IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


ගමට හයියක් දෙන්න ’’ග්‍රාම ශක්ති’’ එයි

(අංජුල මහික වීරරත්න)

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දිළිඳුකම පිටු දැකීම පිණිස රාජ්‍ය, පෞද්ගලික හා මහජන මැදිහත්වීම සම්බන්ධීකරණය සඳහා වන වැඩපිළිවෙලක් වශයෙන් " ග්‍රාම ශක්ති වැඩසටහන " ක්‍රියාත්මක කිරීම සඳහා 2017-03-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති අතර, ඒ සඳහා "ග්‍රාම ශක්ති කාර්යාංශය " ස්ථාපිත කර තිබේ. 

2021 - 02-01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම කාර්යාංශය " සෞභාග්‍ය සංවර්ධන කාර්යාංශය" වශයෙන් නම් කිරීමට තීරණය කරනු ලැබ ඇත. 

" පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " ජාතික ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය හා සමගාමීව, ග්‍රාමීය ව්‍යවසාය හා ජීවනෝපාය සංවර්ධනය, යටිතල පහසුකම සංවර්ධනය හා ධාරිතා සංවර්ධනය හරහා ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් වඩාත් පුළුල් ප්‍රවේශයකින් යුතුව ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි සෞභාග්‍ය සංවර්ධන කාර්‌යාංශයේ ව්‍යුහය, විෂය පථය සහ කාර්ය භාරය ප්‍රතිව්‍යුහගත කර, ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය ලෙස නම් කිරීම පිණිස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සර්ව බල ගැන්වීම් අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

ගමට හයියක් දෙන්න ’’ග්‍රාම ශක්ති’’ එයි

අන්ඩොන් නිසා අන්දුන් කුන්දුන් Wednesday, 05 February 2025 09:43 PM

මෙහිදී ග්‍රාම නිළධාරි වසම් අක්‍රමවත් ආකාරයට බෙදාගෙන තිබීම නිසා සමහර වසමක අයට බලවත් අසාධාරණයක් වෙලා තියෙනවා උදාහරණයක් හැටියට අපේ වසමේ ග්‍රාම නිළධාරි හමුවෙන්න අපිට කිලෝමීටරයක් නගරයට පයිනුත් ගිහිල්ලා ඊළගට රුපියල් තිහක් දීල බසයෙනුත් ගොස් තවත් මීටර් 300 ක් නැවතත් පයින්ම යන්න වෙනවා වයසක කෙනෙකුට මේ සදහා රුපියල් 500/= පමණ ගෙවල ත්‍ර්‍රීවිලර් එකක යන්න වෙනවා නිකං දෙනවානම් දෙමල පත්තරේ වුනත් ගන්න සූදානම් නිළධාරි නිසා තමයි මේක වෙලා තියෙන්නෙ කාර්‍යාල කළමනාකරණයේදී සේවාලාභීන්ට පහසුවෙන් ළගාවියහැකි හදිසි අවශ්‍යතාවලදී ශරීර කෘත්ත්‍ය සදහා පහසුකමක් තිබියයුතු වුනත් තීරණ ගත් බළධාරින් ඒවා නොසලකා තමයි කටයුතු කර තියෙන්නෙ සාමාන්‍යයෙන් සෑම වසමකම වැඩිහිටි සමිති තියෙනවලු ඒත් අපේ පැත්තේ කිසිවෙකු ඒවා ගැන දන්නෙත් නැහැ එසේ වුනත් අතරමගදිත් ජනතාවට සේවය කරන ග්‍රාම නිළධාරි නිසා ලොකුම සහනයක් ලැබෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 124 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 1070 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 795 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 233 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 227 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 908 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 776 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site