IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ගැබිණි බිරිය මරා දාලා

බුලත්සිංහල පහළවෙල්ගම ගැබිණි බිරිය (19) මරා ඇගේ පෙර විවාහය එක් අවුරුදු දියණියට දස වද දුන් බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. දුම්වැටිවලින් පිළිස්සු 24 ඇගේ සිරුරේ ඇති බවත් නියපොතු ගැලවීමට උත්සහා කර ඇති බවත් නාගොඩ රෝහලේ වෛද්‍යවරු කියති.

ඡායාරූප - සිරි මහ බෙල්ලන

ඡායාරූප - රත්නසිරි ප්‍රේමලාල්

 



අදහස් (0)

ගැබිණි බිරිය මරා දාලා

යූ. Tuesday, 10 September 2013 07:18 PM

ලංකාවේ වැරදි නොකරන කෙනෙක් මේ මනුස්සයාට දඬුවම් දෙන්න ඉදිරිපත් වෙන්න. වැරදි වැඩේ වැරදියි. සාමාන්‍ය පුද්ගලයන් අතින් මේ තරම් දරුණු වැරදි නොවුනත් ලංකාවේ ගොඩක් දෙනෙක්ගේ සිතිවිලි පවා දරුණුයි. මේ ලෙස දරුණු වෙන්නේ දවසින් දෙකෙන් නොවේ. (නි)

:       0       0

ජාබීර් Wednesday, 11 September 2013 07:12 AM

මරණ දඩුවම ක්‍රියාත්මක නොකරන කල් මෙවැනි සිදුවීම් වැලක් විය නොහැක.(නදී)

:       0       0

හසිත Wednesday, 11 September 2013 01:13 PM

මේ අයට හෙන ගහන්න ඕනේ මේ කරන අපරාධ වලට. අපේ රටේ නීතිය ක්‍රියාත්මක වී දඩුවම් දෙන්න කල් යනවා. ඒ නිසයි මේ සේරම.(නදී)

:       0       0

සදුනි Tuesday, 10 September 2013 07:31 PM

එළියට නම් එවන්න එපා මොහුව. (නි)

:       0       0

අනුර Tuesday, 10 September 2013 07:28 PM

ඔය වගේ අයට මරණ දඩුවම දෙන්න!පවු අහිංසක දරුවා (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 10 September 2013 02:36 PM

මෙයාව මහා පාරේ තියල ඇන ගහල මරන්න ඕනේ. මේ මිනිසෙක් නොවේ තිරිසනෙක්. නැත්නම් වෙඩි තියල දාන්න මනුෂ්‍ය ලෝකයේ ජීවත් වීමට සුදුසුකම් නැති යක්ෂයෙක්. (දී)

:       0       0

ඉන්දු Tuesday, 10 September 2013 02:42 PM

මේවා අහද්දි ලොක යුද්ධයක් ඇවිත් ඔක්කොම සුන්ද්දුවිලී වෙලා ගියානම් හොදයි කියලා හිතෙනවා (දී)

:       0       0

සුමේධ Tuesday, 10 September 2013 07:41 PM

ඉතා ඉක්මණින් දරුවා සුවපත්ව යහපත් මිනිසුන් අතරට පැමිණේවා! (නි)

:       0       0

වරුණ Tuesday, 10 September 2013 02:44 PM

තිරිසනෙක්නේ,මේවගේ මිනි මරුවන් ප්‍රසිද්දියේ එල්ලා මරන්න ඕන මේවගේ අපරාද කරනවට,රටේ නීතිය නිසි ආකාරව ක්‍රියාත්මක නොවීම නිසා මිනිස්සු අපරාද කරන්න දෙපාරක් හිතන්නේ නැහැ .නිකන් කූඩුවේ දාල තියෙනවා මාස 7,8 කින් ඇප අරන් ගෙදර යනවා. (දී)

:       0       0

සුමේධ Tuesday, 10 September 2013 07:34 PM

පොඩි ළමයට කරලා තිබෙන අපරාධය දුටුවිට ඇස් වලින් කදුළු එනවා (නි)

:       0       0

පද්මේ Wednesday, 11 September 2013 08:28 AM

රුපවතී නංගි කිරි දරුවෙක් ඉන්නවා නම් මේ වගේ ප්‍රවෘත්ති කියවන්න එපා.....ඔයාගේ දරුවටත් හොඳ නැහැ ... (ස)

:       0       0

ටාසන් Tuesday, 10 September 2013 02:44 PM

මරන්න එපා මේක බෞද්ද රටක් ???? කිසියම් වැරද්දක් හෝ අපරාදයක් වුනොත් එක කරපු එකාගේ ජාතිය හොයන අපේ කට්ටිය කොහෙද දන්නේ නෙහැ ? (දී)

