IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ගමන් බල පත්‍රය ඉතාලියේදී නැති වුණොත් අලි අමාරුවේ

නැතිවු ගමන් බලපත්‍රයක් ලබා ගෑනිම සදහා රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට ගියවිට ඒ සදහා යුරෝ 260 ක්(රුපියල් 41600)  වැනි අධික මිලක් අය කරන බව ඉතාලියේ සේවය කරන ශ්‍රි ලාංකිකයෝ පවසති.

නැතිවු ගමන් බලපත්‍රයේ විස්තර නොදන්නේ නම්  එම මුදල යුරෝ350ක්(රුපියල් 62300) බවද ඔවුහු කියති.

මේ පිලිබදව විමසීමේදි තනාපති බෙනට් කුරේ මහතා කියා සිටියේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් එවා ඈති චක්‍රලෙඛනයට අනුව තානාපති කාර්යාලයෙන් එම මුදල අය කරනෙ බවයි.

ආගමන විගමන පාලක චුලානන්ද පෙරේරා මහතා කියා  සිටියේ නව ගමන් බලපත්‍රයක් හෝ නැතිවු ගමන් බලපත්‍රයක් ලබා දිමේදි අයවිය යුතු මුදල් රෙගුලාසි සෑම තානාපති කාර්යාලයකටම දන්වා යවා ඈති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිපාලන නිළධාරිනි රෝශණි රත්නායක මහත්මියගෙන් විමසන ලෙසයි.

ඇය එසැණට මෙසේ කීවාය. ඈත්තෙන්ම අපි පිටරට සිටින අයට නව ගමන් බලපත්‍රයක් හෝ නෑතිවු ගමන් බලපත්‍රයක් නිකුත් කිරිමේදී මිල තිරණය කළේ ඩොලර් වලින්. තානාපති කාර්යාල වලට අපි දන්වා යෑව්වා ඒ මුදල පවතින රටේ මුදල් වලට හරවා අය කරන්න කියලා. අපි නව ගමන් බලපත්‍රයක් එක් දින සේවයෙන් නිකුත් කරන්නේ රුපියල් 7500කට.

නෑතිවු ගමන් බලපත්‍රයක් වෙනුවෙන් තවත් රුපියල් 10000ක දඩ මුදලක් අය කරනවා.  ඒ කියන්නේ ඔක්කෝම රුපියල්17500යි. තානාපති කාර්යාල ගුවන් ගමන් ගාස්තු, කොළවලට යන මුදල්, අපි ගමන් බලපත්‍රයක් පිට රට යවන්නේ විශේෂ ආවරනයකින් ඒවටත් මුදල් වෑය වෙනවා.

ප්‍රශ්නය, රුපියල් 17500ක් කියන්නේ යුරෝ 100ක වගේ මුදලක්. නැතිවු ගම බලපත්‍රයක් නිකුත් කිරිමේදි යුරෝ 260ක් (රුපියල් 41600)ගන්නවා.ඉතිරි 160ම යන්නේ ඔබ සදහන් කල දෙවලටද?

පිලිතුර, අපි ගුවන් තොටුපළේ සිට ගමන් බලපත්‍ර ගෙන්න ගන්න විශේෂ වාහනයක් යවනවා. මේවගේ තවත් දේ වලට මුදල් වැය වෙනවා. මට ඔබ පවසන දේ තේරුම් ගන්න පුළුවන්. මෙකට විසදුමක් හොයන්න අපි උත්සහා කරන්නම්.

 ඉතාලියේ ඉන්න ලාංකිකයන් කියන්නේ රට ගැන හොඳ කැක්කුමක් තියෙන පිරිසක්. ඒ ගෑන ඔවුන් ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා. යුරෝපයේ තානාපති කාර්යාල අතරින් වෑඩිම පෑමිණිලි ප්‍රමාණයක් අපිට ඇවිත් තියෙන්නේ රෝමයේ තානාපති කාර්යාලයේ සේවය කරන නිළධාරින් කිහිපදෙනෙකුට විරුද්ධවයි. මට වගේම ආගමන විගමන පාලක තුමාටත් ඒ පැමිණිලි ඇවිත් තියෙනවා.

