IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ගෝමේද, නිල්කැට ගෙනා පාකිස්තානුවා ගුවන්තොටේදී අල්ලයි

 ගෝමේද, නිල් මැණික් ඇතුළු මැණික් කැට 706 ක් රැගෙන මෙරටට  පැමිණි පාකිස්ථාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලිස් මත් ද්‍රව්‍ය කාර්‍යංශ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේදී අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු තිස් අට හැවිරිදි වියේ පසුවන පාකිස්තානයේ කරච්චි නුවර පදිංචි ව්‍යාපාරිකයෙකි.

ඔහු මින් පෙර අට වතාවක් පමණ ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය ඒකකය සදහන් කරයි.

ඔහුගේ   ඇදුම්  සාක්කුවල හා ගමන් මල්ලේ  තිබී මෙම මැණික්  ගල් තොගය සොයා ගෙන ඇත.

සැකකරු  ඊයේ රාත‍්‍රියේ ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 184 දරණ ගුවන්යානයෙන් පාකිස්ථානයේ කරච්චි නුවර සිට මෙරටට පැමිණ ඇති අතර පොලිස් මත් ද්‍රව්‍ය කාර්‍යංශ නිලධාරීන් විසින් පැමිණීමේ පර්යන්තයේදී  ඔහු  අත්අඩංගුවට ගෙන ඇත.

 පොලිස්  මත් ද්‍රව්‍ය කාර්යංශ නිලධාරීන් විසින් මේ පිළිබඳ  මූලික විමර්ශන කටයුතු කිරීමෙන් අනතුරුව  සැකකරුව සහ  මැණික් ගල් තොගය  ගුවන්තොටුපොළ රේගුවට බාර දෙනු ලැබීය.

 



අදහස් (0)

ගෝමේද, නිල්කැට ගෙනා පාකිස්තානුවා ගුවන්තොටේදී අල්ලයි

කටා මාමා Saturday, 07 September 2013 04:59 PM

කට්ටියගේ ෆොටෝ එකකුත් දාන්නකෝ (නි)

:       0       0

උත්තරා බණ්ඩාර Sunday, 08 September 2013 01:45 PM

පකිස්ථානුවන් දැන් අපේ රට නැතිම කරන්න යන්නේ . මිතුරු වෙසින් සිටින අධම සිත් ඇති මෙම ජාතිකයන් ලංකාවට එම නතර කල යුතුය . පකිස්ථානුවන් නිසා අපේ රටට අයහපතක් මිස කිසිදු යහපතක් සිදු නොවේ (දී)

:       0       0

කසුන් Saturday, 07 September 2013 06:33 PM

අන්තවාදයේ උදව්වෙන් සිංහල තරුණයන් ඉලක්ක කර සිදුවන තවත් විනාශයක්.(නදී)

:       0       0

සංජීව Saturday, 07 September 2013 06:39 PM

පකිස්තානෙන් එන සෑම අය ගැනම සෝදිසියෙන් හිටියොත් රටේ අනාගතෙයට හොදක් වෙයි.(නදී)

:       0       0

චන්දි Saturday, 07 September 2013 10:37 AM

සුබ උදෑසනක් ඔබ සැමටම! අද උදේම ''ඩෝන්'' ගාල මැණික් ගැන නිව්ස් එකක්, හරි ඒකත් එහෙමයි කියමුකෝ. ඉතින් මේ අල්ලන මැණික්, රත්තරන් පොලු, මාල වළලු, මුදු සහ කුඩු (මත් ද්‍රව්‍ය ) ඊට පස්සේ ඒවාට මොකද වෙන්නේ? ඒවා කොහෙද යන්නේ ...? අනේ දන්නා කෙනෙක් ඉන්න වනම් කියන්නකෝ.(නදී)

:       0       0

ලලිත්-එස්.එල් Saturday, 07 September 2013 10:43 AM

අට වතාවක් කරදරයක් නැතිව කරගත්තා නව වෙනි වතාවේ උදව්වට හිටපු කෙනා ඉදලා නැහැ වගේ. පව් නේද ?? දැන් ලංකාවේ මොනාද කරන්න බැරි සල්ලි තියනවනම්. (නදී)

:       0       0

නිමල් ලලිතා Saturday, 07 September 2013 11:07 AM

පකිස්ථාන රජය සහය දෙනවා .පකිස්තානුවන් අපිට වසංගත දෙනවා. i මෙවැනි තහනම් ද්‍රව්‍ය මෙරට ගෙන ඒමට ඉඩහරින්නේ පකිස්තානු ආගමන විගමන නිලදරුවන් අල්ලසට යට වෙලාද? ආගමික අන්තවාදීන් මෙරට විනාස කිරීමට උත්සහ කරන බවක් පෙනේ. එක දිනකට හොරෙන් මැණික්, තව දිනකට හොරෙන් මත් ද්‍රව්‍ය, තව දිනකට සිංහලයන් වඳ කිරීමට උපත් පාලන ද්‍රව්‍ය. සිංහල රාවය,බොදු බල සේනා මෙන්න පහර දිය යුතු තැන්.(නදී)

:       0       0

ධම්ම Saturday, 07 September 2013 11:31 AM

මෙවැනි අය මොන රටෙත් ඉන්නවා. ඔවුන් අල්ලන්න අපේ නිලධාරින් දක්ෂයි. අපේ රටේ සමහර අයට මෙන් පකිස්තානුවන්ට ආගමික තරගයක් නැහැ.(නදී)

:       0       0

කසුන් Saturday, 07 September 2013 09:25 PM

ඔව් සංජීව ඔය හරියට හරි පකිස්ථානය කියන්නේ අපිට මිතුරු වෙසින් ලංවී සිටින සතුරෙක්. ලංකාව තුල අන්තවාදය පැතිරවීමට ප්‍රදාන වශයෙන් උදව් කරන රටක් එය.(නදී)

