IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ගැබ හොරෙන් ඉවත් කරයි

ඉතාලියේ පාදෝවා නුවර ජිවත්වන අමිබලන්ගොඩ තේනහන්දි රෝහිණි(34) මහත්මියට  කුළුදුල් දරු ප‍්‍රසුතියෙන් පසු පාදෝවා මහ රෝහලේ වෛද්‍යවරුන්  තමාට නැවත දරුවකූ බිහිකිරිමට නොහැකිවනසේ තමාගේ හෝ පවුලේ කිසිවකුගේ අනුදැනුමකින් තොරව තම ගර්භාෂය ඉවත් කිරිමට එරෙහිව අධිකරණ ක‍්‍රියාමර්ගයක් ගන්නා බව කියයි. දෙසැමිබර් 21 වැනිදා අලුයම1. 19ට ඇය කුළුදුල් දරුවා බිහිකළාය. සමාන්‍ය ආකාරයෙන් බිහිවු දරුප‍්‍රසුතියෙන් පසු ප‍්‍රධාන වෛද්‍යවරුන් පසෙකින් සිටීයදි ආධුනිකයින් අතින් මැහුමි දමන අයුරුත් කැඩෙන මැහුමි නැවත නැවත දමන අයුරුත් තමාට ඇසුණු බව ඇය කියයි. කිලෝග‍්‍රෑමි තූනක් බරැති තම දරුවා බිහිවීමෙන් පසු තමා හොද සෞඛ්‍ය තත්වයකින් පසු වු බවත් ආධුනිකයින් අතින් මැහුමි දැමිම සිදුවන අතර තූර තවත් කිහිප දෙනකු උදරය තදින් මිරිකූ බවත් ඵ් අතර තූර දැනුණු තද වේදනාවත් සමග තමාට සිහිය නැති  වූ බව ඇය පවසයි.  තමාගේ ගර්භාෂය ඉවත් කර ඇතැයි දින හයකට පසු රෝහලේ වෛද්‍යවරයකු  පවසන තරුත් තමා මේ බව නොදැන සිටී බව ඇය ලංකාදීප ඵසෑණට කීවාය.

       



අදහස් (0)

ගැබ හොරෙන් ඉවත් කරයි

පද්මි Saturday, 29 December 2012 11:31 AM

මේ රටවලට ආපු අයට මෙහේ භාෂාව බැරි නම් කිසිම දෙයක් කරන්න බැහැ. (නි)

:       0       0

සමන් Friday, 28 December 2012 09:35 PM

මේක පිළිගන්න අමාරුයි වගේ..!(නු)

:       0       0

සුරංග ලක්මාල් Friday, 28 December 2012 09:32 PM

මේවාට ලංකා රජය මැදිහත් විය යුතුයි..! මොකද ලංකාව වෙග් පොඩි මිනිසුන්ගෙන් මෙයලා අත්හදා බැලීම් කරනවා..!(නු)

:       0       0

විකී එන් Friday, 28 December 2012 09:37 PM

නීතිමය පියවරක් ගන්න..!(නු)

:       0       0

බන්දුල Saturday, 29 December 2012 11:52 AM

මේ අය කියන ඒවා අහල හිත් අමාරු කරගන්න එපා . සමහරුන්ගේ අදහස් නිසා ප්‍රශ්නය තවත් වැඩි වෙනවා. (ස)

:       0       0

අසේල Sunday, 30 December 2012 06:43 AM

සිංහල ජාතිය වද කිරීමේ කුමන්ත්‍රණයක්වද්ද? (නි)

:       0       0

පී.එස්.කැටවල Friday, 28 December 2012 11:45 PM

සුරංග ඔබ හරි..!(නු)

:       0       0

සත්‍යා Friday, 28 December 2012 11:53 PM

එහෙම දෙයක් වෙලා නම් නීතිමය කටයුතු කරන්න ඉතාලියේ අවශ්‍ය පහසුකම් ඕනෑතැම් තියෙනවා. (නි)

:       0       0

සත්‍යා Friday, 28 December 2012 11:49 PM

මේවට නීතිය තියෙන්නෙ...?(නු)

:       0       0

සත්‍යා Friday, 28 December 2012 11:49 PM

නිවැරදිවම එහෙම වෙලානම් නීතිමය කටයුතු කරන්න ඉතාලි රටේ හැකියව පහසුවෙන්ම තියෙනවා..!(නු)

