IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ගැබිනි මවුවරුන්ටත් බූස්ටර් එන්නත

(ඩයනා උදයංගනී)

ගැබිනි මවුවරුන්ට කොවිඩ් මර්දන බූස්ටර් එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ එන්නත් පිළිබඳ මෙහෙයුම් කමිටුව සහ  ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ අනුමැතිය ලබා දී ඇතැයි එම විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා  පැවසීය.

ඒ අනුව ගර්භනී කාලය මාස 6 ට වැඩි ගැබිනි මවුවරුන්ට බූස්ටර් එන්නත ලබාදිමට මෙලෙස අනුමැතිය දී ඇතැයි ද වෛද්‍යවරයා කීවේය.

මේ දක්වා කොවිඩ් ආසාදිතවීමෙන් ගැබිනි මවුවරුන් 60ක් මියගොස් ඇති බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

නමුත් ගැබිනි මවුවරුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වන මරණ සංඛ්‍යාවේ සහ ගැබිනි මවුවරුන් කොවිඩ් හේතුවෙන් අසාධ්‍යවීමේ කැපීපෙනෙන අඩුවක් දක්නට ලැබෙන බව වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පැවසීය.

මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන් සිටින නමුත් ඉන් කිසිවකුත් අසාධ්‍ය තත්වයේ නැතැයි කී වෛද්‍යවරයා එය අනිවාර්යයෙන්ම එන්නත්කරණ වැඩපිළිවෙලෙහි ප්‍රතිඵලයක් බව ද කීවේය.

එබැවින් ඔවුන්ට බූස්ටර් එන්නත ලබාදීම ද සාර්ථකව සිදුකළ යුතු බව කී වෛද්‍යවරයා එමගින් ගැබිනි මවුවරුන්ට මෙම රෝගයෙන් ඇතිවිය හැකි බලපෑම අවම වන බව ද පැවසීය.



අදහස් (0)

ගැබිනි මවුවරුන්ටත් බූස්ටර් එන්නත

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 152 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 674 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 589 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 819 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 768 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 1188 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 422 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 672 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site