IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ගිනි අවිය පෙන්වා ලේකම් රියෙන් එළියට අරං

අධිකරණ සේවා කොමිසමේ ලේකම් තම පුතා හා බිරිය ශාන්ත තෝමස් විදුහල අසල ක්‍රීඩාගාරයේ බස්සා සිය ජගුවර් රියෙන් ආපසු එද්දී ඔහුගේ රිය නතර කර ඇතැයි ද, අවියක් පෙන්වා මරණ බවට තර්ජනය කර රියෙන් එලියට ගෙන පහර දී ඇතැයි ද කියන තොරතුරු ලැබී ඇතැයි මූලික පරීක්ෂණ පවත්වන පොලීසිය කියයි. ගල්කිස්ස පොලීසිය ඔහුගේ රියෙන්ම ඔහු රෝහල් ගත කර ඇත්තේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පණිවුඩයක් අනුවය. මැරයන් වාහනයට නැගී පළා ගිය බවට ද සාක්කි ඇතැයි මූලික පරීක්ෂණවලදී සොයාගෙන තිබේ. පොලිස් අධිකාරී රවීන්ද්‍ර කරවිට මහතා එහි පැමිණ පරීක්ෂණ ඇරඹීය. ඡායාරූප - සුරංජිත් පෙරේරා  



අදහස් (0)

ගිනි අවිය පෙන්වා ලේකම් රියෙන් එළියට අරං

වරුණ Monday, 08 October 2012 11:33 AM

ජගුවර් එක කෝ? පොලිසිය වට වෙලා ඉන්නෙ වෙන වාහනයක් වටේටනේ. (නි)

:       0       0

යොහාන් Sunday, 07 October 2012 02:52 PM

කවුරුහරි ගහලා රජය අපහසුතාවයට පත් කරන්නයි හදන්නේ. අද ක්‍රිකට් බලන්නකෝ. ඔය ඔක්කොම අමතක වෙයි ඔයාලට. (නි)

:       0       0

බුද්ධික Sunday, 07 October 2012 03:00 PM

දවස් තුනකට විතර කලින් අධිකරණය වුණත් ජනතා පරමාධිපත්‍යයට යටත් කිවුවා. ඔන්න අද ඒක කරලා. අනේ වාසනාවන් මේ රටට! (නි)

:       0       0

බණ්ඩාර. Sunday, 07 October 2012 03:09 PM

පිටරටවල් වලට වෙලා ඉඳන් දේශප්‍රේමය කතාකරන මහත්වරුනි, ඔයාලගේ අඹු දරුවන්වත් ඔය රටවල් වලටම ගෙන්වාගන්න. අපිට නම් තව ටික දවසක් යත්දී දේශ ප්‍රේමය කෙසේ වෙතත් ජීවිතත් අහිමි වෙන්නයි යන්නේ. (නි)

:       0       0

රාජා Sunday, 07 October 2012 03:20 PM

අධිකරණ සේවයේ ඉන්න ප්‍රභලයින්ට මෙහෙම වෙනවා කියන්නේ ආශ්චර්ය එළිපත්ත ළගට ඇවිල්ලා කියන එක නෙමෙයිද? (නි)

:       0       0

ධර්මේ Sunday, 07 October 2012 03:28 PM

ජගුවාර් එකකින් යන්න, පරම්පරාගත සල්ලිකාරයෙක්ද? (නි)

:       0       0

අජිත් කුරුවිට Monday, 08 October 2012 04:15 AM

මේවා ජිනීවා නෙමෙයි මුළු ලෝකෙම දන්නවා. (නදී)

:       0       0

අජිත් Monday, 08 October 2012 04:33 AM

"විධායකය, ව්‍යවස්ථාදායකය ,අධිකරණය කටයුතු කළ යුත්තේ ජනතා පරමාධිපත්‍ය සුරැකීමටය." (නි)

:       0       0

සම්පත් Sunday, 07 October 2012 04:02 PM

මොකක්ද මේ ජගුවර් කියන්නේ? එයාගේ ආදායම් වාර්තා පරීක්ෂා කරන්න බැරිද? එයා ආදායම් බදු ගෙවලද? (නි)

:       0       0

මලී Sunday, 07 October 2012 04:22 PM

තව ටික දවසකින් අමතක වෙයි. (නි)

:       0       0

නලින් Sunday, 07 October 2012 11:11 AM

රට යන අත හොදයි වගේ. (නි)

:       0       0

සමන් Sunday, 07 October 2012 04:29 PM

නීතියක් නැද්ද මේ රටේ

:       0       0

ජයා Monday, 08 October 2012 08:18 AM

ධර්මේ මෝඩ කතා කියන්න එපා , අදහස් දක්වද්දි මොලෙත් ටිකක් පාවිච්චි කරන්න (ස)

:       0       0

නිරාන් Sunday, 07 October 2012 11:19 AM

අනේ අපි මොනවා කියන්නද? (නි)