ඉතාලියේ ඉන්න ලංකාවේ අය තානාපති කාර්යාලයේ සමහර ක්‍රියා පිලිබධව කතා කරන්නේ හරිම කලකිරිමෙන්‍ රත්නායක මහත්මිය එසේ කිවාය.



අදහස් (0)

ගමන් බල පත්‍රය ඉතාලියේදී නැති වුණොත් අලි අමාරුවේ

සඳුන් Saturday, 22 March 2014 05:49 PM

දැන් ඔය එක්දින සේවයට ගන්න 7500, පිට රටකට යවනකොට අදාල වන්නේ කොහොමද හැබැට? නැති වුන ගමන් බලපත්‍රය ගන්න ගුවන් තොටුපොළට වාහනයක් යවන්නේ එතන තියෙන නිසාද? අයදුම් පත්‍රය ඉස්කැන් කරලා එවන්න බැරිද? දන්නේ නැති නිසා අහන්නේ.(නදී)

:       0       0

රේමා Thursday, 20 March 2014 02:55 PM

සෞදියේ ඔය ඔක්කොටම එහා, ලිපිය බාරදෙන්න සතියක් විතර යනවා දවසකට ගන්නේ සීමිත ගනනයි. බාර දුන්නත් මාස 4 ක් යනවා පාස්පෝර්ට් එක ගන්න. හදිසි අවස්යතාවක් වුනොත් මේ කාලේ අනාතයි.(නදී)

:       0       0

බී.කේ Wednesday, 19 March 2014 04:51 PM

මෙහි සඳහන් ඇතැම් නිලදාරින් නිසා ඉතාලියේ ජීවත් වෙන අපි ඉමහත් අපහසුතාවයන්ට පත්ව න්නෙමු. උප්පැන්න ලියාපදිංචි කටයුතු කරන නිලදාරිනිය ගැන මාගේ කනගාටුව නොබියවම ප්‍රකාශ කරමි. උප්පැන්න ලියකියවිලි බාරගන්න නිලදාරිනිය නොව ඇය පොත් තබන්නා යි. මෙයිට වඩා වගකීමෙන් තම රාජකාරිය ඉටුකලොත් එය ඔබටත් අපටත් පහසුවකි. (නදී)

:       0       0

කැලුම් Wednesday, 19 March 2014 05:02 PM

පස්ස්පෝර්ට් එක ජපනේදී නැතිඋනොත් 50000 යෙන් ,රු 62500 ගෙව්ව මම අවරුදු 4කට ඉස්සර (දී)

:       0       0

සුරේෂ් දොම්පෙ Wednesday, 19 March 2014 05:03 PM

ඹ්ව මොනවද??මැලේසියාවෙදි පොත හදන්න ලංකාවෙ මුදලින් රුපියල් 50000/=ඹ්නෙ.දැන් ඒකත් බෑ(දී)

:       0       0

උපුල් Thursday, 20 March 2014 03:39 AM

ඔය මොන මුදල අයකරත් ,අඩුම තරමේ ගුණාත්මක සේවයක් ලැබෙන්නේ නැහැ.(නධී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 20 March 2014 04:10 AM

හොයල බලපුවහම මගේ ගමන් බලපත්‍රය තමයි මාස 2 ඇවිත් තිබෙන්නේ. සමහරු මාස3-4 මග බලාගෙන ඉඳල තිබෙනවා. අගමන් විගමන දෙපාර්තුමේන්තුවේ කවුද මේ අපිව ගසා කන්න චක්‍ර ලේඛන හදන නිලධාරීන් ? මෙහෙ ඉන්න ශ්‍රී ලාංකිකයන් මෙවැනි වැඩ නිසා ලංකාවේ බලධාරීන් ගැන හරිම කලකිරීමකින් ඉන්නේ. විදේශ කටයුතු ඇමති තුමනි, ජනාධිපති තුමනි අපිට සාධාරණයක් කරන්න. දරුවන් 2-3 සහිත ශ්‍රී ලංකික පවුලක් ගමන් බලපත්‍ර ගන්න යනකොට කියක් වියදම් වෙනවද ? අපි මෙහෙ ලංකාවට වඩා වැටුපක් ගන්න එක ඇත්ත නමුත් මෙහෙ වියදම ගැන දන්නේ අපි පමණි.(නදී)

