IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ගම්පහ පොලිසියට පිරිස් අහේනියක්

ගම්පහ මූලස්ථාන පොලිසියේ පොලිස් සාමාජිකයන්ගේ මදි කම නිසා ඇතැම් අවස්ථාවල දෙතුන් දෙනකු කරන වැඩ එක් අයකුට කිරීමට සිදුවී ඇතැයි පොලිස් ආරංචි කියයි.

ගම්පහ ග්‍රාම සේවා වසම් 96ක නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ කටයුතු සුළු පිරිසකට කිරීමට සිදු ව ඇති බවත්, වෙනත් මූලස්ථාන පොලිසියක සිටින පිරිසට වඩා ගම්පහ මූලස්ථාන පොලිසියේ සිටින්නේ අඩු ප්‍රමාණයක් බවත්, තවත් නිලධාරීන් 250ක් පමණ අවශ්‍ය වී ඇති බවත් එම ආරංචි පවසයි.

ගම්පහ මූලස්ථාන පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් සහ සැරයන්වරුන් ඇතුළුව   350කට ආසන්න පිරිසක් සිටිති. එයින් නිලධාරීන් 200කට වැඩි පිරිසක් විශේෂ රාජකාරි සහ වෙනත් කටයුතු සඳහා යොදවනු ලැබ සිටිති. පොලිසියේ සාමාන්‍ය කටයුතුවලට සිටින්නේ 150කටත් අඩු සංඛ්‍යාවක් බව දැනගන්නට ඇත.

ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතා පැවසුවේ පොලිසියේ නිලධාරීන්ගේ සංඛ්‍යාව ගැන කිසිවක් හෙළි කළ නොහැකි බවයි.



අදහස් (0)

ගම්පහ පොලිසියට පිරිස් අහේනියක්

චන්දන විරාජ් නානායක්කාර ගම්පහ Monday, 22 July 2013 12:20 PM

ගම්පහ නගරයේ අනෙකුත් රාජ්‍ය ආයතන වල තත්ත්වයද මෙසේමය.(නදී)

:       0       0

උපාලි Monday, 22 July 2013 12:27 PM

සාම්ප්‍රදායිකව අපි කිව්වත් පොලිසියට තියෙන්නේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීමයි කියලා ඒක දැන් දෙවැනි තැනට වැටිලා. අංක එකට තියෙන්නේ "විශේෂ" රාජකාරි. ඒ කිව්වේ විශේෂ පුද්ගලයන්ට ආරක්ෂාව සැලසීම වගේ විශේෂ රාජකාරි... (නි)

:       0       0

විදානගේ Monday, 22 July 2013 12:30 PM

දේවාලයට ගිහිල්ලා පුජාවක් තිබ්බ නම් හරි යයි වගේ.(නදී)

:       0       0

සිද්දික් Monday, 22 July 2013 05:40 PM

අර ගම්පහ පරණ පොලිසිය තිබුන තැන දැන් නැද්ද? (නි)

:       0       0

අමල් Monday, 22 July 2013 12:48 PM

අපි හැම වෙලාවෙම පොලිසිය පැත්තට ඇගිල්ල දිගු කරන්නේ.. නමුත් නිලධාරීන් නැතිව ඔවුන් කොහොමද වැඩ කරන්නේ. පොලිසියේ ඉන්නෙත් මිනිස්සුනේ. (නදී)

:       0       0

බිමල් Monday, 22 July 2013 12:47 PM

ප්‍රමාණවත් පරිදි නිලධාරීන් ලබාදී ගම්පහ බේරා දෙන්න. (නි)

:       0       0

කුමුදු Monday, 22 July 2013 12:50 PM

නගරය මැද තිබුණු පොලිසිය නගරයෙන් ඈතට ගෙනගියා. කරුණාකර හැකි ඉක්මණින් නිලධාරීන් ලබා දෙන්න. (නි)

:       0       0

චමිල නුවන් පෙරේරා Monday, 22 July 2013 01:16 PM

උපාධිදාරීන්ව බඳවාගත්තොත් මොකද? (ස)