:       0       0

සුරංගා Friday, 28 December 2012 11:53 PM

නීත්‍යානුකූලව කටයුතු කරන්න..!(නු)

:       0       0

උපාලි එම්. Friday, 28 December 2012 11:54 PM

මේකෙ තව අපහැදිලි තැන් තියෙනවා. සාමාන්‍යයෙන් වෛද්‍යවරු හේතුවක් නැතිව ඒවගේ වැඩ කරන්නෙ නැහැ..!(නු)

:       0       0

රොසාන් Saturday, 29 December 2012 01:36 PM

අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්න බලන්න. ඔබට සාධාරණය ඉෂ්ට වෙයි. (නි)

:       0       0

නිශ්ශංක Wednesday, 02 January 2013 05:21 PM

අසේල , හරියටම හරි. (නි)

:       0       0

පෙරේරා ඩොනල්ඩ් Saturday, 29 December 2012 12:46 AM

මේක පිළිගන්න අමාරු කෙනෙක් ඉන්නවානම් පාදෝවා ඇවිත් අපිව හමුවන්න..!(නු)

:       0       0

චන්ද්‍රසිරි දෙමටගොඩ Saturday, 29 December 2012 12:45 AM

ආනන්ද සහ මුතුකුඩ ඇයි මේ අම්මලාට මේ වගේ කැත විහිළු කරන්නෙ.. පාසල් ගිහිං නැද්ද?(නු)

:       0       0

රිකී Sunday, 30 December 2012 10:37 AM

තරංග නිවැරදියි. (නි)

:       0       0

පෙරේරා ඩොනල්ඩ් Saturday, 29 December 2012 01:05 AM

මමත් නෝනත් පාන්දර හතර වෙන කම් රෝහලේ හිටියා.. අපට නොකියා මේ ගර්භාෂය ඉවත් කරලා..!(නු)

:       0       0

පෙරේරා ඩොනල්ඩ් Saturday, 29 December 2012 01:13 AM

සමන් ඔයාට පිළිගන්න අමාරු නම් ඇවිත් බලන්න.. අපි නීතිමය පියව්ර ගන්නවා..!(නු)

:       0       0

රංග ඉතාලිය Saturday, 29 December 2012 01:40 AM

මේක නම් කොහොමටවත් විය හැකි දෙයක් නෙමෙයි. ගර්භාශයක් ඉවත් කිරීම වගේ දෙයක් එහෙම අනුදැනුමකින් තොරව කොහොමටවත් වෙන්නේ නෑ. ලංකාවේ වගේ නීතියේ හිල් මෙහේ නෑ. එම රෝහලට වෙන අගෞරවය වෙනුවෙන් නඩු පැවරෙන්නත් පුළුවන්. (නු)

:       0       0

පද්මි Sunday, 30 December 2012 11:04 AM

අසේල, නිකන් මනස්ගාත නොකියා ඉන්න. (නි)

:       0       0

තරංග Saturday, 29 December 2012 02:00 AM

මම හිතන්නේ ඉතාලි භාෂාව තේරෙන්නේ නැතිව ඇති... මොකද එහෙම දේවල් ගොඩක් වෙනවා... හැමදේටම හා කියලා අනිතිමට උනාට පස්සේ කෑ ගහනවා.. කරුණාකර භාෂාව ඉගෙනගන්න උනන්දුවෙන්න..!(නු)

:       0       0

මධූ Saturday, 29 December 2012 02:00 PM

චන්ද්‍රසිරි හරි (ස)

:       0       0

ධනිල්කේ Saturday, 29 December 2012 02:37 AM

මේක හරිම අසාධාරණයි. කුමක් හෝ නීතිමය පියවරක් වහාම ගන්න. (නි)

:       0       0

මධු Saturday, 29 December 2012 02:04 PM

මේ සම්බන්ධයෙන් ඔබට නීතිමය පියවර ගතහැකියි. මගේ සහාය ඔබටයි. (නි)

:       0       0

ඔස්කා Saturday, 29 December 2012 02:55 AM

හරි හේතුව නොදැන කලබල නොවී ටිකක් හොදින් සොයා බලන්න. (නි)

:       0       0

ග්‍රාමා Saturday, 29 December 2012 02:57 AM

ගර්භාෂය ඉවත්කර ඇත්තේ මවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් වියහැක. (නි)

