IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ගමන් බලපත්‍ර පාලකවරයා ක්‍රිකට් ක්‍රීඩකයා පන්නලා

(යොහාන් භාසුර)

සිම්බාබ්වේහිදී මේ මස 21 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ටී10 ක්‍රිකට් තරගාවලිය සහභාගි වන ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදේශ ගමන් බලපත්‍රය ගැනීමට බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට ගිය අවස්ථාවේදී විදේශ ගමන් බලපත්‍ර පාලකවරයා එම ක්‍රීඩකයා එළවාදමා තිබේ.

අදාල තරගාවලියට තෝරාගෙන ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපි ලේඛණ ද රැගෙන ජනිෂ්ක පෙරේරා නැමැති ක්‍රීඩකයා බත්තරමුල්ල කාර්යාලයට අද (13) පෙරවරුවේ ගිය අවස්ථාවේදී විදේශ ගමන් බලපත්‍ර පාලකවරයා ජනතාව ඉදිරියේ ඉතාම පහත් ලෙස බැනවැදී පලවා හැර ඇති බව වාර්තා වේ.

හරාරේහිදී පැවැත්වෙන එම තරගාවලියට 23 හැවිරිදි එම ක්‍රීඩකයා තෝරාගෙන ඇති බවට මීට දින දෙකට පෙර දැනුවත් ඇති බවත් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අදාල අනුමත කිරීමේ ලිපි රැගෙන ආගමන විගමන කාර්යාලයට අද ගොස් තිබේ.

ජනිෂ්ක පෙරේරා නැමැති ක්‍රීඩකයා තරගාවලියට සහභාගී වීම සඳහා මේ මස 17 වැනිදා සිම්බාබ්වේ බලා පිටත්ව යා යුතු අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නොහැකි වීම අදාල ක්‍රීඩකයාගේ දුර්වලතාවක් නොවන බව අමතක නොකළ යුතුය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීන් ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් මෙම තරගාවලිය පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ එය සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයෙන් සංවිධාන කරන තරගාවලියක් බැවින් එයට ශ්‍රී ලංකා ක්‍රිකට් අනුමැතිය හිමිවන බවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව භාර අමාත්‍ය මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ දිනයක් සහ වේලාවක් වෙන්කිරීමෙන් තොරව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කළ නොහැකි බවත් කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයා සම්බන්ධ ගැටලුව පිළිබඳව අවදානය යොමුකිරීමට පැය කීපයක් ලබාදෙන ලෙසත්ය. දිනකට විදේශ ගමන් බලපත්‍ර 750 ක් නිකුත් කරන බවත් සෙසු අයට දිනයක් දෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

මහජන ආරක්‍ෂක අමාත්‍යයේ ලේකම් වියානි ගුණතිලක මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ අදාල ක්‍රීඩකයා ද දිනයක් වෙන්කර ගත යුතු බවත් වෙනත් කිසිඳු ක්‍රමයකින් විදේශ ගමන් බලපත්‍රය ගත නොහැකි බවත්ය.

බලධාරීන් පවසන ආකාරයට මෙම ක්‍රීඩකයාට තරගාවලියට සහභාගිවීමට විදේශ ගමන් බලපත්‍රය ගැනීමට දින කීපයක් පෝලිමේ සිටීමට සිදුවන තත්වයක් මේ වන විට උදාවී තිබේ.

 



අදහස් (14)

ගමන් බලපත්‍ර පාලකවරයා ක්‍රිකට් ක්‍රීඩකයා පන්නලා

dileepa1986 Friday, 13 September 2024 12:16 PM

පුලුවන් ශ්‍රීලංකා...!

:       3       78

Lakmal Friday, 13 September 2024 01:00 PM

සාගලට පුළුවන් ශ්‍රී ලංකා...!

:       2       50

අරවින්ද මොනරවිල Friday, 13 September 2024 01:34 PM

මහජන ආරක්ෂක ඇමැතියයි.., එයාගේ ලේකම් කියන මනුස්සයයි හිතාගෙන ඉන්නේ ඔවුන් සර්වබලධාරී දෙවියන්ගේ නියෝජිතයින් කියලා වෙන්න ඇති. මොවුන්ගේ වංචා, දූෂණය නිසා රට අවුලෙන් අවුලට පත්වෙලා තියෙද්දී, තවත් කෙකර ගගා ඉන්නවා. කරන්න බැහැ දෙන්න බැහැ කියලා...

