රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර සිනමාවට ගෙනා ‘ගාමනී’ චිත‍්‍රපටය මේ දිනවල දිවයින පුරා සිනමාහල්වල තිරගත වේ. උපාලි රාජපක්‍ෂ නිෂ්පාදනය කළ මේ චිත‍්‍රපටය සඳහා පාදක කරගෙන ඇත්තේ සත්‍ය කතාවකි. සම්මානනීය ප‍්‍රකට රංගන ශිල්පීන්ට අමතරව තවත් විශාල පිරිසක් මෙම චිත‍්‍රපටයේ රංගනයට දායකව සිටීම විශේෂත්වයකි. එනම් 500 කට ආසන්න පිරිසක් රංගනයේ යෙදෙති. එලෙසින් විශාල පිරිසකගේ රංගන දායකත්වයෙන් නිර්මාණය වූ ‘ගාමනී’ රූගත කිරීම් සිදුකරද්දී සිදු වූ සිදුවීම් මෙන්ම මතකයේ රැඳි බොහෝ දේ ගැන කතා කිරීමටයි මේ සූදානම. දේශයේ හද ගැස්මට සමීපව ‘ගාමනී’ එලෙසින් නරඹන මොහොතක එහි අධ්‍යක්‍ෂවරයා වන රියර් අද්මිරාල් ආචාර්ය සරත්
වීරසේකරගෙන් ඒ මතකයන්, සිදුවීම් ගැන බොහෝ දේ අපි විමසමු.
‘ගාමනී’ තේරුම...
ග‍්‍රාමයේ නියමුවන් වන්නේ ගම ආරක්‍ෂා කරන පිරිසයි. ග‍්‍රාමය යනු ගමය. ‘නි’ යනු නියමු යන්නයි. ‘ගාමනී’ නමින් මීට නම යොදා ඇත්තේ ඒ නිසාය. මේ නියමු චරිත ගැන වසර 2500 ක් ඉපැරණි ඉතිහාසය පුරාවට බොහෝ
සාධක ඇත. දුටුගැමුණු රජුගේ සිට ඒ ‘ගාමනී’ කතා මෙන්ම චරිත බොහෝ ඇත. ඒ අනුව දේශීය නායකයා ගමේ නායකයා යන අරුත මෙහි ගැබ්ව තිබේ.
මෙවැන්නක් කිරීමට හේතුව...
දශක තුනහමාරකට එහා ගිය කුරිරු ත‍්‍රස්තවාදී යුද්ධයක් පැවැත්විණ. මෙකී කාලයේදී රියර් අද්මිරාල් සරත් වීරසේකර යනු සමස්ථ යුද්ධයට මුහුණ දෙමින් එය ආරම්භයේ සිට අවසානය දක්වා සිටි නිලධාරියෙක් විය. මෙවැන්නක් (ගාමනී) කිරීමට හේතුව ලෙස ඔහු පවසන්නේ මෙවැනි දෙයකි. ‘‘ඒ කුරිරු යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්වා සිටි මා සෙබළුන්ගේ හදගැස්ම හොඳින් හඳුනනවා. ඒ දිවි කැප කිරීමෙන් නැගී සිටි සෙබළාගේ චිත්ත ධෛර්යය වැඩවීම සඳහා සාහිත්‍යයක් හෝ නිර්මාණ අංශයක් බිහිවුණේ නැහැ කියන අහිංසක චෝදනාව තිබුණා. විශේෂයෙන්ම සිනමාවක්
බිහිවුණේ නැහැ කියා. ඒ වගේම සෙබළ බිරිඳගේ ආත්ම විශ්වාසය වඩවන පරිදි යමක් වුණේ නැහැ කියා. මෙතරම් මිලේච්ච ලෙස ත‍්‍රස්තවාදීන් කළ දේ ලෝකයට හරිහැටි ප‍්‍රකාශ වුණේ නැහැ. ඒ හිඩැස සොල්දාදුවකු ලෙස පියවීමට දැරූ අවසන් ප‍්‍රතිඵලය තමයි ‘ගාමනී’. ඒ අනුව සත්‍ය සිදුවීමක් පාදක කරගෙන මෙය නිර්මාණය කළා.
එතකොට රූගත කිරීම් සිදුකළ ආකාරය එහෙම කොහොමද?
දින 35 ක් පමණ කාලයක් පුරාවට කරුවලගස්වැව, පුත්තලම යන ප‍්‍රදේශවලදී සිදු කෙරුණා.
මොනවගේ අභියෝගයන්ටද එහිදී මුහුණ දුන්නෙ?