:       0       0

ඉතාලියේ රුකියා නියුක්තිකයෙක් Saturday, 29 December 2012 03:34 AM

මෙය බොරුවක් විය නොහැකියි. මීට පෙරද මෙවන් සිදුවිම් මට දැනගැනිමට ලැබී තිබෙනවා. (නි) 

:       0       0

කොස්වත්ත Saturday, 29 December 2012 03:42 AM

තරංග, ඔයා හිතන දේ වැරදි වෙන්නත් පුලුවන් (නි)

:       0       0

ඩයස් Saturday, 29 December 2012 04:15 AM

මේ ‍වගේ දේවල් වෙලා තියෙනවා මිලානෝ වලත්.. නීතියම පියවර ගන්න..!(නු)

:       0       0

සුභාෂිණී Saturday, 29 December 2012 04:16 AM

මේ වගේ රටවල එක එක වර්ගයේ මාෆිටා තියෙන බව අමතක කරන්න එපා.. අපි වගේ රටවල දියවැඩියාව රෝගීන් වැඩි ඇයි? බෙහෙත් සමාගම් මුලදිම වෙනත් රෝගවලට දෙන බෙහෙත්වලින් මේවා ශරීර ගත කරනවා.. (නු)

:       0       0

සුසිල් මිලානෝ Saturday, 29 December 2012 04:50 AM

සාමාන්‍ය දරු ප්‍රසුතියකින් පසුව කරණ මැහුම් දැමීමයි, ගර්භාෂයක් ඉවත් කරන්න කරන ශල්‍යකර්මයයි අතර ලොකු වෙනසක් තියෙනවා.සමහරවිට මේ මවගේ යම් වෙනත් අසනීපයක් නිසා දරුවා ලැබුණු පසු මේ දේ කරන්න ඇය රෝහල්ගත කරන මොහොතේ අත්සන් කරන ලියවිලි මගින් එකග වුණාද දන්නේ නැහැ. (නි)

:       0       0

කැටවල Saturday, 29 December 2012 02:44 PM

මොනවා වුණත් හොදට හොයලා බලන්න ඕනෑ. (නි)

:       0       0

සනත් Wednesday, 02 January 2013 07:46 PM

ප්‍රසූතිය සාමාන්‍ය ආකාරයෙන් සිදු වුණා නම් දරු ගැබ ඉවත් කරන්න තරම් තත්වයක් සිදු වුණේ කොහොමද?ලේ යාමක් හරි අවදානම් තත්වයක් ආවත් බාරකාරයෙකුට දන්වන සිරිතක් නැද්ද? පුහුණුවෙන අයට ප්‍රැක්ටිකල් දෙන්නෙ මේ විදිහට වෙන්නත් පුලුවන්. වැඩේ වරද්ද ගත්තහම පුහුණු වෙන අයගේ අනාගතය බේරගන්න කළ විස්කමක් වෙන්නත් පුලුවන් ..... (නි)

:       0       0

ලලිත් Sunday, 30 December 2012 12:22 PM

මහා අපරාධයක් නේ ඒ වැඩේ (දී)

:       0       0

වෛද්‍ය රාජපක්ෂ Saturday, 29 December 2012 05:31 AM

මේක කරලා තියෙන්නේ ලේ ගිහිං වැඩිවෙලා ජීවිතේ බේරගන්න බව ඉතා පැහැදිළියි.. ඒකට ස්තුතිය මේකද? සිහි නැත්නම් හදිස්සියේ අහන්නේ කාගෙන්ද? ඉතාලියෙ හිටියත් සිංහලයන්ගේ හැටි මෙහෙමයි..!(නු)

:       0       0

දිලීපා Saturday, 29 December 2012 06:02 AM

මම දන්න කෙනෙකුගෙ ගර්භාෂය මහලා තිබුණා.. වෛද්‍ය වාර්තා බලලා ඒ අනුව නීතිමය පියවර ගන්ත..!(නු)

:       0       0

ධම්මික Saturday, 29 December 2012 07:30 AM

සිංහලයින් අඩුකරන්න තවත් උත්සාහයක්ද? (නි)

:       0       0

කෙවින් Saturday, 29 December 2012 07:54 AM

මේ මොන අපරාධයක්ද මේ (දී)