:       0       0

සොනාල් Wednesday, 19 March 2014 05:22 PM

තම තමන්ගේ දේවල් රැක ගන්න තම තමන් දැන ගන්න ඕනේ (දී)

:       0       0

විරාජ් Wednesday, 19 March 2014 05:45 PM

මගේ නව ගමන් බලපත්‍රය හදන්ඩ බාර දී මට එය ලැබුනේ මස 4 කට පසුව.(දී)

:       0       0

ජනක Wednesday, 19 March 2014 05:57 PM

වෙනමම හම්බ කරලා තියා ගන්න ඕනේ ඒ වැඩේට (දී)

:       0       0

මෙලනි Wednesday, 19 March 2014 06:37 PM

හැම තැනම ඔය වගේ තමා. කියලා වැඩක් නැහැ (දී),

:       0       0

සමීර Thursday, 20 March 2014 08:54 AM

අපේ මල්ලිගේ ලංකාවේ පාස්පෝර්ට් එක නැතිවෙලා 43250 ගිය නේ...ඕක ගනක්ද ඉතාලියේ ඉන්න කට්ටියට .....(අ)

:       0       0

වීරසේකරගේ Wednesday, 19 March 2014 06:44 PM

ලංකාවේ හොර ඇමති නඩයක් නඩත්තු කරන්න නැත්නම් මුදල් කොහින්ද.(දී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 19 March 2014 06:45 PM

යුරෝපා රටවලදී අධික මුදලක් අය කරලත් ගමන් බලපත්‍රයක් ලබාදෙන්න මාස 2 විතර කාලයක් ගත කරනවා , මේ බලපත්‍ර එවන්නේ වෙන වෙනම නෙවේ ඔක්කොම එකට , දෙපාර්තමේන්තුව කියන විදිහට කටුනායක සිට කොළඹට රජයේ වහනයක් ගිහින් එන්න ඔච්චර විශාල මුදලක් වියදම් වෙනවද ? කරුණාකර අපිව ගසා කෑම නතර කරන්න, මෙම බලපත්‍ර භාරදුන් දිනයේ සිට අඩුම තරමේ මාසයක් තුල අපිට ලැබෙන්න සලස්වන්න , අපිට සාධාරණ මුදලකට ගමන් බලපත්‍ර නිකුත් කලාට රටට පාඩුවක් නොවේ අපි මාස්පතා යුරෝපයේ සිට ලංකාවට ඩොලර් කොටි ගණනාවක විදේශ විනිමය ලබාදේ , මේ ප්‍රශ්නය ඉතාලි තානාපති කාර්යාලයේ පමණක් නොවේ යුරෝපයේ සෑම තානාපති කාර්යාලයකටම පොදුයි (දී) ,

:       0       0

බිමල් Thursday, 20 March 2014 10:30 AM

ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර කාර්යාලයත් මීට නොදෙවෙනි නැහැ. එහි පත් වීම් ලබා ගෙන ඉන්නේ ඉංග්‍රීසි තියා සිංහලත් බැරි උදවිය. ලිපි ලේඛන කටයුතු ගැන කිසිම දැනීමක් නැති, හීනෙන් නැගිට්ටා වගේ දුරකථන වලට උත්තර දෙන උදවිය. මොන වෙලාවක කතා කලත් ලංකාවේ පුරුද්දට කෑමට නැතිනම් එලියට ගිහින්. කිසිම වෘත්තීය හැකියාවක් නැති කාර්ය මණ්ඩලයක්. !! මේවා කාට කියන්න ද ? (නදී)

:       0       0

මුණමලේ Wednesday, 19 March 2014 09:33 PM

කොහෙන් ගියත් තැලෙන්නේ අසරණ ජනතාව (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 33 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 20 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 512 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 532 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 4297 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 976 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21162 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20447 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site