:       0       0

චානක Monday, 22 July 2013 01:22 PM

චමිලගේ අදහසට මාත් එකඟයි. දැන් ඉන්න පොලිස් නිලධාරීන් හරියට පැමිණිල්ලක් සටහන් කරගන්න දන්නේ නැහැ වගේ. උගත් අය ගන්නේ නම් එය අගය කළ යුතුයි.(ස)

:       0       0

ස්ටැන්ලි Monday, 22 July 2013 01:29 PM

පොලිසිය තිබ්බ නොතිබ්බා කියලා රටේ වෙනසක් නැහැ වගේනේ. ඒ නිසා වහල දාන්න.(නදී)

:       0       0

අමාලි සිල්වා Monday, 22 July 2013 01:30 PM

පොලිසියට ග්‍රාමාරක්සකයින් යොදවා පොලිසියේ උදවිය ලොක්කන් ආරක්ෂා කිරීමට යොදවන්න. ග්‍රාමාරක්ෂකයින් පොලිසියට වඩා හොඳ සේවයක් කරාවී මහ ජනතාවට.(නදී)

:       0       0

ආනන්ද ආර් Monday, 22 July 2013 07:02 PM

පොලිසියේ කීයක් හිටියත් ඉන්න නිලධාරීන්ට ආත්ම ගෞරවයක් ඇතිව රාජකාරි කරන්න නිදහසකුත් තිබෙන්න එපැයි.(නදී)

:       0       0

නිමල් ජයසිංහ Tuesday, 23 July 2013 07:58 AM

රථ වාහන හැසිරවීමේ කාර්යය දෙවියන්ට භාර දෙන්න.පඩි ගෙවන්න අවශ්‍ය වන්නේත් නැහැ. පූජා වට්ටියක් තිබුණහම ඇති. (නි)

:       0       0

ලහිරු Monday, 22 July 2013 02:02 PM

උත්සාහ කරන්න. ඔබටද අවස්ථාව ඇත. (නි)

:       0       0

ධම්ම Monday, 22 July 2013 02:21 PM

"විශේෂ" රාජකාරි කියන්නේ විශේෂ පුද්ගලයින් සම්බන්ධ ආරක්ෂක රාජකාරිද? (නි)

:       0       0

හේරත් Monday, 22 July 2013 02:52 PM

නාස් ගණනට සමානව නිලධාරීන් බදවා ගැනීම අනුමත කරමි. කටවල් සපාකන්නගේ සංඛ්‍යාව සංවර්ධනය අනුව අතිකාල සලකා බලන්න. (නි)

:       0       0

රජිත් ඉතාලි Monday, 22 July 2013 03:16 PM

1000ක් හිටියත් මොකටද ?කැලණියට _ගම්පහට _දැරනියගලට වගේ මිනී මරණ ගස් බදින හොරකම් කරන දෙසපලුවෝ ආරක්ෂා කරන්ඩනේ ?වෙන මොකටද ?නීතිය සාමය රකින්ඩද?අපි නොදන්නපොලිසිය ? (අ)

:       0       0

දම්මික පෙරේරා Monday, 22 July 2013 11:04 PM

රැකියා විරහිත උගතුන් බොහෝ සිටින නිසා ඔවුන් යොදවා පොලිසියේ අඩුව මකා ගන්න පුළුවන්. රජයට රැකියා සපයන්න අවස්ථාවක් මේක (නි)

:       0       0

ප්‍රදීපා Monday, 22 July 2013 11:21 PM

පොලිසි වල බහුතරයක කීයක් හිටියත් වැඩක් නැහැ. දවල් කෑමෙන් පස්සේ එයාලගේ වැඩ ඉවර හා සමානයි. මම පැමිණිල්ලක් දාලා හරියට අදට මාස 2ක් වෙනවා. ඒත් හ්ම්ම් සද්දයක් නැහැ ඒ ගැන. මට නම් පොලිසියට යනවා කියන්නේ ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා වගේ වැඩක්. (නි)

:       0       0

රණසිංහ Monday, 22 July 2013 11:49 PM

පොලීසිය ඉන්නේ සාමාන්‍යය ජනතාවගේ යහපතට නොවේද? අපේ බදු වලින් එයාලා පඩි ගන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2334 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1529 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2317 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3213 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37179 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site