:       0       0

රනා Tuesday, 10 September 2013 02:39 PM

ධර්මද්විපයට ගිය කලක් ..වෙන මොනවා කරන්නද. දෙවියන්ට කියනවා මිසක්. (දී)

:       0       0

නෙතුමි Wednesday, 11 September 2013 08:39 AM

කාලකන්ණි අමනුස්සයෝ,, (ස)

:       0       0

පියුමි Tuesday, 10 September 2013 02:43 PM

පව් කාරය හොදක් වන්නේ නැහැ කවදාවත් .(දී)

:       0       0

රේණුකා Tuesday, 10 September 2013 02:43 PM

හතරමං හන්දියක කණුවක ගැට ගහලා විනාඩි පහක් ඇතුලත කාන්තාවන් විසින්ම නොනවත්වා ගල් ගහන්න ඕන.ජිවත් වුනොත් නැවත වතාවක් එසේම කරන්න ඕන. (ස)

:       0       0

නිමල් Tuesday, 10 September 2013 07:46 PM

කියන්න තියෙන්නේ කකුළුවා කෙලින් යයි නම් පැටව් ටිකත් කෙලින් යයි කියලයි (නි)

:       0       0

රුබට් Tuesday, 10 September 2013 03:00 PM

අවුරුදු 19, පෙර විවාහයකුත් කරගෙන ඉඳලා, අවුරුද්දක දරුවෙකුත් ඉන්නවා. පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකලට බැරිද පොඩ්ඩක් මේ මිනිස්සුන්ව හරි මඟට දාන්න. (ස)

:       0       0

අමිල පීරිස් Wednesday, 11 September 2013 09:16 AM

කරපු අපරාධ ගැන විස්තර පත්තර වල මහා ඉහලින් පල වෙනවා. අපරධකරුට දීපු දඩුවම් ප්‍රමාණවත් නොවන නිසා එන්න එන්නම අප රට තුල දරුණු ඝනයේ අපරාධ වැඩිවෙමින් පවතිනවා. ගරු ජනාදිපතිතුමනි දැඩි දඩුවම් නීති කෙටුම්පත් ගෙනෙන්න කාලය උදාවී ඇත. (ස)

:       0       0

සුනෙත් Tuesday, 10 September 2013 03:01 PM

මේකා ඇතටම මනුසයෙක් ද.. (දී)

:       0       0

නුවන් Wednesday, 11 September 2013 09:33 AM

මේ වගේ දෙතුන් දෙනෙක් එල්ලලා මරන කල් මේක හරි යන්නේ නෑ.මුන් කවදා හරි නිදහස් වුන දවසකත් කරන්නේ ඔය ටිකම තමයි. (ස)

:       0       0

ලසන්ත Tuesday, 10 September 2013 03:15 PM

මේ පුවත නිවෙරදිව කියෙව්වොත් මෙහි ඇති කටුක සත්‍යය තේරුම් යනු ඇත. ගැබිණි මවට වයස අවුරුදු 19 ක් සහ අගේ දරුවට වයස අවුරුදු 01 ක් කියන්නේ මේ මව පළමු දරුවා ලෙබෙන විට වයස අවරුදු 16 පමණ විය යුතුය. අඩු වයසින් සිදුවන මෙවෙනි විවාහයන් (සමහර විට විවාහ නොවීත් ඇති) බොහෝ විට කෙලවර වන්නේ මෙවන් කෙදාන්තයන්ගෙනි. අපේ ආච්චිලාගේ කාලේ කසාද බැන්දේ වයස 14-15 කියල කවුරුත් මෝඩ කතා එහෙම කියන්න එපා. එහෙම කියන්න ඉන්න අය‍ට මගේ උත්තරේ තමයි කාන්තාව දැන උගත් නොඋනත් අද දැනුම ලබා ගැනීමට බොහෝ අවස්ථා එති නිසාම කල් ගත වී හෝ තම වරද තේරුම්යයි. එවිට ඇතිවන මානසික පීඩාව නිසාම තම වරද නිවරද කර ගෙනිමට බොහෝ අය උත්සාහ කරයි (දී)