මූලිකව අපට මුහුණදෙන්න වූ ගැටලූව වුණේ ත‍්‍රස්තවාදීන්ගේ කුරිරුකම පෙන්වීමයි. ඒ වගේම මෙය වැඩිහිටියන්ට පමණක් සීමා වෙන්නත් බැහැ. සත්‍ය සිදුවීමක් නිසා සත්‍යයම මිස එයින් තොර විය යුතුත් නැහැ. තේමාවේදී එය විශාල අභියෝගයක් වූ නිසා ඒ ගැන වඩාත් සමබරව හිතන්නට සිදුවුණා. මෙහි එක් දර්ශනයක මිනී 57ක් මිහිදන් කරන අවස්ථාවක් රූගත කිරීමට තිබුණා. එක් මිනී පෙට්ටියක් කරතබාගෙන 6 දෙනෙකු පමණ ගමන් ගන්නවා. එවිට ඒ හයදෙනා බැගින් පෙට්ටි 57කට කරගහගෙන ගිය පිරිසට අමතරව සහභාගි වූ පිරිසද සිටියා. ඒ සමස්ත පිරිසේ එක් අයෙකු හෝ හිනාවුණා නම් එය වැඩක් නැහැ. නමුත් ඒ හිනාව හෝ කඳුළ දකින්න වෙන්නෙ චිත‍්‍රපටය දර්ශන ගත කිරීම් හමාර වී දළ සේයාපට ඉන්දියාවට යවා නැවත මෙහේ ගෙන්වුවාට පසුවයි. නමුත් වාසනාවකට ඒ දර්ශන පෙළ වඩාත් තාත්ත්විකව රූගත වී තිබුණා. කෙතරම් තාත්ත්විකද කිව්වොත් එය අද අපට නරඹන විට එදා ඒ සත්‍ය සිදුවීම මතක් වී කඳුළු එන තරමට එය තාත්විකව තිබුණා. ලංකා සිනමාවේ මිනී පෙට්ටි 57ක දර්ශනයක් පෙන්වූ ප‍්‍රථම අවස්ථාව මෙයයි. එදා එය සත්‍ය සිදුවීමක් වීම ඉතාම ශෝකජනක දෙයක්. මෙන්න මේ ත‍්‍රස්තවාදී මිලේච්ඡුත්වය අපි ලොවට ප‍්‍රකාශ කළ යුතුමයි.
එදා 99 දී ගෝනගලදී සිදුවූ මේ සිද්ධියේදී අපේ අහිංසක ජනයා 57 ක් පමණ මිය ගියා. එදා ඒ අයගේ දේහ මිහිදන් කරන විට අහස ගුගුර - ගුගුරා හැඬුවා. මේ දර්ශනය මෙලෙස රූගත කරද්දීත් වැසි වැටීම අප සියලූදෙනා මවිත කළ දෙයක් වුණා. ඒ දිනවල සිවිල් ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජනරාල්ව සිටියදී ඒ පළාත භාරව සිටියේ මේජර් කමල් ජයවීර. දැනට එහි අධ්‍යක්‍ෂ ජනරාල් වන ආනන්ද පීරිස් එදා මෙහෙයුම් බාරව සිටියා. එදා ඒ සෑම ගමකම සිටි සිවිල් ආරක්‍ෂක බලකායට අයත් පවුල්වල උදවිය ස්වේච්ජාවෙන්ම මේ රූගත කිරීම්වලට දායක වුණා.
ත‍්‍රස්තවාදීන් එදා වැසියන් ඝාතනය කරද්දී මව් කුසයේ කිරි බොන දරුවන් හිටියා. මේ දර්ශන රූගත කරද්දී රත්නා ලාලනී ශිල්පිනිය ළමයාට කිරි පොවමින් සිටියදී ත‍්‍රස්තවාදීන් එයා ඇදලා අහකට දානවා. ඒ දර්ශනයේදී රත්නා අත සිටි කුඩා දරුවා ස්වාභාවිකව හැඬුවා. එය හරියට ලොකු නළුවකු කරන තාත්වික රංගනයක් වගෙයි.
රූගත කිරීම් කරන අතරවාරයේදී එක්තරා අවස්ථාවක දිගටම වැස්ස පැවතුණ නිසා එදා දර්ශන තව දිනකට කල්දාන්න සිදුවුණා. ඒ නිසා එදා මඩ තැවරුණු ඇඳුම් නැවත සකසන්න සිදුවුණා. ඒ අභියෝගය කලා අධ්‍යක්‍ෂවරයා ඇතුළු සමස්ත ශිල්පීන් පිරිස ජයගත්තා.
නළු නිළි පිරිස සඳහා නවාතැන් පහසුකම් සකස් කළේ කොහේද?
අපේ යුද හමුදා කඳවුරුවල සහ සිවිල් ආරක්‍ෂක බලකායට අයත් තැන් ඒ සඳහා යොදාගැනීමට ඉඩ ලැබුණා. ඒවා ඉතා සුව පහසු නිකේතන ලෙස යොදාගත්තේ ඉතා වෙහෙසකර රංගනයක යෙදෙන නළු නිළියන්ට මානසිකව සැහැල්ලූවක් ලබාගැනීම සඳහායි. ඒ සියල්ල ඉතා ක‍්‍රමවත්ව සිදු කෙරුණා.
කොහොම වුණත් අද ජාතිය ගැන ඒ අභිමානය ගැන දනවන චිත‍්‍රපට රැල්ලක් බිහිවේගෙන එනවා නේද?
