IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ගම්පහෙන් හොර වෙදෙක් අල්ලයි

රාගම රෝහලේ වෛද්‍යවරියකගේ ලියාපදිංචි අංකය භාවිත කර හොර හැඳුණුම්පතක් සකසා වෛද්‍ය  මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බව කියන  පුද්ගලයෙක් ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයෙන් අද (23) අත්අඩංගුවට ගනු ලැබීය.

තමාගේ අංකය භාවිත කර ඩිස්පැන්සරියක් පවත්වාගෙන යන පුද්ගලයකු ගැන තොරතුරු ලැබුණු බව කියමින් එම වෛද්‍යවරිය ඉකුත් 10 වැනිදා ගම්පහ කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ලක් අනුව එහි නිලධාරීහු විමර්ශන ඇරැඹූහ.

සැකකරු අද (23) ගම්පහ අවන්හලකට එන බවට පොලිස් කොස්තාපල් 27028 උපාලි මහතාට ලද තොරතුරක් අනුව විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීහු අවන්හලට යන පාරිභෝගිකයන් ලෙස ගොස් එහි තැන තැන සිට සැකකරු අත්අඩංගුවට ගත්හ.

කොළඹ උතුර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ සහ ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ අධීක්ෂණයෙන් කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස සේනානායක මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඒ ඩබ්ලිව් වඩුවාවල, පොලිස් කොස්තාපල් 27028 උපාලි සහ පොලිස් කොස්තාපල් 33782 කුලසේකර මහත්වරු ඉදිරි විමර්ශන සිදු කරති.

 



අදහස් (0)

ගම්පහෙන් හොර වෙදෙක් අල්ලයි

රනිල් Thursday, 23 May 2013 10:30 PM

අද මෙවැනි වෙදුන් ලගට ගිහින් තමයි දුප්පත් මිනිසුන් ලෙඩ සනීපකර ගන්නේ. එතනටත් දැන් හෙනහුරා කඩාපාත් වෙලා. (නි)

:       0       0

පාලිත Thursday, 23 May 2013 11:06 PM

හෙට ඇප දුන්නට පස්සේ අනිද්දා ඉදලා ආයෙත් බෙහෙත් දෙන්න පටන් ගනීවි (නි)

:       0       0

පද්මිණි Thursday, 23 May 2013 11:29 PM

මෙන්න නියම ජාතිවාදියෝ. දරුපවුල රකින්ට කසිප්පු විකුණන කෙනාට වඩා මේ පුද්ගලයා සමාජයට විස පොවනවා. ගම්පහ පොලිස් මහත්වරුනි, ඔය පළාතේ හොර වෙදුන් 300ක් පමණ ඉන්නවලු. ඔබලාගේ රාජකාරියට තුති! (නි)

:       0       0

රජිත් ඉතාලි Thursday, 23 May 2013 11:31 PM

දැන් කන්‍යාවිය උසාවියේ ඉන්නේ ඇස් දෙක ඇරගෙනනේ. අසිපතයි, තරාදියයි දෙකම බිම දාලනේ. ඒක හින්දා ඕවා හොරුන්ට සිම්පල් (නි)

:       0       0

රංජනී Friday, 24 May 2013 01:36 AM

බෙහෙත් දීලා ලෙඩ්ඩු කී දෙනෙක් සනීප කළාද? කී දෙනෙක් මැරුවද? (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 24 May 2013 01:49 AM

අවන්හලට යන වෙදෙක්ද? (නි)

:       0       0

සිරිපාල Friday, 24 May 2013 02:05 AM

අල්ලලා හම ගහන්න එපැයි. (නි)

:       0       0

චන්ද්‍ර Friday, 24 May 2013 04:34 AM

මෙම පුද්ගලාගේ ස්ත්‍රී පුරුෂ භාවය සඳහන් කර නොමැති වීම රෝගීනට ගැටළුවක් විය හැක.හොර දොස්තරද?හෙර දොස්තරද? (නි)

:       0       0

ජෙෆ් Friday, 24 May 2013 08:42 AM

හොර වෙදාට දැඩි දඩුවම් දිය යුතුයි. ප්‍රශ්නයකයට තියෙන්නේ පොලිසිය ඇයි ඩිස්පෙන්සරියට ගොස් බෙහෙත් දෙන වෙලාවේදී කුදලා ගන්නේ නැතුව අවන්හලේ රැකගෙන සිටියේ? (නි)

:       0       0

සිරා Friday, 24 May 2013 10:34 AM

ඇයි මෙයාව අපිට අදුන්නලා නොදෙන්නේ? (නි)

:       0       0

විරාජ් Friday, 24 May 2013 11:02 AM

රනිල්, ඔයා දන්නේ නැත්ද දුප්පත් පොහොසත් බේදයක් නැහැ. ඔය එක එක හොර ලෙඩ හදාගෙන ඉන්න, රහසේ බෙහෙත් කරගන්න සමරහරු තෝරා ගන්නේ මේ වර්ගයේ ඩොක්ටර්ලා. මේ ලෙඩ්ඩු ගොඩක් දෙනා දන්නවා මේ ඩොක්ටර්ලට වෛද්‍ය උපාධිය නැහැ කියලා. තවද මොවුන් හමුවට යන අනෙක් අය පෙම් කරලා වැඩ වරදගත් අය. ඉතින් තත්වය මේකයි. අපේ සමහරු ෆාමසිස්ට්ගෙනුත් බෙහෙත් අරන් බොනවනේ. (නි)

:       0       0

නීල් Friday, 24 May 2013 11:18 AM

අද අවන්හලේදී ඇල්ලුවහම සති අන්තෙත් එක්ක දවස් තුනක් පොලිස් කුඩුවේ තියාගන්න පුළුවන්. නැත්නම් වෙදකම් කරනකොටයි අල්ලන්න ඕනෑ. (නි)

:       0       0

ජෙෆ් Friday, 24 May 2013 04:09 PM

රනිල්, මෝඩකමට බෙහෙත් නැහැ.(නදී)

:       0       0

රන්ගශනී Thursday, 23 May 2013 09:14 PM

නිකම්ම වෙදෙක් නෙමේ රජ වෙදෙක්.(නදී)

:       0       0

අමිල කටුනායක Thursday, 23 May 2013 09:18 PM

ගම්පහටම එකයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 878 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 407 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 891 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3229 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 590 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 229 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38101 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site