:       0       0

කුමාර Tuesday, 10 September 2013 08:41 PM

මේ වගේ සිද්ධි ගොඩක් මමත් දැකලා තියෙනවා. එකම හේතුව මත් ද්‍රව්‍ය. ගම් වල තිබෙනවා කසිප්පු කියා වර්ගයක්. ඒවාට සිමෙන්ති, කෘමිනාසක,මදුරු කොයිල්, පොහොර වෙනි ද්‍රව්‍ය එක්කරනවාලු. දැන් කුඩු,ගංජා ගම් නියම් ගම් වෙලාගෙන. මේවාගෙන් සමාජය බේරා ගන්නත් මේවා ක්‍රියාත්මක කරන්නන්ට එරෙහිව සමාජය බලගන්නනත් ප්‍රමාද නොවි ප්‍රබල බල සේනාවක් ඕනේ. සෑම පුරවැසියෙක්ම දැනුම්වත් කල යුතුයි. යුද්ධය නැති නිසා හමුදාව හරි මේවාට යොදා ගන්න. තත්වය ඒ තරම් දරුනුයි. පාලකයන්ගෙන් තාම හොඳ ප්‍රතිචාර නැහැ.(නදී)

:       0       0

නිල්මිණි Tuesday, 10 September 2013 08:42 PM

අනේ අපේ හිරේ ඉන්න මල්ලිලා ටික මෙයා ගැන හොදට බල ගනී කියල අපි හිතනවා,අර එස්කොලේ මහත්තය බල ගත්ත වගේ

:       0       0

පිටිගල Tuesday, 10 September 2013 03:28 PM

මේ වගේ පුංචි ළමයින්ට වද දීපු අය කොච්චර අත් අඩංගුවට ගත්තද? මොකක්ද උන්ට දීපු දඬුවම. මේ ගැන කතාකලොත් මේ කොමෙන්ට් එක පත්තරේ පල කරන්නේ නැහැ. ඒ නිසා දත්මිටි කාල නිකම් ඉන්නවා. ඉවසපන් පපුව.(නදී)

:       0       0

සනත්- ඇෆ්ඝනිස්ටනය. Tuesday, 10 September 2013 03:36 PM

අනේ ජනාදිපති තුමෝ මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නකෝ. අරාබි රටවල් වගේ.(නදී)

:       0       0

මිනිපෙ Tuesday, 10 September 2013 08:48 PM

ඉස්සරත් හිටියා මේ වගේ නපුරු කුඩම්මලා.(නදී)

:       0       0

සමන් Tuesday, 10 September 2013 08:58 PM

තව ටිකක් අරක්කු බාර්, රේස් බුකී, රෙස්ට් හවුස් හන්දියක් හන්දියක් ගානේ දාන්න. ඒතෙකාට මිනී මැරුම්,ස්ත්‍රී දුෂණ , බාල අපරාධ, සොරකම් ගොඩක් දුරට අවම වේවි.(නදී)

:       0       0

ජගත් Wednesday, 11 September 2013 10:11 AM

එල්ලුම් ගහ ගේන්න කාලේ හොඳටම හරි.(නදී)

:       0       0

ලුම්බිණි Tuesday, 10 September 2013 03:40 PM

ඉතාම කණගාටුදායකයි. මෙම කාන්තාව සහ ළමය දුක් විඳ ඇත්තේ සමාජයේ තිබෙන වැරදි වල ප්‍රතිපලයක් වශයෙන්. මෙවැනි අය තව කොයි තරම් ඇත්ද? අප කල යුත්තේ සමාජය දැනුවත් කිරීමයි. තමන්ට වෙන අසාධාරණය නොඉවසිය යුතු දෙයක්. මෙවැනි දෙයක් දැන ගත් පමණින් කල යුත්තේ දැන්විය යුතු තැන් වලට දන්වා නීතිය මගින් කටයුතු කෙරීමෙන් සහ විපතට පත් වුන අයට සහන ලබා දීමයි. (දී)

:       0       0

සදුන් Tuesday, 10 September 2013 03:42 PM

මේ වගේ උන් එල්ලලා මරන්න ඕනේ. (ස)

:       0       0

ගුණේ Tuesday, 10 September 2013 03:49 PM

කාලකණ්නියා එල්ලා මරන්න.මරණ දඩුවම ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා සිටිමි. (ස)

:       0       0

ලලිත් Tuesday, 10 September 2013 03:43 PM

එන්න එන්නම කියන්න බැරි තරම් විදිහට අපරාධ නිදහසේ වැඩි වෙනවා. කාගේ වැරැද්ද කියලා කියන්න ඕන නැහැ නේ. (ස)

:       0       0

සම්පා Tuesday, 10 September 2013 03:49 PM

හෙන හත ගහන්න ඕන තිරිසනා (දී)