:       0       0

නිහාල් Saturday, 07 September 2013 12:06 PM

අපේ රේගුව දක්ෂ නිසා තමයි සීග්‍ර ලෙස හොරෙන් මත්ද්‍රව්‍ය,මැණික්,මුදල් රටට ඇතුලුකිරීමට හෝ පිටකිරීමට උත්සහකිරීමෙදී අත්අඩංගුවට ගන්නේ මෙරටට පමිනේනෙන විදේශිකයින්ට වීසා දීමේදී මීට වඩා පරිස්සම් වියයුතුයි.(නදී)

:       0       0

ටිරල් Saturday, 07 September 2013 12:14 PM

මෙම මුදල් සීයල්ල මත්තල ගුවන් තොටුපොළේ දියුනුව සදහායි.(නදී)

:       0       0

නිරෝෂන් කටාර් Saturday, 07 September 2013 10:50 PM

පකිස්තාන්, ඉන්දියානුකාරයන්ගෙන් සිදු වන්නේ අපේ රටට සේමදා විනයකි. මත් කුඩු, මැණික්, හොර මුදල් අධිපරිමාණයෙන් වංචා සහගත ලෙස දිනපතා සිදුවන්නේ ඔවුන්ගෙනි. දක්ෂ රේගු නිලධාරින්ට පින්සිදු වන්නට කිහිපයක් අසුවෙනවා සේම ජරාව කන රේගු නිලධාරීන්ගේ මාර්ගයෙන් සමහරු පනිති. රිසිසේ ජාවාරම කරති. (නි)

:       0       0

ලන්කාසිරි Saturday, 07 September 2013 01:19 PM

ඇයි ගුද ගබඩාව පරීක්ෂා කරලා නැද්ද ? ගුද ටෙස්ට් එකක් කලානම් තව මැණික් හොයාගන්න තිබ්බ. (දී)

:       0       0

රුපවත් Saturday, 07 September 2013 01:47 PM

චන්දි සුභ උදෑසනක්...!ඔයා දන්නවද ඔයා රත්තරන් ,මුදල් වටිනා සේරම එයාර් පොර්ට් එකේ ආරක්ෂක සේප්පුවක් තියනවා එකේ ආරක්ෂක ලොක්කගේ කාමරේ තමයි තියෙන්නේ ,,,ඒ සේප්පුවේ දමල තියන දේවල වටිනාකම රජයට පෙන් උවයින් පසු ..ඒ රේගුවේ මේ සදහා කැප උන ආරක්ෂක ..සේවකින්ට යම් කිසි වටිනා කොටසක් තිළිණ කර ඉතිරිය "රාජ සන්තක" කරනවා රජයට පවර ගන්නවා මහා භාණ්ඩ ගරයට ....?ඒ වෙනකොට ඕන කෙනෙකුට ටිකක් සාක්කුවට දමගන්නත් පුළුවන් ....?හරිණි දැන් තේරුනාද .... චන්දි නංගි...? ඉතින් වැඩි පුර ගුද මාර්ග චෙක් පොඉන්ට් තියන තරමට රජයට වාසියි ... ? (දී)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Sunday, 08 September 2013 01:10 AM

ඒවා ගෙනාවෙත් ගුද මාර්ගයේ හංගාගෙනද? (නි)

:       0       0

සෙන්තිල් Sunday, 08 September 2013 02:09 AM

කසුන්,පාකිස්ථානයට ගිහින් බලන්න එරටේ තියෙන දියුණුව (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 07 September 2013 02:22 PM

මේ මනුස්සය පහුගිය හත්වතාවේ අහුනොවුණේ ඇයි දන්නෙ නැහැ. (නි)

:       0       0

නිපුන් Sunday, 08 September 2013 06:56 AM

පාකිස්තානේ තියෙන මොන දියුණුවද ,බංගලාදෙශයටත් වඩා නොදියුනු සහ එක අස්ථාවර රටක් (අ)

:       0       0

හර්ෂ Saturday, 07 September 2013 03:33 PM

ඇත්තටම මගේ ප්‍රේක්ෂකයිනි ඕවට මොකද වෙන්නේ....?(නදී)

:       0       0

ස්ටැන්ලි Sunday, 08 September 2013 10:37 AM

පසුගිය දවස් වල වෙච්ච රත්රන් ජාවාරම් කුඩු ජාවාරම් පිටුපස හිටියේ ඉන්දියන් ජාතිකයෝ සහ පකිස්තාන් ජාතිකයෝ අපි ඉදිරියේදී මීට වඩා පරෙස්සම් වුනොත් හොදයි. (දී)

:       0       0

චන්දු Saturday, 07 September 2013 04:07 PM

ඔයාල දන්නවද ඕකේ ඉන්නවා සමහර අය ලක්ස 4ක් 6ක් අතර ගානක් ගන්නවා. ඕනෑම කෙනෙක් ඔතනින් එලියට දානවා. මුස්ලිම් එක්කෙනෙක් තමයි සම්බන්දිකරණය කරගන්නේ. මුස්ලිම් එක්කෙනා කියනවා යන්න ඕන නිලදාරියා. එයාට දුරකතනයට ඇමතුම එනවා එය ගානට එලියට දානවා ඕක තමයි ඇත්ත. (නදී)

:       0       0

චන්දි Saturday, 07 September 2013 04:49 PM

ගොඩක් ස්තුතියි රූපවති අක්කේ. මගේ අම්මේ, චන්දු දන්නා දේවල් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 1221 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 69 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1188 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 193 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2046 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32306 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23829 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 448 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 205 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site