IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ගම්පහ කොල්ලයේ පරීක්ෂණ ටක්කෙට

වාහන ලීසිංහ හා රන් බඩු උකස් ආයතනයක ගම්පහ ශාඛාවේ කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නෙළුව ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයයේ සමෘද්ධි සංවර්ධන නිලධාරී මීට පෙර ඡන්ද සමයක සිදුවූ මීනීමැරුමකට සම්බන්ධ බවට ලැබුණු තොරතුරු ඔස්සේ ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ඔහු කාලයක් රිමාන්ඩ් භාරයේ ද සිට ඇති බවට පොලිසිය තොරතුරු ලැබී ඇත.

සැකකරුගේ තොරතුරු අනුව පොලිසිය දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොස් විමර්ශන සිදු කර තිබේ.  

ඔහු   අත්අඩංගුවට පත් වීමෙන් පසු පොලිස් විමර්ශනවලට සහාය දැක්වීම සදහා ඔහුගේ මේස ලාච්චු හා ලොකරය ප්‍රාදේශීය ලේකම් කාර්යාල උසස් නිධරයන් විසින් මුද්‍රා තබා තබූ අතර ඊයේ (27) නෙළුවට ගිය ගම්පහ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ අවසරය ඇතිව ඒවා පිරික්සූහ.

නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ නිලධාරීන් තිදෙනකුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගත්තේය.

පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ සැකකරු අත්අඩංගුවට  ගනිද්දී ඔහුගේ ජංගම දුරකතනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ දමා ගොස් ඇති බවයි.  

සැකකරු අත්ඩංගුවට පත්වීමෙන් පසු එම දුරකතනය ආරක්ෂාකාරීව තබන ලෙස මිතුරකුට දන්වා ඇතැයි ද හෙළි වී ඇත. එම දුරකතනය තුබූ තැනින් රැගෙන වෙනත් තැනක තබන ලෙස ද ඔහු මිතුරාට පවසා තිබේ.

පොලිසිය විසින් ඊයේ (28) සොයාගනු ලැබූ ජංගම දුරකතනය සමග තිබූ අලුතින් ගෙනා ජංගම දුරකතන පෙට්ටි දෙක ගැන පොලිසියේ විශේෂ අවධානය යොමුව අතැයි කියති.  

ගම්පහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර් ඩබ්ලිව් එම් ඒ එස් රාජකරුණා  සහ  බස්නාහිර උතුර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ සිදු කරයි.

පොලිස්පති එන් කේ ඉලංගකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපදෙස් පරිදි  විමර්ශන පැවැත්වෙයි.



අදහස් (0)

ගම්පහ කොල්ලයේ පරීක්ෂණ ටක්කෙට

අයේෂා Thursday, 29 August 2013 01:28 PM

එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් කිවලු... (ස)

:       0       0

උපාලි Thursday, 29 August 2013 03:56 AM

වැදගත් විදිහට ඇඳ පැළඳගත්, වැදගත් තනතුරු දරන අපරාධකාරයෝ කොච්චර ඉන්නවද අප අතරම? සමාජයේ මොවුන් හැසිරෙන්නේ හතර පෝයට සිල් ගන්න උපාසකයෝ වගේ. මහජන දේපල, දරුවන්, කාන්තාවන් මොවුන්ගේ භාරයට පත්වුනාම නරින්ට කුකුල්ලු බාර දුන්නම තමයි. අවාසනාව නම් අපට මොවුන්ව අඳුනා ගන්න ලැබෙන්නේ වැඩ සිද්දවුනාට පසුව වීමයි. ඊටත් වඩා අවාසනාව තමයි අඳුනා ගත්තත් ඊට විරුද්ධව කිසිවක් කල නොහැකිවීම. (අ)

:       0       0

පද්මසිරි Thursday, 29 August 2013 08:17 AM

මෙවැනි අපරාධකරුවන් රටට බරක්. ඉක්මනින් පරීක්ෂණ පවත්වා නිසි දඩුවම් ලබාදිය යුතුයි. (නි)

:       0       0

අශාන් Thursday, 29 August 2013 08:50 AM

අසරණ මිනිස්සුන්ගේ රන්බඩු දැන් උණු කරලත් ඇති. අනේ පව්. (ස)

:       0       0

කෙවින් Thursday, 29 August 2013 08:55 AM

බොහොම හොඳා දිගටම පරීක්ෂණ කරන්න. එතකොට රටේ ඉන්න ලොකුම හොරුන්ට මොකද වෙන්නේ. (ස)

:       0       0

ලලින්ද Thursday, 29 August 2013 09:01 AM

පොලිස් නිලධාරි මහතුනි! දේශපාලකයන් අමාරුවේ නොවැටෙන විදියට පරීක්ෂණ මෙහෙයවන්න. (නි)

:       0       0

නිශාර්ඩ් Thursday, 29 August 2013 09:10 AM

පොලිසියේ නිලධාරීන්ට කිසිම බාධාවක් නොමැතිව පරීක්ෂණ කරන්නට ඉඩ ලැබෙන එක යුක්තිය පසිඳලීමේ හොඳ ප්‍රවණතාවයක්. පාලකයෝ මේවට ඇඟිලි ගහන්නෙ නැතිව ඉන්නයි ඔනෙ. (ස)

:       0       0

ජලීල් Thursday, 29 August 2013 09:25 AM

කිසිම බුරුලක් දෙන්න එපා. දැක්ක නේද සමෘද්ධියා මිනිමරුමකටත් සම්බන්ධයිලු, දිය හැකි උපරිමයෙන් දඩුවම් දිය යුතුයි. (ස)

:       0       0

ඇසළ Thursday, 29 August 2013 09:44 AM

එතකොට පොටෝ වල හිටිය අනිත් අය කෝ? සල්ලි සහ රන් බඩු වලට මොකද වුණේ? (නි)

:       0       0

චන්දි Wednesday, 28 August 2013 11:53 PM

ඔහොම යන්!!ඔහොම යන් !!! තව ඉස්සරහට තව තව දේවල් එළිවෙයි. (නි)

:       0       0

ගාමිණි Thursday, 29 August 2013 12:30 AM

කොහොමද? දැන් පේනවනේ... (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 29 August 2013 01:08 PM

හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 673 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 925 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 38 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1382 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2529 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3330 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35054 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24043 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site