:       0       0

චින්තක Saturday, 29 December 2012 07:57 AM

ගර්භාෂය ඉවත් කරන්න නම් යටි බඩේ අඟල් කිහිපයක් කපා විවෘත්ත කරන්න ඕන. ඒ කියන්නේ ඔපරේෂන් එකක්. එම මැහුම් දැමීමක් නැත් නම් බොරු චෝදනා වට ඔබ අමාරුවේ වැටෙන්න පුළුවන්. ප්‍රසුතියේදී ඉතා කලාතුරකින් ගර්භාෂය තුවාල වී හෝ පැලී ලේ යාම නවත්වාගැනීමට බැරි වෙලා මවගේ ජීවිතයට තර්ජනයක් වෙලා ගර්භාෂය ඉවත් කරන්න උනාද කියලත් හොයා බලන්න . එවැනි අබාධයකදී එසේ කරන්න අවසර දී අත්සන් කළා වෙන්න පුළුවන්. (ස)

:       0       0

ජයනි Saturday, 29 December 2012 08:07 AM

ප්‍රවේශම් වන්න. (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 29 December 2012 08:13 AM

ඩොනල්ඩ් මහත්තයා අපට කණගාටුයි.. උපරිම පියවර ගනන්..!(නු) ‍

:       0       0

ජගත් ලියනගේ Saturday, 29 December 2012 04:49 PM

මාර රටක්නේ..!(නු)

:       0       0

කමල් Sunday, 30 December 2012 01:52 PM

කොතැන හෝ වරදක් වී ඇති බව පැහැදිලියි. (නි)

:       0       0

නිත්‍යා Saturday, 29 December 2012 08:19 AM

දැන් කාලේ කිසි දෙයක් පරිස්සම් කර ගන්න බෑනේ (ස)

:       0       0

පෙරේරා Saturday, 29 December 2012 05:17 PM

අදික ලෙස ලේ වහනයකදී,ජීවිතය බේරා ගෑනීමට මෙය කලා වන්නට ඈත. එහිදී අනුමෑතිය අවශ්ශ නෑත.මෙය ලංකාවේද කරනු ලබයි.(නු)

:       0       0

සුසන්ත Saturday, 29 December 2012 05:44 PM

මෙවැනි දේ ගැන රජය විසින් වගකීමෙන් යුතුව සොයාබලා නිසි ක්‍රියාමාර්ග ගතයුතුයි. (නි)

:       0       0

වසන්ත Saturday, 29 December 2012 06:14 PM

මේ කරපු වැඩේට උපරිම පියවර ගන්න. (නි)

:       0       0

උෂාන් Sunday, 30 December 2012 02:46 PM

මේකේ අපහැදිලි තැන් ගොඩක් තියෙනවා. ඒත් මේ දවස්වල ලෝකය පුරාම මිනිස් අවයව හොරකම් වෙනවා. ඒ නිසා පිටරට රෝහල් වලින් ප්‍රතිකාර ගැනීමේදී පිළිගත් තැනකින් පමණක් ප්‍රතිකාර ගන්න. පසුගිය දිනයක ලෙඩෙක් බලා ගන්න ඉන්දියාවට ගිය කාන්වකට ගෙදර එන්න වුනේ මිනී පෙට්ටියෙන්. බලද්දී ශරීර අවයව ගලවගෙන ඒ නිසා ප්‍රවේශම් වෙන්න. (ස)

:       0       0

ජනු Saturday, 29 December 2012 06:49 PM

ඉතාලියේ මෙහෙම දෙයක් සිදුඋන කිඋවහම පුදුමයි. මටත් බබා ලැබුනේ මෙහෙ සිසේරියන් සැත්කමකින් .කිසිම ප්‍රශ්නයක් උනේ නැ .අපිට හමු උනේ දෙවිවරු වගේ අය .අපි දන්නා ළමයි කිහිප දෙනෙක්ගේ බරපතල සැත්කම් මෙහෙ කරලා තියනවා .මේ අය වැඩ කරන්නේ ඉතාම වග කීමෙන් .හාෂාව නොතේරන අයට පරිවත්කයෙකුත් දෙනවා.විශාල ලියැකියවිලි ප්‍රමාණයක අත්සන් කරන්නත් සිදු වෙනවා.ඒ වගේම යම්කිසි අතපසු වීමක් සිදුඋනොත් ඔවුන්ට ගෙවන්න වෙන වන්න්දිය අතිවිශාලයි .ඉතාලියේ ජීවත් වෙන කෙනෙක් ගේ යුතුකමක් හැටියටයි මේ සටහන කලේ...(නු)