:       2       44

de silva Friday, 13 September 2024 03:17 PM

පුළුවන් ශ්‍රී ලංකා පෝලිමේ දුක් විඳින්න...!

:       3       25

ජයනාත් Friday, 13 September 2024 03:17 PM

මේ වගේ පාලකයින් පන්නා දැමිය යුතු බව අවධාරණය කරමි. මෙම ක්‍රීඩකයා යන්නේ හදිසි දැනුවත් කිරීම මත. එවැනි හදිසි අවශ්‍යතා හඳුනන්නේ නැති නිලධාරීන් ද වග කිව යුතුයි. මේ සියල්ලම අමනෝඥ දේශපාලකයින්ගේ ගොං වැඩ...

:       2       27

dasun Friday, 13 September 2024 04:23 PM

මෙම ක්‍රීඩකයාට වූ අසාධාරණයට විරුද්ධව වන්දි නඩුවක් මෙම අමන නිලධාරියාට විරුද්ධව පැවරිය යුතුයි. මුලින්ම මොහුගේ සියලු නිශ්චන දේපළ මත තහනමක් ගොනුකළ යුතුයි.

:       2       15

Mala Amarasinghe Friday, 13 September 2024 04:46 PM

අපේ රට, ජාතිය වෙනුවෙන් විදෙස්ගත වන අයට විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. ඇයි නැද්ද ක්‍රීඩා අමාත්‍යාංශය නිලධාරියෙක් මේ අයට උදව් කරන්න...!

:       2       17

chandima Friday, 13 September 2024 05:25 PM

ඡන්දෙට කළින් පාස්පෝට් දෙන එකත් ඉන්දියානු සමාගමකට පවරලා ගාණක් හොයාගන්න බැරිද මහත්තයෝ...?

:       1       18

Anjana Friday, 13 September 2024 10:15 PM

පස්සෙ දොරෙන් 25000 ක් හරි ළඟ කඩෙන් 40000 ක් හරි දුන්නා නම් වැඩේ ගොඩනේ...! 

:       0       0

don Saturday, 14 September 2024 08:15 AM

මේ හොරු මුලක් රට පාලනය කරන්නේ.. මේ වෙන වැඩ ගැන ඇස් පියන් ඉන්න හොද නැ

:       2       4

AnandaSaturday, 14 September 2024 01:57 PM

ඔය පාස්පෝට් කොන්ට්‍රෝල් මිනිස්සුන්ට කතා කරන්න දන්නෑ...!

:       0       0

de silva Saturday, 14 September 2024 08:31 AM

හෙට අනිද්දා කියාවි අපට පාස්පෝර්ට් එකත් නිකුත් කරගන්න බැහැ එකත් ඉන්දියානු සමාගමකට දෙන්න ඕනේ , තනි දවසේ පාස්පෝර්ට් ගන්න මිනිස්සු ඉන්දියාවට ගිහින් ඒවා ලබාගන්න කියල .

:       0       2

ජිජිනීවාහි Saturday, 14 September 2024 01:49 PM

මේ මජර දේශපාලකයෝ බන්ගවේවා..! රටට කරපු විනාසෙට...

:       0       0

W Ananda Saturday, 14 September 2024 02:01 PM

ඔය පාස්පෝට් කොන්ට්‍රෝල් මිනිස්සුන්ට කතා කරන්න දන්නෑ. මටත් කතා කරේ ඉතාම පහත් විදියට පාස්පෝට් එක ගැනීමට අවශ්‍ය නිසා නිශ්ශබ්දව සිටියා. කිසිම උගත්කමක් නැති පහත් මිනිහෙක් තවදුරටත් ඔය තනතුරේ තැබිය යුතු පුද්ගලයෙක් නොවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 851 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1812 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2290 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5691 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1703 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6253 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18152 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 278 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site