:       0       0

හර්ෂණ Sunday, 07 October 2012 11:22 AM

මොනවා වුණත් මේ තියෙන්නේ අපේ මහජන මුදල් නේද? (නි)

:       0       0

හර්ෂණ Sunday, 07 October 2012 11:23 AM

ආ.. කියන්න බැරි වුණානේ. ප්‍රහාරය සම්බන්ධයෙන් සංවේගය

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 07 October 2012 11:32 AM

ජනතා පරමාධිපත්‍යය වැඩ පටන් අරන් වගේ. (ඇයි, මොකද? ලංකාවේ ජනතාව නෙවෙයි නම් පිටරටකින් ඇවිල්ලද කරන්න ඇත්තේ?) (නි)

:       0       0

සෙනරත් Sunday, 07 October 2012 11:37 AM

ලංකාව හැදෙන්නෙ නෑ.තව තව පිරිහෙන්න අරන්.දැන් නම් මගේ අදහස ගල්ෆ් රටකට ගිහින් එහේ මැරෙනකම් ජීවත් වෙන්නයි. (ස)

:       0       0

ඩෙන්සිල්-කුරුණෑගල Sunday, 07 October 2012 11:38 AM

මේවගේ ජරා වැඩ නවත්ව ගත්තේ නැත්නම් මොනවා වෙයිද?

:       0       0

සේන Sunday, 07 October 2012 11:39 AM

රජය සමග පොඩි කොස්සක් තියනවා නේද?

:       0       0

සුමන මානඩුව Sunday, 07 October 2012 11:42 AM

මේ කතාව තමයි ආසියාවේ ආශ්චර්ය

:       0       0

ලලිත් - කටාර් Sunday, 07 October 2012 11:45 AM

තව ටික දවසකින් යන්න බැරි වෙයි වගේ

:       0       0

විනිල් Sunday, 07 October 2012 05:33 PM

මේක බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. (නි)

:       0       0

තුල්සි Sunday, 07 October 2012 11:52 AM

ඕවා පත්තරේ දාන්න එපා. සමහරු කියල තියෙනවා ජිනීවා වලට මේවා ආරංචි වුනොත් රටට හොඳ නැහැලු. මේ ටික දවස ගුටිකාගෙන ඉන්න කියන්න.

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Sunday, 07 October 2012 11:54 AM

මෙම පුවත අපට මෙසේ අසන්න නොලැබේවා. “එම මහතා තමාගේ වාහනයේ තිබූ වීල් බ්‍රෂ් එකෙන් තමාට ම ගසා ගෙන, පළතුරු කැපීමට තිබූ පිහියෙන් ඔහුම කපා ගත්තා.“

:       0       0

කුමාරි Monday, 08 October 2012 09:21 AM

එක ගෙයි කාලා..... දෙපිළක කැත කරලා .....(ස)

:       0       0

සිල්වා Sunday, 07 October 2012 12:00 PM

රටේ ආරක්ෂාව හොදයි කියලා කතා කරන ජනතාවට හොදම උදාහරණය තමයි මේ සිදුවීම. ලොකු අයට මෙහෙම වෙනවනම්, අපි වගේ අයට මොන කතාද?

:       0       0

‍‍කෝර‍ලේ Monday, 08 October 2012 09:27 AM

‍නෝනා සහ පුතා ක්‍රීඩාගාර‍යේ බස්සවා ආපු බැවින් එම කම්පනය නිසා‍වෙන් කියවුනු ‍දෙයකි (ස)

:       0       0

තරිදු Sunday, 07 October 2012 12:08 PM

යුද්ධයෙන් පසු ලැබුණු සාමයද මේ?

:       0       0

චන්ද්‍රසිරි Sunday, 07 October 2012 12:49 PM

ඇති ඔයින් ගියා. (නි)

:       0       0

රූපා රත්නායක Sunday, 07 October 2012 12:49 PM

අපි හැමදාම ගුටි කකා මේකේ ඉන්නෙ නැතිව ජීවිතාරක්ෂාව පතා පිටරටකට වත් යමු. ජනතාවගේ කතිරේ බලයද මේ?

:       0       0

චන්ද්‍රසිරි Sunday, 07 October 2012 01:09 PM

කෝ ජගුවර් රිය? (නි)

:       0       0

ශාන්ත Sunday, 07 October 2012 01:17 PM

මෙතුමාටත් මේජර් උන්නැහෙට වගේ ඔලුවට ලොකු පාරක් වැදිලා තිබ්බොත් හරි. (නි) 

:       0       0

තුල්සි Sunday, 07 October 2012 09:44 PM

"ධර්මේ ජගුවාර් එකකින් යන්න, පරම්පරාගත සල්ලිකාරයෙක්ද?" මේ ජාතික ඛේදවාචකය අස්සේ ඔයාට ප්‍රශ්නයක් වුනේ ඕක විතරයි නේ? (නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 63 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 171 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 749 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 10 429 0

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ


විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 1497 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 332 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39725 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25833 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 48 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 378 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1243 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site