:       0       0

ලලිත් - කටාර් Saturday, 29 December 2012 09:47 AM

බැරිද ඔය "පරෙස්සම" කියන වචනේවත් වෙනස් කරන ක්‍රමයක් හොයාගන්න? (නි)

:       0       0

රුවන් Saturday, 29 December 2012 09:51 AM

මේ වාගේ දේවල් වලටත් විහිලු කරන අය ඉන්න රටක් මේක. වෙලා තියෙන දේ හොයන්නේ නැතිව සතුටු වෙන්න හදන්නේ. බය නැතුව වැඩ කරන්න. සාධාරණය ඉටුවේවි. (නි)

:       0       0

ප්‍රින්ස් Sunday, 30 December 2012 03:55 PM

ජීවිතය බේරා දුන්නාට දෙවියන් වහන්සේට ස්තූති කරන්න. ඉතිරිය උන්වහන්සේ බලාගනීවි. (නි)

:       0       0

ශාන් Saturday, 29 December 2012 10:12 AM

මෙය පිළිගන්න අමාරුයි. වහාම මේ ගැන පරීක්ෂා කරන්න. (නි)

:       0       0

මනෝහරන් Saturday, 29 December 2012 08:54 PM

ආශ්චර්යමත් රටේ ඉදලා මොකටද ඉතාලි ගියේ..?(නු)

:       0       0

සිල්වා Saturday, 29 December 2012 10:13 AM

මේකේ සත්‍යතාවය හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ ඉතාලිවලම ජීවත්‍ වෙන අපේම ලාංකිකයන්ගෙන්මයි (ස)

:       0       0

මනෝහරන් Saturday, 29 December 2012 08:50 PM

මෙච්චර හොද රටේ ඉදලා ඇයි ඉතාලි ගියේ..!(නු)

:       0       0

බණ්ඩාර Saturday, 29 December 2012 10:10 AM

මවගේ විසතරයේ හැටිය‍ට , ප්‍රසුතිය සාමාන්‍ය ලෙස සිදුවුවත් , පශ්චාත් ප්‍රසව ලේ ගැලීමක් සිදුවෙලා තියෙන්න පුළුවන්. ගර්භාශයෙන් රුධිරය ගැලීම පාලනය කිරීමට උදරය තදකිරීම කරන්නට ඇති .කොහොම උනත් හේතුවක් නැතුව ගර්භාශය ඉවත් කරන්නේ නැහැ.සාමාන්‍ය ආකාරයට දරු ප්‍රසුතිය කට පසුව වුවත් අසාමාන්‍ය ලෙස ගර්භාෂයෙන් රුධිරය ගැලීමක් කලාතුරකින් සිදුවන අතර , එවිට මවගේ ජීවිතය බේරා ගැනීමට හදිසි ශල්‍යකර්මයකින් ගර්භාෂය ඉවත් කිරීම කරනවා. (ස)

:       0       0

ශ්‍යාමි Friday, 28 December 2012 08:14 PM

ඉතාලියෙ සාමාන්‍ය විදියට ළමයෙක් හම්බවෙනවානම් වෛද්‍යවරයෙක් ඒ අසළටවත් යන්නෙ නැහැ.. (නු)

:       0       0

රීටා Sunday, 30 December 2012 04:15 PM

ජීවිතය බේරා දුන්නට දෙවියන් වහන්සේට ස්තූති කරන්න ඉතුරු ටික දෙවියන් වහන්සේට භාර දෙන්න. ඔබේ ගැටළු සියල්ලටම ඉක්මනින් විසඳුම් ලැබේවි (ස)

:       0       0

ආනන්ද ආර් Friday, 28 December 2012 08:52 PM

හොරෙන් ඉවත් කරලා තියෙන්නේ ගර්භාෂයනේ.. ගැබ නෙමෙයිනේ?(නු)

:       0       0

මුතුකුඩ Friday, 28 December 2012 09:11 PM

අවවාදයයි. ඉතාලියේ ඉන්න කාන්තාවන් හැබ් හොරුන්ගෙන් ආරක්ෂාවන්න..!(නු)

:       0       0

යෂීක Saturday, 29 December 2012 11:19 AM

බොදු බල සේනාවනි, ඔන්න ඔබට අවස්ථාවක්, යමක් කරනවා නම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 35 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 77 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 608 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 518 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 722 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 874 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site