:       0       0

රූපවති Tuesday, 10 September 2013 09:45 PM

මටත් මාස 3 හමාරක දැරිවියක් ලග තියන් මේ පුවත කියෙඋවේ ..මට ලියන්න ඇගිලිටිකවත් හසුරුවා ගන්න බැහැ දෙවි හාමුදුරුවනේ...? ගැබිණි අම්ම කෙනෙක් කියන්නේ ..කොතරම් ආරක්ෂා කර ගන්න වගේම ..ඒ කාන්තාව හැමෝගෙන්ම ආදරය කරුණාව ආසකරන .කෑම බීම ශාරීරික අපහසුකම් ..අනේ කොහොමද මනුස්සයෙක් ගහල මරන්නේ ..?අව්රුද්දක දරුවෙක් සුරතල් වදන් කියද්දී ඒ හැම අමතක කරලා කොහොමද පුච්චන්නේ .නියපොතු ගලවන්නේ ..මේවා දකින අනික් මිනිසුනුත් මම දකින විදියට සුළු මොහොතකට හෝ සිතිවිලි වලින් හෝ මිනී මරුවෙක් වී හමාරයි ..? අපේ රටට උනුදේ ..?මොනවද මේ මිනිසුන් ආරක්ෂා කරන්නේ එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකර ...? දර්මදීපයක් කියල ,දර්මයද ,දීපයද ,මිනිසුන්ගේ මේවගේ අමන ක්‍රියාද...? රට කරන මිනිසුන්ට ඕන නැහැ ඒ රටේ ඉන්න උන්ව හරිමගට ගන්න බැරිනම් උන්ට දඩුවම් කරන්න ...? එල්ලුම් ගහ ගෙනෙන්න බැරිනම් විදුලි පුටුව ගෙනෙන්න බැරිද ..? කෝටියක් විතර හොරා කාල හරි කමක් නැහැ...? (අ)

:       0       0

මදු Thursday, 12 September 2013 09:01 PM

මේ තිරිසන් මිනිහව මරුවත් මදි (අ)

:       0       0

රෝම කොල්ලා Tuesday, 10 September 2013 03:55 PM

මෙහෙම කරන්න හිතුනේ මොකද? මේකට දඩුවමක් දීල ඇතිද ? ඇයි මෙහෙම උනේ ? (දී)

:       0       0

මොහොමඩ් Tuesday, 10 September 2013 03:55 PM

දඩුවම් නොදුන්නොත් කුමට මෙරට අධිකරණය ,නිතිය සහ විනිසුරන්!!! නඩුවට විත්තිය කතා කරන ලෝයර් ව ඉස්සරවෙලා එල්ලුම්ගස් යවන්න .................. (දී)

:       0       0

ධම්ම Tuesday, 10 September 2013 03:51 PM

ඇයි අප මෙවන් දේ දකින්න තරම් පවු කළේ.. (දී)

:       0       0

තමරා Friday, 13 September 2013 03:07 PM

මෙම අපරාධකරුට නිසි දඩුවම් ලබාදෙන්න. (නි)

:       0       0

දනුෂ්ක Tuesday, 10 September 2013 03:53 PM

මේ වගේ තිරිසන් තාත්තලට දඩුවම් ක‍රනන ඕන (දී)

:       0       0

මංජුල Tuesday, 17 September 2013 05:12 PM

මෙවන් අපරාධ තව වීමට ඉඩදෙන්න එපා (නි)

:       0       0

උදයංග Tuesday, 10 September 2013 04:01 PM

මොන හිතකින් මේවා කරනවද මන්දා (දී)

:       0       0

චන්දන හේරත් Tuesday, 10 September 2013 04:07 PM

මේ වගේ මිනිස්සු ගහක බැදලා මහ ජනතාවට බාර දෙන්න. ඔවුන් නිසි දඩුවම දෙයි. මේ වගේ දේවල් හිතන මිනිස්සුත් එතකොට පාඩම් ඉගෙන ගනී. පොඩි දරුවන්ට වද දෙන එවුන්ට කිසිම සමාවක් දෙන්න හොද නෑ.අඩුම තරමේ දරුවන්ට හිංසා කරන එවුන්වත් මේ රටේ මරන්නේ නැද්ද. (ස)

:       0       0

හර්ෂ Tuesday, 10 September 2013 04:07 PM

ඒකත් සිගරට් වලින්ම පුච්චන්න ඕනේ ....... (ස)

:       0       0

සත්‍යපාල Tuesday, 10 September 2013 10:13 PM

මුන්ව මරන්න එපා.පාර්ට්ස් වලට ගන්න පුලුවන්ද බලන්න. වකුගඩු,අක්මා වැනි කොටස් අවශ්‍ය අයට ගලවල ගන්න. (නදී)

:       0       0

සාරා Tuesday, 10 September 2013 10:14 PM

කසිප්පු ,අරක්කු ජරාවල් බීල බීල ඔලුව නරක්වෙච්ච පාහර මිනිස්සුන්ට හිතෙන දේවල් තමයි ඔය.(නදී)