එලෙස බිහිවීම ඉතා හොඳ දෙයක්. නමුත් මේවා ඇත්තටම නිර්මාණය වෙන්න තිබුණේ එදා යුද්ධය පැවැති කාලයේදීයි. අද එක්තරා විදියකට විලාසිතාවක් වගේ කියලා මිනිස්සු හිතන්න පුළුවන්. නමුත් එදා අපි මේ දේවල් ගැන කතා කරද්දී අපට ජාතිවාදී ලේබලය පවා වැදුණා. අන්තවාදී ලෙස සැලකුවා.
මෙහි වඩාත් අවදානම් වූ අවස්ථාවක් සිහිපත් කරමින් අපි මේ හමුවට සමු දෙමු.
එක්තරා ජවනිකාවක් සඳහා බිමල් ජයකොඩිට ජීව උණ්ඩ යොදා වෙඩි තැබීමට සිදුවන දර්ශනයක් රූගත කළයුතුව තිබුණා. නමුත් කැමරාව බාරව සිටි ඉන්දියානු ශිල්පියා ඊට එතරම් කැමති වුණේ නැහැ. කැමරාවට හෝ කාට හෝ වැරදීමකින් වැදුණොත් යන බිය නිසා. නමුත් පුරුදු පුහුණු වී එය කළා.
රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසන පරිදි එලෙසින් මෙහි ඇති තාත්වික දේ බොහෝය. විටෙක ඇඟ කිලිපොලා යන තරමට ඒවා සජීවී බවක් ගෙන දේ. එවැනි දර්ශන ඇතුළත් ‘ගාමනී’ සැබැවින්ම ඔබගේ නෙත සිත පැහැරගත් චිත‍්‍රපටයක් පමණක් නොව, ශ්‍රී ලාංකීය අභිමානය දනවන චිත‍්‍රපටයක් ලෙස නැරඹීමට ලැබෙන අපූර්වතම නිර්මාණයකි.
සඳුන් ගමගේ
ඌරගස්මංහන්දිය බෙලිගස්වේල්ල ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර සිදු කළ වෙඩි තැබීමකින් 56 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියේය.
වසර තුනක කාලයකදී විශූද්ධීකරණය කළ මුදලින් රුපියල් කෝටි 08 කට අධික මුදලක් යොදවා රත්මලාන හා දෙහිවල ප්‍රදේශ වලින් ඉඩම් ඇතුළු දේපල මිලදී ගත් බවට වු අධිචෝදනා
මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට වෛද්‍යාධාර ඇතුළු මානුෂීය ආධාර රැගත් පළමු ගුවන් යානය හෙට (05) මියන්මාරය බලා පිටත්ව යයි
වැඩබලන පොලිස්පතිවරයාට පොලිස් ස්ථානාධිපතිවරු ඉවත් කිරීමට දී තිබූ බලය ඉවත් කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහන් කරයි.
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ’’අන්‍යෝන්‍ය බදු ක්‍රමය’’ ඇමෙරිකාව ආර්ථිකය අවපාතයකට ඇද දමුණු ඇතැයි මතුව තිබෙන බිය තවත් වැඩි කරමින් ලොව විශාලතම සමාගම් වල වට
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
ගාමනී
anon Tuesday, 06 September 2011 04:00 PM
හතරපාරක් බැලුවාද පච නේ?
anon Tuesday, 06 September 2011 04:03 PM
ඒවා ඉතා සුව පහසු නිකේතන ලෙස යොදාගත්තේ ඉතා වෙහෙසකර රංගනයක යෙදෙන නළු නිළියන්ට මානසිකව සැහැල්ලූවක් ලබාගැනීම සඳහායි. ඒ සියල්ල ඉතා ක‍්‍රමවත්ව සිදු වූහ.
ආර් දිසානායක Wednesday, 07 September 2011 08:36 AM
අපූරු චිත්‍රපටිය
කල්පනී Wednesday, 07 September 2011 10:08 AM
අද්මිරාල් ඔබට දැයේ උත්තමාචාරය
නිත්‍යා Wednesday, 09 January 2013 10:36 AM
යථාර්තය ඉදිරියට ගෙන ආ චිත්‍රපටයකි (ස)
චන්ද්‍රසිරි Monday, 12 September 2011 07:15 AM
"එලෙස බිහිවීම ඉතා හොඳ දෙයක්. නමුත් මේවා ඇත්තටම නිර්මාණය වෙන්න තිබුණේ එදා යුද්ධය පැවැති කාලයේදීයි."
රෙබිකා Tuesday, 06 September 2011 01:07 PM
ප්‍රභාකරන් කී කතාවක් මට මතක් වෙනවා. සිංහලයාට ඕනෑ දෙයක් සතියකින් අමතකවන බව ඔහු කීවා. එය නැවත මතක් කැරදීම ගැන සතුටුයි.
සුරංග Tuesday, 06 September 2011 01:18 PM
මා සිවු වරක් ගාමිණී බැලුවා
සමිදු ප්‍රවීන් Tuesday, 06 September 2011 03:35 PM
විශිෂ්ට චිත්රපටයක්