! ඔය චෝදනා නවත්වලා දැන්වත් කරනවා කිවුව වැඩ පටන් ගන්නවද? (නි)

:       0       0

ඇසළ Thursday, 15 January 2015 09:01 AM

මෙතන තියන වැරැද්ද මොකක්ද ? මේවා හොර බඩුද ? ශබ්ද පරිපාලන උපකරණ ලග තබා ගැනීමට බලපත්‍ර අවශ්‍යද? හේතුව කිසිම බල පත්‍රයක් නැතුව මගේ ලගත් ශබ්ද පරිපාලන උපකරණ කීපයක් තියනවා. (ර)

:       0       0

පරිමේ Saturday, 17 January 2015 08:15 AM

නව රජය සියල්ල කරන්නේ පුද්ගලික මුදලින්ද එතකොට , මහින්ද යුද්ධයත් නිම කරේ මහජන මුදලින් තමයි,(බ)

:       0       0

දිනෙල්ක‍ Thursday, 15 January 2015 01:59 PM

දැන් මෙතන මොකක්ද වෙලා තිබෙන වංචාව? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 301 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 225 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 595 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 273 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 88 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 270 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38661 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site