IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


’’ ගමට සන්නිවේදනය’’ මේ වසර අවසන් වීමට පෙර

(සුජිත් හේවාජුලිගේ)

ගමට සන්නිවේදනය  ජාතික වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 10 ක   අන්තර්ජාල(බ්‍රෝඩ් බෑන්ඩ්) ආවරණ මේවසර අවසන්වීමට පෙර සියයට සියයක්  සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා පැවැසීය.

විදුලි සංදේශ  සංවර්ධන ගාස්තු දුෂ්කර පළාත්වල සන්නිවේදන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යෙදවීම  ජනාධිපතිවරයාගේ ඉලක්කය බවද  හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ  " ගමට  සන්නිවේදනය" තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය  වීඩියෝ තාක්ෂණය ඔස්සේ සංවිධානය කළ  මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ලබන වසර අවසන්වීමට පෙර දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි  අන්තර්ජාල පහසුකම්  ලබාදීමට  සැලසුම් කර ඇතැයිද ඔහු  පැවසුවේය.

සන්නිවේදන සේවා සපයන්නන් සඳහා අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමට විදුලි සන්දේශ නියාමන කොමිෂන්  සභාව කටයුතු කර ඇතැයි පැවසූ සේනානායක මහතා  මෙලෙස ඉදිකෙරෙන කුළුනු සඳහා සියයට 50 ක වැය බරක් විදුලිසංදේශ අරමුදල දරන බවද  පෙන්වා දුන්නේය.

සියලු පාසල්වල  මාර්ගගත අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහා ෆයිබර් පහසුකම්හඳුන්වාදීමටද කටයුතු කරන බව   හෙතෙම සඳහන් කළේය.

මේ අතර විදුලි සංදේශ පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවත් පවතින ගැටළු  නිරාකරණයට එය ලොකු පිටුවහලක් වනු ඇති බවත් ඕෂධ සේනානායක මහතා පැවසීය.

මේ අවස්ථාවට ගම සන්නිවේදන ව්‍යාප්තියේ අධ්‍යක්ෂ ශ්‍රියානි මාවැල්ලගේ  මහත්මිය සහ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වූහ

 

 



අදහස් (3)

’’ ගමට සන්නිවේදනය’’ මේ වසර අවසන් වීමට පෙර

Perera Friday, 15 October 2021 10:09 AM

ඊට කළින් ගමට පොහොර ලැබෙයිනේ...

:       0       8

dhamneth Friday, 15 October 2021 11:23 AM

දැනුත් ප්‍රමාධ වැඩියි .ඔන්ලයින් ඉගැන්වීම් දිගටම තිබුනා නම් බලන්න නෙහි අවශ්‍යතාවය කෙසේද කියා

:       0       6

දිමුත් Friday, 15 October 2021 11:54 AM

ගමට කෙසේ වෙතත් කොළඹටත් හරියට නැහැ!

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 681 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 190 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1454 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 170 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 404 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2329 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site