IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ගම්පහ පාසලක් කෝඳුරු තෙල් ඉල්ලයි

ආදි ශිෂ්‍ය පදනමෙන් පළමු වැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේදී ආදි සිසුවාගේ ශිෂ්‍යත්ව ලකුණ දැන ගැනීම සඳහා පාසලේ එවකට පහ ශ්‍රේණියේදී ඉගැන්වූ ගුරුවරයාගෙන් ලිපියක් රැගෙන එන ලෙස ගම්පහ ප්‍රථමික පාසලක විදුහල්පතිවරයකු විසින් දන්වා ඇතැයි අධ්‍යාපන ආරංචි මාර්ග කියයි.

අදි සිසුවා ශිෂ්‍යත්වය සමත් නම් ඒ වෙනුවෙන් දරුවාට ලකුණු 15ක් එකතු කිරීමේ සම්ප්‍රදායක් පසුගිය වතාවන්හි පැවැති බවත්, ආදි සිසුවා ශිෂ්‍යත්වයට ලකුණු 100ක් හෝ ඊට වැඩියෙන් ලබා ඇත්නම් ඒ වෙනුවෙන් ලකුණු තුනක් එකතු කිරීමේ පිළිවෙතක් මේ වසරේ ඇරැඹි බවත් එම ආරංචි සදහන් කරයි.

ගම්පහ එක් ප්‍රාථමික පාසලක ඇතැම් අවුරුදුවල ලකුණු ලැයිස්තු අස්ථාන ගත වී ඇති බැවින් ආදි සිසුවාගේ ශිෂ්‍යත්ව ලකුණ කුමක්දැයි දැන ගැනීමට ඔවුනට පහ ශ්‍රේණියේදී ඉගැන්වූ ගුරුවරයාගෙන් ලිඛිතව ගෙන එන ලෙස එම විදුහලේ විදුහල්පති ආදි සිසුනට දන්වා ඇත.

වසර විස්සකට තිහකට පෙර පහ ශ්‍රේණියට ඉගැන්වූ ගුරු භවතුන් සිටින තැන් සොයා යෑමට ආදි සිසුන්ට සිදුවන බවත්, තම පන්තියේ සෑම සිසුවකුම ලබා ගත් ශිෂ්‍යත්ව ලකුණ වසර ගණනාවකට පෙර සේවය කළ ගුරුභවතුකට මතක ඇත්දැයි සැකයක් මතුවන බවත්, ඇතැම් විට ගුරු භවතාගේ නම යොදා ඒ හා සමාන ව්‍යාජ අත්සනක් යොදා කූඨ ලේඛණයක් සකසා සමූඛ පරීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් කළ හැකි බවත්, ඒ මගින් පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළු  කිරීමේ දී වංචා සිදු විය හැකි බවත් පාසල් ආරංචි කියයි.

විදුහල්පතිවරයාගේ ද සභාපතිත්වයෙන් යුත් සමූඛ පරීක්ෂණ මණ්ඩලයට අද  (9) එවැනි ලිපි කිහිපයක් රැගෙන ආදි සිසුන් පැමිණ ඇති බව දැනගන්නට ඇත.

 ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් කේ මල්ලවආරච්චි මහතා පැවසුවේ ඒ ගැන සොයා බලා එවැනි අකටයුත්තක් වන්නේ නම් එය නවත්වන ලෙස විදුහල්පතිට දන්වන බවයි.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ එවැන්නක් සිදුවන්නේදැයි සොයා බලා ඒ ගැන පියවරක් ගන්නා ලෙස ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂට දැනුම් දුන් බවයි.



අදහස් (0)

ගම්පහ පාසලක් කෝඳුරු තෙල් ඉල්ලයි

ස්ටැන්ලි Monday, 09 September 2013 06:11 PM

හරි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා නම් පාසලෙන් පාසලට විදුහල්පතිවරුන්ට ඕනෑ විදිහට නටන්න වෙන්නේ නැහැනේ. මේ වගේ දේවල් වලින් තේරෙන්නේ එවැන්නක් ක්‍රියාත්මක නොවෙන බවයි. (නි)

:       0       0

චින්තක Monday, 09 September 2013 06:51 PM

මේ විදුහල් පති තුමා ඉස්කෝලේ ගිය කෙනෙක් ද ? (නදී)

:       0       0

සමන් Monday, 09 September 2013 07:34 PM

කොට්ටාවේ එක ක්‍රමයක්,ගම්පහ තව ක්‍රමයක්.මේ කොහෙද යන්නේ? (නි)

:       0       0

සතිෂ් Monday, 09 September 2013 07:54 PM

අන්න ඒකට, බලන්න කොට්ටාව..! (නි)