:       0       0

කීර්ති Tuesday, 10 September 2013 10:08 PM

මේ අහිංසක පුංචි ළමයට රැකවරණය සලස්වන්න. කරන්න පුලුවන් එකම දේ ඒක තමයි. මහජන ආධාරයක් අවශ්‍යය නම් කියන්න අපිට පුලුවන් දෙයක් කරනවා.(නදී)

:       0       0

රුවන් Tuesday, 10 September 2013 04:13 PM

අනේ මම පිරිමියෙක් වුනත් මේ පුවත දැක්කහම ඇඩුණා .අඩු වයසෙන් වුනත් ගැබිනියක්.ගැබිණි අම්මා කෙනෙකුට සමාජයේ කොපමණ පිළිගැනීමක්, ගරුත්වයක්තියනවද...තවද වසරක් පමණ වයසැති සිඟිති දැරියක් මොන හිතකින් මෙවන් අපරාදයක් කලාද?අම්මට නිවන්සුව හා දැරියට ඉක්මන් සුවය පතමි.වැරදිකරුට නිසි දඩුවමක්ද පතමි. (ස)

:       0       0

ලාල් සුරන්ජිත් Tuesday, 10 September 2013 04:39 PM

මමත් දරුවෝ ඉන්න පියෙක් මේ අපරාදය කරපු මිනිහට නීතියෙන් දඬුවම් ලැබුනත් වැඩක් නැත. මොහුව මේ ලෝකේ ජිවත් වෙන්න සුදුසු කෙනෙක් නෙමෙයි. මේවගේ පුංචි ඇතා දරුවන්ට මේවගේ අපරාධ කරපු මේ ගොතකය පිරිමි ජාතියටම නින්දාවක් (දී)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Tuesday, 10 September 2013 04:45 PM

පිටිගල මහත්තයෝ මමත් එකඟයි ඔබගේ කීමට.... ඉතාම කණගාටුදායකයි. (ස)

:       0       0

තබුක් සිල්වා Tuesday, 10 September 2013 04:44 PM

මේ මිනිසුන් ගැන මා කුමක් කියන්නද? " දෙවියනි ඔබට භාරයි" (ස)

:       0       0

රන්ජනී Tuesday, 10 September 2013 04:47 PM

මෙවන් දුක්බර සිදුවීම් කොතෙක් උනත් නිසි දඩුවම දුන්නද? ප්‍රසිද්ධියේම ගහක එල්ලලා පුච්චන්න ඕන. (ස)

:       0       0

චරිත සිල්වා Tuesday, 10 September 2013 04:48 PM

මේවා ගෙන කතා කරන්නෙත් දුක් වෙන්නෙත් අපි විතරයි. අපි විසින් තොර පත් කරපු නායකයින් ළමා අපචාර හා ස්ත්‍රී දුෂණ සම්බන්ධයෙන් කතා කරන්නේවත් සොයා බලන්නේවත් නෑ. වැරදිකරුට ප්‍රසිද්ධියේ දඩුවම් දිය යුතුයි. (ස)

:       0       0

නිශාර්ඩ් Tuesday, 10 September 2013 04:49 PM

හද කම්පා කරවන ප්‍රවෘතියක්. මුදල් වලටම ප්‍රමුඛත්වය දීලා කතා කරන පෙරකදෝරුවන් හින්දා මෙයට වඩා දරුණු අපරාධකාරයින් නිදහස් වෙලා තියෙනවා. මෙයත් එහෙම එකක් වෙයිද ? මියගිය දැරියට නිවන් සුව පතමි. (ස)

:       0       0

ඔසන් සලාම් - කටාර් Tuesday, 10 September 2013 04:59 PM

පින්වත්නි,ධර්මද්වීපයේ ඔය පින්වතාට මෛත්‍රීය දක්වන්න. මරන්න එපා! එවැනි පින්වතුන් ආරක්ෂා කරන්න !!! (නි)

:       0       0

ලලිත් Tuesday, 10 September 2013 05:11 PM

මිනිස් වෙසින් ඉපදුණු යක්කු (නි)

:       0       0

රූපවතී Tuesday, 10 September 2013 10:54 PM

අනේ සත්‍යපාල මාමේ,තම ආදරණීය බිරිදව මරපු අසරණ දරු පැටියෙකුගේ නියපොතු ගලවපු .පුච්චපු පව්කාර දෑත, දෙපය, ඇස්ගෙඩි ,අවයව, කාටද සවිකරන්න ඕනෑ? ඒ පව්කාර දෑත සවිකර ගත්තු එකාගෙත් බෙල්ල මිරිකයි ඒ අත්දෙක උස්සලා.ඔයාට ඕනෑම නම් ඉල්ලා ගන්න (නි)

