(ඩයනා උදයංගනී)
ගැබිනි මවුවරුන්ට ‘ස්පුට්නික් වී’ හැර මෙරට භාවිතා වන අනෙකුත් සියලුම කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට උපදේශන කමිටු අනුමැතිය හිමිව ඇතැයි ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා පැවසීය.
ගැබිනි මවුවරුන්ට ලබාදීම සඳහා මේ දක්වා අනුමැතිය හිමිව තිබුණේ සයිනොෆාම් එන්නත පමණක් වන අතර ඉදිරියේදී ඔවුන්ට තවත් එන්නත් වර්ග තුනක් ලබාදීමට අනුමැතිය ලැබී ඇතැයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව ගැබිනි මවුවරුන්ට සයිනොෆාම් එන්නතට අමතරව ෆයිසර්, ඇස්ට්‍රා සෙනෙකා හා මොඩර්නා එන්නත් ද ලබාගත හැකි බව ඔහු කීවේය.
පවතින තත්වය අනුව සියලුම ගැබිනි මවුවරුන් ඉදිරි දෙසතිය තුළ අනිවාර්යයෙන් කොවිඩ් මර්දන එන්නතක් ලබාගත යුතු බව ද විශේෂඥ වෛද්‍ය චමින්ද මාතොට මහතා පැවසීය.
වෛද්‍යවරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ගර්භනී මවකට ආසාදනය කොවිඩ් ආසාදනය වුවහොත් කොවිඩ් නියුමෝනියාව ඇතිවීමේ අවදානම වැඩි බවත්, එයින් මව මරණයට පත්වීමටය, දරුවා නියමිත දිනට පෙර බිහිවීමට මෙන්ම බිහිවීමට පෙර මියයාමට පවා හැකි බව ද වෛද්‍යවරයා පැවසීය.
මෙරට ගැබිනි මවුවරුන් 30,000ක් පමණ මේ වන විට එන්නත ලබාගෙන ඇති අතර ඔවුන්ට කිසිඳු සංකූලතාවක් මතුව නැතැයි ද හෙතෙම සඳහන් කළේය.
මෙම එන්නත් ගැබිනි මවුවරුන්ට ඉතා ආරක්‍ෂිත බවට මේ වන විට ප්‍රමාණවත් දත්ත ඇති නිසා බියනොවී එන්නත ලබාගන්නා ලෙසත්, පනතින තත්වය අනුව එන්නත ලබානොගැනීම අනාරක්‍ෂිත බවත් විශේෂඥ වෛද්‍ය චමින්ද මාතොට මහතා පැවසීය.
ගර්භනී මවකට ගැබිනි සමයේ ඕනෑම අවස්ථාවක එන්නත ලබාගත හැකි අතර පිටගැස්ම එන්නත ලබාගෙන නැති මවුවරුන් ඊට පෙර කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම සුදුසු බව ද කීවේය.
මෙතෙක් එන්නත ලබානොගත් ගැබිනි මවුවරුන් සිටී නම් පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හමුවී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හෝ ප්‍රදේශයේ සායනයට පැමිණ එන්නත ලබාගත හැකි බවත්, ඔවුන් මේ මාසය නිමවීමට පෙර පළමු මාත්‍රාව හෝ ලබාගැනීම වැදගත් බවත් වෛද්‍යවරයා පැවසීය.
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගැබිනියන්ට ’ස්පුට්නික් වී’ හැර අන් සියලු එන්නත් දීමට අනුමැතිය