:       0       0

පද්මිනී Tuesday, 10 September 2013 10:42 AM

මෙවැනි අය ඉන්නා පාසලකට දරුවන් ඇතුල් කරන්නේ ඊටත් වඩා මෝඩයොනේ.(නදී)

:       0       0

ජෝයි ඩයස් Monday, 09 September 2013 08:26 PM

අපේ පොඩි එකාවත් පාසලට දාන්න යනකොට මමත් මානසික පීඩනයට පත්වුණා. (නි)

:       0       0

පෙරේරා Monday, 09 September 2013 08:28 PM

ගුරුතුමිය මිය ගිහින් නම් මොකද කරන්නේ (නි)

:       0       0

දුම්මලසූරිය... Tuesday, 10 September 2013 11:55 AM

මෝඩකම, උගතාගේ දරුවා විතරද ඉගෙනගන්න ඕනා. කවදාවත් පාසලකට නොගිය තාත්තා කෙනෙකුට බැරිද තමන්ගේ දරුවට හොද අධ්‍යාපනයක් ලබාදෙන්න. මේ වගේ විදුහල්පතිවරු තව හිටියොත් ගොඩක් නුගත් දෙමාපියන්ගේ දරුවන්ට යන්න පාසල් කෝ. අධ්‍යාපන අමාත්‍යාංශය මේ පිළිබදව වහාම සොයාබලා සුදුසු යහපත් පියවරක් ගත යුතුයි.(නදී)

:       0       0

සමන් කාරියවසම් Monday, 09 September 2013 09:52 PM

අනේ මෙහෙම විදුහල්පතිවරු?(නදී)

:       0       0

සුමේද Monday, 09 September 2013 09:53 PM

නිලධාරීන් ඇයි මෙවැනි විදුහල්පතිලා ගැන නිහඩ? (නි)

:       0       0

නිර්මල Monday, 09 September 2013 09:53 PM

හරිම මෝඩ කතාවක්නේ කියලා තියෙන්නේ? මෙහෙම කොහොමද පාසල් කරන්නේ? (නි)

:       0       0

රාජපක්ස ඒකනායක Monday, 09 September 2013 09:54 PM

අපොයි! පුදුම වැඩක්නේ. විදුහල්පතිට හිතවත් කවුරු හරි දාගන්න ඕනෑද දන්නෙ නැහැ (නි)

:       0       0

ධම්ම Monday, 09 September 2013 03:04 PM

විදුහල්පතිවරුන්ට මොකක්දෝ ඔල්මාදයක් හැදීගෙන එනවද මන්දා. (නදී)

:       0       0

නිමල් Monday, 09 September 2013 11:27 PM

අද රජය පාලනය කරන සියලුම ආයතන වලට වගේ මේ ඉරනම අත්වෙලා ඉවරයි. (නි)

:       0       0

නිල්මිණී Monday, 09 September 2013 03:22 PM

හරිම මෝඩ අදහසක්. (ස)

:       0       0

සෙයිලනිකස් Monday, 09 September 2013 03:21 PM

සරල විසඳුමක් : මේ විදුහල්පති වරුන්ට විශ්‍රාම වැටුප ලබා ගැනීමට නම් තම තමන්ගෙ 12 වන ශ්‍රේණියේ පන්ති භාර ගුරුතුමාගෙන් ලිපියක් ගේන්න කියන්න. (ස)

:       0       0

සෙන්තිල් Tuesday, 10 September 2013 01:02 AM

මේ කෙනත් ඉල්ලන්නේ 'අර වගේ' අල්ලසක්ද කොහෙද. (නි)

:       0       0

ගුණේ Monday, 09 September 2013 03:43 PM

මදකිපුන තවත් ඔල්මොරොන්දන් කාරයෙක් අල්ලස ගන්න අලුත් ක්‍රමයක් හොයනවද කොහද ? (ස)

:       0       0

ප්‍රසන්න Monday, 09 September 2013 05:32 PM

ආදි සිසුවා උපාධි ලාභියෙක් නම්? (නි)

:       0       0

සේනාරත්න Monday, 09 September 2013 05:31 PM

ආදී ශිෂ්‍යයෙක් නම් ඔහුට තිබෙන එම ගෞරවය ගැන සළකා බලනවා හැර ශිෂ්‍යත්ව ලකුණු ද, චරිත සහතිකද, දේශපාලන පක්ෂයද හොයන්න තීරණය කළොත් වැඩක් කරන්න පුලුවන්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 849 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 54 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1039 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 206 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 5046 10

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1625 3

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31122 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23744 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 431 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site