IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


ගම්පහ මාර්ග 15ක් අලුත් වෙයි

(අංජුල මහික වීරරත්න)

ගම්පහ නගරයේ සහ ඒ අවට රථවාහන තදබදය තිබෙන මාර්ග සියල්ලක්ම කඩිනමින් පුළුල් කරන්නැයි මහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේ ය.

පුළුල් කොට සංවර්ධනය කිරීම සඳහා  ගම්පහ මාර්ග 15ක් මේ වනවිට හඳුනාගෙන තිබෙන බව කී අමාත්‍යවරයා එහි මූලික සැලසුම් මේ වන විටත් සකස් කර අවසන්  බවද සඳහන් කළේය.

ගම්පහ- මිරිස්වත්ත මාර්ගය, ගම්පහ- යක්කල,  ඒකල - කොටදෙනියාව, නිට්ටඹුව - වේයන්ගොඩ  වේයන්ගොඩ - කල්එලිය,කලගෙඩිහේන - වේයන්ගොඩ,මීගමුව - ගිරිඋල්ල මාර්ගය වයි හංදිය දක්වා මංතීරු හතරකට පුළුල් කර සංවර්ධනය කිරීම , නිට්ටඹුව -ඌරාපොළ, මීගමුව - අළුතපොල,වරකාපොළ නගරයේ අතුරු මාර්ග පද්ධතිය, පස්යාල සිට මීරිගම හරහා ගිරිඋල්ල දක්වා මාර්ගය , ජා-ඇල මිනුවන්ගොඩ දිවුලපිටිය මාර්ගය, මීගමුව- ගිරිඋල්ල,ඌරාපොළ - හංවැල්ල මාර්ග සංවර්ධනය කිරීම සහ පස්යාල මංසන්ධිය පුළුල් කිරීම මෙම සංවර්ධන ව්‍යපෘතියට ඇතුලත් වෙි.

 



අදහස් (11)

ගම්පහ මාර්ග 15ක් අලුත් වෙයි

කමල් Thursday, 09 September 2021 12:01 PM

මේ අවස්ථාවේ ඇති ආර්ථික අර්බුදය හමුවේ ඔවැනි දේවල් කිරීම කල් දැමීම නොවේ ද සුදුසු?

:       3       22

fairoos Thursday, 09 September 2021 12:43 PM

බැසිල් උන්නැහැගෙන් අහලද වැඩේ පටන්ගන්නේ?

:       0       13

sena Thursday, 09 September 2021 12:54 PM

ඔව් ඉතින් රටේ ආර්ථික අර්බුධ කියල බැහැනේ කීයක් හරි හම්බ කරගන්න තියෙන අවස්ථාව

:       0       20

Ruhunu Thursday, 09 September 2021 01:20 PM

ඒක හොදයි. අපටත් මේ යන එන මන් නැතුව ඉන්නෙ. ඔබ තුමා හදපු පාරවල් ගැන අපි හොදට දන්නව.

:       0       14

gomes Thursday, 09 September 2021 01:30 PM

හොරකම් කරන්න මාර්ග හදනවා වගේ දෙයක් තව අපේ දේශපාලකයෝ දන්නේ නැහැ.

:       1       10

ටීඕ මහත්තයා Thursday, 09 September 2021 04:57 PM

මාර්ග හදනවා කිව්වට කිසිම මාර්ගයක අඅවශ්‍ය පාලම් බෝක්කු හැදීමවත් කානු සකස්කිරීමවත් කරන්නෙ නැහැ ඇස්තමේන්තු සකසන ඉංජිනේරුවරුන් කාර්මික නිළදාරින් ඒගැන කිසිම අවදානයක් යොදන්නේම නැහැ මාර්ගයක් ඒවාත් සමග හැදුවොත් කාලයක් පවතිනවා එහෙම වුනොත් අලුත් වැඩියාවේදි පරිපාලන වියදම් ගන්න බැරි වෙනවා මේවා හොද්ද බොරවෙන වැඩ

:       0       0

joe.bThursday, 09 September 2021 06:46 PM

සහතික ඇත්ත

:       0       0

GEMUNU Thursday, 09 September 2021 01:42 PM

හරි දැන් ඔහොම යං. දැන්ම පුළුවන් තරමක් හම්බ කරගත්තොත් තමයි හොඳ

:       1       10

ජනයා Thursday, 09 September 2021 03:15 PM

ලංකාවේ සංචාරක ව්‍යාපාරය හදනවා කිව්වට මොකද පාරවල් ප්‍රමිතියකින් හදන්න කිසිම වුවමනාවක් නෑ. වතුර බැස යාම ගැන වගක් නැතිව හදන කාණු අවුරුද්දකට ජීවිත කීයක් නම් බිලි ගන්නවද? මේවා මරු කපොලු කිව්වොත් හරි. පාරවල් හදන්න යන ගාන ලෝකයේ කොහෙවත් නැති වියදමක් වුනාට මොකද පාරවල්වල කොන්ක්‍රීට් ලෑලි නොමැති විවර දකිනවිට සංචාරකයන් බයේ වෙවුලනවා. මොකද කිව්වොත් ඒ රටවල මෙවැනි මාරාන්තික විවර හැදෙන්නෙ භූමි කම්පාවකදි විතරයි.

:       0       4

S.Ekanayake Thursday, 09 September 2021 06:02 PM

දැනට පවතින කඩවත - ගණේමුල්ල - කිරිදිවිට හන්දිය මාර්ගය ප්‍රතිසංස්කරණය කළද එය අධික තදබදයට සහ පදිකයින්ට පවා නොගැලපේ.

:       0       0

Sam Friday, 10 September 2021 11:24 AM

ලංකාවට තියෙන්නේ පාරවල් පිලිබඳ ප්‍රශ්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් ජන්ද කාඩ් තැපැල් කාර්යාලයෙන් ගන්න පුළුවන්
2024 නොවැම්බර් මස 14 28 0

මෙතෙක් මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණු ජන්දදායකයින්ට අද (14) ළගම පිහිටි තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හ


කැස්බෑවේ ඡන්ද මධ්‍යස්ථානයක් භාර නිලධාරිනිය හදිසියේ මිය ගිහින්
2024 නොවැම්බර් මස 14 378 0

කැස්බෑව පොල්හේන සිරි සදහම් භික්‍ෂුණී ආරාමයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනිය ලෙස රාජකාරී යොදවා සිටි කාන්තාවකට හදිසියේ ඇති වූ හ


බඩෝවිට වෙඩි තැබීමක්
2024 නොවැම්බර් මස 14 166 0

ගල්කිස්ස බඩෝ විට තුන්වන අදියර නිවසක් අසලදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන


ඡන්ද පොළකට පහර දෙන්න ලොරි රථයක ගිනිඅවි ඇතුළු ආයුධ සඟවලා
2024 නොවැම්බර් මස 14 722 0

ඡන්ද පොළකට පහරදීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙ


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 නොවැම්බර් මස 14 55 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඡන්දය ආරම්භ වේ
2024 නොවැම්බර් මස 14 328 0

පාර්ලිමේන්තු මැතිවරණය මීට සුව වේලාවකට පෙර ආරම්භ විය. එය අද සවස 4.00 ඡන්ද ප්‍රකාශ කළ හැකියි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 209 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 539 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1637 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site