(අංජුල මහික වීරරත්න)
ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යටවීම වැලැක්වීම සඳහා සියලු රාජ්‍ය ආයතන වලින් සමන්විත ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් පත් කර ඇත.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹ ඇත.
ඉදිරියේදී ගම්පහ දිස්ත්‍රික්කය හා ගම්පහ නගරය ජලයෙන් යටවීම වැලැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ සාකච්ඡාව කැඳවා තිබිණි.
ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යටවීම වැලැක්වීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පර්යේෂණ සහ සැලසුම්) ඉංජිනේරු කේ.එච්. කීර්තිරත්න මහතා විසින් තෙවැදෑරුම් වැඩපිළිවෙලක් මෙහිදී ඉදිරිපත් කළේය.
මෙම තෙවැදෑරුම් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ වගකීම ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවට පැවරීමට මෙහිදී තීරණය කෙරිණි.
එම කමිටුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, මහා මාර්ග අමාත්‍යාංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ පළාත් පාලන ආයතනවලින් සමන්විත වේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගම්පහ ගංවතුර මඬින්න ඒකාබද්ධ කමිටුවක්
Lalla Thursday, 06 June 2024 11:20 AM
තඩිය කාලේ ඔය රණතුංගම ඔයවගේ කමිටුවක් දාල ඇළවල් සුද්ධ කලා පසුගිය ගංවතුර වෙලාවේ. පලමුව වාරිමාර්ග මහාමාර්ග නගර සභාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තම රාජකාරිය හරියට කලාම ඔය ප්‍රශ්නය නිකම්ම අවසන්.ඒ ඔක්කොම පින්පඩි අරගෙන නිකම් ඉන්න නිසා ජල මාර්ග අවහිර වෙලා ගංවතුර පාලනය ඛෑ. නිකම්ම ඕව දිහාට හැරිලා බලන්න. ඔක්කොම අවහිර වෙලා.අවුරුදු ගානකට සුද්ධ පවිත්‍ර කර නෑ.
එරංග Friday, 07 June 2024 09:18 AM
මොනවා කලත් මහින්ද මහත්තෙයා එයාගෙ පුද්ගලික සල්ලි යොදාගෙන මත්තල ගුවන් තොටුපොළ හදලා ඔහුගේ නමින් නම්කලා කියලා කෙනෙක් කියලා තිබුනා. ඒක කලේ කාගෙ සල්ලි වලින්ද. ජනතාව දන්නවා .ඉතින් ඔය එරංග වගේ එවුන් නගරයේ තනතුරු ගත්තොත් වෙන්නෙ ඒක තමයි .ඒ නිසා ඔය වැඩේ ජනතා මුදල් නාස්ති කිරීමක් නොවෙයි කියන්න බැහැ. ඒත් අත්‍යාවශ්‍යම නිසා ඔය ව්‍යාපෘති කිසිම දේශපාලුවෙකුගේ නමින් නම් කිරීම තහනම් කරන්න ඕන