:       0       0

රන්ජනී. Tuesday, 10 September 2013 05:06 PM

දැන් නම් ෂරිය නීතිය ලංකාවට හොඳටම ගැළපෙනවා වගේ (නි)

:       0       0

හේමන්ත Tuesday, 10 September 2013 05:13 PM

මු නම් නඩු නො අසාම මරන්නයි තිබුනේ. කොහෙද ඒ ගමේ හරි හමන් පිරිමි පරානයක් ඉඳලා නැහැ වගේ මෙයාට පාඩමක් උගන්වන්න. (ස)

:       0       0

චන්දිම Tuesday, 10 September 2013 11:12 PM

පන්සල් වහලා බාර් මස් කඩ රේස් බුකී, රෙස්ට් හවුස් ඇරලා මිනිස්සුන්ට විශම රාගය පුරුදු කරපු අයටයි දඩුවම් දෙන්න වටිනනේ.මිනිස් වෙසින් ඉන්න යක්ෂයො ඉන්නවා කියලා බුදු හාමුදුරුවොත් කියලා තියෙනවා.දරුවා සුවපත් කරගන්න හැකි අය උදවු කරමු.අර මිනිහාට කොහොමත් ස්වභාව ධර්මයෙන් විපාක ලැබෙයි.විෂම රාගයෙන් මුසපත් වුණ කාටත් ඔය වගේ වැඩ කරන්න පුළුවන්. (නි)

:       0       0

සෙනරත් Tuesday, 10 September 2013 05:17 PM

හොඳ නීතිඥයෙක් අල්ලලා සාක්කි මදි කියලා ඔප්පු කරලා බේරිලා එන්නත් ඉඩ තිබෙනවා. ලංකාවේ නීති වල හැටියට නඩු තීන්දු ලැබිලා තියෙන හැටි අපි ගොඩක් කියවලා තියෙනවා. (නි)

:       0       0

සරත් Tuesday, 10 September 2013 05:28 PM

ඉතාම කණගාටුදායකයි. (නි)

:       0       0

රෝහිත Tuesday, 10 September 2013 05:25 PM

කෝ මේ එල්ලුම් ගහ? මේව ගේ දෙයකටවත් ඒකෙන් වැඩක් ගන්න බැරි නම් ආයේ එල්ලුම් ගහෙන් ඇති වැඩේ මොකක්ද? (නි)

:       0       0

ජයනි Wednesday, 11 September 2013 12:30 AM

අහිංසක මලක් වගේ දරුවෙක්. මොන හිතකින්ද දෙවියනේ මේ වගේ නොහොබිනා වැඩ කරන්නේ? මේ වගේ පාහරයන්ට දැඩි දඩුවම් දෙන්න.අපි රජයෙන් ඉල්ලන එකම ඉල්ලීම එයයි (නි)

:       0       0

මලිති Wednesday, 11 September 2013 12:34 AM

ඇයි ප්‍රමාද එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න? (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 10 September 2013 05:37 PM

දවස ගානේ හිත් කම්පා කරන පුවත්.එක්කෙනෙකුටවත් හරි දඩුවමක් දුන්නද?කන්න දිදී හිරගෙවල් පුරවනවා විතරයි.කෝ මේ රටවල ඔය වගේ අපරාධ? (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 11 September 2013 01:05 AM

මගේ බලවත් කණගාටුව (නි)

:       0       0

කටා මාමා Tuesday, 10 September 2013 05:45 PM

රට සංවර්ධනය වෙනවා කිවුවාට පාරවල් වරායවල් හැදුනාට මොකෝ, දුප්පත්කමින් අසරණ ගම්මාන රාශියක් තාමත් අන්තිම අඩියේ ඉන්නේ. අතුරු සිදුවීම් ලෙස මන්දබුද්ධිකතාව ,විෂාදය ,මන්ද පෝෂණය ලෙඩ රෝග බහුලයි. අඩු දැනුම, පාසල් හැරයාම වැඩිවී තරුණ ජිවිත නන්නතාර වූ කල, කෙසේ වළකම්ද අධම පාහරකම් (නි)

:       0       0

කොස්වත්ත Wednesday, 11 September 2013 01:22 AM

මේක තමයි ශ්‍රී ලංකාව.(නදී)

:       0       0

පද්මේ Tuesday, 10 September 2013 05:52 PM

අපි අපේ ළමයෙක්ට අතින් පාරක් ගැහුවත් කී සැරයක් ඒ ගැන පසුතැවෙනවද? ළමා සහ කාන්තා හිංසන දිනෙන් දින වැඩි වෙනවා.නීති සම්පාදකයින් මේ ගැන සිතිය යුතුයි.ළමා සහ කාන්තාවන්ට වෙන හිරිහැර වාර්තා වුණ සැනින් පිහිටට හදිසි ඇමතුම් අංශයක් ස්ථාපිත කර පොලිසියට අනුයුක්ත කළ යුතුයි.ඔබ දන්නා කාට හෝ මෙවැනි අපරාධයක් සිදුවෙනවා නම් පොලිසියට දැනුම් දෙන්න. මේ දෙය දැනගෙන මේ ගම්මු නිහඬව සිටියා වෙන්නත් බැරි නැහැ. (නි)

:       0       0

දම් Wednesday, 11 September 2013 01:43 AM

88 දී අර බලකායේ හිටපු කෙනෙක් වගේ. (නි)

:       0       0

සමිත් Wednesday, 11 September 2013 01:55 AM

අවුරුදු දශ ලක්ෂයකට නොඅඩුව අපායේ යන වැඩක් මිනීමැරීම. (නි)

:       0       0

මාගලී Wednesday, 11 September 2013 02:08 AM

කමක් නැහැ. මේක ධර්මද්වීපයනේ.අපි අරාබියට බැන බැන ඉදිමු (නි)

:       0       0

සුමනා Tuesday, 10 September 2013 06:16 PM

මේවා පාලකයන්ගේ වැරදි. 2/3 බලය තිබුණට රටට අවශ්‍යය නීති ගෙනෙන්නේ නැහැ (නි)

:       0       0

සුනිල් Wednesday, 11 September 2013 02:30 AM

හරියටම හරි සත්‍යපාල.ඔය හිරගෙවල් පුරවාගෙන ඉන්නේ නැතුව දරුණු අපරාධකාරයන්ට සුදුසු දඩුවමක් අවයව සම්බන්ධයෙන් දුන්නා නම් එල්ලුම් ගස් ඕනෑ නැහැ. (නි)

:       0       0

ලක්මාලි Tuesday, 10 September 2013 06:18 PM

ඔය මිනිසා දුටු තැන අල්ලාගන්න ගම්වැසියනි (නි)

:       0       0

කටා මාමා Wednesday, 11 September 2013 02:53 AM

රේණුකා, ඔබ කියනවාට වඩා සානුකම්පිතව මේ නිහිනකම් වලට පිළිතුරු සෙවිය යුතුවෙයි. පාරේ නිරුවතින් දුව ගිය චීන විරහාවිය ගැන හොද සිතුවිල්ලක් දැම්මේ ඔබම නේද..? (නි)

:       0       0

මධු Tuesday, 10 September 2013 06:31 PM

මමත් අවුරුදු 3 වයස දුවෙක් ඉන්න අම්මා කෙනෙක්. දරාගන්න බැරි වුණා මේ පොඩි දරුවට කරලා තියන අපරාධය දැක්කම. හිතක් පපුවක් තිබෙන මනුස්සයෙක් නම් වෙන්න බැහැ මේ අපරාදේ කරලා තියෙන්නේ. අපිත් මහා පව්කාරයෝ මෙවන් අපරාධ ඇහින් දකින්න තරම්...... (නි)

:       0       0

විභීෂණ Wednesday, 11 September 2013 12:32 PM

උගතුන්, නුගතුන් දෙපර්ශයම වැරදි සිදු කරනු ලබනවා. උදා. මොරටුවේ සිද්ධිය, පියා විසින් තම දරුවන් දෙදෙනා සහ බිරිය මර දැමීම. නමුත් බුද්ධිමතුන් එසේ නොවේ. බුද්ධ දර්ශනයට අනුව බැලුවොත් මෙය කර්මය. නමුත් මෙතන ප්‍රශ්නය වනුයේ මිනිසුන් විසින් තිරිසන් ගති ලක්ෂණ පෙන්වීම්. මෙවැනි සිදුවීම්, එල්ලා මැරුවත්, ගල්ගසා මැරුවත්, උල තියා මැරුවත් නැවතීමක් සිදු නොවේ. අප සමජෙයේ මිනිසුන් බුද්ධිමත් වීමෙන් පමණක් මෙවැනි සිදුවීම් අවම කරගැනීමක් සිදු කල හැක. එය එක රැයකින් කිසිම ශාස්තෘවරයෙකුට හෝ වෙනයම් පුද්ගලයකුට සිදු කල නොහැක. මෙම මිය ගිය කාන්තාව සහ එම අපරධය කරනු ලැබූ පුද්ගලයා හෝ පුද්ගලයින් බුද්ධිමත් පුද්ගලයින් වූවා නම් ඔවුන්ගේ ජීවිත මෙසේ නොවීමට තිබිණ. අඩු වයසින් දරුවන් ලැබීම, වෙනත් කසාදයක් කරා යාම, නැවත වාරයක් ගැබ් වීම සහ මෙම පිරිමි පුද්ගලයා විසින් දරුවන් සිටින මවක් සමග විවාහ වීම යනාදී කරුණු සියල්ලක්ම නුගත්කම, දුරදිග නොසිතන බව හා මිනිසුන් ලෙස බුද්ධිමත් නොවීමේ පල විපාක වේ. මෙවැනි සිදුවීම් මෙසේ නොවීමට ඔබට හා මට කල හැකි දේ බොහෝය. පළමු පියවර ලෙස පන්සිල් රැකිම, දෙවැනි පියවර අටලෝ දහමෙ දී සන්සුන් ව සිටීම, ඔබගේ දරුවන් නිසි ලෙස යහමඟ යැවීම, යහපත් කල්පනාව සහ සමාජය යහ මඟට ගැනීම සඳහා මා හා ඔබ විසින් කල යුතු යුතුකම් කොටස නිසි ලෙස සිදු කිරීම. එම නිසා හඬා දොඩා බැණවැදී ආවේගශීලීව ලිව්වා, කිව්වා කියා මෙවැනි සිදුවීම් වල නැවතීමක් සිදු නොවේ. උදා අරබියෙහි වසරකට කී දෙනකුගේ හිස ගැසීම, කස පහරදීම, දත් ගැලවිමේ, ඇස අඳ කිරීමේ යනාදී දඩුවම් ලබා දුන්නත් සිදු වීම් අඩුවක් නොපෙනේ. (ස)

:       0       0

ධනුෂ්ක Wednesday, 11 September 2013 05:21 AM

මේ දරුවා දුටුවිට මගේ දුව මතක් වුණා. පව් අහිංසක දරුවෙක්. ඇයි අපේ රටේ මිනිස්සු මේ තරමට පහත් තිරිසන් තත්වයකට පත් වෙලා තියෙන්නේ. (නි)

:       0       0

පිටිගල Tuesday, 10 September 2013 06:54 PM

අවස්ථාවාදී දේශපාලකයෝ මේවාට වග කියන්න ඕනෑ. නීතියක් රටේ නැති තැනට මේ රට ගෙනාවේ ඔය අමන දේශපාලකයෝ තමයි.ඡන්දෙ ඉල්ලා ගෙන ගෙදරට ආවම ඉලපත් අතට ගන්න හදවත් ඇති අම්මලා. (නි)

:       0       0

අචී Wednesday, 11 September 2013 06:19 AM

මම මේ ගැන කියෙව්වේ හරිම දුකකින්. සත්‍යපාල ගේ අදහස දුටුවිට නම් හිනා ගියා ඇති වෙන්නම (නි)

:       0       0

ප්‍රදීපා Tuesday, 10 September 2013 07:07 PM

මේ වගේ තිරිසන් මිනිස්සු ජිවත් කරවන්න නරකයි. ඉන්න අයටත් හැදෙන්න එක්ක එහෙම කරන්න ඕනෑ. ලංකාවේ නිතිය ක්‍රියාත්මක වෙනවා මදි. ඒකයි මේවා දිනෙන් දින වැඩි වෙන්නේ (නි)

:       0       0

සත්‍යා Wednesday, 11 September 2013 06:22 AM

මිනිසුනේ, හඬා දොඩා බැණවැදී ආවේගශීලීව ලිව්වා, කිව්වා කියා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේවා මේ ආකාරය ට සිදුවන්නේ මේ හඬා වැලපෙන මෝඩ මිනිසුන්ගේ ඡන්ද වලින්ම බලය ට පත් වූ අමන දේශපාලුවන් ඇස් කන් පියාගෙන නිද්‍රාවේ සිටින නිසයි. මිනිසුනේ, විසඳුම ඇත්තේ ඔබ ළඟයි. මැතිවරණ වලදී එළඹී සිහියෙන් වැඩ කරන්න. (නි)

:       0       0

ෆ්‍රෑන් Tuesday, 10 September 2013 07:08 PM

ධර්මද්වීපයනේ!මේ වගේ අයව තියන්න වටින්නෙ නැහැ (නි)

:       0       0

සුදත් Tuesday, 10 September 2013 07:11 PM

කොට්ටාවේ ආනන්ද විදුහල්පතිට අර රිමාන්ඩ් එකේදී දුන්නා කියන දඬුවම් දෙන්න ඕනෑ මේ කෙනාටත් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 802 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 54 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1030 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 203 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 4974 9

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1599 2

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31094 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23743 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 431 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site